facebook like

පොලිසියේ අසත්‍ය ප්‍රකාශ ගැන පරීක්ෂණයක්

‘සන්ඩේ ලීඩර්’ මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අධිකරණය මග හරිමින් සිටින බවට අසත්‍ය තොරතුරු සැපයූ පොලිස් නිලධාරියා පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් මාධ්‍යවේදිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා කියා සිටියේ, සිය සේවා දායිකාව අධිකරණය මග හරිමින් සිටින බවට පොලිසිය අධිකරණය හමුවේ කළ දැනුම් දීමක් ජාතික
පුවත්පත් ගණනාවක පළ කර තිබුණ අතර එය අසත්‍ය පුවතක් වන බවයි.
තව දුරටත් කරුණු දැක්වූ නීතිවේදියා සිය සේවා දායිකාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කෙරුණේ, මාර්තු පස් වෙනි දින බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ තිබියදී, පැමිණිලිකාරිය වන මන්දනා ස්මයිල් අධිකරණය මග හරින බවට පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම අසාධාරණයක් වන අතර අධිකරණය නොමග හැරීමේ අරමුණින් පොලිසිය එවැනි දේ කරන බවටයි නීතිවේදියා චෝදනා කරන්නේ.

අධිකරණය නොමග යවනවා
එබැවින් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන මෙන් ද මන්දනා ස්මයිල් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පොලිසිය කියා සිටියේ නීතිවේදියාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

දෙපාර්ශ්වයට ම සවන් දුන් මහේස්ත්‍රාත් මොහොමඩ් සහාබ්දින් ප්‍රකාශ කළේ පොලිසිය ඉහත කී ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම මගින් අගතියට පත් මාධ්‍යවේදිනියට අසාධාරණයක් සිදු වී ඇති බවයි.

එබැවින් අදාළ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

අනතුරුව මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් සාක්ෂි දෙමින් කියා සිටියේ, මෙම නඩුවට අදාළ දිනයේ සිය නිවසට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් තමන්ට මරණ තර්ජන එල්ල කරමින් නිවසේ තිබුණ සියලු ලිපි ගොනු පරික්ෂා කළ බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive