facebook like

“මහත්තයෝ, දැන් ටැප්වලින් එන්නෙ හුළං විතරයි. බයිසිකල්වලට හුළං ගහන්නැහැකි.”.......මැදමුලන අම්මෙක් විජිතට දුක කියයි

පසුගිය 11 වැනිදා ජවිපෙ ප‍්‍රචාරක ලේකම්
විජිත හේරත් සිටියේ වීරකැටිය, මැදමුලන ආශ‍්‍රිත ගම්මානවල මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙමිනි. ඒ අතර ඔහු මැදමුලන, කිංචිගුණේ ගමෙහි රූබන් මහතාගේ ගෙදරට ගොඩවිය.

“සහෝදරයා බලන්නකො, දැන් ආයෙත් ගෙවල් දෙන්න, රස්සා දෙන්න ෆෝම් බෙදනවා. කලින් සැරේ ගෙනිච්ච ඒවට වෙච්ච දෙයක් නෑ. මේ සැරේ ආපුවම මම බැනලා පන්න
ගත්තා.” තරුණයෙක් විජිතට කීය.

එහි ජනහමුව පැවැත්වෙද්දී මවක් ආණ්ඩුවට දෙස් දෙවොල් තබමින් එතැනට පැමිණියාය. එතැන සිටි අයෙක් විජිතට කීවේ, ඇය ප‍්‍රබල ශ‍්‍රිලනිප ආධාරකාරියකව සිටි බවත් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඥාති පුතෙක් විසින් ඇගේ පුත‍්‍රයාට පහරදී ඇති බවත්ය.

“මම මේච්චර කල් උන්ට කැඹුරුවා. මම ගත්ත දේකුත් නෑ. අම්මෙකුට උහුලන්න පුළුවන්ද? දැන් උන් මගෙ පුතාටත් ගහනවා. අද ඉඳලා මමත් පුතාලගෙ පැත්තෙ.” ඒ මවගේ අවනඩුව සියලූ දෙනා අසා සිටියේ නිහඬවය.


මේ අතර තිස්සමහාරාම ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතුවලදී විජිත හේරත්ට විශාල පිරිසක් සිහිපත් කර දුන්නේ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභා පාලනය සහ දැන් ඇති තත්ත්වයයි. එය විසින් අරඹනු ලැබ තිබූ සියලූ සුභසාධන සේවා බිඳවැටී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

“මහත්තයෝ, දැන් ටැප්වලින් එන්නෙ හුළං විතරයි. බයිසිකල්වලට හුළං ගහන්නැහැකි.” එක් තාත්තෙක් කීය. ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් තුළින්ම වෙනස තේරුම් ගනිමින් සිටිති.   

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive