facebook like

ලංකාව මේ අයගෙ අම්මගෙ අප්පගෙ බූදලේද?

අද කොත්තමල්ලි ඇටේ ඉඳලා සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු ගහනවා. ලෝකෙ කිසිම රටක මේ වගේ ජනතාව කන ටිකට බදු ගහන්නෙ නෑ. ජනතාවට ආහාර සපයන එක වෙනුවට ඒවට බදු ගහලා රටක් පාලනය කරන ආණ්ඩුවක් මේක. අද රට වැටිලා තියෙන තත්ත්වය මෙය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඉකුත්දා මාලඹේ මංසන්ධියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැලියක් අමතමිනි.මෙම රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත්
කණ්ඩායම් නායක කේ. ඩී. ලාල් කාන්ත, සරත් පතිරණ, ගාමිණී සරත් කුමාර, ශාන්ත ජාගොඩආරච්චි, රන්ජන් ජයලාල්, අසිත නිරෝෂණ යන පළාත් සභා අපේක්‍ෂක මහත්වරුද සහභාගි වී සිටියහ.අනුර කුමාර දිසානායක මහතා රැලිය අමතමින් මෙසේද කීය.

ලෝකෙ කිසිම රටක මිනිසාගේ අත්‍යවශ්‍ය ආහාර ටිකට බදු ගහන්නේ නෑ. මැද පෙරදිග වගේ රටවල වසර 10කින්වත් ඒ ප්‍රධාන ආහාරවල මිල රුපියලකින්වත් වැඩි වෙලා නෑ. ඒත් අපේ රටේ සීනි ඇටේ සූදුරු කොත්තමල්ලි ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු වැඩි කරලා. දැන් පොලිසියේ මහත්වරු උදේට පාරට එවන්නෙ අද උඹලා මෙච්චර දඩ අරන් එන්න ඕනා කියා. ඒ අයකරන දඩේටත් දැන් බදු එකතු කරලා. මේ ආණ්ඩුව දිගින් දිගටම දඩත් එක්ක බදුත් ගහනවා.

මොන රටක්ද මේක? වෙනදා බදු ගහන්නෙ ජනතාව ලබාගන්නා ආදායමට නැත්නම් මිලදී ගන්නා භාණ්ඩයකට. දැන් දඩේටත් බද්දක් ගහන ආණ්ඩුවක් වෙලා. මේ ආණ්ඩුවට දැන් සල්ලි නෑ. ජනතාවට දඩ ගහලා, බදු ගහලා සල්ලි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ජනතාවගේ මතයක් තියෙනවා මෙතෙක් පැවැති ආණ්ඩු හොරකම් කළා කියා. ඒත් මම අද කියනවා ඒ හැම ආණ්ඩුවකටම වඩා මේ ආණ්ඩුව හොරකම් කරනවා කියා. මේ අයට ලක්‍ෂයක් කියන්නෙ අතේ ගෑවෙන්නෙත් නෑ. ලක්‍ෂ පනහ, සීයය, පන්සියය මේවා දැනෙන්නෙත් නෑ. ඊට වඩා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරාකන ආණ්ඩුවක් තමයි මේක. මේ විදියට රටේ ජනතාවගේ මුදල් හොරාකාලා, නාස්ති කරන පාලනයක් ලංකා ඉතිහාසයේම ගොඩනැඟිලා නෑ.

එදා ලෝක විනාසෙ තියෙනවා කියාපු දවසෙ කොළඹ වරායට රේසින් කාර් ගෙන්නුවා. ඒවාට ලක්‍ෂ 933ක් වියදම ගියා. ඒත් කොහෙන්ද මේ මුදල්. රේසින් කාර් ගේන විට රේසින් කාර්වල බදු අඩු කරනවා. එහෙම තමයි මේ රට පාලනය කරන්නෙ. මේ අය ලක්‍ෂ පනහ සියය නෙමේ හොරකම් කරන්නේ. මෙහෙ ඉන්න බුද්ධදාසගෙ හොරකම්, ඕවා මොනවද මේව බලන විට. මේ අයට රුපියල් ලක්‍ෂ දෙදහස් ගණනින් අයින් කරන විට අපේ රාජ්‍ය සේවයට අයින් කරන්නේ රුපියල් හත්සිය පනහයි.

අද මහජනතාවගේ විවාහ සහතිකෙත්, උප්පැන්න සහතිකෙත්, දිවුරුම් ප්‍රකාශයෙත් ගණන් වැඩිකර එකතු කරන සල්ලිවලින් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරන පාලනයක් මේක.

අපේ රටේ තිබුණ විහාර දේවාලගම් කියලා පනතක්. 1990 ප්‍රේමදාස මහත්තයා එය සංශෝධනය කළා යම් දේවාලයක බස්නායක නිලමේ කෙනෙක්, මන්ත්‍රි ධුරයකට පත්වුවහොත් බස්නායක නිලමේ තනතුරෙන් ඉවත්විය යුතු බවට. 2006 වර්ෂයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ පත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා 2009 පළාත් සභාවට පත් වුණා.

දැන් මොකද වුණේ. ඒ පනතේ අගට කතරගම දේවාලයට අදාළ නැත කියා මේ පනත වෙනස් කලා. නීති හදනවා පුතා බස්නායක නිලමේ කරන්න. මේ නීති හදන්නෙ හොරකම් කරන්න. පිං කැට පවා හොරකම් කරන ආණ්ඩුවක් මේක. මේ රටේ නීතිය එයාලට අදාළ නෑ.

ඒ වගේ පසුගිය දවසක රගර් ගහන්න හිතිලා ගාල්ලේ තියෙන ජාත්‍යන්තර ක්‍රිකට පිටියට බැහැලා රගර් ගැහුවා. ක්‍රිකට් පිටියක රගර් ගහන්නෙ කවුද? මුළු පිච් එකම විනාශ කලා මේ අම්බරුවෝ ටික බැහැලා. ඔය එක පිච් එකක් හදන්න ලක්‍ෂ තුන්සියයක්, හාරසීයක් වැය වෙනවා. ගාල්ලේ ළමයින්ට ක්‍රිකට් ගහන්නවත් ඔය පිටියට බහින්න දෙන්නෙ නෑ.

අද හොරකම් කරනවා පමණක් නෙවේ මේ රටේ නීතිය සතේකටවත් ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත්වෙලා. අද එයාර් ලංකා එකේ රුපියල් කෝටි 7,000ක් පාඩුලු. ඒකේ සභාපති සාමාන්‍ය පෙළවත් සමත් නැතිලු.

ඒ සභාපතිවරයා සාමාන්‍ය පෙළ සමත් නැති වුණාට එයාර් ලංකා එකේ සිකුරිටි රැකියාවට A/L වැඩ තුනක් පාස් වෙන්න ඕනෑ. මොකද්ද මේ රටට කරලා තියෙන්නෙ. මේවා මේ අයගේ අම්මගේ අප්පගේ බූදලේද?

ඒ වගේම ඉස්සර කුඩු බිස්නස් කළේ මුදලාලිලා. අද කුඩු බිස්නස් කරන්නෙ අගමැතිගෙ ලෙටර්හෙඩ්වලින්. අද මේ රටේ අෑත පළාත්වලටත් කුඩු ව්‍යාප්ත වෙලා. මේවා තමයි අපේ රටේ පුද්ගල නාශක. ඒ වගේම තමයි එතනෝල්.

මේවයේ ලාභය අති විශාලයි. ඉතින් බෙදන්න බැරිද තහඩු, ටයර්, අරක්කු වැනි දේවල්. වයඹ පළාතෙ තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු. මෙහෙ තියෙන්නෙ බුද්ධදාසගේ අරක්කු. කවුද දන්නේ නෑ මේ නම දාලා තියෙන්නෙ. බුද්ධදාස...! මොකක් හිතිලා ඒ තාත්ත ඔය නම දැම්මාද දන්නේ නෑ. මේකයි අද අපේ දරුවන්ගේ අනාගතය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive