facebook like

අපේ රටේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක මොන්ටිසෝරි කතා කියනවා (වීඩියෝ)

පොලිස්‌ නිලධාරියකු මරණයට පත් වූ තුන්නානේ විරෝධතාව කඩාකප්පල්කාරීන්ගේ සැලසුමක්‌ යෑයි ආණ්‌ඩුව සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ඉදිරිපත් කරන අසත්‍ය ප්‍රචාරවලට ජනතා විමුක්‌ති පෙරමුණ බිය වන්නේ නැතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (17 දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ
ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය -
දැන් අපිට සැකයක් එනවා, මෙතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද නැත් නම්, සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ද කියලා. දැන් මෙතුමා කරන්නේ පොලීසියේ වැඩේ නෙවෙයි නේ, මේ කෙහෙලිය මහත්මයාගේ වැඩේ නේ. මේ සාමාන්‍යයෙන් මොන්ටිසෝරි ළමයින්ට උගන්වන කථා කියලා දෙන කෙනෙක්ව ත්, නොකරන වර්ගයේ සුරංගනා කථා මේ කියන්නේ
අපේ රටේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක මොන්ටිසෝරි කතා කියනවා. මේ සිදුවීමෙන් පොලිස්‌ නිලධාරියකු මියයැම ඉතාම කනගාටුදායකයි. ඒත් මේ ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්‌ඩුව ඇහුම්කන් දුන්නේ නෑ. බලය අත්තනෝමතික ලෙස යොදාගෙන පොලිසිය ලවා ජනතාවට ප්‍රහාර එල්ල කළා. ආරක්‍ෂාවට පන්සලට ගිය ජනතාවටත් පෝය දවස කියා නොබලා පහරදුන්නා රතුපස්‌වලදී පල්ලියට ගිය ජනතාවට පහර දුන්නා වගේ.

මේ ජනතාව තුන්නානේ දී උද්ඝෝෂණය කළේ රට බේරාදුන් ජනපතිතුමන් ගම බේරා දෙන්න කියලා. සන්ධානේ පළාත් සභා අපේක්‍ෂකයකුත් ජනතාව සමග සිටියා. පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීම ෙච්තනාවෙන් කළ එකක්‌ නොවේ. දැන් මේ අපකීර්තිය වහන්න ආණ්‌ඩුව බොරු කතා ගොතනවා.

ජිනීවාවල මතුවෙලා තියෙන ප්‍රශ්නයට උත්තේජනයක්‌ දෙන්න මේ පිරිස කටයුතු කළාලු. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සුරංගනා කතා කියනවා. මේ දවස්‌වල රටේ කිසිම දෙයක්‌ වෙන්න බෑ ජිනීවාවලට ඈ¹ ගන්නවා. මේ ප්‍රශ්නය ජිනීවාවලට සම්බන්ධ නම් ඒකේ වගකීම පොලිසියත් ආණ්‌ඩුවත් භාරගත යුතුයි. මේක සැලස්‌මක්‌ නම් එහි මුලින්ම ඉන්නේ කර්මාන්ත ශාලාවේ අයිතිකරුවන්. ඔවුන් රතුපස්‌වල කම්හලෙත් අයිතිකරුවන්. ජනතාවට පහරදුන් පොලිසියත් වගකිව යුතුයි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive