facebook like

ටිකිරි බණ්ඩලාට විශ්වයේ ජීවින් හිටියත් එකයි..නැතත් එකයි

දිඹුලාගල කුඩාවැව ප්‍රදේශයේ පිහිටි කුඹුරකට ඉකුත් ජනවාරි 22 වැනිදා මොනවාදෝගල් කැබලි වර්ගයක් වැටී තිබේ. මෙම කුඹුර අයිති ඒ.පී.ටිකිරි බණ්ඩා ගොවි මහතාටයි.
ගල් කැබලි පරීක්ෂා කළ විද්‍යාඥයෝ එම පාෂාණවලින් වැදගත් සාක්ෂියක් තහවුරු කළ බව කියති. එනම් විශ්වය තුළ ජීවින් සිටින බවට සාක්ෂියයි. බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහද මෙම පර්යේෂණ කණ්ඩායමට ඇතුලත් වී සිටියේය. ඔහු විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහා දැනුවත් කර කුඹුරට පොලිස් ආරක්ෂාව යෙද වූ බව ද පවසති. ඒ කුඩාවැව කුඹුර සංරක්ෂණය කොට පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම පිණිසයි.
මේ වනවිට මාර්තු මාසයේ අඩක් ගෙවී යමින් තිබේ. කුඹුර සංරක්ෂණය කිරීමක් තබා ඒ දිහාව බලන්නට ‘මෙලෝ යකෙක්’ ආවේ නැතැයි ටිකිරි බණ්ඩා මැසිවිලි නගයි. ඉදිරි
යල කන්නය ළඟම පැමිණෙමින් තිබෙන බැවින් ‘කරන මඟුලක් කරලා වපුරන්න කුඹුර දීපං’ යැයි ඒ ගොවි මහතා ඉල්ලීමක් කරයි.
ටිකිරි බණ්ඩා ගොවි මහතාට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. විශ්වයේ ජීවින් සිටිනවාද නැද්ද යන්න ඔහුට කොහෙත්ම අදාළ ප්‍රශ්නයක් නොවේ. ඔහුට වැදගත් වන්නේ තමන්ගේ කුඹු‍රයි. එහි පස පෙරළා මඩ කර බිත්තර වී ඉසින්නට බලාපොරොත්තුවෙන් සිටින ටිකිරි බණ්ඩාට තමන්ගේ ඉඩමට ඇතුළු වන්නට අවසර යදින්නට සිදු වී තිබීම හාස්‍යට කරුණකි. තමන්ගේ කුඹුරට බසින්නට බැරිව ටිකිරි බණ්ඩා අපරාධකරුවෙක් ගාණට වැටී හමාරය.
විශ්වයේ ජීවීන් සිටිනවාදැයි සොයා බලන පරියේෂණ කණ්ඩායම් සඳහා ඩො‍ලර් කෝටි ගණන් වැය කෙරෙන බව රහසක් නොවේ. නමුත් කුඹුරට වී ටික ඉහා ගන්නට බැරිව හාමතට වැටුණොත් ටිකිරි බණ්ඩලාගේ පවුලේ බඩගින්න දිහා බලන්නට ඒ කවුරුවත් එන්නේ නැත. කුඹුරට වතුර ටික ඉල්ලා ගොවීන් උපවාස කරති. හේන වනසා බවභෝග කා දමන වන අලින්ගෙන් ගොවීන් විඳින පීඩාව සුළුපටු නොවේ. හේන් , කුඹුරු පමණක් නොව ජීවිත පවා අලින්ට බිලි වෙයි. කලට වේලාවට බත්තර වී ටික නැත. පොහොර සහනාධාරය කලට වේලාවට නොලැබෙතැයි නගන මැසිවිලි අවුරුද්ද පුරා වරින්වර අසන්නට ලැබේ. මේවාට අමතරව රටේ ගොවීන් බොහෝ දෙනා උග්‍ර වකුගඩු රෝගීන් බව අනාවරණය වී තිබේ. ඒ අව්අස්සේ කුඹුරුවලට පාෂාන වැටී ටිකිරි බණ්ඩලාට කුඹුරට බැසීම තහනම් වී ඇත.
මෙවැනි අවස්ථාවලදී විය යුත්තේ කුඹුර සංරක්ෂණය කරන්නට පෙර ටිකිරි බණ්ඩාගේ පවුල සංරක්ෂණය කිරීමයි. උල්කාපාත ගැන ‍හෝ වෙනත් වැදගත් කාර්‍යයක් සඳහා තමන්ගේ ඉඩමට ඇතුළු වී පර්යේෂණ සිදු කරන්නට නම් වන්දි ඉල්ලා සිටින්නට හැකියාවක් පිටරටවල ඉඩම් හිමිකරුවන්ට තිබේ. පර්යේෂණ සිදුකරන කාලයේ දි තමන්ගේ ජීවනෝපාය අහිමි වීම, ස්ථාන වෙනස් වීම, සමහර විට පවුලේ සම්බන්ධකම් ඈත් වීම ඇතුළු සියලුම මානුෂීය හිමිකම් සලකා බලා සාධාරණයක් ඉටු කිරීමට මෙම පර්යේෂකයන් මෙහෙයවන ආයතන වගකීමෙන් බැඳී සිටිති. මන්ද එවැනි කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙන බැවින්ය.

අනුර හොරේෂස්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive