ඉන්දියාවේ ජනගහනය කෝටි 124යි. අගමැති ඇතුළු ඇමැතිවරු සංඛ්‍යාව තිස්පහයි. චීනයේ ජනගහනය කෝටි 135යි. ඇමැතිවරු දාසයයි. ඇමෙරිකාවේ ජනගහනය කෝටි තිස්එකහාමාරයි. ඇමැතිවරු විසිතුනයි. ඉන්දුනීසියාවේ ජනගහනය කෝටි විසිහතරයි. ඇමැතිවරු හතළිහයි. ජපානයේ ජනගහනය කෝටි ෙදාළහයි. ඇමැතිවරු දහඅටයි. ලංකාවේ ජනගහනය කෝටි දෙකයි ඇමැතිවරු හැටපහයි. ඇයි අපේ රටට විතරක් මෙහෙම
වෙලා තියෙන්නේ.
රටක අමාත්‍ය ධුර කියලා කියන්නේ රට පාලනය කරන්න හදන ඒවනේ. නමුත් අපේ රටේ අමාත්‍ය ධුර කියලා කියන්නේ ඇමැතිවරයා සන්තර්පණය කිරීම සඳහා එහෙමත් නැත්නම් ඇමැතිවරයා සතුටු කරන්න දෙන තනතුරු බවට පත් වෙලා තියෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාතර දී පැවැසීය.
ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ මාතර, නූපේ සණස ශාලාවේ පැවැති ජනහමුවකදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර මහතා මෙසේද පැවැසීය.
ඇමැතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ ජනපදයක් නඩත්තු කරන්න තරම් වියදමක් යනවා. ඇමැතිවරයෙක් පත් වුණොත් අමාත්‍යංශයක් ඕන. අමාත්‍යංශයට ගොඩනැඟිල්ලක් ඕන. කොළඹින් ගොඩනැඟිල්ලක් ගන්න මාසෙට ලක්ෂ දහයක්වත් ඕන, අමාත්‍යංශයට කාර්ය මණ්ඩලයක් ඕන, ස්ථිර ලේකම්වරයෙක් ඕන, අතිරේක ලේකම්වරයෙක් ඕන, සහකාර ලේකම්වරු ඕන, අධ්‍යක්ෂවරු ඕන, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය සහකාර ලේකම්වරු ඕන, ප්‍රධාන ලිපිකරු ඕන, ලිපිකරු ඕන, කාකස ඕන, මුරකරු ඕන, මේ ඔක්කොම ගත්තම ජනපදයක් නෙවෙයිද? ඊට පස්සේ මේ අයට වාහන ඕන, ලයිට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන, මේ අතර ඇමැතිවරයාගේ නඩත්තුව වෙනම යනවා, අමාත්‍යංශය නඩත්තු කිරීම වෙනම යනවා.
නිල රථය කියලා ඇමැතිවරයා නඩත්තුවට වාහන දෙකක් හම්බවෙනවා. මෙම වාහන සඳහා මසකට ලක්ෂ එකහාමාරක තෙල් දෙනවා. ඇමැතිවරයකුට පෞද්ගලික කාර්ය මණ්ඩලය පහළොස් දෙනයි. ඒ පහළොස් දෙනාට තිස් දහසකට වැඩි වැටුප් හම්බවෙනවා. ඒ පහළොස් දෙනාගෙන් පස් දෙනකුට වාහන පහක් හම්බ වෙනවා. ඒ වාහන සඳහාත් මාසයකට රුපියල් තිස්දාහේ ගාණේ තෙල් හම්බවෙනවා. දුරකතනයට හත්දහස් පන්සීය ගාණේ ගෙවනවා. ඇමැතිවරයාට ගෙයක් දෙනවා. ගෙදර ලයිට් බිල ගෙවනවා, වතුර බිල ගෙවනවා. ඇමැතිවරයාට සංග්‍රහ වියදම් කියලා රුපියල් පහළොස් දාහක් දෙනවා. ඒ කියන්නේ බොන්නත් සල්ලි දෙනවා. අපිට නඩත්තු කරන්න වෙන්නේ මෙහෙම ඇමැතිවරු ටිකක් තමයි.
අපේ රටේ අමාත්‍ය ධුර තියෙන්නේ රට හැදීමට නෙවෙයි. ඇමැතිවරයා සතුටු කිරීමට පමණයි. ඒ වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. නිකරුණේ නාස්ති කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේර්රු, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, සේවා ඇමැතිට අයිති එකම එක ආයතනයයි. පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය විතරයි. පුස්තකාලයාධිපතිවරයෙක් කරන වැඩේට තමයි මේ ඇමැති කෙනෙක් පත් කරලා තියෙන්නේ. හැබැයි එහෙම කියලා නෑ. අමාත්‍යවරයකුට ලැබෙන සියලුම වරප්‍රසාද ටික නම් ලැබෙනවා. අමාත්‍යධුර කෑලි කෑලිවලට කඩලා අද මොකක්ද මේ කරලා තියෙන්නේ. අමාත්‍යංශ බෙදීමත් වැරැදියි, කඩල තියෙන විදියත් වැරැදියි. අද මේ අමාත්‍යංශ කියලා කියන්නේ අපේ රටට විශාල බරක්. අද තියෙන අමාත්‍යාංශ හැටපහ විසිපහකට කඩන්න පුළුවන්.

0 comments:
Post a Comment