facebook like

අතුරුදන් මලයාසියානු ගුවන් යානය හේතුවෙන් 30 වසරකට පෙර සිදු වූ අභිරහසක මතකය අවදි වෙයි (වීඩියෝ)

එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන්වීම ත් සමග බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ මතකය 1983 වර්ෂයට දිව යයි.

ඒ, ක්වාලාලම්පූර්වලින් ම පිටත් ව මලයාසියානු ගුවන් යානය අතුරුදන් වූ බවට සැකකරන ප්‍රදේශය ආසන්නයේ අතුරුදන් වූ  L35A ලියර් ජෙට් ගුවන් යානය හේතුවෙනි.

අදට ත් තොරතුරක් නැති L35A ලියර් ජෙට් ගුවන් යානයේ ගමන් කළේ,  එවකට මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා ය.

1983 පෙබරවාරි 13 වන දා රාත්‍රී 8. 41 ට මෙම යානය ක්වාලලාම්පුර් සිට
කොළඹ බලා  පිටත් ව ගොස් තිබිණ.

එකල මාධ්‍ය වාර්තාවන්ට අනුව ජෙට් යානය ගමන් අරඹා විනාඩි 15කට පසු ගුවන්තොටු‍පොළ රේඩාර්වලින් නොපෙනී ගොස් තිබේ.

ඉන් අනතුරුව මෙම ගුවන් යානය සම්බන්ධයෙන් කිසිඳු නිෂ්චිත තොරතුරක් වාර්තා නොවී ය.

දින හතරකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පුළුල් මෙහෙයුම මෙන් එවකදී ද අමෙරිකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් සෝදිසි මෙහෙයුම් සඳහා එක් විය.

1983 පෙබරවාරි මාසයේ 21 වන දා පුලාවූ පන්දුන් දූපත් අසල තිබී එම ජෙට් යානයේ යැයි සැක කළ අතිරේක රෝදයක් හමුවී ම ත් සමග යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පුපුරාගොස් ඇති බවට විශේෂඥයෝ මත පළ කළහ.

කෙසේවෙතත් එම රෝදය යානයට සවිකරන ආධාරකය යානයේ නිෂ්පාදිත සමාගමට අයත් වූවක් නොවේ.

විවිධ මතවාද අතර උපාලි විජේවර්ධන මහතා ඇතුළු 07 දෙනෙකුට සිදු වූයේ කුමක් ද? යන්න වසර 30 ක් ගත ව ඇතත් අදට ත් අභිරහසකි.


)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive