කිඹුලාගල කුඩා වැව පිහිටි තම කුඹුරේ සංරක්‍ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ඒ.පී. ටිකිරි බණ්ඩා ගොවි මහතා අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටී. උල්කාපාත කොටස් වැටුණු තම කුඹුර සංරක්ෂණය කිරීමට තාරකා ජීව විද්‍යා පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඉකුත් ජනවාරි 22 වැනිදා ජනාධිපතිවරයා දැනුවත් කර තම කුඹුරට පොලිස්ආරක්ෂාව සපයා මාස දෙකක් ගත වුවද මෙතෙක් කිසිදු වැඩ පිළිවෙලක් පිළිබඳ තමා නොදන්නා බවද ටිකිරි බණ්ඩා ගොවි මහතා කීවේය.
ඉදිරි යල කන්නයේ වැඩ
කටයුතු සැලසුම් කිරීමට ඇති නිසා තම කුඹුරේ සිදු කරන සංරක්ෂණ කටයුතු ආරම්භ නොකළොත් වී වගා කිරීමට සිදුවන බවද ටිකිරිබණ්ඩා ගොවි මහතා කීවේය.
2012 වසරේ දෙසැම්බර් 29 වැනිදා ටිකිරි බණ්ඩා මහතාගේ කුඩා වැව කුඹුරු යායට වැටුන පාෂාණ කොටස් පරික්ෂා කර විශ්වය තුළ තවත් ජීවින් සිටින බව බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු පරියේෂණ කණ්ඩායමක් විසින් අනාවරණය කර ගැනුනි.

0 comments:
Post a Comment