තම දරුවන් නොසලකන්නේ යැයි කලකිරීමට පත් වී වස පානය කළ වයෝවෘද්ධ යුවලක් අතරින් බිරිඳ පළමුව මියගොස් ඇති අතර ඇගේ ස්වාමි පුරුෂයා බරපතල තත්ත්වයෙන් යුතුව පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මියගොස් ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව පදිංචිව සිටි නායක බණ්ඩාරලාගේ බණ්ඩාර මැණිකේ (65) නම් වූ තිදරු මවකි.ඇය සමග වස පානය කළ බව කියන ඇයගේ ස්වාමි පුරුෂයා වන බස්නායක
මුදියන්සේලාගේ ධර්මදාස (72) යන අය පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම අඹුසැමි යුවළට දරුවන් තිදෙනෙකි.ඔවුන් විවාහ වී වෙනම ජීවත් වන බැවින් වයෝවෘද්ධ යුවළ තනිවම වාසය කර ඇත. දරුවන් අතරින් එක් දරුවෙක් ග්‍රාම සේවා නිලධාරිවරයෙකි.
තම දරුවන් තමන් ගැන සොයා නොබලන බවට කලකිරීමට පත්වී ඇති වයෝවෘද්ධ අඹු - සැමියෝ තමන් පදිංචිව සිටි නිවසේදී එකට වස පානය කර ඇත.පසුව අසල්වැසියන් විසින් දෙදෙනාව නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.පුත්තලම මූලික රෝහලේදී බිරිඳ මිය ගොස් ඇති අතර ස්වාමි පුරුෂයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

0 comments:
Post a Comment