facebook like

හදුනානොගත් රෝගයකින් බද්දේගම කැළඹෙයි පෙර පාසල් තාවකාලිකව වැසේ

හදුනානොගත් රෝගයකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියයාමත් සමග බද්දේගම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පවතින සියලූ පෙර පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. බද්දේගම ප‍්‍රාදේශීය සභා සභාපති අනුර නාරාංගොඩ මහතා සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය ඇතිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

බද්දේගම සම වැලිවිටිය දිවිතුරු ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයන්හි කුඩා දරුවන් දෙදෙනෙකු ඉකුත් මියගියා. ඉන් එක් දරුවෙකු වයස අවුරුදු 4 යි මාස 8 ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරුදු 5 යි මාස 5 ක් වනවා. කුඩා දරුවන් දෙදෙනෙකු හදිසියේ මියයාමත් සමග ප‍්‍රදේශය පුරා කටකතා පැතිරයාම හේතුවෙන් සියලූ පෙර පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි බද්දේගම ප‍්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ මහතා සදහන් කළේ.

සභා බලප‍්‍රදේශයේ ඇති සභාවට අයත් පෙර පාසල් 7ක් වසා දැමීමට අපි තීරණය කළා. පෞද්ගලික පාලිකාවන් විසින් කරගෙන යන පෙර පාසල් 3ක්ද වසා දැමීමට එම පාලිකාවන් විසින් කටයුතු කර තිබෙනවා.  ප‍්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් ගැනීමට මම තීරණය කළා. එසේම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසියද දැනුවත් කළා. බලප‍්‍රදේශයේ ඇති සියලූම පෙර පාසල් සහ ප‍්‍රදේශයේ තිබෙන පාසල්වල පොඩි පන්ති වසා දැමීමට කටයුතු කරනවා. ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියා ලෙස මට ඒ සඳහා පනතින් බලතල තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් බද්දේගම ප‍්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ පී නවරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය සමග එක්ව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි. මියගිය දරුවන් අධ්‍යාපනය ලැබූ පෙර පාසල් දෙකෙන්ම ජල සාම්පල් ලබාගෙන ඒවා විශේෂ පරීක්‍ෂණයක් සදහා යොමුකර ඇති බවද ඒ මහතා කියාසිටියා. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive