facebook like

පාලංකඩ හීනා හෙවත් හීන් මල්ලී ඝාතනය ගැන මාධ්‍ය 'ස්වයං වාරණයක'

සුගත් චමින්ද හෙවත් හීන් මල්ලී නමැති සැකකරු පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය පෙරලා වෙඩි තැබීමෙන් මරුමුවට පත් වූ බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

සඟවා තිබූ ආයුධ සොයා ගැනීම පිණිස රත්නපුර පොලිසිය විසින් සැකකරු රැගෙන ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බවයි,
පොලිසිය පවසන්නේ

එහිදී පොලිසිය පෙරලා වෙඩි තැබූ බවත්, ඉන් අනතුරුව සැකකරු රත්නපුර රෝහලේදී මිය ගිය බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

'මාංචු ඉවත් කළා'
පොලිසියේ ප්‍රකාශය කරුණු නොවිමසා පළ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ස්වයං වාරණයේ ස්වභාවය පෙන්නුම් කෙරෙන බව මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ මතයයි.

එහෙත් සැකකරු ආයුධ සඟවා තිබූ ස්ථානයට ගෙන ගිය විට ඔහුගේ මාංචු ඉවත් කළ බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර පෙබරවාරි 13 වැනි දින මලංගම ඔහුගේ නිවසේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන සිටි සුගත් චමින්දට රත්නපුර පොලිස් නිලධාරීන් මහවලවත්තේදී වෙඩි තැබුවේ ආත්මාරක්ෂාව පිණිස බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කරයි.

"ඉතින් එවැනි අවස්ථාවකදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැමති නීතිමය සිද්ධාන්තය භාවිතා කිරීමට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවේ මිය යනවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

සඟවා තිබෙන අවි ආයුධ පෙන්වා දීමට රැගෙන ගිය බව පවසමින් අත් අඩංගුවේ සිටින සැකකරුවන්ට වෙඩි තැබීම සුලබ සිදුවීමක් බවට පත් වී තිබෙන බවද ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive