facebook like

ගුටි කෑ මාධ්‍යවේදියාට මර්වින් සිල්වා දුන් චෙක් එක බොරු චෙක් එකක්

පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රහාරයකට ලක් වුණු මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා වෙත ඇමති මර්වින් සිල්වා විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂයේ චෙක් පත හිස් එකක් යයි වාර්තා වෙයි.
ඇමතිවරයා විසින් ලබා දුන් චෙක්පත කිහිප විටක් ගිණුම්ගත කලද එම ගිණුමේ මුදල් නැති බව හෙළිව ඇත.
කුරුප්පුආරච්චි මහතා දැනටත් පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබයි.






ඇත්ත සටන මොකක්ද?....අනුර කූමාර කියයි

මෛත්‍රීපාල සිරිසේන වෙන්න මං ලෑස්තියි – මෛත‍්‍රී [Video]

අගමැති ධුරය ලබා දෙන්නේ නම් එම ධුරයේ කටයුතු කිරීම සඳහා තමන් සූදානම් යයි අමාත්‍ය
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙසේ වෙතත් පසුගියදා පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඒ පිළිබඳ සම්මත කරන ලද යෝජනාව තමාගේ බලපෑමක් මත සිදුවූවක් නොවන බවද ඒ මහතා කියා සිටී.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේය.

චීන යුවතියක් තාවකාලික පෙම්වතුන් සමඟ ලිංගික සවාරි යයි

19 හැවිරිදි චීන යුවතියක් වන Ju Peng නමැති තරුණියක් විසින් තම රටපුරා ලිංගික සවාරියක් යාමේ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය විසින් වාර්තාකොට ඇත. මේ ආකාරයෙන් චීනයේ නගරයෙන් නගරයට යන ඇය එම එක් නගරයකින් එක් පෙම්වතා බැගින් තෝරාගන්නා බවටද වාර්තා වේ.

ඇය අන්තර්ජාලයේ පලකොට ඇත්තේ  හොඳ පෙනුම ඇති, මීටර 1.75 ට වඩා උස, අවුරුදු 30 ට අඩු,  යහමින් මුදල් ඇති තරුණයන් සඳහා මේ අවස්ථාව හිමිවන බවයි

ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ අදාල තරුණයා පරිත්‍යාගශීලී පුද්ගලයෙක් විය යුතු බවත් තමා වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ලෝබ විය නොවිය යුතු බවත්ය. මේ ආකාරයෙන් ඇය සමඟ කල්ගෙවනු ලැබුවහොත් තරුණිය විසින් මුලු රාත්‍රියක්ම තරුණයා සමඟ පෙම්සුව විඳින අතර ඇය කෙතරම් සුන්දරද යනවග එහිදී ඇයවිසින් පෙන්වා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කොට ඇත.
ඇය මේවන විටත් නැගෙනහිර චීනය පුරා සංචාරයකොට තිබෙන අතර මෙය ලැජ්ජා නොවිය යුතු කරුණක් බවයි ඇය ප්‍රකාශකරන්නේ.










තමාගේ එක් අතක් පෙම්වතියක් කරගත් තරුණයෙක්

කොල්ලෝ කියන්නේ කෙල්ලෙක් සෙට්කරගන්න ඕනිම කට්ටක් කන පිරිසක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒ වෙනුවෙන් සමහර කොල්ලෝ තමන්ගේ චර්යාවන් විතරක් නෙවෙයි, කොණ්ඩ මෝස්තර, අඳින පළඳින විදිය වගේම යන පන්ති වුනත් වෙනස් කරගන්නවා.

ඒ වගේ කට්ටක් කාලත් කෙල්ලෙක්ව සෙට්කරගන්න බැරිවුනු කොල්ලොත් ඕනිතරම් ඉන්නවා. ෆේස්බුක් එකේ කෙල්ලෙක් එක්ක අතින් අල්ලන් දාන ෆොටෝ දිහා බල බල, ඒවට ලයික් දදා ඉන්න ගමන් ‘‘අනේ මමත් කවදා හරි දවසක මේ වගේ ෆොටෝ එකක් දානවා‘‘ කියලා හිතින් හිතාගන්න කොල්ලොත් නැතුවම නෙවෙයි.


අන්න ඒ විදියට හිතපු කොල්ලෙක්, තාමත් කෙල්ලෙක් නැති නිසා අනිත් අයට කෙල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න අපූරු විදියේ ඡායාරූප ටිකක් අරන් තියෙනවා. මේ වෙනකොට ඒ ඡායාරූප අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම බලන කෙනෙක්ට හිතෙන්නේ ඇත්තටම මේ කොල්ලා ඉන්නේ කෙල්ලෙක් එක්ක කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. වැඩි විස්තර ඕනි නෑ, බලන්නකෝ මේ කොල්ලා කෙල්ලෙක් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා...





















































ගැහැනුන්ට පමණයි ලේඩීස් ඔන්ලි?

කුරුණෑගල ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ හෙවත් බූරුවා ගැසීමේ යෙදී සිටි කාන්තාවන් හත් දෙනකු පොලිසියට මාට්ටු වීමේ සිද්ධියක් වාර්තා වේ.
සාමාන්‍යයෙන් බූරුවා ගැසීමේ සූදුවට සම්බන්ධ වන්නේ පිරිමින්ය. උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි දැයි විමසමින් මේ කාන්තාවන් මෙසේ සල්ලි ඔට්ටුවට බූරුවා ගසන්නට ඇත.

කාන්තාවන් ලෝක වාර්තා පිහිටුවන මේ සමයේ බූරු ගැසීම හෙවත් බේබි කැපිල්ලට සම්බන්ධ වන්නට ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවන්නටද විය හැකිය.
සූදු ක්‍රීඩාව ඉතිහාසගත කෙළියකි. ඒ කාලේ දැන් මෙන් කාඩ් පැක් තිබුණේ නැත. දාදු කැටය නමින් ලීවලින් කැපූ හතර පැත්තේ අංක සඳහන් කැටයක් තිබුණේය. සමහර රජවරුන් දාදු කෙළියට ගජ සමතුන් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.


දාදු කෙළියට ගොස් කහවණු පරාජය වීමෙන් පසු තම රාජ්‍යයද ඔට්ටු අල්ලා පැරැදුණු මෝඩ රජවරුද සිටියහ. තම අග මෙහෙසිය ඔට්ටුවට ඇල්ලූ රජවරුන් ගැන නම් වාර්තා වී නැත. ඒ ඔට්ටුකරුවන් රජ මෙහෙසියට අකැමැති නිසාදැයි පැහැදිලි නැත.
සූදුව කියන්නේ මුදල් ඕට්ටුවට කරන ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් කීවාට එය අතපය වෙහෙසා කරන ක්‍රීඩාවක් නොවේ. සූදුව ක්‍රම කිහිපයකින් කළ හැකිය. රේස් සූදුවට අශ්වයන් අවශ්‍යය.


ඒ කාලයේ දැන් මෙන් රේස් තරගයේ ප්‍රතිඵල දැන ගැනීමට සන්නිවේදනය දියුණුව නොතිබුණේය.
රේස් කොළය හන්දියේ කඩේට ලැබෙන තුරු ගොන් අයියලා මඟ බලාගෙන සිටිති. පත්තරවලටත් කලින් රේස් කොළය හන්දියේ බුකියට ලැබේ. ජීවිතේටම ඉංගී්‍රසි අකුරක් නොදත් ජේමිස් අයියලා, මාටින් අයියලා අශ්වයන්ගේ තෝම්බු දිගහරින්නේ එංගලන්තයේ සුද්දන්ටත් වඩා අපූරුවටය.
එදා සිරිපාලට රේස් ඔට්ටුවක් දැමීමට සල්ලි තිබුණේ නැත. තම බිරියගෙන් රුපියල් සියයක් ඉල්ලීමට ඔහු තීරණය කළේය.
"මේ සීතා මට බැහැයි නොකියා රුපියල් සීයක් දෙන්නකෝ, හොඳ ළමයානේ."


"මගේ ළඟ ඇති සල්ලියක් නෑ. ඔයා ඒකත් අරන් ගිහිල්ලා බුකියට පූජා කරාවි" ඇය ගස්සාගෙන යන්නට ගියාය.
ටික වේලාවකින් බිරිය ගමනක් යන බව කියා එළියට ගියාය. සිරිපාල බිරිය සල්ලි හංගන තැන දනී. ඔහු හිමින් සීරුවේ රුපියල් සියයක් රැගෙන හන්දියේ බුකියට දුව ගියේය. මගේ අම්මෝ රේස් සූදුවට බැන වදින තම බිරිය බුකියේ රේස් ඔට්ටුවක් දමමින් සිටියාය.


"මගේ රත්තරනේ ඔයාත් රේස් ඔට්ටු අල්ලනවද?" එදා සිට ජෝඩුවම රේස් ඔට්ටු දමති.
මේකත් දැන් පත්තර රස්සාව වගේය. ජොබ් එක ඇති විට ලෝකයම සලකයි. නැති විට බලු සයිස්ය.
කෙසේ වෙතත් කුරුණෑගල ගැහැනු බූරුවා ගැසීමේ ක්‍රීඩාවට යොමුවීම පිළිබඳව කොළඹ ගැහැනු කලබල විය යුතු නැත. මන්ද කොළඹ ගැහැනුන්ට ඔය මළඉළව් බූරුවා ගැසීම නැති වුණාට කරන්නට පුළුවන් සූදු කෙළ කෝටියක් තිබේ. කැසිනෝ සූදුව හතර වරිගයම නිවන් දක්කන්නට පුළුවන් පින්වත් සූදුවකි. ආවොත් හතර වරිගයම ගොඩය. ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි.


සමහර විට ගැහැනු බූරුවා ගැසීමට යන්නට ඇත්තේ ඔවුන්ගේ සැමියන්ට හරි හමන් රස්සාවක් නැති නිසා විය හැකිය. ගෙදර මිනිහා බීගෙන විත් නිදා ගන්නා විට පොඩි උන් බඩගින්නේ තියන්න පුළුවන්ද? බූරුවා ගැසීමෙන් හෝ රේස් දැමීමෙන් දියුණු වූ කෙනෙක් සොයා ගන්නට අමාරුය. ඔක්කොම අන්තිමේ නට්ටන් වෙති.
ධර්මසේන දැහැමෙන් සෙමෙන් සිය රැකියාව කරගෙන හොඳින් ජීවත්වන පුද්ගලයෙකි. ඔහුගේ බිරියද එවැනි යහපත් කාන්තාවකි.
"ඔන්න බලන්න මං කවදාවත් අඩියක් පුඩියක් ගහලා නෑ. අඩු ගණනේ සිගරැට් එකක්වත් බීලා නෑ. ඉතින් මේ අපේ පිරිමින්ට බැරිද මාව ආදර්ශයට ගන්න." ඔහු බිරියට කීවේය.


"ඒගොල්ලො අහන්නේ අඩියක් ගහන්නේ නැති, සිගරැට් එකක් උරන්නේ නැති මිනිහා පිරිමියෙක්ද කියලා."
"පිරිමියෙක් නෙවි ගැහැනියක්" අනේ මගේ කට.
ළඟදි සිට ධර්මසේනගේ පර්ස් එකෙන් රුපියල් පන්සියයක්, දහසක් අඩුවේ. ඔහුගේ ප්‍රියජනක බිරිය සැක කළ නොහැකිය. ගෙදර ඉන්න වැඩකාර කොලුවවත් ගන්නවාද?
දිනක් අල්ලපු ඉඩමේ ලොකු කලබලයකි. පොලිසියෙන් පැන සූදු පොළක් වටලා කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට අරන්ය. ධර්මසේනද ඒ බලන්නට ගියේය. ගැහැනු හත් අට දෙනෙක් සිටිති. ඒ අතර තම බිරියද සිටියාය. ධර්මසේනටත් බිරිය හොඳ මඟ යවන්නට බැරිනම් අපි කොහොම කරන්නද?

මහින්දගේ ඇඳුම හෙළ උරුමය උස්සයිද? -- උපුල් ජෝශප් ප්‍රනාන්දු

ශ්‍රී ල.නි.ප.යටත් අග්‍රාමාත්‍යවරියට මෙන්ම ෆීලික්ස් ඩයස්ටත් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රධාන වශයෙන් ල.ස.ස.ප.යට ඉඩ දීමට තරම් විචක්‍ෂණ භාවයක් ජේ.ආර්. පෙන්නුම් කළේය. ශ්‍රී ල.නි.ප. යත් ඔවුන්ගේ කලින් සගයනුත් අතර පැවැති විවාදයට මැදිහත්වන අවස්ථාද තිබුණ නමුත් එ.ජා.ප.යට වෙනම වැඩපිළිවෙළක් සහ ඔවුන්ටම ආවේණික ප්‍රතිපත්ති තිබුණු බව පෙන්නුම් කිරීමට ජේ.ආර්. වග බලා ගත්තේය. ඉදිරි සටන්වලදී එ.ජා.ප.ය සහ ල.ස.ස.ප.ය මිතුරන් නොව පොදු සතුරාට විරුද්ධව එක පෙරමුණක සටන් කළ කල්ලි දෙකක් විය...


ජේ.ආර්. චරිතාපදානය පිට. 518
"ඇයි ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.යයි එන්.එම්. ලාගේ ල.ස.ස.ප.යි වැඩ කළ විදිහට අද හෙළ උරුමයටත් යූ.ඇන්.පී. යටයි වැඩ කරන්න බැරි...?"
මේ එ.ජා.ප.යේ හිටපු ජේ‍යෂ්ඨයෙක් අහපු ප්‍රශ්නයකි.
කතාව ඇත්තය. ඇන්.ඇම්.ලා, කොල්වින්ලාගේ පරම හතුරා යූ.ඇන්.පී.ය විය. ඒ යූ.ඇන්.පී.යෙන් ඔවුන් වෛර කළේ ජේ.ආර්.ටය. ඔවුන් ජේ.ආර්.ව හැඳින්වූයේ යැංකි ඩිකී නොහොත් ඇමෙරිකානු හුරතලා කියාය. ධනවාදය මර ඇඳෙන් නැඟිටුවන්න ඔක්සිජන් දෙන්නා ලෙසය. බණ්ඩාරනායක මැතිනියද 1970 - 77 සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ ඇන්.ඇම්.ලාට පල නොකියා පලා බෙදුවේ ඇන්.ඇම්.ලාට කවදාවත් ජේ.ආර්. එක්ක එකතු වන්න බැරි බව දැනගෙනය. ජේ.ආර්. ද එය දැන සිටියේය. ඒත් මැතිනිය ඇන්.ඇම්.ලා කොල්වින්ලා ඇමැති ධුරවලින් ඉවත් කරන්න තීරණය කළ විට ඇන්.ඇම්.ලා කොල්වින්ලා ජේ.ආර්. එක්ක එකතු නොවී ජේ.ආර්.ට වෙනදා වගේම පහර ගහන ගමන් ජේ.ආර්. එක්ක වැඩ කරන ක්‍රමයක් හොයා ගත්තේය.
'ඔයගොල්ලෝ මට සිරිමාට වඩා තදින් ගහන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ගහනවා වගේම සිරිමාටයි ෆීලික්ස් ඩයස්ටයි ආණ්ඩුවටයි ගහන්න. ඉතුරු ටික මම බලාගන්නම්...'


මේ ජේ.ආර්. ඇන්.ඇම්.ට දාපු බෝලයය. ඇන්.ඇම්.ලා ඒ බෝලයට හොඳට සෙල්ලම් කළේය. පහත දැක්වෙන්නේ ල.ස.ස.ප.යයි එ.ජා.ප.යයි වෙන්ව සිට පාර්ලිමේන්තුවේ එකට ගහපු ගේම ජේ.ආර්. චරිතාපදානය විස්තර කළ ආකාරය ය.
'පුදුමයට මෙන් සමඟි පෙරමුණේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනියට එරෙහි විශ්වාස භංගයේදී ජේ.ආර්. ඉටු කළේ අප්‍රධාන කාර්යභාරයකි. එසේ වුවද මේ අවස්ථාවේදී ප්‍රධාන තැන ගෙන ක්‍රියාකිරීමට ලංකා සමසමාජ පක්‍ෂයට ඉඩ හැරීමට ඔහු කළ තීරණය යුක්ති යුක්ත බව සනාථ විය...'
ඇන්.ඇම්.ලා කොල්වින්ලා මේ කරන සේවයට ජේ.ආර්. කෘතගුණ දැක්වීය. 1977 මහ මැතිවරණයේදී ජේ.ආර්. කොල්වින්ව දිනවන්න කොල්වින් නියෝජනය කළ අගලවත්ත ආසනයට දුර්වල අයෙක් දැම්මේය. මේ ලලිත්ගේ "නොනිමි මෙහෙවර" චරිතාපදානය ඒ ගැන කියන කතාවය.


'1975 සැප්තැම්බරයේදී සමඟි පෙරමුණු රජයේ අමාත්‍ය මණ්ඩලයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, (මුදල් අමාත්‍ය), ආණ්ඩුක්‍රම සම්පාදනය හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා සහ ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන යන මහත්වරුන් ඉවත් කිරීමෙන් සමඟි පෙරමුණ බිඳ වැටිණි. ඉතිරි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාගයකි.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නියෝජනය කළේ අගලවත්ත අසුනයි. ලලිත් අගලවත්තේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමත් සමඟ සාම්ප්‍රදායික වාමාංශික කොටස්ද ඔහුට එක් වන්නට වූහ. විශේෂයෙන්ම වාමාංශික තරුණයන්ගේ වැඩි නම්‍යතාවක් තිබුණේ ලලිත් දෙසටය. පස්දුන් කෝරලයේ පුත්‍රයකු වූ ඔහු ගැමි ජනතාවගේ ප්‍රසාදයත්, ආදරයත් දිනා ගත්තේය.


'මට ලලිත් හැර වෙන ඕනෑම කෙනෙකු පරද්දන්න පුළුවන්' යි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සභාග රජය බිඳ වැටීමෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මහතාට කියා තිබුණි. සමසමාජ පක්‍ෂය යළිත් ඉතිහාසයේ කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සභාගයකට එළඹීමට ඇති ඉඩකඩ අහුරාලීම කෙරෙහි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මනස යොමු වී පැවැතිණ. රජයෙන් බිඳුණු සමසමාජ පක්‍ෂය සමඟ එක්ව විපක්‍ෂයේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ද වැදගත් විය. ඔහු සිය පාසල් මිත්‍රයා වූ කොල්වින්ට උපකාර කිරීමට නොපැකිළව ඉදිරිපත් විය. ලලිත් අගලවත්තෙන් රත්මලාන ආසනයට යැවීම මැනවයි ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණය කළේය. එහෙත් රත්මලාන ජයග්‍රහණය කිරීමට ලලිත්ට ඇති ඉඩකඩ ගැනද ජේ.ආර්. විමර්ශනයක යෙදී තිබුණු බව ඔහු සඳහන් කරයි.
අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධාන කටයුතු තෙවසරක් මුළුල්ලෙහි උපරිම තලයකට පත් කළ ලලිත් නායකත්වයේ මතය හා තීරණය පිළිගැනීමට එකඟ විය.


'එහෙත් කොල්වින් ආර්. ද සිල්වා මහතාට දිනන්න අපහසුයි. වැඩිම වුණොත් පරාද වන ඡන්ද ගණන තුන් හාර දාහකින් අඩු වේවි' ලලිත්, ජේ.ආර්. ජයවර්ධන මහතාට පැවැසීය. කොල්වින් ආර්. ද සිල්වා මහතා පරාජය වීමට ඉඩ ඇතැයි එවෙලෙහි එ.ජා.ප. නායකයා නොපිළිගත්තේය.
අගලවත්ත ආසනය ජයග්‍රහණය කරන බව ඒ වන විටත් ලලිත්ගේ අචල විශ්වාසය වී තිබිණි. ඔහු ඇතැම් දිනෙක ශාඛා සමිති අට බැගින් පිහිටුවීය. 'සටහන' නමින් අගලවත්තේ දේශපාලන පුවත්පතක්ද පළ වෙමින් පැවැතිණි.


1976 එ.ජා.ප.ය ජා-ඇළ අතුරු මැතිවරණයේ ජය ලබා තිබිණි. කතෝලික බහුතරයකින් සමන්විත ජා-ඇළ ප්‍රදේශයේ ලලිත් ලද්දේ අමුතු අත්දැකීමකි. ඔහු පවසන පරිදි එහි සංවිධාන ක්‍රියාවලියෙහි 'ජොලිය' වැඩියෙන් දිස් විණි.
ලලිත් නායකත්වයේ මතයට හිස නමමින් තුන් වසරක අගලවත්ත සංවිධායක ධුරයෙන් නික්ම, 1976 ජුනි 1 වැනිදා සිට රත්මලාන මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක ධුරයෙහි කටයුතු භාර ගත්තේය.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා අතර අගලවත්ත ආසනය සම්බන්ධයෙන් පැවැති 'රහස් සම්මුතිය' ඩඩ්ලි පෙරමුණ විසින් හෙළිදරව් කරන ලදී. ඔවුන් පළ කළ 'සතිපතා' නමැති පුවත්පතෙහි මෙසේ සඳහන් විය.


'සති අන්තයේ දේශපාලන ක්‍රීඩාව කළ අගලවත්තේ ෆැසිස්ට් කල්ලියේ සංවිධායකයා වූ 'ඇතුළත් මුදලාලි' පසුගියදා නාගරිකයේ ආසනයකට පසු බැස්සේය. නායකතුමා විසින් රතු නායකයකුට පාර්ලිමේන්තුවට ඒම සහතික වන අන්දමින් ඉතා දුර්වල අයකු දමා අගලවත්තේ රතු ජයග්‍රහණය ස්ථීර කිරීමට කර ඇති රහස් පොරොන්දුව මේ පසුබැසීමට තවත් වැදගත් හේතුවක් වී ඇතැයි ආරංචි වේ. දකුණු කොළඹ අතුරු තරගයේදී රතු නායකයා ෆැසිස්ට් බොස්ට කරන ලද රහස් උපකාරයකට මෙය ප්‍රතිඋපකාරයක්ද වෙයි'
මෙයින් පේන්නේ ඇන්.ඇම්.ලා මේ ගේම ගැහුවේ අත ලෙවකන්න නොවන බවය. මේ ගේමෙන් මැතිනිය පරාජය වී යූ.ඇන්.පී. ආණ්ඩුවක් එන බව ඇන්.ඇම්.ලා දැන සිටියේය. හැබැයි ඇන්.ඇම්.ලා හිතුවේ තම පක්‍ෂය සහ කො.ප.ය එක්වී හදපු වාමාංශික එක්සත් පෙරමුණටද සැලකිය යුතු ආසන ගණනක් හිමිවී තමන්ට ප්‍රධාන විපක්‍ෂය අල්ලන්න පුළුවන් වේ යැයි කියාය. ඇන්.ඇම්.ලාට වැරැදුණේ එතැනය.


'යූ.ඇන්.පී.යට හෙළ උරුමය එක්ක ඒ ගේම ගහන්න බැරි ඇයි...?'
බැරි කමක් නැත. එදා ඇන්.ඇම්.ලාට ජේ.ආර්.ව ඇමෙරිකානු හුරතලකු ලෙස පෙනුණා නම් අද හෙළ උරුමයට රනිල් පේන්නේ කොටි හුරතලකු වගේය. හෙළ උරුමයේ පරම හතුරා වුණේ රනිල්ය. රනිල්ගේ පරම හතුරා වී සිටියෙත් හෙළ උරුමය ය. දැන් හෙළ උරුමය රනිල්ව වර්ණනා කරන්න ගියොත් වැටෙන්නේ හෙළ උරුමය ය. හැබැයි ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් වූවා සේ ඉදිරි සටන්වලදී එ.ජා.ප.ය සහ හෙළ උරුමය මිතුරන් නොව පොදු සතුරාට විරුද්ධව එක පෙරමුණක සටන් කළ කල්ලි දෙකක් වුණොත් යූ.ඇන්.පී.යට ගේම ගොඩ දමා ගන්න අමාරු නොවනු ඇත.


'2010 ෆොන්සේකාව පොදු අපේක්‍ෂකයා කරපු එක මෝඩ වැඩක්. ෆොන්සේකාව තුන්වැනි අපේක්‍ෂකයා කරල ජේ.වී.පී. එකට භාර දෙන්න තිබුණා. ෆොන්සේකා රනිල්ගේ වේදිකාවට ඇවිත් මහින්දට ගහනකොට එතන තියෙන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාව කියල දේශප්‍රේමීන් කියල කියාගන්නා අය කියනවා. හැබැයි ෆොන්සේකා ජ.වි.පෙ. එක්ක වේදිකාවේ ඉඳල ගහනකොට එහෙම කියන්න බැහැ. එතකොට එක්කෝ ෆොන්සේකා මහින්දගේ ඡන්ද කඩනවා. නැතිනම් මහින්දගේ ඡන්ද ගෙදර තියනවා...'


මේ 2010දී මෙරට ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් පළ කළ අදහසකි.
මේ අදහස අදටත් වලංගුය. මහින්දගේ ඡන්ද කඩන්න හෝ මහින්දගේ ඡන්ද ගෙවල්වල හිර කරන්න යූ.ඇන්.පී.යට බැරිය. ඒක කරන්න පුළුවන් මහින්දට ඡන්ද ඇදල දුන්න අයටමය. මහින්දට ඡන්ද ඇදල දුන්න හෙළ උරුමය ලවාම මහින්දගේ ඡන්ද බස්සන්න ඕනෑය.
'බස්සයිද...?'
බස්නාහිර, උෟව, දකුණේ පළාත් සභා ඡන්දවලින් බහින ලකුණු පෙනිණි.
'උෟවේදී ජ.වි.පෙ. ගල් ගහනකොට රනිල් අඹ අහුලනවා...'
මේ විමල්ගේ පක්‍ෂය කී කතාවකි.


'ඉතින් රනිල්ට අහුලගන්න හෙළ උරුමය අඹවලට ගල් ගහයිද...?'
ඒක නම් කියන්න දන්නේ නැත.
හැබැයි හෙළ උරුමය සිහළ උරුමය නමින් පැවැති කාලයේ චම්පික චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව එ.ජා.ප.යත් සමඟ එක් විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්න යද්දීත්, එ.ජා.ප. ජනබල මෙහෙයුමට පහර දෙද්දීත් ඊට විරෝධය පා සිහළ උරුමයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික, රනිල් සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ පාර්ලිමේන්තුවේ පොදු සන්ධානයකට ඇවිත් පුවත්පත් සාකච්ඡා පවා පැවැත්වීය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව රනිල්ට සහ එ.ජා.ප.යට කොටි හංවඩුව ගහද්දීය.


2001 එ.ජා.ප.ය බලයට ආ පසු ජ.වි.පෙ. විනාශ කරන්න එ.ජා.ප.ය සහ හෙළ උරුමය අතර රහසේ එකඟතාවක් විය. ඒ සඳහා එ.ජා.ප. ආණ්ඩුව හෙළ උරුමයට උදවු කළේය. එහෙම උදවු කරන්න ගිහින් හෙළ උරුමය කැඩුවේ එ.ජා.ප.යේ සිංහල බෞද්ධ ඡන්දය.
'ඉතින් එ.ජා.ප.ය හෙළ උරුමය එක වේදිකාවකට ආවොත් ඒ ඡන්ද එ.ජා.ප.යට එයිනේ...?'
ඇත්තටම එදා තිබුණු ඡන්ද පදනම අද හෙළ උරුමයට නැත. මේ වන විට හෙළ උරුමයට එ.ජා.ප. සිංහල බෞද්ධ ඡන්ද නැත. හෙළ උරුමය මහින්දගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය කඩන්න පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් පමණි.


1970 මැතිනිය ආවේ සමාජවාදී රැල්ලෙනි. ඒ රැල්ල හැදුවේ ඇන්.ඇම්.ලා කොල්වින්ලාය. 2005 මහින්ද ආවේ දේශප්‍රේමී රැල්ලෙනි. ඒ රැල්ල හැදුවේ ජ.වි.පෙ. සහ හෙළ උරුමය ය. අද ජ.වි.පෙ. නැත. ඉන්නේ විමල් විතරය. හෙළ උරුමය කඩා ගත්තොත් එදා ජේ.ආර්. මැතිනිය ගැන කී කතාවම මහින්ද ගැන කිව හැකිය.
'මැතිනිය අද හරියට ගඟේ නාන්න ගිහින් ඇඳුම් හොරු අරන් ගිය නිසා ගඟෙන් ගොඩට එන්න බැරිව ළතවෙන කාන්තාවක් වගෙයි. මැතිනියගේ ඇඳුම් අරන් ගිය හොරු ල.ස.ස.ප.යයි කො.ප.යයි...'


ජේ.ආර්. කී විදියට මැතිනිය නාන්න යනකොට ල.ස.ස.ප.යයි කො.ප.යයි හොරා ගත්තේ මැතිනියගේ සමාජවාදය නමැති ඇඳුම්ය. මෙවර මහින්ද නාද්දී හෙළ උරුමය හොරා ගන්න යන්නේ මහින්දගේ දේශප්‍රේමී ඇඳුම්ය.
පක්‍ෂය සහ කො.ප.ය එක්වී හදපු වාමාංශික එක්සත් පෙරමුණටද සැලකිය යුතු ආසන ගණනක් හිමිවී තමන්ට ප්‍රධාන විපක්‍ෂය අල්ලන්න පුළුවන් වේ යැයි කියාය. ඇන්.ඇම්.ලාට වැරැදුණේ එතැනය.


'යූ.ඇන්.පී.යට හෙළ උරුමය එක්ක ඒ ගේම ගහන්න බැරි ඇයි...?'
බැරි කමක් නැත. එදා ඇන්.ඇම්.ලාට ජේ.ආර්.ව ඇමෙරිකානු හුරතලකු ලෙස පෙනුණා නම් අද හෙළ උරුමයට රනිල් පේන්නේ කොටි හුරතලකු වගේය. හෙළ උරුමයේ පරම හතුරා වුණේ රනිල්ය. රනිල්ගේ පරම හතුරා වී සිටියෙත් හෙළ උරුමය ය. දැන් හෙළ උරුමය රනිල්ව වර්ණනා කරන්න ගියොත් වැටෙන්නේ හෙළ උරුමය ය. හැබැයි ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් වූවා සේ ඉදිරි සටන්වලදී එ.ජා.ප.ය සහ හෙළ උරුමය මිතුරන් නොව පොදු සතුරාට විරුද්ධව එක පෙරමුණක සටන් කළ කල්ලි දෙකක් වුණොත් යූ.ඇන්.පී.යට ගේම ගොඩ දමා ගන්න අමාරු නොවනු ඇත.
'2010 ෆොන්සේකාව පොදු අපේක්‍ෂකයා කරපු එක මෝඩ වැඩක්. ෆොන්සේකාව තුන්වැනි අපේක්‍ෂකයා කරල ජේ.වී.පී. එකට භාර දෙන්න තිබුණා. ෆොන්සේකා රනිල්ගේ වේදිකාවට ඇවිත් මහින්දට ගහනකොට එතන තියෙන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාව කියල දේශප්‍රේමීන් කියල කියාගන්නා අය කියනවා. හැබැයි ෆොන්සේකා ජ.වි.පෙ. එක්ක වේදිකාවේ ඉඳල ගහනකොට එහෙම කියන්න බැහැ. එතකොට එක්කෝ ෆොන්සේකා මහින්දගේ ඡන්ද කඩනවා. නැතිනම් මහින්දගේ ඡන්ද ගෙදර තියනවා...'


මේ 2010දී මෙරට ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් පළ කළ අදහසකි.
මේ අදහස අදටත් වලංගුය. මහින්දගේ ඡන්ද කඩන්න හෝ මහින්දගේ ඡන්ද ගෙවල්වල හිර කරන්න යූ.ඇන්.පී.යට බැරිය. ඒක කරන්න පුළුවන් මහින්දට ඡන්ද ඇදල දුන්න අයටමය. මහින්දට ඡන්ද ඇදල දුන්න හෙළ උරුමය ලවාම මහින්දගේ ඡන්ද බස්සන්න ඕනෑය.
'බස්සයිද...?'
බස්නාහිර, උෟව, දකුණේ පළාත් සභා ඡන්දවලින් බහින ලකුණු පෙනිණි.
'උෟවේදී ජ.වි.පෙ. ගල් ගහනකොට රනිල් අඹ අහුලනවා...'
මේ විමල්ගේ පක්‍ෂය කී කතාවකි.


'ඉතින් රනිල්ට අහුලගන්න හෙළ උරුමය අඹවලට ගල් ගහයිද...?'
ඒක නම් කියන්න දන්නේ නැත.
හැබැයි හෙළ උරුමය සිහළ උරුමය නමින් පැවැති කාලයේ චම්පික චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව එ.ජා.ප.යත් සමඟ එක් විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්න යද්දීත්, එ.ජා.ප. ජනබල මෙහෙයුමට පහර දෙද්දීත් ඊට විරෝධය පා සිහළ උරුමයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික, රනිල් සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ පාර්ලිමේන්තුවේ පොදු සන්ධානයකට ඇවිත් පුවත්පත් සාකච්ඡා පවා පැවැත්වීය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව රනිල්ට සහ එ.ජා.ප.යට කොටි හංවඩුව ගහද්දීය.
2001 එ.ජා.ප.ය බලයට ආ පසු ජ.වි.පෙ. විනාශ කරන්න එ.ජා.ප.ය සහ හෙළ උරුමය අතර රහසේ එකඟතාවක් විය. ඒ සඳහා එ.ජා.ප. ආණ්ඩුව හෙළ උරුමයට උදවු කළේය. එහෙම උදවු කරන්න ගිහින් හෙළ උරුමය කැඩුවේ එ.ජා.ප.යේ සිංහල බෞද්ධ ඡන්දය.


'ඉතින් එ.ජා.ප.ය හෙළ උරුමය එක වේදිකාවකට ආවොත් ඒ ඡන්ද එ.ජා.ප.යට එයිනේ...?'
ඇත්තටම එදා තිබුණු ඡන්ද පදනම අද හෙළ උරුමයට නැත. මේ වන විට හෙළ උරුමයට එ.ජා.ප. සිංහල බෞද්ධ ඡන්ද නැත. හෙළ උරුමය මහින්දගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය කඩන්න පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් පමණි.
1970 මැතිනිය ආවේ සමාජවාදී රැල්ලෙනි. ඒ රැල්ල හැදුවේ ඇන්.ඇම්.ලා කොල්වින්ලාය. 2005 මහින්ද ආවේ දේශප්‍රේමී රැල්ලෙනි. ඒ රැල්ල හැදුවේ ජ.වි.පෙ. සහ හෙළ උරුමය ය. අද ජ.වි.පෙ. නැත. ඉන්නේ විමල් විතරය. හෙළ උරුමය කඩා ගත්තොත් එදා ජේ.ආර්. මැතිනිය ගැන කී කතාවම මහින්ද ගැන කිව හැකිය.
'මැතිනිය අද හරියට ගඟේ නාන්න ගිහින් ඇඳුම් හොරු අරන් ගිය නිසා ගඟෙන් ගොඩට එන්න බැරිව ළතවෙන කාන්තාවක් වගෙයි. මැතිනියගේ ඇඳුම් අරන් ගිය හොරු ල.ස.ස.ප.යයි කො.ප.යයි...'


ජේ.ආර්. කී විදියට මැතිනිය නාන්න යනකොට ල.ස.ස.ප.යයි කො.ප.යයි හොරා ගත්තේ මැතිනියගේ සමාජවාදය නමැති ඇඳුම්ය. මෙවර මහින්ද නාද්දී හෙළ උරුමය හොරා ගන්න යන්නේ මහින්දගේ දේශප්‍රේමී ඇඳුම්ය.

නාය යාමෙන් 400ක් අතුරුදහන්.. මළ සිරුරු 16ක් හමුවේ. [ Video].

හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශයේ නාය යාම නිසා අතුරුදහන් වූ අයගේ මල සිරු 16ක් සොයා ගෙන තිබේ.
අක්කර 200ක් පමණ නාය ගොස් ඇති අතර වතු නිවාස 70ක් විනාශ වී පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇත.
යුද හමුදාව හා පොලීසිය සහන මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.


















සීයා අසභ්‍ය රූප පෙන්වා ඥති දියණියට අතවර කරලා

වැල්ලවාය දොඩම්මැඩියාව ප්‍රදේශයේ පදිංචි එකොළොස්‌ හැවිරිදි දැරියකට ඇයගේ ඥති සීයා කෙනකු විසින් ලිංගික අතවර කර තිබේ.

දැරියගේ දෙමාපියන් වෙන් වී සිටින අතර ආච්චි අම්මාගේ රැකවරණය මැද සිට ඇත. අසල පදිංචිව සිටින බිරිඳගෙන් වෙන් වී සිටින තිස්‌අට හැවිරිදි ඥති සීයා ඇයට ජංගම දුරකථනයකින් අසභ්‍ය රූප රාමු පෙන්වා ලිංගික අතවර කර ඇති බව මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එජනිස මන්ත්‍රී ඇතුළු 4 ක්‌ මංකොල්ලයට දැලේ

පොළොන්නරුව, කුරුප්පු හන්දිය ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්‌ඩලයේ නිල නිවාසයකට බලහත්කාරයෙන් ඇතුළුවී එහි පදිංචිකරුට බැණ තර්ජනය කොට පළවා හැර මුදලින් රුපියල් ලක්‍ෂ පහක්‌, රන් අභරණ ඇතුළු දේපළ මංකොල්ලකෑ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු පොළොන්නරුව පොලිසිය මගින් ඊයේ (28 දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුහු පොළොන්නරුව, කුරුප්පු හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ පෙරේදා රාත්‍රි 10 ට පමණ වී අලෙවි මණ්‌ඩලයේ තමන් පදිංචි නිල නිවාසය වෙත කඩා වැදී බැණ තර්ජනය කොට නිල නිවාසය තුළ තිබූ මුදල් රුපියල් ලක්‍ෂ පහක්‌, රන් අභරණ ඇතුළු රුපියල් ලක්‍ෂ අටක පමණ වටිනා දේපළ පැහැර ගෙන ගිය බවට එම නිල නිවාසයේ පදිංචිකරු විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනකු ඊයේ උදේ සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකෙරෙන බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොළොන්නරුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එස්‌. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වේ.

ඔබතුමිය මම ලේසියෙන් අතාරින්නෙ නැහැ – සජිත් ප්‍රේමදාස


නෝන ඇඳේ.. මං පැදුරේ.. යලි කසාද බඳිනවා [Video]

තමන් විවාහකයෙක් වුවද ආරාධනාවක් කලොත් යළි විවාහ වන්නට සලකා බැලිය හැකි යයි ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහි චම්පිකගේ ප්‍රහාර දැඩිවේ (video)

ආණ්ඩුවේ විවිධ පාර්ශව කරුවන් එල්ල කරන විවේචන බලවත් වී ඇති අතර එම විවේචකයන් අතරින් පාඨලී චම්පික රණවක ඇමතිවරයා දැඩි අවධානයකට යොමු වී සිටී. මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයට ගල්අගුරු ගෙන්විම පිළබඳව රුපියල් කෝටි 150ක වංචාවක් සිදු වි ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක මහතාට මෙහි වගකීම පැවැරීමේ උත්සාහයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් හෙළිකරන අතර හිටපු ඇමතිවරයාගේ විවේචනද අඩු කර නැති බව පැහැදිලි වේ.

ඊයේ (26) අවිස්සාවේල්ල සීතාවකපුරදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පළකළ අදහස් මේ බව තහවුරු කරන්නකි.

''ඔය පළාත් සභා ඡන්දය කළා වගේ සල්ලි බෙදලා, සිල්රෙදි බෙදලා, බෝතල් බෙදලා, කෑම බෙදලා කරන්න පුළුවන් එකක් නෙවෙයි ජනාධිපතිවරණය. මේක ආණ්ඩු වෙනස් වෙන දේශපාලන ඡන්දයක් කියලා හැමෝම මතක තියාගන්න ඕන'' යනුවෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

''ජනාධිපතිවරණයකදී ජනතාව 75%ක් ඡන්දය පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලක්ෂ 110ක් විතර ඡන්දය දෙනවා. මේ 110න් ඡන්ද ලක්ෂ 55ක් ගන්න වෙනවා දිනන්නනම්. පළාත් සභා 09 දිම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 49යි. ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් අඩුයි. තව ඡන්ද ලක්ෂ 5ක් 6ක් ගන්න වෙනවා'' යැයි පැවසීය.

නීතිය බල්ලට! මීගමුව ගෝඩ් ෆාදර්ට

මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්‌ටුව සමග වන බත් බැලයන් පිළිබඳ ඉකුත් සතියේ අප සටහනක්‌ තැබුවෙමු. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක්‌ ද කරමිනි. අප කළ එකී හෙළිදරව්වෙන් පසු මේ වන විට සිදු වෙමින් තිබෙන දේද විශ්මිතය.

භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය. ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. ඉකුත් සතියේ මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ.

ඒ ඇතැම් විචාර මෙහි සඳහන් කරන්නට ද නොහැකිය. ඒවා ඒ තරමටම හිරිකිතය. නමුත් ඒ හිරිකිත කතා තුළින් මතු වන්නේ ගෝඩ් ෆාදර්ගේ දේශපාලන භූමිකාව සේම "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" කෙරෙහි පවතින ජනතා අප්‍රසාදයේ තරම බව පැහැදිලි ලෙසම පෙනී යන්නකි.

ආණ්‌ඩුවේ දේශපාලනඥයකු වන ගෝඩ් ෆාදර් පිළිබඳ වන ජනතා අප්‍රසාදය එසේ වෙද්දී අද මීගමුවේ දේශපාලනය ඇත්තේ කොතැනකද? ආණ්‌ඩුව දැන් සිටින්නේ ඉදිරි මැතිවරණයක අභිමුවේ ය. එහෙත් මැතිවරණයක උණුසුම එසේ වෙද්දී ආණ්‌ඩු පක්‍ෂයට අදාළ මීගමුවේ දේශපාලනය තුළ මේ මොහොත වන විට පවතින්නේ සීතල යුද්ධයකි.

එකී සීතල ගැටුම නිර්මාණය කර ඇත්තේ අමනකමින් මීගමුව ස්‌වයංපෝෂිත කර තිබෙන ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය බව පැහැදිලි අවබෝධයක්‌ ඇති මීගමුවේ මිනිස්‌සු කියන්නාහ. "මහත්තයෝ, අපිත් ආණ්‌ඩුවට ඡන්දේ දුන්නු අය. ඒ නිසා අපිට මේවා පේනකොට බලාගෙන ඉන්න බැහැ. ආණ්‌ඩුවේ මහ මිනිස්‌සුන්ට ඇස්‌ පේන්නේ නැද්ද දන්නේ නැහැ.

"හතර වරිගෙම එකතු වෙලා කරන්න තියෙන හැම දහදුරාකමක්‌ම කරද්දී ඒ හම්බ කරන මුදල් පොදිවලින් ගෝඩ් ෆාදර් දැන් මිනිස්‌සුන්ට සල්ලි දීලා මීගමුවේ දේශපාලන කල්ලියකුත් හදා ගන්න දඟලනවා. ඒ කල්ලිය හදන්න මීගමුව විතරක්‌ නෙමේ අහල පහල ආසනවලටත් සල්ලි මිටි අරගෙන මේකා රිංගනවා. ඒකෙන් සිද්ධි වෙන්නේ මේ ආසනවල තියෙන ආණ්‌ඩුවේ ඡන්ද පදනම දියවෙන එක. ඒ ඇත්ත ගෝඩ් ෆාදර්ට තේරෙන්නේ නැහැ. එයාට ඕනේ සල්ලිවලින් මිනිස්‌සු පෙන්නලා මීගමුවේ රජා මමයි කියන හීනේ දකින්න.

හැබැයි ඒක හීනයක්‌ම විතරයි. මොකද ගෝඩ් ෆාදර්ට නැති වුණාට මීගමුවේ මිනිස්‌සුන්ගේ ඔලුව ඇතුළේ මොළයක්‌ තියෙනවා. ඒ මොළ ගැන පහුගිය පළාත් සභා ඡන්දෙදී ගෝඩ් ෆාදර්ට දැනුනා. නමුත් ඒකාට දැනුනට පෙනුනේ නැහැ.."

භීෂණයෙන් මිරිකී සිට අවදි වී අපට කතා කළ මීගමුවේ මිනිසකු වර්තමානයේ එහි ක්‍රියාත්මක ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය පිළිබඳ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ඉතිහාසයේ සාක්‍ෂි අනුව නම් මීගමුව යනු විපක්‍ෂ දේශපාලනයට බර ආසනයක්‌ වන්නේය. තත්ත්වය එය නම් අද භීෂණය තුළින් මීගමුවේ රජ වී සිටියද ගෝඩ් ෆාදර් මේ කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණයන්හිදී "මීගමුවෙන් ආණ්‌ඩුවට අබ සරණයි" යන ලේබලය ඇලවීමට උත්සාහ දැරීමද?

අබ සරණ වුවද අසරණ වුවද අපට ගැටලුවක්‌ නැත. එහෙත් කාගේ හෝ දේශපාලනයක්‌ තුළින් පැමිණ ජනතාවගේ කර මතින් බලයට ආවෙකු කුඩු, ගංජා ජාවාරමකු ලෙස පමණක්‌ නොව ස්‌ත්‍රී දූෂණය, කොල්ලකෑම්, මිනී මැරීම් වැනි දේ පිළිබඳ කියෑවෙක කතා තුළින් ප්‍රකට වෙමින් රටට සමාජයට ඇණයක්‌ වේ නම් ඒ පිළිබඳ කතා කතා කළ යුතුය.

මීගමුවේ අද පවතින දේශපාලනයේ අවකැපෙන කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ අපට කතා කළ එහි මිනිස්‌සු මීගමුවට විශේෂ වූ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ තවත් කතා රැසක්‌ද අනාවරණය කරන්නට වූහ.

"මහත්තයෝ, හැමදේටම ඉස්‌සර වෙලා කියන්න එක දෙයක්‌ තියෙනවා. ඒ තමයි අද මීගමුවට පොලිසියක්‌ තිබුණට වඩා හොඳයි පඹයෝ ටිකකට කෝට්‌ අන්දලා ටවුන් එකේ හිටටව්ව නම් කියන එක. මොකද එතකොට අඩුම තරමේ කුරුල්ලෙක්‌වත් බය වෙනවා.

මීගමුවේ මිනිසුන් අතරින් නැගී එක්‌ අවස්‌ථාවක අපට කතා කළ තරුණයකු සිය කතාවේ ආරම්භය ගත්තේ එලෙසිනි. එහෙත් එහිදී පොලිසිය කෙරෙහි අහිතක්‌ නොසිතන ලෙසත්, ගෝඩ් ෆාදර් හමුවේ මීගමුව පමණක්‌ නොව මුළු මීගමුව අධිකාරි කොට්‌ඨාසයේම පොලිසිවල සිටින නිලධාරින්ට අද සිදුව ඇත්තේ "යුද්දේ පසෙක තිබියදී කඩුව ගෙන කොස්‌ කොටන්නට" බවත් අපි ඔහුට පහදා දුනෙමු.

අපේ ඒ පහදා දීමට සාවදානව සවන් දුන් ඔහු එතැන් පටන් සිය කතාව යළි කියන්නට වූයේ මෙසේය. "මහත්තයලා මොනවා කිව්වත් මම දන්නේ පොලිසිය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අද

මීගමුවේ වෙන දේවල් එක්‌ක මම පොලිසිය ගැන පුදුම කේන්තියකින් කළකිරීමකින් ඉන්නේ.

මහත්තයෝ, පිටිපන, තලාහේන, වැල්ලවීදිය කියන වෙරළ තීරයෙන් අද මීගමුවට කුඩුයි කේරළ ගංජයි ගේනවා. ඒක මම ඇස්‌ දෙකට දැකලා තියෙන දෙයක්‌. බෝට්‌ටුවලින් ගේන කුඩුයි කේරළ ගංජයි අරගෙන යන්නේ ප්‍රාඩෝවලින් ඇවිත්. ඒත් අල්ලන්න කිසිම කෙනෙක්‌ නැහැ. මේවා ප්‍රසිද්ධියේම වෙන වැඩ.

ඒ විතරක්‌ නෙමේ ගෝඩ් ෆාදර්ගේ මල්ලියි තාත්තයි දෙන්නටම වෙන වෙනම කල්ලි දෙකක්‌ තියෙනවා. මීගමුවේ අද කරන තරමක්‌ අසික්‌කිත වැඩ කරන්නේ ඒ කල්ලි දෙකේ උන්. මීගමුව "ටෙනිස්‌ සෙන්ටර්" එකේ හිටියා හුඟක්‌ දක්‍ෂ ටෙනිස්‌ පුහුණුකරුවෙක්‌. නම බහිදරන්. මීට මාස පහකට හයකට විතර ඉස්‌සර ඔය කල්ලියේ උන් වෙන කෙනෙක්‌ කපන්න ගිහින් වැරදිලා ඒ මනුස්‌සයාගේ අත කැපුවා.

මුන් කපන්න ගියේ ගාමන්ට්‌ මැනේජර් කෙනෙක්‌ව. ඒකට හේතු වෙලා තිබුණේ "කොල්ලෝ දෙන්නගෙන්" එකෙක්‌ ලව් කරපු කෙල්ලෙක්‌ට මැනේජර් විහිළු කරපු සිද්ධියක්‌. ඒත් මුන් ගිහින් කැපුවේ අහිංසක මිනිහෙක්‌ගේ අත. කාර් එකක ඇවිත් මුන් ඒ අපරාදෙ කළේ. එවෙලේ එකෙක්‌ගේ අත කැපිලා කොළඹ ගිහින් බෙහෙත් කරලා තිබුණා.

අසිත, අජිත්, සුදූ කියන තුන් දෙනා එක්‌ක ඉන්න කල්ලියක්‌ තමයි මහත්තයෝ අද ගෝඩ් ෆාදර්ගේ ඕනම අවලං වැඩක්‌ කරන්න භාර ගන්නේ. යුද්දේ ඉවර වුණු කාලේ ගෝඩ් ෆාදර්ගේ සෙට්‌ ගියා යාපනේ ටි්‍රප් එකක්‌. ගමන ගියේ ප්‍රාඩෝ පහකින්. ඒ ගිහින් එනකොට අරන් ඇවිත් තිබුණා ටී 56 දෙකකුයි. මිලිමීටර් නවයේ පිස්‌තෝලෙකුයි. කාලයක්‌ ඒ ආයුධ තිබුණෙත් අසිත, අජිත්, සුදූ කියන තුන්දෙනා ළඟ.

දැන් ඒවා කොහේ තියෙනවද දන්නේ නැහැ. හැබයි ඒ ආයුධ කාගේ ළඟ හරි තියෙනවා. පහුගිය ඡන්දේ කාලේ ඒවා එළියේ තිබුණා. දැන් හංගලා.හැබැයි ආරංචියක්‌ තියෙනවා දළුපොත චයිනිස්‌ එකේ කොල්ලෙක්‌ ළඟයිල මීගමුවේ කටියල ගමේ කොල්ලෙක්‌ ළඟයි. මේ වෙපන් තුනෙන් දෙකක්‌ තියෙනවා කියලා. ඒවා ඔක්‌කොම ගෝඩ් ෆාදර්ගේ බඩු.

මහත්තයෝ මුන් ටික එකතු වෙලා දැන් ටික කාලෙකට ඉස්‌සර වෙලා පෙරියමුල්ලේ රµSක්‌ කියලා කොල්ලෙක්‌ අරගෙන ගිහින් ගහලා මැරුවා. අදටත් පොලිසිය දන්නේ ඒක අභිරහසක්‌ කියලා. ඒත් මැරුවේ මුන්. ඒක ප්‍රසිද්ධ රහසක්‌. අපි දෙන්න ඕන තැන්වලට නිර්නාමිකව මේවා කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. මීගමුව වටේම ගණිකා මඩම්. කරන්නේ ගෝඩ් ෆාදර්ගේ උන්. පොලිසිය ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. මේවා නිසා අද මීගමුවේ මිනිස්‌සුන්ට ආණ්‌ඩුව එපා වෙලා තියෙන්නේ මහත්තයෝ.."

ඔහුගේ කතාව නිම වී මොහොතක්‌ ගත කරන්නට අපට ඉඩක්‌ නොලැබිණි. ඒ මීගමුවේ තවත් මිනිසකු කතා කරන්නට වූ නිසාය. හේ මීගමුවේ වැඩිහිටි කොටසේ පුරුකකිs.

"මහත්තයෝ, අද මේ හැම දේටම මුල ඔය මිනිස්‌සුන්නට ලැඡ්ජා බය දෙක නැතිකම මහත්තයෝ. තමන්ට කියලා දෙයක්‌ තිබුණේ නැහැ. වැල්ලවීදියේ බූරු පොළ ගැන දන්න මීගමුවේ ජනතාව ඒ පැටිකිරිය හොඳට දන්නවා.

අද මුළු මීගමුව පාලනය කරන්නේ ගෝඩ් ෆාදර්ගේ කට්‌ටිය. උන්ට නොකියා ගාණ නොදී අසරණ මිනිහෙක්‌ට ඇවිත් ටවුන් එකේ සපත්තු මහන්නවත් බැහැ. හැම දේටම කප්පම් දෙන්න ඕනේ. කප්පම් සල්ලිවලින් කරන්නේ එකෙක්‌ රට වටේ ගිහින් බූරු ගහන එක. මිනිහෙක්‌ගේ ජන්මෙයි පුරුද්දයි දෙකම එකක්‌ වුණහම එහෙම වෙනවා.

උන් බූරු ගහනවා. මීගමුවේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික බූරු ගහන්න කප්පම් දෙනවා. කවුරු හරි මේ වැඩේට කටක්‌ ඇරලා මොනවා හරි කිව්වොත් පහු වෙනිදට අතක්‌ පයක්‌ කඩා ගන්න එහෙමත් නැතිනම් මාස ගණනකට රෝහලක ළඟින්න ඒත් නැත්නම් නොඑන ගමන් යන්න සිද්ධ වෙන්නේ .

මීගමුවට කියන්නේ පුංචි රෝමය කියලා මහත්තයෝ. ඒත් අද මීගමුවේ තියෙන පල්ලිවල හැම ස්‌වාමි කෙනෙක්‌ම ගෝඩ් ෆාදර්ගේ වැඩ නිසා කලකිරිලා ඉන්නේ. මුන් මීගමුව විතරක්‌ නෙමේ මීගමුවේ තියෙන ඒ ආගමික වටිනාකමත් විනාශ කරනවා. කල්ලියේ උන් හැම තැනම ගෙස්‌ට්‌ හවුස්‌, බාර්, මසාඡ් ක්‌ලිනික්‌ දාගෙන කරනවා. ඒ තමන්ගේ නරුම වැඩවලට හවුල් වෙන අපරාධකාරයන්ට ගෝඩ් ෆාදර් දුන්න වරප්‍රසාද.

මීගමුවේ ඉන්න පොඩි දරුවෙක්‌ට අද යහපත් විදිහට හැදෙන්න පුළුවන් හොඳ පරිසරයක්‌ නැහැ. හැම තැනම තියෙන්නේ දුරාචාරය. ඒවා පිටි පස්‌සේ ඉන්නේ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" මහත්තයෝ අපිට මීගමුවේ මිනිස්‌සු විදිහට කියන්න තියෙන්නේ එකම දෙයයි. මේවා නතර වෙන්නම ඕනේ. එහෙම නොවුණොත් ආණ්‌ඩුවට පස්‌සේ කාලෙක පැත්තකට ගිහින් කල්පනා කරන්න වෙයි මීගමුවෙදී අපිට වුණේ මොකද කියලා.

අද ගෝඩ් ෆාදර් කියන්නේ ප්‍රකෝටිපතියෙක්‌. එයා හැසිරෙන විදිහෙන් ඒක ඕනම කෙනෙක්‌ට වැටහෙනවා. දුක්‌ මහන්සියෙන් හම්බ කරන මිනිහෙක්‌ට බැහැ එන එන කෙනාට නිකන් සල්ලි බෙදන්න. ගෝඩ් ෆාදර් ළඟ මේ තියෙන හැම ශතපහක්‌ ගාණෙම තියෙන්නේ කාගෙන් හරි කඩා වඩා ගත්ත දේවල්. මිනිහෙක්‌ සල්ලිකාරයෙක්‌ වෙනකොට ඒ සල්ලි ලැබුණු ක්‍රමයක්‌ තියෙන්න ඕනේ. ඕනම කෙනෙක්‌ට පුළුවන් ඒක හොයලා බලන්න. හැබැයි ගෝඩ් ෆාදර්ට සල්ලි ලැබෙන විදිහ කාටත් හොයා ගන්න බැරි වෙයි. මොකද ඒවා කලු සල්ලි. පැහැදිලිවමක කිව්වොත් කුඩු සල්ලි.

ඒ වගේම තව දෙයක්‌ තමයි මහත්තයෝ අද අයියට ආණ්‌ඩුවෙන් දුන්නු සික්‍යqරිටි එක තියෙන්නේ මල්ලිගේ ගෙදර. ආරක්‍ෂාවට හිටිය පොලිස්‌ නිලධාරියෙක්‌ගේ ගිනි අවියක්‌ අරගෙන මල්ලි පිස්‌සු නටලා පහුගිය දවස්‌වල ඒ නිලධාරියගේ රස්‌සාවත් නැති වුණා. ඒ නිලධාරියා දැන් කර කියා ගන්න දෙයක්‌ නැතිව හතර අතේ යනවා. බලන්න කිසිම කෙනෙක්‌ නැහැ. මේවා වෙන්න ඕන දේවල්ද?

ඔහු අපෙන් විමසූ ඒ පැනය සමග සිය කතාව අවසන් කළේය. එහෙත් ඒ අවසානය සමග අපට පැනයක්‌ මතුවිය. ඒ මීගමුවේ මේ සිදුවෙමින් තිබෙන්නේ මොන කෙළියක්‌ද කියාය. ඒ සමගම ගෝඩ් ෆාදර්ගේ මේ නාඩගමට තිත නොතැබුවහොත් ඉදිරියේදී ආණ්‌ඩුව මීගමුවෙන් කුජීත වෙන හැටිද මැවී පෙනනෙන්නට විය. එකී චිත්ත රූපයත් සමග මේ සටහනට විරාමයක්‌ තබන මොහොතේත් සිතට නැගුණේ හෙට දිනයේත් මීගමුව පිළිබඳ සටහනක්‌ කළ යුතුය යන සිතුවිල්ලය.

ඒ සිතුවිල්ලත් සමග අද මෙන් හෙටත් "දිවයින" මීගමුවට එන බව අවසන් වශයෙන් ගෝඩ් ෆාදර්ට ඇසෙන්නට කිවයුතුමය.

සමන් ගමගේ

රනිල්ගෙන් මහින්දට අභියෝගයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය අවස්ථාවේ ගත කළ දින කිහිපය තුළදී දෙමළ ඩයස්පෝරාවේ කී දෙනෙක් මුණගැසුණේදැයි රටට හෙළි කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අභියෝගයක් කළේය.
ඩයස්පෝරාව මුණගැසුණු බවට තමාට එල්ල කළ චෝදනා අසත්‍ය ඒවා බවට මේ වනවිට ඔප්පු වී තිබෙන බැවින්, සත්‍ය වශයෙන්ම ඩයස්පෝරාව සමග ගනුදෙනු කරන්නේ කවුරුන්දැයි මහජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙන බව වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
2005 ජනාධිපතිවරණය ජය ගැනීමට දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදීද ඒ ආකාරයටම කටයුතු කරමින් සිටින බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.

දැන් තියෙනවා! රජ රටටත් නයිට්‌ ක්‌ලබ්......සිරිමා බෝ සමිඳුන් අභියස රඟන මරඟනන් දුටුවෙමි

අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අපි අනුරාධපුරයට ගියෙමු. ඒ ගිය අතරතුර අනුරාධපුර නගරයේ ත්‍රීවීල් රියෑදුරකු හරි අපූරු ස්‌ථානයක්‌ ගැන අපේ කන තැබුවේය. ඒ අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ අලුතින් විවෘතව ඇති 'නයිට්‌ ක්‌ලබ්' එක ගැනය. අනුරාධපුර නගරයේ නැති දෙයක්‌ නැති බව සැබෑය. එහෙත් රාත්‍රි සමාජ ශාලාවක්‌ නොතිබිණි. දැන් ඒ අඩුවත් සම්පූර්ණ වී ඇත. අනුරපුරට තවමත් 'නයිට්‌ ක්‌ලබ්' අලුත්ය. 'අටමස්‌ථාන නම් කොයි වේලාවක වැඳපුදා ගන්න බැරිද...' මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් අපි නයිට්‌ ක්‌ලබ් ගියෙමු.

කොළඹ සමාජශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විට තවත් වාහනයක්‌ නතර කිරීමට නොහැකි තරමට වාහන නතර වී තිබේ. එහෙත් මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල් භූමිය හරිම ලස්‌සනය. සිරිපොද බේරෙන තුරුපත් සෙවණින් අපි සමාජශාලා පරිශ්‍රයට ඇතුළු වුණෙමු.

'ආයුබෝවන්...' යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු අතිශය සුහදශීලීව අපව පිළිගත්තේය...

'ටිකට්‌ එකක්‌ කීයද...' මම ඔහුගෙන් විමසුවෙමි.

'රුපියල් පනසියයි...' සිනාවකින් මුව සරසාගෙන ඔහු උත්තර දුන්නේය. රුපියල් එක්‌දහස්‌ පන්සියක්‌ දී ටිකට්‌ තුනක්‌ ලබාගෙන පසෙක තිබුණු දොරටුවෙන් අපි ඇතුළු වුණෙමු. එතැනත් පුංචි කාමරයකි. හැඩි දැඩි තරුණයකු අපගේ සියොළඟම අතගෑවේය. ඒ පරීක්‍ෂණයෙන් ද අපි සමත් වීමු. කොළඹ සමාජශාලාවකට ඇතුළු වන විටද මේ පරීක්‍ෂණ තිබේ. එහෙත් මේ තරම් සුහදශීලී නැත. එමෙන්ම කොළඹ සමාජශාලාවල මෙන් රෞද්‍ර පෙනුමැති සිනාව ගිලගත් යෝධ පැටවු මෙතැන නැත. අනතුරුව අපගේ සියොළඟ අත පත ගෑ තරුණයා විසින්ම තව දොරක්‌ විවෘත කළේය. ඒ සමග අප වෙතට ගලා ආවේ කන් පැළෙන බටහිර වේග රිද්ම සංගීත රාවයකි.

අඳුර ගලන ශාලාව තුළ නියොන් එළි, විදුලි කදම්බ නළියයි. ශාලාව මැද වේදිකාව තුළ තරුණ තරුණියෝ නටති... සිප වැළඳ ගනිති... එකම ප්‍රීති සාදයකි. අපේ දෙනෙත් ශාලාව පුරා දිව යයි. එතරම් විශාල නැති ශාලාව තුළ ළඟ ළඟ සැප සෝපාවන්ය. එහෙත් හිස්‌ සෝපාවක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. මත් බඹරුන්ට තුරුලු වූ අඩ නිරුවත් තරුණියෝ කති බොති ප්‍රීති වෙති. පෙම් ගඟුළේ කිමිදෙති. ඇතැම් තරුණියන් තරුණයන්ගේ කර උඩය. අපි ශාලාව පුරා වටයක්‌ ගියෙමු. එහෙත් අසුන් ගැනීමට අසුනක්‌ නැත. අපි එක තැනක සිටියදී දෙනෙත් අසුනක්‌ සොයා ගියේය. එහෙත් දෙනෙත් නතර වන්නේ උඩටත් නැති පහළටත් නැති මිනි ගවුම් ඇඳ ගත් කාන්තාවෝ සේම කෙටි කලිසම්වලින් සහ කෙටි ටීෂර්ට්‌වලින් හැඩ වුණු කාන්තාවන්ගේa අනඟ රැගුම් අතරය. සැබැවින්ම ඒ නර්තනයක්‌ නම් නොවේ බඹන මතින් ගැහැනු නිරුවත පෙන්වමින් තඩි ඇඟ සෙලවීමක්‌ පමණි. ඒ අතරතුරේ ශාලාවේ කොනක අසුනක්‌ හිස්‌ව ඇති බව පෙනිණි. නොපමාව අපි ඒ අසුනට බර තැබුවෙමු. ඒ සමගම වට පිට ඇවිදින මගේ ඇස්‌ එක පාරටම උඩ ගියේය. අප අසුන්ගෙන සිටින සෝපාවට ඉදිරිපස සෝපාව මත වැතිරි සිටින කොට කලිසම් ඇඳ ගත් තරුණ කොල්ලෙකු තඩිම තඩි මහත ගැහැණියකට යටවී සිටියි. තරුණයාගේ ශරීරයෙන් පෙනෙන්නට තිබෙන්නේ කකුල් දෙක පමණි. ඉතිරිය සියල්ල ගැහැණියගේ එල්ලන මසට වැසී ගොස්‌ය. එම සමාජ ශාලාවේ සිටින කාන්තාවන්ගේ බහුතරය මහතය. හීන්දැරි තරුණියන් සිටියේ අතේ අඟිලි ගාණටත් අඩු තරම්ය. කෝලම් මඩුවේ අතරමංව සිටින අප අසලට ද තරුණියන් දෙදෙනකු පැමිණියහ.

' දැන්ද ආවේ...' එසේ අසමින් එක්‌ තරුණියක්‌ අප අසලින් අසුන් ගත්තාය.

'දැන් ටිකක්‌ වෙලා... මට ඔයාව දැකලා පුරුදුයි...' මම ඇයට කීවෙමි.

'කොළඹදි වෙන්න ඇති... මම ඉස්‌සර වැඩ කළේ කොල්ලුපිටියේ ක්‌ලබ් එකක... මෙහෙට සෙට්‌ වුණෙ ළඟදි...' ඇය එසේ කීවාය.

ඇයි කොළඹින් මෙහෙට ආවේ... මෙහේ ගෙවීම් හොඳද... මම එකපිට ප්‍රශ්න දෙකක්‌ම යොමු කළෙමි.

'එහෙම වෙනසක්‌ නෑ. මෙහෙ ටාගට්‌ එකත් වැඩියි... ඒත් කොළඹට වඩා ගමේ ජීවත් වෙන්න ලේසියි. අපිත් ගමේ අයනේ...' ඇය කිසිම පැකිලීමකින් තොරව පිළිතුරු දෙන්නීය.

'මේ ක්‌ලබ් එකට ආපු අලුත් කෙල්ලෝ නැද්ද...' මම නැවත ඇසුවෙමි.

'ඇයි අපි හොඳ නැද්ද...' ඇය තරමක්‌ නොරිස්‌සුම් ගති පෙන්නුවාය.

'නෑ... නෑ... ඔයා හොඳයි. මම නිකමට ඇහුවේ...' මම ප්‍රශ්නය දියාරු කළෙමි.

'ගොඩක්‌ම ඉන්නේ කොළඹ ක්‌ලබ්වල වැඩ කරපු අය. අලුතින් ආපු කිහිප දෙනකුත් ඉන්නවා. කොළඹ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලක්‌ම ගමේ අය නේ... ගමේ අය ගමට කැමතියි. ඒකයි අපි මෙතැනට ආවේ...

'මෙහේ හොඳද...' මම ඇයට නොදැනෙන්නට ප්‍රශ්න පත්තරය එකිනෙක පෙරලු වෙමි.

වරදක්‌ නෑ... ඒත් ටාගට්‌ එක ලක්‍ෂ දෙකක්‌ වැඩියි. කොළඹ ක්‌ලබ්වල ටාගට්‌ එක රුපියල් ලක්‍ෂයයි. සමහර ක්‌ලබ්වල ටාගට්‌ ඇත්තේම නෑ. දැනට මෙහෙට කස්‌ටමර් හොඳට එන නිසා අවුලක්‌ නෑ...' ඇය වරෙක ගිරවියක්‌ වැනිය.

'අපිට නිකං මෙහෙම කතා කර කර ඉන්න බෑ. අපි මෙතැන ඉන්න නම් මේ ටෙබල් එක උඩ මොනවහරි තියෙන්න ඕනා... මොනවද බොන්නේ...' ඇය තොණ්‌ඩුව අප වෙතට දිගු කළාය.

'මොනවද බොන්න තියෙන්නෙ...' මම ඇයගෙන් ඇසුවෙමි.

'ඔයා ඉල්ලන්න ඕනෑම දෙයක්‌ අපි දෙනවා...' සිනා රැල්ලක්‌ මුවට ළං කරගෙන ඇය එසේ කීවාය. ඒ සමග ඇය මත්පැන් වර්ග කිහිපයකම මිල ගණන් කියාගෙන ගියාය. ඒ සෑම මත්පැන් වර්ගයක මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වල මිල ගණන්වලට වඩා විශාල ලෙස වැඩිය. එක්‌ විදේශීය මත්පැන් බෝතලයක්‌ රුපියල් දහසයදහසකි. අනෙකුත් මත්පැන් බෝතල්ද රුපියල් දසදහසෙන් ඉහළටය. ඩ්‍රෑම් සියයක්‌ රුපියල් එක්‌දහස්‌ හාරසීයේ සිට එක්‌දහස්‌ අටසීය දක්‌වා ඉහළට යන්නේය. කුකුළු මස්‌ දීසියක්‌ රුපියල් එක්‌දහස්‌ පන්සියකි. බියර් බෝතලයක්‌ රුපියල් හත්සියකි. ශක්‌තිජනක පාන ටින් එකක්‌ රුපියල් අටසියකි. බීම, අයිස්‌ක්‍රීම් වර්ග ද අධික මිලය. මෙම ක්‌ලබ් එකේ විකිණෙන සෑම දේකම මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට වඩා මිලය.

'පට්‌ට ගණන්...' මත්පැන්වල මිල ගණන් ඇසෙන විට මට එසේ කියවිනි.

'මුලින්ම අපි ඩ්‍රෑම් සියෙ දෙකක්‌ ගමු...' ඇය තොණ්‌ඩුව ටික ටික සිර කරන්නට සැරසෙයි.

'හරි ඔහොම ඉන්නකෝ... අපි යනකොට ඔයාට වැඩිපුර කීයක්‌ හරී දීලා යන්නම්...' ඇයට තොණ්‌ඩුව හිර කිරීමට මම ඉඩ නොදෙමි.

'කොහොමද සයිස්‌ එක...' මම ඇයට මහත කාන්තාවක්‌ පෙන්වමින් සිනාසුනේය.

'මෙතනට විවිධ අය එනවානේ... සමහර අය මහත අය හොයනවා... තව අය කෙට්‌ටු උස අය හොයනවා... තව සමහරු ටිකක්‌ වයස අය හොයනවා... ඒ සේරටම ගැලපෙන අය මෙතැන ඉන්නවා... කොළඹ ක්‌ලබ්වල වගෙ නෙමෙයි මෙහෙට එන තරුණ කොල්ලෝ හොයන්නේම මහත අයව...' ඇය අපේ කතාවට අලුත් මාතෘකාවක්‌ එකතු කළාය.

'එහෙනම් අනුරාධපුර කොල්ලෝ වැඩියෙන්ම කැමති මහත අයට...'

'ඔව් එහෙම තමයි... කෝ ඉතිං ඔයාලා තවම මොනවත් ගත්තේ නෑනේ... එහෙම නෙමෙයි මෙහෙට එන කස්‌ටමර්ලා හොඳට වියදම් කරනවා. අපිටත් හොඳට සලකනවා. එහෙම සලකනකොට අපිත් කස්‌ටමර්ට දෙන්න තියෙන හැම දේම දෙනවා...' ඇය ඇත්ත ඇති සැටියෙන්ම කියන්නීය.

බඹරුන් මෙන් ශාලාව තුළ එහෙට මෙහෙට දුවන පනින නටන හැම තරුණයෙක්‌ම වැඩි වයසක්‌ නැති ගානය. බොහෝ තරුණයෝ හැඳ සිටින්නේ ද කොටකලිසම්ය. ඔවුන්ගේ හැසිරීම රටාවද කියා පාන්නේ ඔවුන් තවමත් නයිට්‌ ක්‌ලබ්වලට කෝඩුකාර බවය. මහත ගසක එතුණු වැල් මෙන් ඇතැම් පුංචි කොල්ලෝ ගෑනුන්ගේ ඇඟ වේලී සිටින්නාහ.

'ඩ්‍රෑම් සියේ දෙකක්‌ ගේන්නද...' ඇය නැවත පරණ තැටියම දැම්මාය.

'වැඩියෙන්ම ඉන්නේ තරුණ කොල්ලෝ නේද...' ඇය කියන දේ නොඇසූ ගාණට මම ප්‍රශ්න කළෙමි.

'ඔව්... ඔව්... පොඩි කොල්ලෝ තමයි... ඔයලා වගේ ලතවෙන්නේ නෑ... හොඳට වියදම් කරනවා. කොළඹ අය කට්‌ටයෝ... රුපියලක්‌ වියදම් කරලා දහදහක විතර ආතල් ඉල්ලනවා... එකයි අපි ගමට ආවේ... ගමේ මිනිස්‌සු අවංකයි... අපෙන් ගන්න දේට වඩා දෙගුණයක්‌ අපට දෙනවා. වක්‌කඩේ කැඩුණ වගේය. ඇය එක දිගට කියාගෙන ගියාය. එනපොට හොඳ නැත. දැන් නම් මොනව හරි ගන්නම වෙන හැඩය.

'අපි මුලින්ම බියර් බොමු...' ඇයගෙන් තවත් බොහෝ දේ දැනගැනීමට ඇවැසිය. එහෙයින් අප ඇයව රඳවාගත යුතුය.

'මම නම් බියර් බොන්නේ නෑ. විස්‌කි විතරයි. ඔයා බියර් බොන්න මට විස්‌කි ඩ්‍රෑම් සියයක්‌ අරන් දෙන්න...' තත්ත්වය දරුණුය. වියදම වැඩිය.

'ඔයාට යනකොට හොඳට ගෙවන්නම්...' මම ද ඇයට ලොසින්ජරයක්‌ දුන්නෙමි.

'බොරු කියලා පැනලා යන්නේ නෑ...' ඇය ඒ යෝජනාවට කැමති විය.

'මෙතනට එන්නේ අනුරාධපුරේ හොඳ සල්ලිකාරයන්ගේ පුත්තු වෙන්න ඇති...' මම නැවත ප්‍රශ්න පත්තරය දිගහැරුවෙමි.

'අනුරාධපුරේ විතරක්‌ නෙමෙයි කැකිරාව දඹුල්ල, පොළොන්නරුවේ ගම්වල අයත් මෙතැනට එනවා. මේ පැතිවල මිනිස්‌සුන්ට මෙතන අලුත්. ඒ නිසා ඒ අයත් එක්‌ක අපිට ගනුදෙනු කරන්න ලේසීයි. ඔයලා වගේ තැම්බිලා නෑ...' ඇය මොත්තේ පාරකින් මගේ අත්ල තැලුවාය.

'වන්දනාවේ එන අය එන්නේ නැද්ද...' මම නැවත පෙරළා ප්‍රශ්නය දැම්මේය.

'ඔයා මේ ක්‌ලබ් එකේ චරිත සහතිකය ලියන්නද හදන්නේ... වෙන මොනවත් නැද්ද කතා කරන්න...' ඇය නැවතත් නොරිස්‌සුම් හඬින් කතා කළාය. වන්දනාවේ එන්නේ ඔයලා වගෙ අයනේ... ඒ අයට මේ ආතල් එක කොළඹදී උනත් ගන්න පුළුවන්නේ... වන්දනාවේ එන අය වැඩිය එන්නේ නෑ. අනිත් එක මේ ක්‌ලබ් එක ගැන තවම හරියට මිනිස්‌සු දන්නේ නෑ... ක්‌ලබ් එක පටන් අරගෙනත් තවම අවුරුද්දක්‌වත් නෑනේ...' ඇය මායම්කාරියක්‌ වුවත් ඇත්ත කතා කරන්නීය.

'කොළඹ ක්‌ලබ්වල නිතර නිතර ගහ මරා ගන්නවා... මෙහේ එහෙම රණ්‌ඩු කරන අය නැද්ද...' මගේ ප්‍රශ්න පත්තරය ඉවරයක්‌ නැත.

'රණ්‌ඩු කරලා මෙහෙන් යන්නේ බෑ. අනිත් එක අපේ බොස්‌ව දන්න කෙනෙක්‌ රණ්‌ඩු කරන්නෙත් නෑ. මම ආපු දවසෙ ඉඳල මෙතැන කවුරුවත් රන්ඩු කරන්න හදලා නෑ...' ඇය මුහුණට නිර්භීතකම ආරුඪ කර ගත්තාය.

'ඒ කියන්නේ ඔයාලගේ බොස්‌ අනුරාධපුරේ චණ්‌ඩියෙක්‌...'

'වෙන්න ඇති... ගොඩක්‌ අය අඳුරනවා...' ඇය ඔවුන්ගේ බොස්‌ගෙ නම අපට කීවාය. එහෙත් මේ සටහනට පෞද්ගලික නාම ඇවැසි නැත. අපට ඇයගෙන් ගත යුතු සියලුම තොරතුරු ලබාගෙන අවසානය.

දවස පුරා හේන් කොටපු මිනිස්‌සු වෙහෙස මහන්සිය නිවාගන්නට රාත්‍රියට නයිට්‌ ක්‌ලබ් එති. 'අනේ අපෙනුත් මල් ගන්න කෝ...' කියා උදේ ඉඳන් හවස වනතුරු පූජා භූමියේ මල් විකුණන මල් කොල්ලො රාත්‍රියට මල් සල්ලි නයිට්‌ ක්‌ලබ් එකට පූජා කරති. මේවා දකින අපට ආතල් එකටත් එහා ගිය අමුතුම කිතියකින් ඇඟ හිරි වැටී යන්නේය.

එහෙත් නයිට්‌ ක්‌ලබ් ලෝකයට අලුත් දෙයක්‌ නොවේ. අපේ රටටද අරුමයක්‌ නොවේ. කොළඹ හතු පිපෙන තරමට නයිට්‌ ක්‌ලබ් තියෙන්නේය. මිනිස්‌සුන්ට විසි කරන්නට මුදල් ඇත්නම් 'නයිට්‌ ක්‌ලබ්' නොව ඊට එහා තැනකට ගියද ගැටලුවක්‌ නැත. එහෙත් ගැටලුව ඇත්තේ සිරිමා බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුරය වැනි පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ ආරම්භ කිරීම කොතරම් සාධාරණද යන්න අපට අසන්නට ඇත්තේ කාගෙන්ද? ඒ ටිකත් අපට කියන්නට සිටින්නේ විසූක දස්‌සන පිරුණු මේ සමාජ ශාලා බිම ආසන්නයේම වැඩහිඳිනා සිරිමා බෝ සමිඳුට පමණයි.

තරංග රත්නවීර - දිනේෂ් විතාන

රාජපක්ෂගේ ඇට මිරිකන වුන්ටයි..... පවිත්‍රා හු...ට එන්න කියාපිය....... පට්ට බණ දේශනාව අප්පා


සුදු කරපටි කාරයන්ගේ මාෆියාව අල්ලන්න - චම්පිකගෙන් පවිත්‍රාට අභියෝගයක්

තමන් ඇමතිව සිටියදී ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බව පවසන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ කාල සීමාව තුළ ගල් අඟුරු ආනයනයේදී මූල්‍ය අක‍්‍රමිකතාවයක් සිදුව ඇත්නම් වහාම පරීක්ෂණයක් කරන ලෙස විදුලි බල ඇමතිනි පවිත්‍රා දේවි  වන්නිආරච්චි මහත්මියට අභියෝග කර සිටියි.

තමා මෙම අමාත්‍යංශය බාර ගැනීමට පෙර, නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති වංචනික ක්‍රියාවක් නිසා රුපියල් කෝටි 150කට අධික අලාභයක් සිදුව ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පැවැත්වීමට රහස් පොලිසියට බාර දී ඇති බවටත් විදුලි බල ඇමැතිනී පවිත්‍රා දෙවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් කරමින් කියා සිටියේය.

ඊට පිළිතුරු දීම සඳහා කොළඹදී අද (24) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ, එය මුළුමනින්ම නීතිවිරෝධී ගනුදෙනුවක් බවයි.

2012 වසරේදී මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොගය නිසා සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, අදාළ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ නිලධාරින්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ රටේ සිදුවන්නේ නැත්තේ දඬුවම් දීම පමණක් බවත් මෙවැනි ගනුදෙනුවක් මතක් වී ඇත්තේ අවුරුදු 2ට පසුව බවත් හෙතෙම පෙන්වාදෙයි.

මෙම ගල්අඟුරු තොගය ප්‍රතික්ෂේප කර වරායෙන් ගොඩබෑම නොකරන ලෙස තමන් නියෝග කල බවත් එසේ කරනු ලැබුවේ මෙය නීති වීරෝධී ගනුදෙනුවක් බව තමන් ඒ මොහොතේ අවබෝධකර ගත් නිසා බවත් අමාත්‍යවරයා පවසයි.

ලංකාවේ ගල් අඟුරු මාෆියාවක් පවතින බවත්, 2012 වර්ෂයේ සිට කිසිම නිල ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලංකාවට ගල් අඟුරු ගෙන එන බවත්, මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් සිදුකර මෙම ජාවාරම පිටුපස සිටින සුදු කරපටි කාරයන් කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.


වරකාපොල තරුණයාගේ Facebook පෙම බාල්කයේ එල්ලී ගෙල වැලලාගැනීමෙන් අවසන්

උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවිශ්ක ඕෂාන් නමැති 20 හැවිරිදි තරුණයකු තම නිවෙසේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගෙන 21 වැනි දා හවස දෙකට පමණ මිය ගොස් තිබේ. 
 මියගිය තරුණයා වේයන්ගොඩ වටැද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුලේ වැඩිමහල් දරුවාය. මියගිය සිසුවා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ 11 වසරේ ඉගනුම ලබන පාසල් සිසුවියක සමඟ වසර දෙකකට පෙර සිට අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රේම සම්බන්දයක් ඇති කරගෙන ඇත.

ෆේස් බුක් සමාජ ජාලය හරහා ඇති කරගත් දෙවසරක ප්‍රේමය අතරතුර සිසුවිය තරුණයාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ වියෝවෙන් සියදිවි හානි කරගෙන තිබේ. තරුණයා ප්‍රේමයේ විරහවෙන් දින කීපයක සිට පසු වූ බවත් ඒ හේතුව මත තම ජීවිතය නැති කරගන්නට ඇතැයි මියගිය තරුණයාගේ ඥාති සහෝදරයකු පැවැසීය.

කෙසේ නමුත් තරුණිය කුඩා වයසේ පසුවන නිසා මේ සම්බන්ධය පිළිබඳව නිවසින් පවසා ඇත්තේ අධ්‍යාපනය අවසන් වූ පසු මේ ගැන සොයාබලන ලෙසයි.

 ඒ හේතුව නිසා අදාල තරුණයා සියදිවි නසාගන්නට ඇතැයි මේ වන විට සැක මතුවී ඇති අතර තරුණිය සමඟ විරසක වීම මීට හේතුවන්නට ඇතැයිද නිළනොලත් ආරංචි මාර්ගවලින් පැවසේ.. මොහු මේ ආකාරයෙන් මියගොස් ඇත්තේ නිදන කාමරයේ බාල්කයක ගෙල වැලලා ගනිමින්ය.

රවී කරුණානායක ආණ්ඩුවට පනින්න විදේශ ඇමති ධුරය ඉල්ලයි

විදේශ ඇමති ධුරය දෙන්නේ නම් තමන් එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ වහාම ආණ්ඩුවට එක් වන්නේ යයි එජාප මන්ත‍්‍රී රවී කරුණානායක මහතා විසින් ආණ්ඩුවට කර ඇති යෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය මාස කීපයක් පුරා රවී කරුණානායක මහතා ආණ්ඩුවට එකතු වීම ඉලක්ක කරගෙන රහසිගත සාකච්ජා වට ගණනාවක්ම පවත්වා තිබූ අතර එහිදී ඔහුගේ මූලික ඉල්ලීම වී තිබුණේ  විදේශ අමාත්‍ය ධූරය ලබාදීමයි.

කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව ඊට දක්වා නොතිබූ නමුත් වෙනත් ප‍්‍රධාන අමාත්‍ය ධූර කීපයක් ලබාදීමට එකගතාවය පළ කර තිබුණි.  ඒවා කිසිවක් කිසිදු වැදගැම්මකට නොමැති ඒවා බැවින් රවී කරුණානායක මහතා ඊට එකගතාවය පළකොට  නොමැති බවත් විදේශ අමාත්‍ය ධූරය හෝ එවැනි වැදගත් ඇමතිකමක් ඉල්ලා සිටින බවත් පැවසේ.

රාජපක්ෂ මහත්වරු දෙමළ ඩයස්පෝරාවක් එක්ක ඩීල් එකක් දාගෙන හරි බලය ගන්න සූදානමින්

මේ වන විට ආණ්ඩුව ප්‍රබල උත්සාහයක් දරමින් ඉන්නවා දෙමළ ඩයස් පෝරාවත් එක්ක සමාදානයකට එන්න. ඒ වෙනුවෙන් පාකිස්තානයේ හිටපු මුදල් ඇමැතිවරයා සමඟ ගනුදෙනු කරන්න පටන් අරන් තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඉදිරියේදී පවත්වන ජනාධිපතිවරණයේදී ඩයස් පෝරාවට කීයක් හරි දීල මෙහේ ඡන්දෙ වර්ජනයක් කරගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. තමන්ගෙ බලය වෙනුවෙන් ඕනෑ කෙනෙක් එක්ක ඩීල් ගහන්න පුළුවන් කණ්ඩායමක් තමයි මේ රාජපක්ෂ මහත්වරුන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා මාතර දී පැවැසීය.


අද වන විට රට පුරා තැන් තැන්වල කාර්යාල විවෘත කරන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි තැන තැන නාමපුවරුත් ගහන්න පටන් අරන් තියෙනවා. විශ්වාසයයි, බලාපොරොත්තුවයි, ඇඟිලි සලකුණයි. හරිම ලේසියි හොරා හොයා ගන්න. මොකද ඇඟිලි සලකුණ තියලා තියෙන්නේ වරායෙ ගිහිල්ලා ‍ෙදාර අත ගෑවොත් අන්න බඩු. ඒ සලකුණම තමයි දැන්මම පටන් අරන් තියෙන්නේ ජනාධිපති ඡන්දෙ ප්‍රචාරක වැඩ. මේ දවස්වල පත්තරයක් අරන් බැලුවොත් ඒ හැම පත්තරේකම රාජ්‍ය ආයතනවල මුදල්වලින් ඡන්දෙ ප්‍රකාශයට පත් කරන තෙක් හැම පත්තරේකම දවසකට පිටු තුන හතර ජනාධිපතිගෙ වර්ණනාව ඉදිරිපත් කරන, ආණ්ඩුවේ කෙරුවාවල් ඉදිරිපත් කරන දැන්වීම් පල කරලා තියෙනවා. ඒ නිසා දැන් හරිම පැහැදිලියි මේ සූදානම් වෙන්නේ ඉතා ඉක්මන් මැතිවරණයක් සඳහා කියලා.

කාන්තාවන් 100ක් සමඟ පෙම්සුව විඳි සමලිංගිකාව ගැබ්බර වෙයි

Teresa Carey යනු කාන්තාවන් 100කට අධික පිරිසක් සමඟින් සමලිංගිකව හැසිරෙමින් ප්‍රසිද්ධ සඟරාවල නිරුවතින් ඡායාරූප පලකල කාන්තාවකි. ඒ අයුරින් ඇය නිරුවත ලොවටම පෙන්වන්නට වී ඇත්තේ යෞවන අවධියේ සිටම නිරූපණ ශිල්පයේ කටයුතු කිරීම නිසා බවයි වාර්තා වන්නේ.

1998-2009 කාලවකවානුව තුලදී ඇය මේ අයුරින් ලොකයම ඉදිරියේ නිරුවත් වූවද මේ වන විට ඇය සමලිංගික බවින් මිදී විවාහක කාන්තාවක් බවට පත්ව ඇත.


කුඩා තැනක සිට ජීවිතය පටන්ගත් ඇය මේ වන විට දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුලින්ම උඩුකය නිරුවත් ඡායාරූප වලට පමණක් පෙනී සිටියත් පසුව ඒ පිළිබඳව ඇතිවූ ලැජ්ජාව හා බිය නැතිව ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීම සාමාන්‍ය දෙයක් වූ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත. ඇයව ලෝක ප්‍රසිද්ධ සඟරාවල නිරූපණ ශිල්පිණියක් වශයෙන් යොදාගෙන ඇත්තේ එංගලන්තයේ පිහිටි නිරූපණ ආයතනයක් විසිනුයි.







Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive