facebook like

මිනීමරපු-කුඩු විකුණන-තැබෑරුම් ඇති මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ: සමහර ප්‍රදේශිය සභා සභාපතිවරුන්ට ගෙවල්-වාහන 3-4ක් තියෙනවා

පාර්ලිමේන්තුවේ මිනී මරපු, කුඩු විකුණන, තැබෑරුම් තියෙන සමහර මන්ත්‍රිවරු මැති ඇමැතිවරු ඉන්නවා. වාහන 3-4, නිවාස 3-4 තියෙන සමහර ප්‍රාදේශීය සභා සභාපතිවරු මේ රටේ ඉන්නවා. එහෙම රටක යම් සංවර්ධනයක් වෙන්නේ කොහොමද යැයි නැඟෙනහිර පළාත් සභා අධ්‍යාපන ප්‍රවාහන ඉඩම් සංවර්ධන ඇමැති විමලවීර දිසානායක මහතා පැවැසීය.


රුපියල් හයලක්‍ෂ අසූදහසක ප්‍රතිපාදන ලබාදුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පළාත් සභා හා පළාත් පාලන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා නැඟෙනහිර පළාත් ඇමැති එම්. එස්. උදුම්මා
ලෙබ්බේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මෙසේ කීය.
විමලවීර දිසානායක මහතා මෙසේද කීය.


ඉඩම්, වාහන හා කිසිම වංචාවක් නැතුව කොමිස් මුදල් ගන්නෙ නැතිව අවංකව දේශපාලනය කරන්න මට හැකියාව ලැබිල තියෙනවා. දේශපාලනය අද නැති වුණත් මට හොඳට කුඹුරකට බැහැලා ගොයම් අල්ලි පහක් එක දවසකට කපන්න පුළුවන්.


සිංහල, දෙමළ, මුස්ලිම් ජාති තුනටම එක සමාන ලෙස සලකන්න, ශ්‍රී ලාංකික සමාජය එකම ජාතියක් කරන්න උත්සාහ කරනකොට මගෙන් වැටුප් ගන්න මගෙ කාර්යාලයේ ඉන්න අයත් මට බනිනවා. එහෙම තත්ත්වයක් තිබියදී ටකරමක්, විදුලිය දීලා අපිට ලෝකය ජයගන්න බැහැ. විදුහල්පතිවරු අවුරුදු හතර-අට ගැහැනු ළමයි දූෂණය කරනවා. ගැහැනු ළමයි සිය දිවි හානි කරගන්නවා. අම්මා රුපියල් පනහක රීලෝඩ් එක දැම්මේ නැහැ කියලා පුතා වස බීලා මැරෙනවා. රුපියල් 1,200ක් ලබාගන්න මාධ්‍යවේදිනිය තේ හද හදා ඉන්නකොට මරලා දානවා. ඉස්කෝලෙ ළමයින්ගෙ සාක්කුවල ගංජා තිබෙනවා. සිලි සිලි බෑග්වල දාගෙන කසිප්පු රැගෙන එනවා. තාත්තා බොන අරක්කු බෝතලේ ඉතුරු භාගේ අරන් ඇවිත් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට නිවාස හදන්න රාත්‍රියට ඇවිත් අරක්කු බීලා වමනේ කරනවා. ඡන්දෙ ගන්න එන එවුන් පවා අරක්කු ටික දීලා ඡන්දෙ අරගන්නවා. මේ පෙදෙසෙන් ඡන්දෙ ඉල්ලන කෙනාට ඡන්දෙ දෙන්නෙ නැතුව පිටින් ආපු අයට ඡන්දෙ දෙනවා. එහෙම වෙනකොට මේ ප්‍රදේශයේ සංවර්ධනයක් වෙන්නෙ කොහොමද?


ලක්‍ෂ 500ක් මාර්ගවලට, ලක්‍ෂ 1,200ක් විදුලියට, ලක්‍ෂ 500ක් ජලයට, ලක්‍ෂ 175ක් හා ලක්‍ෂ 850ක් දෙහිඅත්තකණ්ඩිය සංවර්ධනය සඳහා යොදවනකොට මිනිස්සු අහනවා විමලවීර මොනවද කළේ කියලා. අතාවුල්ලා, උදුම්මා ලෙබ්බේ යන ඇමැතිවරු නැතිවෙන්න දෙහිඅත්තකණ්ඩියට ජලය, මාර්ග, විදුලිය, පන්සල් ටික හැදෙන්නේ නෑ. උතුර-නැඟෙනහිර පළාත් සභාව වෙන්කරන්න කියල කීවෙ අතාවුල්ලා ඇමැතිතුමා. එදා එතුමට සියලුම දෙනා මඩ ගැහුවා. ඇමැතිතුමා මරන්න එල්.ටී.ටී.ඊ. එක විශාල උත්සාහයක් දැරුවා. සිංහල, දෙමළ, මුස්ලිම් එකම රටක ජාති තුනක් නොව එකම ජාතියක් බවට පත්කරන්න යනකොට අපේ රටේ සමහර අය ජාතිවාදය වර්ගවාදය කුලභේදය අවුස්සනවා. දුටුගැමුණු මහා පරාක්‍රමබාහු රජවරුන්වත්, අශෝක අධිරාජ්‍යයාවත් කවුරුත් යුද්ධයකින් ජයගත්තේ නැහැ.

මේ හැමෝම යුද්ධෙන් පරාජය වුණු අයයි. වර්ගවාදය, ජාතිවාදය මිනිස්සු මරලා යුද්ධයක් ජයග්‍රහණය කරන්න බැරි බව අපේ ජනාධිපතිතුමා කියනවා. මේකයි ඇත්ත.


මේ රටට ආදර්ශයක් දෙන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. පගාව ගන්නවා නම්, අරක්කු සිගරැට් බොනවා නම්, ඉඩම්, වාහන තුන-හතර තියෙනවා නම් විමලවීර හොඳයි කියනවා. ඒක කරන්නේ නැතිව ඉන්නකොට මිනිසුන්ට විමලවීර එපා වෙනවා. ඇත්ත කියලා දේශපාලනය කරන්න උත්සාහ කරනකොට ජනතාව බොරුවට රැවටෙනවා. අපි සංවර්ධනයට මුදල් වැය කරනකොට මේ ප්‍රදේශයේ අය අරක්කු සිගරැට්වලට කෙතරම් මුදලක් වැය කරනවද? යුද්ධය තිබුණු අක්කරෙයිපත්තුවේ පන්සලට උදවු කරන්නේ අතාවුල්ලා උදුමා ලෙබ්බේ ඇමැතිතුමන්ලා විතරයි. පන්සල්වලට දහම්පාසල්වලට උදවු කරනවා. පන්සල් හදනවා. හැබැයි බෞද්ධ දරුවෝ හැදුවේ නැහැ. එම නිසා සමහර දරුවන් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට පහර දෙනවා. ගමේ පන්සල, කෝවිල, පල්ලිය හැදුවට මිනිස්සු ගතිගුණ අතින් සංවර්ධනය වුණේ නැහැ. නර්ස් නෝනාට කාන්තාවන්ට තනියම නිවසේ ඉන්න බැහැ. කවුරුහරි ඇවිත් අතවර කරනවා. එහෙම නම් මේ සමාජයේ අපි කොතැනද ඉන්නේ. මට කොහෙවත් ඉඩම් කෑල්ලක් නැහැ. දෙහිඅත්තකණ්ඩියේ මට ඉඩම් පහක් ලැබුණා. මම ඒවා බෙදලා දුන්නා. එක ඉඩමක් ලක්‍ෂ 46කට වික්කා. එයත් මට බනිනවා. එම නිසා මේ සමාජයේ යහපත් විදියට හැදුවේ නැති වුණොත් මනුෂ්‍ය සමාජයක් හදන්න අපට කවදාවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය සමාජය හදන්න අපි සියලු දෙනාම කැපවෙමු යැයි ඇමැතිවරයා පැවසීය.


පළාත් සභා පළාත් පාලන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා, නැඟෙනහිර පළාත් සභා නිවාස වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන ඇමැති එම්. එස්. උදුම්මා ලෙබ්බේ, මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම් ඒ. එච්. එම්. අන්සාර්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් රුවන්දිකා හෙන්නායක යන මහත්ම මහත්මීහු මෙහිදී කතා කළහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive