facebook like

සෝලංගආරච්චිගෙන් හිතවතුන්ට SMSඑකක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා හෙට (07) පෙරවරුවේ පවත්වන්ට තීරණය කර ඇති මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ ඔහුගේ හිතවතුරන්ට කෙටිපණිවිඩයක් යවා තිබේ.

"Obath,Gamath,Ratath wenuwen Heta Ma kumak karanneda? December 07wana Irudina udasana 9ta Kotikawaththa Sanasa Uthsawa Shalavata Awith.. Danagena yanna enna.. Prasanna Solangaarachchi - Sabhapathi, Kotikawaththa Mulleriyawa Pradeshiya Sabhawa."

මහින්ද මංකොල්ලකාරයෙක් - චම්පික රණවක

ජනතා මුදල් මංකොල්ලකෑමේ ප‍්‍රමුඛ ස්ථානයේ වැජඹෙන ඛණිජ තෙල් හා විදුලිය වැනි ආයතන සෘජුවම ජනාධිපතිවරයා යටතේ තිබෙන බවත් එම සාහසික මංකොල්ලකෑමේ අපරාධයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් ජාතික හෙළ උරුමයේ ලේකම් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

දෙසැ.06 දින රාත්‍රියේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන සංවාදයට සහභාගී වෙමින් අදහස් පල කළ රණවක මහතා වැඩි දුරටත් පැවසුයේ  පසුගිය පස් වසර තුළ රාජපක්ෂ පාලනය විසින් රටට සිදුකල හානිය වසර 30 ක් තුළ ප‍්‍රභාකරන් සිදුකල හානියට වඩා සිය දහස් ගුණයකින් වැඩි බවයි.

රජපක්ෂ පාලනය යනු දුෂිතයන් සහ ඩීල් කාරයන් පිරිසකගේ එකතුවක් බව ආණ්ඩුව තුළ කටයුතු කිරීමේදි තමන්ට තේරුම් ගිය බව පැවසූ රනවක මහතා රටෙන් පැනයන්න ඉඩ නොදී ජනතා අධිකරණයකදී මෙම මංකොල්ලකරුවන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවද අවධාරණය කලේය.

ශ්‍රීලනිප මහ ‍ලේකම් පුටුවට අපලද? ශ්‍රීලනිප මුල්ම මහ ‍ලේකමුත් පක්ෂය හැරගියා

මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග හැරෙන තැපෑලෙන්ම ඊට උත්තර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. මෛත්‍රීපාල පමණක් නොව මහ ‍ලේකම්වරු    පක්ෂය හැරපියා යාම ශ්‍රීලනිපයට අරුමයක් නැති බව ඔහු කීවේය.
නිමල් සිරිපාල සිල්වා ඇමැතිවරයාගේ ඒ කතාව සහතික ඇත්තය. ශ්‍රීලනිපයේ ‍ලේකම් පුටුවේ තිබෙන දෝෂයක් නිසාදෝ බොහෝදෙනකුට ඒ පුටුවේ වැඩි කලක් වාඩි වී සිටින්නට ඉඩ ලැබුණේ නැත. මහ ‍ලේකම් පුටුවේ දෝෂය මතෛක් බලනොපෑවේ මෛත්‍රීපාල සිරිසේනට පමණි. ඔහු දහතුන් අවුරුද්දක් එම ධුරය දැරුවේය.
ඔහුට පෙර ඒ සා විශාල කාලයක් කිසිවෙකුටත් මහ ‍ලේකම් පුටුවේ වාඩි වී සිටීමට ඉඩ ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් ශ්‍රීලනිපයේ ආරම්භක ‍ලේකම්වරයා වූ බර්නාඩ් අළුවිහාරේත් පක්ෂය හැරපියා එජාපයට ගියේය. බර්නාඩ් අළුවිහාරේ ඇතුළු තිදෙනෙක් ශ්‍රී ලනිපයේ ආරම්භක සම ‍ලේකම්වරුන් ලෙස පත්වූවේ එක්දහස් නවසිය පනස් එකේදීය. ඒ අවස්ථාවේදී පත්වූ අනෙක් දෙදෙනා වූයේ බද්උද්දීන් මහමුද් සහ එස්. තංගරාජාය.
මේ තිදෙනා අතරින් බර්නාඩ් අළුවිහාරේ එක්දහස් නවසිය තිස්හයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඒ මාත‍ලේ අසුන නියෝජනය කරමිනි. ඔහුගේ සම්පූර්ණ නම වනිගසේකර බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ උඩවලවේ බර්නාඩ් හර්බට් අළුවිහාරේය.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙන ගත් ඔහු නීතිඥයකු විය.

ශ්‍රී ලාංකේය මුල්ම ‍පොලිස්පතිවරයා වූ සර් රිචඩ් අළුවිහාරේ, බර්නාඩ් අළුවිහාරේගේ සොයුරෙකි. ඉන්දියාවට ගොස් එරට නිදහස් සටනට දායකත්වය දුන් බර්නාඩ් අළුවිහාරේ, මහත්මා ගාන්ධිගේ සමීප මිතුරෙකු ද විය. ඉන්දියාවට නිදහස ප්‍රදානය කිරීමට එංගලන්තයේ පැවැති වටමේස සාකච්ඡාවට පවා මහත්මා ගාන්ධි සමග ඔහු සහභාගි විය. අවසානයේදී ඔහු විවාහ වූවේද ගාන්ධි පවු‍ලේ සාමාජිකාවක සමගය.
එක්දහස් නවසිය පනස් දෙකේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් එක් අයකු වූයේ මාත‍ලේ මන්ත්‍රී බර්නාඩ් අළුවිහාරේය. කෙසේ නමුදු පනස් හයේ මහමැතිවරණය කිට්ටු වන විට බර්නාඩ් අළුවිහාරේ හා දඹුල්‍ලේ එච්.බි.තැන්නේ යන මන්ත්‍රීවරු ශ්‍රී ලනිපය හැරපියා එජාපයට බැඳුණි. එනමුත් පනස් හයේ ඡන්දයේදී ඔවුහු දෙන්නාම පරාජයට පත්වූහ.
කෙසේ නමුදු ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයට කලකදී සම ‍ලේකම්වරු සිටින විට තවත් කලකදී ප්‍රධාන ‍ලේකම්වරු, මහ ‍ලේකම්වරු සිටියහ. ජයවීර කුරුප්පු, ටී.බි. ඉලංගරත්න, ජේ.සී.ඩබ්ලිව්.මුණසිංහ, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, එම්.පී.ද සොයිසා, ඩී.එස්.සමරසිංහ, කේ.බි. රත්නායක, එස්. කේ.කේ. සූරියආරච්චි, රත්නසිරි වික්‍රමනායක සෝමසාර දසනායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ධර්මසිරි සේනානායක, එස්.බි. දිසානායක, යන අය මෛත්‍රීපාල සිරිසේනට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍ලේකම් ධුර දැරුවෝය.
මේ පිරිස අතරින් බලගතුම ‍ලේකම්වරයා ලෙස සැලකෙන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඔහු ශ්‍රී ලනිපයේ සම ‍ලේකම් ධුරය  දැරුවේ එක්දහස් නවසිය හැට-හැටතුන කාලයේදීය. මැතිනියට තිබූ නෑකම හේතුවෙන් ෆීලික්ස් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරේ සිටියේ උඩිනි. උඩඟු දේශපාලනඥයකු ලෙස හැඳින් වූ ඔහු හැත්තෑ හතේ ඡන්දයේදී දොම්පේ ආසනයෙන් පරාජයට පත්වූයේ එජාපයේ සරච්චන්ද්‍ර රාජකරුණාටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයේ සම ‍ලේකම් ධුරයක් දැරූ ටී.බි. ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, සෝමසාර දසනායක. ජේ.ආර්.පී. සූරියප්පෙරුම මෙන්ම ද එස්.බි. දිසානායකද පක්ෂය  හැර ගිය ‍ලේකම්වරුය.
මේ අතරින් රත්නසිරි වික්‍රමනායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම මෙන්ම එස්.බි. දිසානායක යළිත් වරක් ශ්‍රීලනිපයට පැමිණියහ. ජේ.ආර්.පී. දැන් දැදිගම ශ්‍රීලනිප සංවිධායකවරයාය. එස්.බි. දිසානායක දෙදහස් තුනේදී පක්ෂ ‍ලේකම්කමින් ඉවත්වී එජාපයට ගියේ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි. එස්.බි. කළ පෙරළි නිසා ‍පොදු පෙරමුණු ආණ්ඩුව ගෙදර ගොස් එජාප ආණ්ඩුවක් බලයට පත්විය. එක්දහස් නවසිය අසූ හය - අසූ නවය කාලයේ ශ්‍රීලනිප මහ ‍ලේකම් ධුරය දැරූ සෝමසාර දසනායක පක්ෂයෙන් ඉවත්වී පැවිදි බිමට පත්විය.
හැත්තෑ හයේ සිට හැත්තෑ හත දක්වා පක්ෂ මහ ‍ලේකම් ධුරය දැරූ එස්.කේ.කේ. සූරියආරච්චි එකල මැතිවරණ වේදිකාවල අපූරු කතාවක් කීවේය. කිසිදු පක්ෂයකට තමන්ගේ පක්ෂ ලාංඡනය ඡන්ද‍පොළට ගෙනයන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් අපේ පක්ෂයට විතරයි පක්ෂ ලකුණ ඡන්ද ‍පොළට ගෙන යන්න පුළුවන්. යනුවෙන් ඔහු කීවේ ශ්‍රීලනිපයේ ලාංඡනය අත වන බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්කරම අවධියක පක්ෂ ‍ලේකම් ධුරය දැරුවේ රත්නසිරි වික්‍රමනායකය. හැත්තෑ හතේදී ශ්‍රීලනිපය අටට බැස්ස විට මෙම පක්ෂ ප්‍රතිසන්ධානය සඳහා භාර වූයේ රත්නසිරිටය. එකල මැතිනිය අනුර හා චන්ද්‍රිකා අතර ගැටුම් ඇති වුවද ඒ සියලු ප්‍රශ්න මැද ඔහු ‍ලේකම් ධුරය දැරීය. ශ්‍රීලනිපයෙන් ඉවත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත පක්ෂයට සම්බන්ධ වූයේ රත්නසිරි වික්‍රමනායක යුගයේදීය. එක්දහස් නවසිය අසූ දෙකේදි හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස පත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට මැතිනිය විරුද්ධ විය. එනමුත් ඒ අවස්ථාවේදී රත්නසිරි ඇගේ කීම ප්‍රතික්‍ෂේප කර මධ්‍යම කාරක සභාව රැස් කරවා හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග කිරීමට ඔහුට පක්ෂයේ නමත් ලාංඡනයත් දුන්නේය.
‍පොදු පෙරමුණු ආණ්ඩුවේ සංචාරක හා ජනමාධ්‍ය ඇමැති ධුරය දැරූ ධර්මසිරි සේනානායක දෙදහස් එකේදී හදිසියේ මියයන විට ඔහු ශ්‍රීලනිප මහ ‍ලේකම් ධුරය දරමින්ද සිටියේය.
ඔහුගේ මරණින් පසු පුරප්පාඩු වූ පක්ෂ ‍ලේකම් ධුරයට පත්වූයේ එස්.බි. දිසානායකය. එස්.බි. එජාපයට ගිය පසු පත්වූයේ මෛත්‍රීපාලය.
මෛත්‍රීපාල ‍පොදු අපේක්ෂකයා වූ විට ඔහු මහ ‍ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණි. ඉන් පුරප්පාඩු වූ මහ ‍ලේකම් පුටුවට පත්වූයේ අනුර ප්‍රියදර්ශන යාපාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් පුටුව ඔහුගේ දේශපාලන ගමනට කෙසේ කැරකැවේද?
ඒ ගැන කීමට තවමත් කල් වැඩිය.

මිහිරි ෆොන්සේකා

මෛත්‍රීපාල වෙනුවෙන් හෙළ උරුමය ගමට බහී

ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක වැඩපිළිවෙළ ජාතික හෙළ උරුමය විසින් ග්‍රාමීය මට්ටමින් වෙනම වැඩසටහනක් ලෙස කරගෙන යාමට එම පක්ෂය තීරණය කර ඇත.2005 ජනපතිවරණයේදී ගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළට සමාන ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට ‍පොදු
අපේක්ෂකයා දිනවීමට ඔවුන් සැලසුම් කර ඇත. ඒ අනුව ‍පොදු අපේක්ෂකයා සහභාගි වන ප්‍රධාන ප්‍රචාරක රැස්වීම්වලට හෙළ උරුමයේ නායකයන් සහභාගි වීමටද තීරණය

නාමයෝජනාවලින් පසු තීරණාත්මක පිල් මාරුවක්

ජනපතිවරණය සඳහා හෙට (08) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයටද විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවටද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ධාන රජයේ පාර්ශ්වකරුවන් වන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ මෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති පී. දිගම්බරන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්ය.විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මෙම 08 දා නාමයෝජනා බාර දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව ස්ථීර තීන්දුවක් ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට මතෛක් සාධනීය පිළිතුරක් නොමැති වීම නිසා තවදුරටත් රජයේ සිටිය යුතු නැතැයි එහි ඉදිරිපෙළ නායකයින්ගේ අදහස වී තිබේ.
එබැවින් මෙම 08 දා නාමයෝජනා ලබා දීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

රතන හිමිගෙන් ඉතිහාසය පාඩමක්.......අතුරලියේ රතන හිමිගේ ප්‍රබල හෙළිදරව්ව,...... ඔබ ශ්‍රී ලාංකිකයකුනම් පක්ෂ බේදයෙන් තොරව බලන්න

මහින්දානන්දට වාදපිටියේදී ඇමතූ මාතර සුනිල් රන්ජන් රාමනායක video


පෙරේදා දිනයේ දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුරදී ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් පේක්‍ෂකයෙක් ලෙස ප‍්‍රශ්ණ යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව හෙළිව තිබේ.

මාතර සුනිල් යන නමින් පෙනී සිට කටහඬ වෙනස් කරමින් ඇමතිවරයා අපහසුතාවයට ලක් වන අයුරින් අමතා ඇත්තේ ඔහු බව විශේෂ ආරංචි මාර්ග

මාලක සිල්වාට නයිට් ක්ලබ් තහනම්

බම්බලපිටියේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස් (අර්ඕ) රාත්‍රි සමාජ ශාලාවේදී බි්‍රතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් වන තෙක් ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් සැකකාර මාලක සිල්වාට රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළුවීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා තහනම් කෙළේය.

බි්‍රතාන්‍ය ජාතික යුවළට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 27ක් රිමාන්ඩ් භාරයේ සිටි මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනකු ඇප මත මුදා හරිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කෙළේය. සැකකාර මාලක සිල්වා රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇපකරුවන් වශයෙන් සැකකරුගේ පියා වන ඇමැති මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිය ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙළේය.


මින් ඉදිරියට මහජනයා බියවද්දන ආකාරයේ හැසිරීම්වලින් වළකින ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකාර මාලක සිල්වාට අවවාද කෙළේය.
යම්කිසි ආකාරයකින් මේ නඩුවේ සාක්ෂිකාර බි්‍රතාන්‍ය ජාතික යුවළට හෝ සාක්ෂිකරුවන්ට තර්ජනයක් හෝ බලපෑමක් සිදුවන ආකාරයට කටයුතු කළහොත් තරාතිරම නොබලා සැකකරුවන් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තබන බවද අතිරේක මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කෙළේය. සැකකරුවන් හඳුනා ගැනීම වෙනුවෙන් අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා හමුවේ පැවැති පෙරෙට්ටුවට සාක්ෂිකාර බි්‍රතාන්‍ය ජාතික යුවළ ඉදිරිපත් වී සිටි අතර එහිදී ඔවුන් මාලක සිල්වා හඳුනාගත්තද අනෙකුත් සැකකරුවන් හඳුනාගැනීමට සාක්ෂිකරුවෝ අපොහොසත් වූහ.

මෛත්‍රීගේ පිරිසට වෙඩිතැබුවේ ඇමති ඥාතියෙක්

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා නගමින් සිටි පිරිසට වෙඩි තබා ඇත්තේ රාජපක්ෂ පිළේ ඇමතිවරයෙකුගේ සමීපතම ඥාතියෙකු විසින් යැයි මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

සීසීටීවී කැමරා ආධාරයෙන් ඔහු ගමන් ගත් හයිබ්‍රිඩ් රිය හඳුනාගෙන ඇති අතර මේ වනවිට එම රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ නමුත් සැකකරු පොලීසිය මගහරිමින් සිටින බැවින් සැකකරු ‍සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

සැකකරුවා සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු යැයි පැවසේ.

මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම දුක්බර කතාව

රස්සාව රැක ගන්න පෝස්ටර් අලවන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙක් (VIDEO)


අන්තර්ජාලය බලාගෙන SEX කරන්න ගියොත් අනාගතේ අඳුරේ

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා.

සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර ද යන්නත් ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි රෝග කවරේද යන්න පිළිබඳවත් ඊට ප්‍රතිකාර කුමක්ද යන්නත් සාකච්ඡා කිරීමට අප හා එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ශිෂ්ට සම්පන්න සමාජය පිළිගත් ලිංගිකත්වය යනු ස්වභාවික ලිංගික ක්‍රියාවලියයි. ලිංගික ක්‍රියාවලියේදී දෙදෙනාටම සතුටුවිය හැකි දෙදෙනාගේම කැමැත්ත ඇති ලිංගික එක්වීම මගින් උපරිම සතුටක් ලබාගත හැකි විය යුතුයි.

නමුත් අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකදී මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ නැහැ.

බොහෝ දෙනෙක් ලිංගික එක්වීමේදී කාලය පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනී යනවා. මේ නිසා මානසික පීඩාවන්ට පත්වූවන්ද දක්නට ලැබෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව ලිංගික ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ලෙස දක්වන්නේ උපරිම විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.

එහෙත් දෙදෙනාගේ රුචි අරුචිකම් මත සාර්ථක ලිංගික ක්‍රියාවලියකට ප්‍රථම සිදුවිය යුතු කරුණු කාරණා රැසක් සෞඛ්‍ය විද්‍යාත්මකව දැක්විය හැකියි.

මේ ක්‍රියාවලියේදී පෙර සූදානම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී එකිනෙකාට දක්වන ආදරය, සෙනෙහස, හැඟීම් ප්‍රකාශ කිරීම, මානසික සබඳතාව, සිප ගැනීම්, කතාබහ සඳහා වැඩි කාලයක් ගත හැකි වෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව උපරිම සතුට ලබාගැනීම සඳහා සෘජු ලිංගික කාලය වෙන්කෙරෙන්නේ විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.

කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ සෘජු ලිංගික ක්‍රියාවලියට මීට වඩා වැඩි කාලයක් ගතවන බවයි. එහි කිසිදු සත්‍යයක් නැහැ. මේ නිසා ලිංගික බෙලහීනතාවය යැයි වැරදි වැටහීම නිසා ප්‍රතිකාර ගන්නට ගොස් රෝගී වූ අය පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.

ලිංගික ජීවිතයේ පී‍්‍රතිය වැඩිකර ගැනීමට වැඩි කාලයක් ලබා දෙන බව පවසමින් විවිධ දැන්වීම් ප්‍රකාශ වෙනවා. මෙය ඉතාම මිත්‍යාවක්. මේ නිසා බොහෝ දෙනෙක් මානසික ඇදවැටීම්වලට පවා ලක්වෙනවා. අන්තර්ජාලය ඔස්සේ අපි දකින ලිංගිකත්වය බොරු මවාපෑමක්. එය ඉතාම අස්වාභාවික මවාපෑම් ලෙස දැක්විය හැකියි. මේවා දකින පිරිස මිත්‍යාවකට හසුවෙනවා. මේවා දකින අය ඒවා අත්විඳින්නට යන්නේ සාමාන්‍ය ලිංගිකත්වය සඳහා මෙතරම් කාලයක් ගතවෙනවා කියා සිතාගෙනයි. බොහෝ විට මේ කාරණා නිසා අඹු සැමි අඩදබර ඇතිවෙන අවස්ථා ද තිබෙනවා. බොහෝ දෙනෙක් වෛද්‍ය උපදේශනය සඳහා යොමුවීමේදී දකින්නට ලැබෙන්නේ මේ මිත්‍යාව නිසා ලිංගිකත්වය පිළිබඳව ඇතිවූ මානසික අසහනකාරී තත්ත්ව වලින් පෙළෙන බවයි.

ලිංගික උත්තේජක ඖෂධ ඉතාම බරපතල ලෙස අප භාවිතා කරනවා. තමන්ට රෝගී තත්ත්වයක් නැතිවත් මේ ඖෂධ භාවිතය ඉතාම හානිදායක වෙනවා. බොහෝ දෙනෙකුට පවතින ලිංගික ගැටලු කායික රෝගී තත්ත්ව නිසා ඇතිවෙන ඒවා නොවෙයි. වැඩි කොටසකට, එදිනෙදා ජීවිතයේ ලිංගික ගැටලු, මානසික සහ පාරිසරික හේතු නිසා ඇතිවෙනවා. මෙරට ජනගහනයෙන් 20% ක ප්‍රතිශතයක් පමණ ලිංගික කැමැත්තෙහි අස්වාභාවික තත්ත්ව සහ ලිංගික ක්‍රියාවලියට කැමැත්ත අඩුවීම වැනි තත්ත්වයන්ගෙන් පෙළෙනවා. මේ අය අතරින් වැඩි පිරිස කාන්තාවන් වීම විශේෂත්වයක්.

මේ සඳහා ප්‍රධානම හේතුව ලෙස දක්නට ලැබෙන්නේ දෙදෙනා තුළ ඇති නොගැලපීමේ තත්ත්වයයි. විශේෂයෙන්ම ලිංගික ක්‍රියාවලියට හිතේ තිබෙන බිය, දෙදෙනාගේ කැමැත්තෙන් හෝ වැඩිහිටි කැමැත්තෙන් විවාහය සිදුවුවත් පසුකාලීනව නොගැලපීම් ගැන සිතීම, ස්වාමියාට හෝ බිරිඳට වඩා ආකර්ෂණීය අය (සිතට ගැලපෙන) පසුකාලීනව හමුවීම, ස්වාමි භාර්යාවන් අතර නිවැරදි සබඳතා නොමැතිවීම, යටි සිතේ ඇති අකමැත්ත, වැඩිහිටියන්ගේ බලපෑම මත විවාහ වීම, තමන්ට වඩාත් ගැළපෙනම කෙනා සමඟ විවාහ වීමට නොහැකි වීම, ලිංගිකව ලැබූ අමිහිරි අත්දැකීම් නිසාත් ලිංගික එක්වීම් අසාර්ථක වෙනවා. එමෙන්ම ලිංගිකව එක්වීමේදී උවමනාවට වඩා ඒ සඳහා අවධානය යොමුකිරීම නිසාත් ලිංගික සතුට නොලැබී යන අවස්ථා තිබෙනවා.

එවැනි අවස්ථාවලදීත් කායික බෙලහීනතා ලෙස වරදවා වටහා ගැනීම නිසා ලිංගික උත්තේජක ඖෂධ සොයා යන අවස්ථා දක්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි තත්ත්වවලට පිළිතුරු ලෙස මානසික උපදේශනය ලබාදිය යුතුයි. මෙවැනි තත්ත්වවලට ඖෂධමය ප්‍රතිකාර අඩුයි. ලිංගික ක්‍රියාවලියේදී ඇතිවෙන දුර්වලතාවයන්ට දරුවන් ලැබීමෙන් පසු පවුල්වල ඇතිවෙන තත්ත්වත් බලපානවා. දරුවන් ලැබීමෙන් පසු ලිංගික එක්වීම වැරදි ක්‍රියාවක් ලෙස සමහර අය දකිනවා. වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ලිංගික අප්‍රාණිකත්වයට හේතු වන්නේද ජීවිතයේ මුල් කාලයේ ලිංගික කටයුතු නිවැරදිව සිදු නොවීම බව පෙනී යනවා.

ජීවිතයේ මුල් කාලයේ වැරදි ලෙස ලිංගික උත්තේජක ලබාගැනීම නිසාත් වයස්ගත වීමේදී ගැටලු ඇතිවෙනවා. විශේෂයෙන් ක්ෂණිකව ලිංගික තෘප්තිය ඇතිවීම (ක්ෂණික මෝචනය) රෝගී තත්ත්වයක් නොවෙයි. එවැනි තත්ත්ව ඇතිවන්නේ ලිංගික ක්‍රියාවලියට උවමනාවට වඩා සිත යොමු කිරීම හේතුවෙනුයි. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්. මේ සඳහා ද උපදේශනය මගින් ප්‍රතිකාර කළ හැකියි. සමහර අය මේ සඳහා විවිධ ඖෂධ භාවිතාවට පෙළඹෙනවා. එය වැරදි ක්‍රියාවක් වෙනවා. ලිංගික ගැටලු සඳහා බලපාන රෝගී තත්ත්ව තිබෙනවා. එහිදී එම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබාගැනීමත්, රෝගී තත්ත්ව පාලනය කර ගැනීමත් මගින් ලිංගික දුබලතා මඟහරවා ගත හැකිවෙනවා. සාර්ථක ලිංගික ජීවිතයකට මඟ සහ ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන රෝග තත්ත්ව පිළිබඳව සහ ඊට ප්‍රතිකාර ලබන සතියේ කතා කරමු.

රාජපක්ෂලාට එරෙහිව බණ්ඩාරනායකලා දිනුම කාටද?

"ජනාධිපතිවරණ දිනය බණ්ඩාරනායකගේ උපන් දිනය වුණේ මහින්ද දැනගෙනද? නොදැනද?"
මේ බොහොමයක් දෙනා අහන ප්‍රශ්නයකි. මහින්ද ජනාධිපති වූ 2005 ජනාධිපතිවරණ දිනය වූයේ මහින්දගේ උපන් දිනයේය. එදා ප්‍රථම වරට ශ්‍රී ල.නි.ප. නායකත්වය බණ්ඩාරනායක පවුලෙන් පිට රාජපක්‍ෂ පවුල යටතට පත්විය.

"ඒ කියන්නේ බණ්ඩාරනායකගේ උපන් දිනයේ ශ්‍රී ල.නි.ප.ය යළි බණ්ඩාරනායකලාඅතට පත්වෙයිද?"
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මේ සටන දැන් පවුල් දෙකක් අතර සටනක් බවට පත්වී ඇති බව පෙනේ. ඒ රාජපක්‍ෂ පවුලට එරෙහිව බණ්ඩාරනායක පවුලේ සටනක් බවට පත්වී තිබේ. මෙය මේ පවුල් දෙක අතර මරාගෙන මැරෙන අන්තිම සටනය. මේ සටනින් රාජපක්‍ෂලා පැරදුණොත් රාජපක්‍ෂලා ඉවරය. බණ්ඩාරනායකලා පරාජය වුවොත් බණ්ඩාරනායකලා ඉවරය.


ලංකාවේ මේ පවුල් දේශපාලනය පටන්ගත්තේ ශ්‍රී ල.නි.ප.යෙන් නොව එ.ජා.ප.යෙනි. එ.ජා.ප.ය නිර්මාණය වන්නේ සේනානායක, කොතලාවල සහ ජයවර්ධන යන පවුල් තුනක් හවුල් වෙලාය. මේ පවුල් තුන සිය නායකයා ලෙස පිළිගන්නේ ඩී.ඇස්. සේනානායකවය. 1951 ඔහු අශ්වයා පිටින් වැටී මියගිය පසු අගමැති ධුරයට පවුල් අතර ගැටුම ඇවිළෙයි. කොතලාවල පවුල නියෝජනය කරන සර් ජෝන් ඩී.එස්.ගෙන් පසු අගමැති ධුරය ගැන බලාපොරොත්තු ඇතිකර ගෙන සිටී. ඒත් ඩී.එස්. තමාගෙන් පසු අගමැති ධුරයට පත් කරන්න හීන මවන්නේ තම පුත් ඩඩ්ලිවය. ජයවර්ධන පවුල නියෝජනය කරන ජේ.ආර්. ඩඩ්ලි අගමැති කරන්න දරදිය අදින්නේ කොතලාවල පවුල සමඟ ඇති වෛරයක් පිරිමහන්න පමණක් නොව ඩඩ්ලිගෙන් පසු අගමැති වීමේ බලාපොරොත්තුවෙන්ය.


බණ්ඩාරනායක 1947දී ඩී.එස්.ට ආණ්ඩුවක් හදන්න උදවු කරන්නේත් ඩී.එස්.ගෙන් පසු අගමැතිකම හිමිකර ගන්නටය. ඒත් ඩී.එස්. තම පුත් ඩඩ්ලි අගමැති කරන්න ආණ්ඩුකාරවරයා සමඟ කුමන්ත්‍රණය කරන බව ඉවෙන් දැන බණ්ඩාරනායක එ.ජා.ප. ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ල.නි.ප.ය බිහි කරයි. ශ්‍රී ල.නි.ප.යේ උපතම අගමැති ප්‍රශ්නයකි.


ඩී.එස්. මියගියාට පසු ඩඩ්ලි අගමැති කරන්න ආණ්ඩුකාරවරයා සහ ජේ.ආර්. ගහපු ගැටය නිසා කොතලාවල කෝප වේ. එහි ප්‍රතිඵලය ඩඩ්ලිට අගමැතිකම් කළ නොහැකි වටපිටාවක් ඇමැති මණ්ඩලය තුළ කොතලාවල නිර්මාණය කිරීමය. 1953 හර්තාලයෙන් ඩඩ්ලි විසිවේ. අගමැති වන්නේ කොතලාවලය. ඩඩ්ලිගේ ඥාති එෆ්.ආර්. සේනානායකගේ පුත් ආර්.ජී. සේනානායක සහ ඩඩ්ලි එතැන් සිට කොතලාවල පරාජය කිරීමට බණ්ඩාරනායකට උඩගෙඩි දෙයි. බණ්ඩාරනායක ඒ වෙලාවේ ඩඩ්ලිව එළියට ගන්න කොතලාවල පරාජය කරන ආණ්ඩුවේ අගමැතිකම දෙන්න පොරොන්දු වුණත් ඩඩ්ලි ගේම ගහන්නේ හැංගිලාය. සේනානායකලා කොතලාවලගෙ කකුලෙන් අදිද්දී බණ්ඩාරනායක දිනයි.


බණ්ඩාරනායක අගමැති වී දවසින් දවස පිරිහෙද්දී ඩඩ්ලි එළියට ඇවිත් යළි එ.ජා.ප. නායකත්වය භාර ගත්තේ කොතලාවල එ.ජාප.ය හැරදා ගිය පසු පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන ජේ.ආර්. කෙරෙහි විශ්වාසය තබලාය. 1959 බණ්ඩාරනායක ඝාතනය වූ පසු 1960 බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වේ. 1960 ජූලි ඡන්දයට මැතිනිය නායකත්වය දීමට එන්න පෙර 1960 මාර්තු ඡන්දයේදී පක්‍ෂයට නායකත්වය දෙන්නේ සී.පී. ද සිල්වාය. එ.ජා.ප.ය බිහිවන්නේ ධනවත්, බලගතු පවුල් හවුලකින් වුවද ශ්‍රී ල.නි.ප.ය බිහි වන්නේ බණ්ඩාරනායක වටා ගොනු වන ප්‍රාදේශීය පවුල් සමූහයකිනි. සී.පී. ද සිල්වා වගේම මහින්දගේ පියා ඩී.ඒ. රාජපක්‍ෂලාද ඒ පවුල් සමූහය නියෝජනය කරන අයය. 1960 මාර්තු මැතිවරණයෙන් අගමැති වෙන්න නියමිතව සිටි සී.පී. ද සිල්වාට 1960 ජූලි ඡන්දයෙන් අගමැති වූ මැතිනිය පල නොකියා පලා බෙදද්දී ඩඩ්ලි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මැතිනියගේ ආණ්ඩුව පෙරළා පිහිටුවන ආණ්ඩුවක අගමැතිකම සී.පී.ට දෙන්න ඉදිරිපත් වේ. ඒත් සී.පී. තමාට එ.ජා.ප. ඡන්ද ලබාගත නොහැකි වේ යැයි බිය වී ඩඩ්ලිට අගමැති ධුරය දෙයි. 1965 ඩඩ්ලි අගමැති වෙයි.


ඒත් ඩඩ්ලිගේ අසනීපය හේතුකොට ජේ.ආර්. ඩඩ්ලි හදිසියේ මියගියොත් අගමැති වීමට හීන මවයි. එය ඩඩ්ලිට දැනී ඩඩ්ලි සහ ජේ.ආර්. ගැටුම පටන් ගනී. බණ්ඩාරනායක මැතිනියට එය ඉව වැටී ජේ.ආර්.ව නිහඬ කරවා 1970 මහ ඡන්දයෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව පරාජයට පත්කිරීමට සමත් වේ.
1970-77 මැතිනියගේ ආණ්ඩුව වැටෙන්නේ ශ්‍රී ල.නි.ප.යේ පවුල් ගැටුමක් නිසා නොව මැතිනියව බලයට ගෙන එන ල.ස.ස.ප.ය සහ කො.ප.ය මැතිනියව අත්හරින නිසාය.


1977 ජේ.ආර්. බලයට එන්නේ සේනානායක පවුල් ගස උදුරා දමා ශ්‍රී ල.නි.ප.යේ මෙන් ප්‍රාදේශීය නායකයන් සමූහයක් එකතු කරගෙනය. ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී එහි ප්‍රධාන පෙළේ නායකයන්ය. 1988 දී ප්‍රේමදාස ජේ.ආර්.ගේ තැන ගනී. ඒත් තමන්ට අගමැතිකම නොලැබීම නිසා ලලිත් සහ ගාමිණී ප්‍රේමදාසගේ කෙහෙල්වත්තට එරෙහිව ගහන්නේ කුරුඳුවත්තේ කැරැල්ලකි. ඇත්තටම එ.ජා.ප.ය තුළ 1988 සිදුවන්නේ පවුල් දෙකක් අතර බල හුවමාරුවක් නොව පන්ති දෙකක් අතර බල හුවමාරුවකි. ඒ ජේ.ආර්.ගේ කුරුඳුවත්ත පන්තිය සහ ප්‍රේමදාසගේ කෙහෙල්වත්ත පන්තිය අතරය. ජේ.ආර්. බලය කෙහෙල්වත්තට දෙන්නේ කැමැත්තෙන් නොව කර කියාගත හැකි දෙයක් නොමැතිවය. ජේ.ආර්. හිතන්නේ ප්‍රේමදාස පරදියි කියාය. දින්නත් ඇනගනියි කියාය. ඒත් ප්‍රේමදාස ජ.වි.පෙ. මර්දනය කොට ඉන්දීය හමුදා යවා තම පන්තියේ බලය පක්‍ෂය තුළ තහවුරු කර ගන්නා විට ජේ.ආර්.ගේ පන්තිය එයට ඊර්ෂ්‍යා කරයි. ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ ජේ.ආර්.ගේ කුරුඳුවත්ත පන්තියය. එයට හොරගොල්ලේ බණ්ඩාරනායක පවුලද සම්මාදම් වන්නේ 1956 කොතලාවලලා පන්නන්න සේනානායකලා බණ්ඩාරනායකලාට එක් වූ ලෙසය. එම කැරැල්ලෙන් එ.ජා.ප.යට වන හානිය සුළුපටු නොවේ.


1993 ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති වන ඩී.බී. විජේතුංග ප්‍රේමදාස නාමයට සහ පවුලට කරන කෙනෙහිලිකම් නිසා එ.ජා.ප.ය අන්ත පරාජයට පත්වේ.
1994 ශ්‍රී ල.නි.ප.ය යළි හිස ඔසවන්නේ ලලිත් සහ ගාමිණීගේ මේ අගමැති ප්‍රශ්නය නිසා හටගත් එ.ජා.ප. අර්බුදය නිසාය. 1994 ජනාධිපති වන චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001දී රනිල් පරාජයට පත්කරන්නේ ඇගේ ආණ්ඩුවේ ඡන්ද මැෂිම වන එස්.බී.ගේ අගමැති සිහිනය බොඳ වීමත්, බණ්ඩාරනායකලාට හැමදාම කඩේ ගිය රාජපක්‍ෂලාගේත් අසහනය ප්‍රයෝජනයට ගෙනය. මහින්ද ඒ වේලාවේ රනිල්ට උදවු කරන්නේ හොරෙන්ය.


චන්ද්‍රිකා 2004 යළි ආණ්ඩුව පිහිටුවන්නේ ජ.වි.පෙ. සහායෙන්ය. තෙවරක් තරග කළ නොහැකි ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට පින්සිදුවන්න රාජපක්‍ෂලා ප්‍රථම වරට බණ්ඩාරනායකවරුන් පන්නා ශ්‍රී ල.නි.ප. නායකත්වය හිමිකර ගනී.
එතැන් පටන් බණ්ඩාරනායක පවුල යළි ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලන්න උදවු පතන්නේ එ.ජා.ප.යෙන්ය. 2008 අය - වැයෙන් රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරන්න මාතර ශ්‍රී ල.නි.ප. ප්‍රාදේශීය පවුල් අත්තක් වන මංගල බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමරා සමඟ එක් වී ආණ්ඩුවෙන් එළියට එයි. ඒත් රාජපක්‍ෂලා ආණ්ඩුව ආරක්‍ෂා කර ගන්න සමත් වේ.


රාජපක්‍ෂලාට ශ්‍රී ල.නි.ප. නායකත්වය හිමි කරගන්න දරදිය ඇද්ද පොළොන්නරුවේ මෛත්‍රිපාල පවුල බණ්ඩාරනායකලා පන්නන්න උදවු කරන්නේ රාජපක්‍ෂලා අගමැතිකම දෙයි කියා හිතාගෙනය. ඒත් රාජපක්‍ෂලා තමාට අගමැතිකම නොදෙන බව දැනගන්නා මෛත්‍රිපාල විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වී එළියට එන්නේ බණ්ඩාරනායකලා සමඟ එක් වී රාජපක්‍ෂලා විනාශ කරන්නය.


1994 සිට 2004 දක්වා බණ්ඩාරනායකලා විනාශ කරන්න එ.ජා.ප.යට උඩගෙඩි දෙන්නේ රාජපක්‍ෂලාය. එහිදී රාජපක්‍ෂලා එ.ජා.ප.යට තල්ලු කරන්නේ ශ්‍රී ල.නි.ප. ඡන්ද මැෂිම එස්.බී.වය. දැන් රාජපක්‍ෂලා විනාශ කරන්න එ.ජා.ප.යට උඩගෙඩි දෙන බණ්ඩාරනායකලා ඉස්සරහට දමන්නේ පක්‍ෂ ලේකම් මෛත්‍රිපාල සිරිසේනවය. මෛත්‍රිපාල පසුගියදා බණ්ඩාරනායක සමාධිය අබියස පොරොන්දු වූයේ තමා ජනාධිපති වුවොත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති අකුරටම රකිනවා කියාය.
ඒ වගේම ඔහු සිරිකොතට ගොස් කීවේ තමා ඩී.ඇස්.ගේ ජනපද ව්‍යාපාරයෙන් බිහිවූ ගොවියෙක්ගේ පුතෙක් යැයි කියාය. ඔහු එහිදී එ.ජා.ප.යේ ඇත් රජු ගාමිණී අතුකෝරලව මතක් කරන්නද අමතක කළේ නැත. එහෙම බලනකොට ඔහු රාජපක්‍ෂලා පන්නන්න සිරිකොතයි, හොරගොල්ලයි යා කරන පාලම බවට පත්ව තිබේ. ඔහු ඒ චරිතය මැනවින් නිරූපණය කරමින් සිටී. මෛත්‍රි, ෆොන්සේකා කෙනෙක් වේ යැයි රාජපක්‍ෂලා හිතුවාට එහෙම වෙන පාටක් පේන්න නැත. එහෙම බලනකොට රාජපක්‍ෂලාට හිතන තරම් වැඩේ ලේසි නැත.


මෛත්‍රි මේ රඟපාන්නේ 2005 මහින්ද රඟපෑ චරිතයය. මහින්ද ජ.වි.පෙ. එක්ක ගිහින් වෙනම ගිවිසුමක් ගැසුවේය. හෙළ උරුමය සමඟ ගිහින් වෙනම ගිවිසුමක් ගැසුවේය. මහින්ද ජ.වි.පෙ.ටයි හෙළ උරුමයටයි ශ්‍රී ල.නි.ප.ය පාවා දීලා යැයි එ.ජා.ප.ය කියද්දී මහින්ද ශ්‍රී ල.නි.ප.යත් තමා වටේ එක්රොක් කර ගත්තේය. අද මෛත්‍රි වගේම එදා මහින්දත් රඟපෑවේ ගමේ බයියාගේ චරිතයය.
2005 නොවැම්බර් 18 තම උපන් දිනය දින ශ්‍රී ල.නි.ප.ය හොරගොල්ලෙන් මැදමුලනට අරන් යන්න මහින්ද සමත් විය.
2015 ජනවාරි 8 බණ්ඩාරනායක උපන් දිනයේදී මෛත්‍රි ශ්‍රී ල.නි.ප.ය යළි මැදමුලනෙන් හොරගොල්ලට ගෙන එයිද?
රටම බලා ඉන්නේ ඒ දිහාය.

තවදුරටත් ශ්‍රී ලනිපයේ හිටියා නම් බල්ලෙක් වගේ මෛත්‍රිව මරනවා

රටක් මෙහෙම පාලනය කරන්න අපේ ඇඟේ ලේ දුවනකල් ඉඩ දෙන්නේ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් හිටියොත් පාරේ මරලා දානවා බල්ලෙක් වගේ. මේ පාලන ක්‍රමයේ හැටි එහෙම යැයි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු අරලිය ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවැසීය.
හෙතෙම මේ බව පැවැසුවේ පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවැසීය.


"මෛත්‍රිපාල සිරිසේන ගියේ පෞද්ගලික හේතුවකටලු. අගමැතිකම නොදුන් නිසාලු. මම ඇමැතිතුමා ළඟින්ම හිටිය සහෝදරයෙක් විදියට මොකද වුණේ කියලා දන්නවා. එතුමා එළියට බැස්සේ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියොත් මහ පාරේ මරලා දානවා බල්ලෙක් වගේ. මේ පාලන ක්‍රමයේ හැටි එහෙමයි. ගමේ නිදහස් පක්ෂ පාක්ෂිකයාටත් වෙන්නෙ ඒකයි. මේක පුදුමාකාර දේශපාලනයක්. මෙහෙම රටක් පාලනය කරන්න අපි ජීවත්ව ඉන්නකල් අපේ ඇඟේ ලේ දුවනකල් අපි ඉඩ දෙන්නෙ නෑ කියන එක ස්ථිර කිරීමටයි මෛත්‍රිපාල සිරිසේන ඕන තනතුරක් නැති වුණත් කමක් නෑ කියලා මේ ක්‍රමය වෙනස් කිරීමට නායකත්වය දෙන අරමුණින් එළියට බැස්සේ.


මෙහිදී උතුරු මැද පළාත් සභා හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතා කතා කරමින් මෙසේ පැවැසීය.
"දැන් රටේ නැති මඩ ගහයි. හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්නකොට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි හොඳම මහලේකම්. හොඳම ඇමැතිතුමා. දැන් ෆයිල් තියෙනවා එළියට ගත්තෙ නෑ කියනවා. එහෙනම් ඒකත් වරදක්නේ. මිනිහෙක් වැරැදි කරනකොට ඒකට දඬුවම් නොදීපු එකත් වරදක්නේ. ඇයි වැරැදිකාරයන්ට දඬුවම් නොදෙන්නේ. වැරැදිකාරයන්ට දඬුවම් නොදෙන ආණ්ඩුවක් මේක. බොරු කියාගෙන ඉන්න ආණ්ඩුවක් මේක. අනිත් අයටත් එහෙනම් ෆයිල් කප්පරක් ඇතිනේ. අපේ ඇමැතිතුමා සාන්තුවරයෙක් වගේ. ඔය ඇමැති මණ්ඩලේ හිටිය නිකැලැල්ම ඇමැතිවරයා. එතුමාටත් ෆයිල් තියෙනවා නම් අනික් උන්ට ෆයිල් කප්පරක් ඇති. හොරු ටික තියාගෙන ඉන්නේ ඇයි.


ඊළඟට කියනවා රනිල්ට අගමැතිකම දෙනවලු. ඔව්. රනිල්ට අගමැතිකම දෙනවා තමයි. අද ජනාධිපතිවරයා අධිකරණයට ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුවට වග කියන්නේ නෑ. අද ජනාධිපතිවරයා ඒකාධිපතියෙක්. අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි ඒකාධිපති බලතල අයින් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වෙන්නේ. එතුමා තමයි කැබිනට් මණ්ඩලය පත් කරන්නේ. එතුමා තමයි කැබිනට් මණ්ඩලයේදී තීන්දු තීරණවලට අනුමැතිය දෙන්නේ. මේක තමයි කැබිනට් ක්‍රමයක තියෙන ලක්ෂණය. මේක දන්නේ නැති ඉස්කෝලේ නොගිය, කුඩු විකුණ විකුණ හිටපු, බෝල විකුණ විකුණ හිටපු, වාහන කෑලි විකුණ විකුණ හිටපු පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු මේ වගේ ගොං කතා කියනවා.


තමන්කඩුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති ප්‍රේමසිරි මුණසිංහ යන අයද කතා කළේය.
මෛත්‍රිපාල සිරිසේන මගේ අයියා. දේශපාලනය කරන කාලේ එයාගෙත් ජනාධිපතිතුමාගෙත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා වශයෙන් සිටියේ මමයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු දිවයිනේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණ සඳහා සෑම මැතිවරණයකදීම ඉදිරියෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. මේ රටේ මිනිසුන් ඉපදුණොත් මැරෙන බව ස්ථිරයි. ඒත් ඉපදුණොත් නොමැරෙන අය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය තුළ සිටින බව පෙනී යනවා. වසර 30ක් පැවැති යුද්ධය නිමාකොට මේ රට සංවර්ධනය කිරීමේ ගරුත්වය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වෙනවා. එතුමාගේ පාලනය යටතේ ලාංකික ජනතාව සතුටින් ජීවත් වෙනවා.


ව්‍යාපාරිකයකු වශයෙන් මම දියුණුවේ හිණිපෙත්තටම ගියා. මේ රටේ මිනිසුන් විදේශගත වී ඉහළ වැටුපක් ලබාගන්නවා. ගෙයක් ‍ෙදාරක් හදාගෙන මිනිසුන් මෝටර් සයිකලයක් හෝ අරගෙන හොඳින් ඉන්නවා.
ඒත් අද මොකක්ද වෙන්නේ? අගමැතිකම නුදුන් නිසා මගේ අයියා අයින් වුණා කියනවා. ඒත් එසේ නොවේ. අයියා තනතුරුවලට ගැතිවුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවත්නා අගාධයෙන් බේරා ගැනීමටයි මෙම තීරණය ගත්තේ.

පොළොන්නරුවේ-බණ්ඩාර මුදියන්සේ
කඳුරුවෙල - ගාමිණී ඔබේසේකර

අනුර කුමාර දිසානායකගේ 2015 අයවැය විවාදයේ අවසන් සහ හොදම කථාව .....බලන්න පට්ට කතාවක්


එතනෝල් පියා භීෂණය කැඳවයි

එතනෝල් ජාවාරමට සම්බන්ධ සහ එල්ටීටීඊ සංවිධානය සමග විවිධ ජාවාරම් කළ බවට චෝදනා එල්ලවී සිටින මාතලේ දිස්ත්‍රීක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා භීෂණය කැඳවීමේ උත්සාහයක යෙදී සිටී.

නාවුල නගරයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කරමින් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදෙන අය ගස් බඳින ලෙසය.

විමල්ගෙ හැකර කටට ගැළපෙන හැකර කටක් මටත් තියෙනවා -

විමල්ගෙ හැකර කටට ගැළපෙන හැකර කටක් මටත් තියෙනවා - එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර 

ඉතාලියේ හොල්මන් මැදුරක් ගැන තතු දැන ගතිමි

හොල්මන් අවතාර හා අද්භූත දෑ පිළිබඳ සෙවීමට හා ඒ පිළිබඳව කතා කිරීමට ජාතියක් හෝ වර්ණයක් නොමැතිව ලොව පුරා මිනිසුන් දක්වන්නේ ඉතා දැඩි ආශාවකි. සත්‍යයක් හෝ මිථ්‍යාවක් වුවද ත්‍රාසයට මුසුවූ අමුතුම රසයක් අද්භූත සිදුවීම් තුළින් මිනිසුන් ලබන්නේ පුදුමාකාර ලෙසිනි. ලංකාවේ මෙන්ම ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලද මිනිස්සු අද්භූත සිදුවීම්
පිළිබඳව උනන්දුවක් දක්වති. ඇතැමුන් ඒවා තදින් විශ්වාස කිරීමට පවා පෙළඹී ඇත.
හොල්මන් හා අවතාර අඩංගු චිත්‍රපට නරඹා ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නවුන් සැබෑ ජීවිතයේදීත් එවැනි අත්දැකීම් ලබන්නට විශේෂ කැමැත්තක් දක්වති. සමහරුන්ට සැබෑ ජීවිතයේදී එවැනි බලපෑම් නිසා බොහෝ කරදරවලට පවා මුහුණ දෙන්නට සිදු වන බව අප දැන උන්නේ මව්බිමේදී පමණය. එහෙත් යුරෝපා රටවලද එවැනි අද්භූත සිදුවීම් සිදුවෙන බැව් ඉතාලියට පැමිණියාට පසුව දැනගන්නට ලැබුණාට එවැනි අත්දැකිමක් විඳි කෙනෙකුත් කිසිදාක මුණගැසි තිබුණේම නැත.
හිතවත් ඉතාලි ජාතිකයකු මාර්ගයෙන් හඳුනා ගන්නට ලැබුණු ස්ටෙලා අපගෙන් උදව්වක් ඉල්ලා සිටියේ අප ආසියාතිකයන් වූ නිසාමය. ඇය ලාංකිකයකු හෝ ඉන්දියන් ජාතිකයකු සොයා ගන්නට ඇගේ හිතවතකුගේ උදව් උපකාර පතා ඇත්තේ ඇය සතු විශාල නිවසක ඇතිවූ ප්‍රශ්නයක් නිසාය. ආසියාතිකයන් අමනුෂ්‍යයන් හා සම්බන්ධ ගුප්ත බලවේග සමගින් සමීප සම්බන්ධයක් පවත්වන බැව් ඇය දැනගත්තේ ‍පොත් හා අන්තර්ජාලය මගින් බැව් ඇය අප සමග හමුවූ මුල් දිනයේම පවසා සිටියාය. මේ පිළිබඳව අප දන්නා දේ නොමැති නිසාවෙන් ඇය වෙනුවෙන් කිසියම් උදව්වක් කරන්නට නොහැකි වුවද අද්භූත රසයෙන් පිරුණු ඇගේ නිවස පිළිබඳ කතාව නම් අප සිතේ තදින් සටහන් වූයේ වැඩි වෙහෙසකින් තොරවමය.
ස්ටෙලා උප්පත්තියෙන්ම ඉතා ධනවත් කාන්තාවකි. ඇය සතුව ඉතා විශාල ගෙවල් දොරවල් වතුපිටිද විශාල ප්‍රමාණයක් ඇත. ඇය මේ නිවෙස් කුලියට දීමෙන් අතිරේක ආදායමක් උපයා ගන්නා අතර විකිණීමට ඇති පැරණි විශාල නිවෙස් මිලදී ගෙන ඒවා අලුත්වැඩියා කර ආපසු විකුණා දැමීම හෝ කුලියට දීමද ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යයි. මිලානෝ නගරයේ ඈත කෙළවරකට වන්නට ඇය විසින් මීට වසර ගණනාවකට පෙර නිවසක් මිලදී ගෙන ඇත. ඉතා සුවිසල් මන්දිරයක් වන මෙය මීට පෙර අයිතිව ඇත්තේ මහලු මහත්මයකුට බැව් ඇය පැවසීය. එම මහත්මයා එය මිලදී ගෙන ඇත්තේ ඉතා පැරණි සිටු පවුලකිනි. එම මහත්මයා මියයාමෙන් පසුව ඔහුගේ මුණුපුරා විසින් ස්ටෙලා වෙත විකුණා දමා ඇති මේ නිවස ඉතා අඩු මිලකට මිලදීගෙන අලුත්වැඩියා කර ඇත්තේ නැවත කිසිවෙකුට විකුණා දැමීමට හෝ කුලියට දීමටය.
එහෙත්, නිවස අලුත්වැඩියා කර වසර දහයක් ගතවුණද ස්ටෙලාට මෙම නිවස විකිණීමට තබා මාස කීපයක් එකදිගට කිසිවකුට කුලියට දීමට පවා නොහැකි වූයේ ඇයිදැයි මුලදී ඇයට විශාල ගැටලුවක් වුවද පසුව සොයා බලද්දී මෙම නිවසේ ඇති යම් විශේෂත්වයක් ඇයට අවබෝධ වී
ඇත. මෙම නිවස අලුත්වැඩියාවෙන් පසු මුලින්ම කුලියට ගත් පවුල සතියකින් පසුව ඇයට මුණගැසී පවසා ඇත්තේ මෙම නිවසේ තවත් එක රැයක්වත් රැඳීමට නොහැකි බවකි. එයට හේතුව ලෙසින් ඔවුන් දක්වා ඇත්තේ රාත්‍රී කාලයේ නිවස තුළ  නොයෙකුත් අද්භූත සිදුවීම් සිදුවෙන බවයි.
නිවැසියන් නිදා සිටියදී නිවසේ විදුලි බුබුළු දැල්වෙන අතර රූපවාහිනී යන්ත්‍රය කෙතරම් ක්‍රියාවිරහිත කළද නැවත නැවත ක්‍රියාත්මක වීම ඔවුන්ට මුලදී අත්විඳින්නට ලැබි ඇති අතර පසුව එය නොයෙකුත් අමිහිරි ශබ්ද දක්වාම දුරයාම නිසා ඔවුන් නිවස හැර යන්නට තීරණය කර ඇත.
මුලදී ස්ටෙලා මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වූවද දෙවන වතාවට පැමිණි පවුලද මේ නිවසේ වැඩි දිනක් රැඳෙන්නට අකමැත්ත පළ කළ අතර ඔවුන්ද කලින් අය සඳහන් කළ හේතුම ගෙනහැර පෑවිට ස්ටෙලා දෙලොවක් අතර අතරමං වී ඇත. ඒ ඇයටද මේ පිළිබඳව කිසිවක් සිතාගත නොහැකි වූ නිසාය. ඉන්පසුව මේ නිවසේ කලින් සිටි අයගේ තොරතුරු සොයන්නට ඇය පෙළඹී ඇත්තේ සිතේ උපන් කුතුහලයෙනි.
ඇයට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව මෙම නිවස වසර ගණනකට පෙර අයිතිය ඇති සිටු පවුලෙන් මෙය මිලදී ගත් අය කිසි දිනක එම නිවසේ පදිංචිව සිට නැත. “ඒ ගෙදර ගොඩක් කල් ඉඳන් වහලා තිබ්බ එකක්. මම ඒක දැනගෙන හිටියත් මේ තරම් ප්‍රශ්න තිබ්බ තැනක් කියලා දැනගෙන හිටියේ නෑ” ඇය පැවැසුවේ දැඩි පසුතැවීමෙනි. ඇය පවසන ආකාරයට සිටු පවු‍ලේ අවසාන පුරුක වූ තරුණ සිටුවරයකු ඔහුගේ ජර්මන් ජාතික බිරිඳ ඝාතනය කර ඇති අතර ඇයගේ මළ සිරුර නිවස තුළම කිසිවෙකුට හසු නොවන සේ සඟවා ඔහු දින කිහිපයකට පසු සියදිවි නසාගෙන ඇත.
නිවසේ සේවකයන් විසින් ‍පොලීසියට දැන්වූ පසු ‍පොලීසිය විසින් ඔහුගේ මළ සිරුර සොයා ගත්තද බොහෝ දවසක් යනතුරු බිරිඳගේ මළ සිරුර සොයා ගන්නට ඔවුනට හැකිවී නැත. අවසානයේ නිවසේ මුද්‍රා තබන ලද අල්මාරියක් තුළ තිබි බොහෝ නරක්වී විනාශ වුණු ඇගේ මළ සිරුර නිවසේ සේවකයන්ට හමුවී ඇත්තේ දින කිහිපයකට පසුවය. ඉන් පසුව ටිකෙන් ටික පාළුවට ගිය එම නිවසේ අවසාන අයිතිකරු විසින් එය වෙනත් කෙනෙකුට විකුණා දමා ඇත.
“මැරිච්ච ජෝඩුව ඒ ගෙදර වත්තේ එක එක තැන්වල ඉන්නවා දැකපු කීපදෙනෙක්ම ඒ පළාතේ ඉන්නවලු. සමහර දාට ගෙදර බැල්කනි එකේ මේ දෙන්න වාඩිවෙලා ඉන්නවා දැකපු අයත් ඉන්නවලු. ඒ වගේම දෙන්නත් එක්ක සමහර දාට සා‍ලේ බාල් නැටුම් තිබුණ කොටසේ නටනවා දැකපු අයත් ඉන්නවා කියලා මට පවුලට සම්බන්ධ කෙනෙක්ගෙන් දැනගන්න ලැබුණා.”
බොහෝ අවස්ථාවලදී නිවසේ හේතුවක් නැතිව නාන කාමරවලින් වතුර කරාම ඇරී කිසිවෙකු ජලස්නානාය කරන ශබ්ද මෙන්ම මුලුතැන්ගෙයි ආහාරපාන ගන්නා ශබ්ද පවා මේ නිවසේ තැන් තැන්වලින් ඇසෙද්දී කිසිවෙකු මෙහි රැඳී සිටින්නට කැමැත්තක් දක්වන්නේ නැත. එහෙත් පුදුමයට කරුණ  වන්නේ ස්ටෙලා මේ නිවසේ රැඳී සිටින්නට කිසිදු බියක් නොදැක්වීමය.
“මම හිටපු දවස්වලටත් එක එක දේවල් සිද්ධ වෙනවා. ගෑනු කෙනෙක් හයියෙන් අඬනවා ඇහෙනවා. සමහර දවස්වලට පඩිපෙළ දිගටම ‍ලේ පැල්ලම් වැටිලා තියෙනවා.
පඩිපේළියේ කීපදෙනෙක් දුවනවා ඇහෙනවා. ඒත් මම බය වෙන්නේ නෑ. ඒ මගේ හැටි” ස්ටෙලා සිනාසෙමින් කියයි.
කෙසේ වුවද ඇයට අපේ උදව්ව අවශ්‍ය වූයේ මේ නිවසේ තිබෙන බව අන් අය විසින් පවසන අද්භූත බලවේග නිසාවෙන් ඇය දැඩි අපහසුවකට පත්ව සිටින නිසාය. එහෙත්, මේ නිවසේ පවතින බව හා අන් අය විසින් පවසන අද්භූත ශක්තින් හෝ පුද්ගලයන් පලවා හරින්නට යුරෝපයේ සිටින කිසිවෙකුට නම් හැකිවන්නේ නැත. ස්ටෙලා පවසන පරිදි මෙසේ කාලයක් යද්දී මෙම නිවස පාළුවට ගොස් තවත් මේ සිද්ධීන් වැඩිවනවා මිස අඩුවක් නොවනු ඇත.
මෙම අද්භූත සිදුවීම්වල ඇත්ත නැත්ත කෙසේ වුවද අප රටේ මෙන්ම හොල්මන් අවතාර යුරෝපය පුරාම ඉතා අනාදිමත් කාලයක පටන් තිබෙන බැව් ඔවුන්ගේ කතාවලින් පිළිගැනීමට නම් සිදුවේ.

ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට

ලිපිගොනු තිබේ නම් පියවර නොගන්නේ ඇයි?ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක- කුමාර දිසානායක

කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කළේ ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන්ගේ වංචා, දූෂණ පිලිබඳ ලිපිගොනු තමා සතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් පලිගැනීමට ක්‍රියා නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින්.
"යුද්දේ ඉවර වෙලා, පාර්ලිමේන්තු පිට්ටනිය ගාව රැස්වීමක් තිබ්බ. ඒ රැස්වීමේදී ඔහු මොකක්ද කිවුවේ? මගේ පළමු පියවර යුද්දේ අවසන් කිරීම කිවුව, දෙවැනි යුද්දේ මම පටන් ගන්නේ වංචා දූෂණ අහෝසි කිරීමට කිවුව," යනුවෙන් දිසානායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
එදා එසේ සඳහන් කළ ජනාධිපතිවරයා දැන් ලිපිගොනු තබාගෙන 'බම්බු ගසන්නේ දැයි' ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි.
'ඒකාධිපති වියරුව'
"ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ. සොර මුලක්. ප්‍රධාන සොරා ලොකු පංගුව ගන්න අතර, අනෙක් සොරාටත් කුඩා පංගුව හරි ලබාදෙන්නේ නැත්නම් ඒ සොර මුලට පවතින්න බෑ," යනුවෙන්ද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමේ අරමුණ වෙනුවෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පරාජය කිරීම උදෙසා දිගටම ක්‍රියාත්මක වන නමුත් එළැඹෙන ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ.
විධායක ජනාධිපති ක්‍රමයේ 'ඒකාධිපති වියරුව' ඇතුළු ප්‍රතිවිපාක පිළිබඳව එය නිර්මාණය කළ අවස්ථාවේ පටන්ම සිය පක්ෂය ජනතාව දැනුවත් කළ බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එබැවින් මැතිවරණයක් අවසානයේ 'ජනතාව නරඹන්නන් බවට පත්වන' ක්‍රියාදාමයෙන් ඔබ්බට යන පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම සිය පක්ෂයේ අරමුණ බව අවධාරණය කළේය.

එජාප හැර දමා ආණ්ඩුවට යන්නේ නෑ - තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂය (එජාප) හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ නමුත් ඉතා ඉක්මනින්ම තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවයි, අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරවාරයේ අත්තනායක මන්ත්‍රීවරයා

අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි,....

මෛත්‍රීපාල සිරිසේන දේශපාලනයේ පිරිසිදු අවංක චරිතයක් බවත් ඔවුන් නැවත පක්ෂය නොඑන බවත් පැවසූ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මෙතෙක් තමන් ආණ්ඩුවෙන් යාමට තීරණය කර නැති බව ප්‍රකාශ කර ඇත.

"මම නම් තාම ආණ්ඩුවෙන් යන්න තීරණය කරලා නෑ. නමුත් ගියොත් හොරෙන් යන්නෙත් නෑ. හැමෝටම කියලයි යන්නේ" යැයි ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් මීට පෙර පැවති උත්සවයකදී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය  “මේ විදිහට එක්කෙනා දෙන්නා යන්න ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි විතරයි. ඇත්ත නිල් ලේ තියෙන නිදහස් පාක්ෂිකයෝ හොයාගන්න බැරිවෙනවා තව ටිකක් කල් යනකොට. මේක අපිට ලොකු පාඩමක් උගන්වන සමයක්. අපිට ඉස්සර තිබුනේ සඟ, වෙද ,ගුරු, ගොවි,කම්කරු කියලා. අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්, දූෂණ,වංචා, කොමිස් මේ පක්ෂයට ලඟදී ආපු හෙන්චයියො ටික නිසා තමයි අපේ මේ අහින්සක හිටපු හොඳ මිනිස්සු ටික අපිට නැති වෙලා යන්නේ” යැයි ද ප්‍රකාශකර සිටියාය.

සටන වැඩසටහන විකාශයට අවහිරතා ගැන මාධ්‍ය හමුවේදී පළවු අදහස්

සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටී.වී. , ශක්ති ටී.වී. , සහ එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා, පියෝ ටී.වී. සහ ඩයලොග් ටී.වී. ජාල ඔස්සේ නැරඹීමේදී අවහිරතා සිදුවූ බවට ඊ‍යේ අපගේ ප්‍රේක්ෂකයින්ගෙන් පැමිණිලි අතිවිශාල ප්‍රමාණයක් ලැබුණි.
ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතා ද සහභාගි වූ ‘සටන’ වැඩසටහන විකාශය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී

විජයාරාමයේ අසිරිමත් භික්ෂු රූප දර්ශනය වීම් මිථ්‍යාවකැයි ඉවත හෙළිය යුතු නැහැ -- පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක

(ඉන්දු පෙරේරා)

අනුරාධපුර විජයාරාම වනපෙතේ සෘද්ධිමත් භික්ෂූන් වහන්සේලා දර්ශනය වන බවට ඔබටත් කරුණු දැන ගන්නට ලැබි තිබෙනවාද?

අවස්ථා කිහිපයකදීම එවැනි තොරතුරු මටත් දැන ගන්න ලැබුණා. මාධ්‍ය මගින් වගේම ඒ පරිශ්‍රයට සම්බන්ධ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ නියුතු අයගෙනුත්. විජයාරාම පුරාවිද්‍යා ස්ථානයේ දැනට ගවේෂණ කටයුතු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්. එහි අධීක්ෂණ
කටයුතු භාරව සිටින මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අනුරාධපුර ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංගගෙන් මං මේ ගැන අහල බැලුවා. එවිට දැන ගන්න ලැබුණු කරුණු අනුව බාහිර අය වගේම ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කරන ඇතැම් අයත් එවැනි අත්දැකීම් ලබා තිබෙනවා.

අපේ රටේ පුරාවිද්‍යා ස්ථානවලින් එවැනි සිද්ධීන් මීට පෙරත් වාර්තා වී තිබෙනවාද?
මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු කාලයේ  ඉඳලා අද වන තුරුත් ලද එවැනි අත්දැකීම් ගැන අහන්න ලැබිලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියටත්, පුරාවිද්‍යාඥයකු හැටියටත් ඔබ ඒ ගැන මොනවද හිතන්නේ?
පුරාවිද්‍යාව කියන්නේ මුළුමනින්ම භෞතික සාධක මත පදනම් වුණු පරීක්ෂණ, නිරීක්ෂණ නිගමන යන විද්‍යාත්මක සාධක මතින් පමණක් කරුණු ඉදිරිපත් කෙරෙන විද්‍යාවක්. එනිසා පුරාවිද්‍යාඥයකු ලෙස ඔය කියන දේවල් පුරාවිද්‍යාවට අනුව ග්‍රහණය කර ගන්න බෑ. නමුත් මා පෞද්ගලිකව විශ්වාස කරනවා භෞතික සහ විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි එවැනි දේවලුත් අප ජීවත් වන විශ්වයේ තිබිය හැකි බව. එය අපගේ පර්යේෂණ
ක්‍ෂේත්‍රයට අදාළ නෑ. එය වෙනම විෂය ක්‍ෂේත්‍රයක්.

නමුත් පසුගිය දිනවල ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔබ අප රටේ මේ දිනවල ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙන රාවණා සංකල්පය මිථ්‍යාවක් වශයෙන් මුළුමනින්ම බැහැර කොට තිබෙනවා.
රාවණා වෘත්තාන්තය විවිධ
ක්‍ෂේත්‍රයන් ඔස්සේ විමසුමට ලක් කළ හැකි දෙයක්. විශේෂයෙන් ඒ වෘත්තාන්තය තුළ ඇති මානව විද්‍යාත්මක වැදගත්කම ඉවත හෙළන්න බැහැ. ඒ අනුව රාවණා වෘත්තාන්තය යනු මානව ඉතිහාසයේ කිනම් හෝ ආදිතම යුගයක ඇති වූ සමාජ ප්‍රපංචයක් සංකේතය කෙරෙන මනරම් වෘත්තාන්තයක් විය හැකියි. ඒ අනුව අපට නිමනය කළ හැක්කේ රාවණා වෘත්තාන්තය පූර්ණ අසත්‍යයක් සේ බැහැර කිරීමට සේම පූර්ණ සත්‍යයක් සේ පිළිගැනීමට ද නොහැකි කතා පුවතක් බවයි.

එසේ නම් ඔබ රාවණා වෘත්තාන්තයේ වැදගත් සන්ධි ස්ථානයක් සනිටුහන් කරවන දඬු මොනර සංකල්පය මිථ්‍යාවක් ලෙස බැහැර කරන්නේ ඇයි ?
පුරාවෘත්ත කියන්නේ එකක්; ඉතිහාසය සහ පුරා විද්‍යාව කියන්නේ ඊට සෘජු සම්බන්ධතාවක් නැති විෂයන්
දෙකක්. ඒ අනුව ක්‍රිස්තු පූර්ව හය දහසේ දී පමණ අප රටේ රජකම් කළ රාවණා නම් රජ කෙනකු සම්බන්ධ පුරා විද්‍යාත්මක සාක්ෂි සොයා ගත හැකි ද ? කියා මගෙන් ඇසුවොත් ඒ යුගය සම්බන්ධයෙන් දැනට පුරා විද්‍යාත්මකව අනාවරණය වී ඇති කරුණු ඉදිරිපත් කිරීමට මට සිදුවෙනවා. ඒ ඔස්සේ තමයි ඔය දඬු මොනර සංකල්පය සත්‍යයක් නොවන බව තහවුරු වන්නේ.

එසේ තහවුරු වන්නේ කොහොමද?
පූර්ව ෙඓතිහාසික සහ ප්‍රාග් ෙඓතිහාසික යුගවල මෙහි විසූ මානවයන් පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. එම මානව ජනාවාසවලින් ලබා ගත් නියැදි කාබන් 14, ටී.එල්.ආර්. වැනි නවීන තාක්ෂණික
ක්‍රම ඔස්සේ පර්යේෂණයන්ට ලක් කොට ඒ සම්බන්ධ කාල නිර්ණ වාර්තා ද ලබා ගෙන තිබෙනවා. ඒවා මුළු ලෝකයම පිළිගන්නා අතිශය නිවැරදි වාර්තා වශයෙනුයි සැලකෙන්නේ, ඒ අනුව ක්‍රිස්තු පූර්ව හය දහස වැනි යුගවල අප රටේ විසූ නොදියුණු මානවයන් පිළිබඳ විවිධ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. නමුත් ඒ කාලයේ අහසින් ගමන් කළ හැකි යන්ත්‍ර තිබූ බව හෝ දියුණු ශිෂ්ටාචාරයක්
පැවැති බව අපට කෙසේවත් සනාථ කරන්නට බැහැ.

රාවණා කතාව පසෙකින් තබමු. රුවන්වැලි සෑය මුල්කරගෙනත් අසිරිමත් භික්ෂු රූප දර්ශනය වන බව රුවන්වැලි සෑ විහාරාධිපති නාහිමියන් පසුගිය සතියේ “ඉරිදා ලක්බිම”ට පවසා තිබුණා.
රුවන්වැලි සෑය සම්බන්ධ එවැනි සිදුවීම් කිහිපයක් මටත් අසන්නට ලැබි තිබෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම මගේ මතකයෙහි රැඳුණු සිද්ධියකුත් තිබෙනවා.

ඒ කුමක්ද?
මීට වසර කීපයකට කලින් රුවන්වැලි සෑයේ විශේෂ උත්සවයකට ගිය අපේ දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවීර උත්සවයට පෙර දින රාත්‍රියේ රාජකාරි කටයුතු සඳහා රුවන්වැලි සෑ මළුවෙහි ගත කළා. රාත්‍රී දොළහ ඉක්ම වූ පසු රුවන්වැලි සෑය වන්දනා කිරීමට පිටතින් පැමිණි වන්දනා නඩයක් එම මළුවේ බුදුන් වඳිමින් හිඳ තිබෙනවා. අර්ජුන මේ අයගේ පින්තූරයක් ගන්න කැමරාව සූදානම් කරන විටම මුළුමනින්ම සුදු වතින් සැරසුණු අති විශාල වන්දනා නඩයක් එකවරම රුවන්වැලි සෑ මළුවේ දර්ශනය වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම මළුවේ බිම දිගාවෙලා ස්ථූපය වන්දනා කරනු අපේ ඡායාරූප ශිල්පී අර්ජුන දැක තිබෙනවා. ඔහු හැකිතාක් ඉක්මනින් එය ඡායාරූප ගත කරලා. එසැනින්ම වගේ අර පිරිස නොපෙනී ගිහින්. අර්ජුන කැමරාව පරීක්ෂා කර බලන විට මළුවේ කලින් සිටි වන්දනා නඩය මිස අර පිරිස ඡායාරූපයට නැංවී නෑ. විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුණත් එවැනි දේවල් සිදුවෙනවා. ඒ අනුව මේ ලැබෙන තොරතුරු මත ඒවා වැඩිදුර ගවේෂණය කළ යුතුයි.

නමුත් මෙවැනි දර්ශන මනෝ  භ්‍රාන්ති සහ මායාත්මක දර්ශන ලෙසයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. ඒ නිසා එවැනි දේවල් පිළිබඳ වැඩිදුර පර්යේෂණ
කිරීම අනුවණ කමක් ලෙස සමහරු සලකනවා?
මම නම් හිතන්නේ කිසියම් දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂණ
හා නිරීක්ෂණ නොකර පූර්ව නිගමනවලට එළඹීමයි අනුවණකම කියන්නේ. මනෝ විද්‍යාත්මක සාධක මුල්කර ගත්තොත් සමහර පුද්ගලයන්ට එවැනි දේ පෙනෙන්න පුළුවන්. නමුත් මනෝ විද්‍යා ක්‍ෂේත්‍රයෙන් බැහැරවත් එවැනි දේවල් විය හැකිද යන්න ගැන පරීක්ෂණ කළ යුතුයි. මා දන්නා තරමින් ලෝකයේ දියුණු රටවල එබඳු පර්යේෂණ සිදුවෙනවා. ඒවාට තහංචි පනවන්නෙවත්, අපහාස උපහාසවලට ලක් කරන්නෙවත් ඒ සංසිද්ධීන් පිළිබඳ පූර්ව නිගමනවලට එළඹෙන්නෙවත් නෑ. එසේ කිරීම විද්‍යාත්මක හා ශාස්ත්‍රීය වශයෙන් නිවැරදි ක්‍රමයක් නොවෙයි.

ඒ අනුව විජයාරාමයේ ඇතැයි කියන මේ අසිරිමත් දර්ශන මුල්කරගෙන කිසියම් කෙනෙක් පරීක්ෂණයක් කිරීම සඳහා ඉදිරිපත් වුණොත් ඔබ ඒ සඳහා සහය දක්වනවාද?
විජයාරාමය ඇතුළු පුරාවිද්‍යා රක්ෂිත සම්බන්ධයෙන් පුරාවිද්‍යා ආඥා පනත බලාත්මක වෙලා තියනවා. එම ආඥා පනත උල්ලංඝනය කරන ක්‍රියාවලින් සපුරාම වැළකිලා එවැනි කටයුත්තක් කරනවා නම් රාජකාරි වශයෙන් වගේම පෞද්ගලිකවත් ඒ සඳහා යම් සහයක් දැක්වීමට මට පුළුවන්.

ආධ්‍යාත්මික කටයුතු සඳහා යන්ත්‍ර තැනීම මිනිසත් බවේ
මළගම උදාකරලීමකි තිලක් සේනාසිංහට පිළිතුරක්

 මහාචාර්ය දයා අමරසේකර

‘අනුරපුරෙන් මතුවන ගුප්ත ලෝකය’ යනුවෙන් ‘ලක්බිම ඉරිදා සංග්‍රහයේ’ පළවන ලිපි පෙළ ආධ්‍යාත්මවේදය සම්බන්ධයෙන් මෑතකදී පළවුණු පුවත්පත් ලිපි අතරින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු ලිපි පෙළක් බව අප දන්නා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු තවත් බොහෝ විද්වතුන්ගේ ‍පොදු නිගමනය වී තිබේ. ආධ්‍යාත්මවේදය යන විෂය වල් බිහිවන අන්දමේ අවිචාරවත් මාධ්‍ය භාවිතයකින් යුතු වර්තමානයේ එවැනි උසස් ගුණාත්මක බවින් පිරිපුන් ලිපි පෙළක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉරිදා ලක්බිම කර්තෘ තුමන්ටත්, ඒ සඳහා තම බුද්ධිමය ශ්‍රමය කැප කිරීම සම්බන්ධයෙන් මා මිත්‍ර මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන්ටත් පළමුකොට
මගේ ස්තූතිය පුද කරමි. එමෙන්ම ‘සෘද්ධි බලය කෙසේ වෙතත් අනාගතයේ ආධ්‍යාත්මික කටයුතු සඳහාත් යන්ත්‍ර තැනේවි’ මැයෙන් තිලක් සේනාසිංහයන් විසින් පසුගිය නොවැම්බර් 9 වැනි ඉරිදා ලක්බිමෙහි පළකොට තිබූ ආන්දෝලනාත්මක ලිපියට පිළිතුරක් ලෙස මෙය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.
මිනිසාගේ බුද්ධිමය ඌනතාවන් මගහරවා ගැනීම සඳහා මිනිසාගේ බුද්ධිය අනාගතයේදී යන්ත්‍රවලට පැවරෙන බව දැක්වෙන අදහසක් ඔහු එම ලිපියෙන් ඉදිරිපත් කොට තිබිණි. ඔහු එයින් පවසා තිබුණේ ෙජෙවමය මොළයකට වඩා සිය දහස් ගුණයකින් වේගවත් හා නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් යුතු යාන්ත්‍රික මොළයක් අනාගතයේදී බිහිවන බවකි. ඔහු මෙම අදහස් ඉදිරිපත්කොට තිබුණේ හුදෙක් තමාගේ අදහසක් අනුව නොවේ. ලෝකයේ නවීන තාක්ෂණය දියුණුව පිළිබඳ යම් කරුණු හැදෑරීමකින් බව පෙනේ. ඇමෙරිකානු ග්‍රන්ථ කතුවරයකු, පරිගණක විද්‍යාඥයකු, නව නිපැයුම්කරුවකු සේ ම අනාගතවාදියකු සහ සුප්‍රකට ගූගල් සමාගමේ ඉංජිනේරුවකුද වන රේ කර්ස්වෙයිල් විසින් 1999 වසරේදී ලියා පළකරනු ලැබූ ‘ආධ්‍යාත්මික යන්ත්‍ර යුගය’ නම් කෘතියෙහි මේ සම්බන්ධව දක්වා ඇති කරුණු සේනාසිංහයන් මෙම අදහස් ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබුණි. මෙය විද්‍යාත්මක සාධක පසුබිම් කොට ගනිමින් ඉදිරිපත් කළ සංකල්පයක් වුව ද එය ද විද්‍යාව මගින් තවමත් සියයට සියයක්ම තහවුරු කොට නොමැත.
නමුදු සේනාසිංහයන්ගේ ලිපිය කියැවූ සැනින් මාගේ හදවත ප්‍රකම්පනයට ලක්වුණු අතර එය කියැවූ ඕනෑම කෙනෙකුගේ හදවත්ද ප්‍රකම්පනයකට ලක්වීම කිසිසේත්ම වැළැක්විය හැක්කක් නොවේ. මන්ද සේනාසිංහයන් මෙයින් ඉදිරිපත් කරන විද්‍යාත්මක අනාවැකියට අනුව මෙය අනාගතයේදී සිදුවන්නට යම් ඉඩකඩක් ඇත්නම් හා එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ බුද්ධිමය හා ආධ්‍යාත්මික කටයුතු යන්ත්‍රවලට බාර දෙන්නේ නම් මනුෂ්‍යත්වයේ මළගම ද ඒකාන්ත වශයෙන් එදිනම සිදුවීමය.
‘මිනිසා’ යන්න සිංහලෙන් අර්ථ දක්වා ඇත්තේ ‘මනසින් උසස්’ හෙවත් ‘මන+උස්’ යනුවෙනි. එවැනි මනැසින් උසස් සත්වයෙකු සිය මනස ද යන්ත්‍රයකට පවරන්නේ නම් ඉන් ඔබ්බට තවදුරටත් මෙලොව මිනිස් බවක් ඉතිරිවේද? යන ගැටලුව මෙහිදී නිතැතින්ම පැන නැගේ. කෙසේ නමුත් තිලක් සේනාසිංහයන් මෙවැනි අදහසක් ඉදිරිපත් කොට අපගේ මනස් ප්‍රකම්පනයකට ලක් කළද, එය සමනය කරගත හැකි සතුටුදායක කරුණු ද අප සතුව පවතී. සේනාසිංහයන් වැනි හේතුවාදයට නැඹුරුව අදහස් දක්වන්නවුන්ට කෙසේ වෙතත් අප ජීවත්වන විශ්වය පිළිබඳව විඥානවාදී සහ ආධ්‍යාත්මවේදී සංකල්ප දරන ‍පොදු ජනතාවගේ හිතසුව පිණිස එම කරුණු මෙලෙස ගොනුකරනු කැමැත්තෙමි.
ඇපල් යනු ලෝකයේ පරිගණක හා මෘදුකාංග නිෂ්පාදනය අතින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන ප්‍රධාන පෙළේ සමාගමකි. එහි නිෂ්පාදන මේ වන විට ලොව පුරා සිය ආධිපත්‍යය පතුරුවා හමාරය. එය අද පවතින තත්ත්වයට ගෙන ඒමට සිය ජීවිතයම කැප කළ පුද්ගලයකු වූයේ එහි ප්‍රධාන විධායකවරයා ලෙස සේවය කළ, 2011 වසරේ මෙලොවින් සමුගත් ස්ටීව් ජොබ්ස් ය.
තිලක් සේනාසිංහයන් ඉදිරිපත් කළ අදහසට අනුව නම් මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුව යන්ත්‍රවලට පැවරීමේ කර්තව්‍යයේ ජයග්‍රාහී පෙරගමන්කරුවා විය යුත්තේ ස්ටීව් ය. මන්ද අනාගතයේ බිහිවන යාන්ත්‍රික බුද්ධියේ පදනම වන්නේ පරිගණක මෘදුකාංග වන බැවිනි. නමුත් ස්ටීව් සිදුකළේ තිලක් සේනාසිංහයන් අපේක්ෂා කළ පරිදි ආධ්‍යාත්මික කටයුතු පාලනය කළ හැකි යාන්ත්‍රික මනසක් සහිත මෘදුකාංගයක් නිර්මාණය කිරීම නොවේ. ඔහු කළේ සිය ආධ්‍යාත්මික සුවය සොයා ඇපල් සමාගමින් ඉවත්වී සෙන් බුදු දහමේ ඇසුර ලැබිමය. නමුත් ඔහුට තමන් සතු මෘදුකාංග හා දෘඪාංග දැනුම උපයෝගීකොට ගනිමින් යාන්ත්‍රික බුද්ධියක් නිර්මාණය කරන්නට ඕනෑවටත් වඩා හැකියාව තිබිණි. එහෙත් ඔහු තිලක් සේනාසිංහයන් හෝ රේ ක්ර්ස්වෙයිල් 1999 පැවසූ පරිදි ආධ්‍යාත්මික කටයුතු සඳහා ද යාන්ත්‍රික බුද්ධියක් නිර්මාණය කරන්නට උත්සාහ කරනවාට වඩා ස්ටීව් යොමු වූයේ සියලු යන්ත්‍රවලින් ඈත්ව බුදු දහමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවයට සමීප වීමය. එය ඔහුගේ මනැසේ දියුණු බව සේම ශ්‍රේෂ්ඨ බව ද මැනවින් කියා පාන්නකි.
මෙයින් පෙනෙන්නේ තිලක් සේනාසිංහයන් සහ ඔහු අදහන රේ කර්ස්වෙයිල්ට වඩා ස්ටීව් ජොබ්ස් ආධ්‍යාත්මික වශයෙන් ඉතා ඉහළ මට්ටමක පසුවූ අයකු බවය. මේ අනුව අනාගත ලෝකයේ මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකරගත හැකි වන්නේ මේ ආකාරයට ආධ්‍යාත්මික යන්ත්‍රයක් නිර්මාණයෙන් නොව ආධ්‍යාත්මික සුවය තම හැකියාවෙන්ම සාක්ෂාත් කරගැනීමෙනි. ස්ටීව් ජොබ්ස් සිදු කළේ ද සියලු භෞතික යන්ත්‍රවලින් ඉවත්ව සිය ආධ්‍යාත්මික දියුණුව තමා විසින්ම සොයාගෙන යාමය. බැවින් ස්වකීය හැකියාවෙන් ආධ්‍යාත්මික දියුණුව ළඟා කරගත් බලවත් පුද්ගලයන් වර්තමානයේද හිඟ නොවන බව මෙයින් පසක් වෙයි.
අනුරාධපුර විජයාරාමයේ භික්ෂූන් වහන්සේලාගේ රූප දර්ශනය වීම වැනි සිදුවීම් පසුපස ඇති ආධ්‍යාත්මික කරුණු අනාගතයේ බිහිවන ස්ටීව් ජොබ්ස්ගේ පරපුරේ අනුගාමිකයන් විසින් හෙළිපෙහෙළි කරගනු ඇත. ඒ අනුව මිනිසා සිය විමුක්තිය කරා යා යුත්තේ තිලක් සේනාසිංහයන් හෝ රේ කරස්වෙයිල් පවසන පරිදි ආධ්‍යාත්මික යන්ත්‍ර යුගය, හෙවත් තවත් අයුරකින් පැවසුවහොත් මිනිසාගේ මළගම උදාකරන යන්ත්‍ර යුගය ඔස්සේ නොව ස්ටීව් ජොබ්ස්ගේ මාර්ගය ගැනීමෙනි. එය තමන්ගේ විමුක්තිය තමන් විසින්ම සපයා ගත යුතුය. අන්කවරකු ඊට පිහිට වේද?
‘අත්තා හි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝසියා’
යන බුදු වදන තවදුරටත් සනාථ කරවීමකි. මගේ අති ප්‍රබල විශ්වාසය අනුව මෙම මාර්ගය ඔස්සේ මිනිස් බුද්ධියේ අසිරිමත් විප්ලවයක් ඉදිරියේදී දැනගත හැකිවනු ඇත.
කෙසේ හෝ අනුරාධපුර විජයාරාම ආරාමික වනපෙතේ භික්ෂූන් දර්ශනය වීම පිළිබඳව ඉදිරියේදී ස්ථානීය ගවේෂණයක් කරන්නට මා බලා‍පොරොත්තුවෙන් සිටින අතර ඉන්පසුව මා ලත් අව්‍යාජ අත්දැකීම් එහිදී ‘ලක්බිම’ පාඨකයන් වෙත ගෙන ඒමට ද බලා‍පොරොත්තු වෙමි. එහිදී මා මිත්‍ර මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් හට ද මගේ එම ආ ධ්‍යාත්මික අත්දැකීම පිළිබඳව තම හේතුවාදී පාර්ශ්වයෙන් තවදුරටත් කරුණු දැක්වීමේ අවස්ථාවද  උදාවනු ඇත.

මෛත්‍රී වත ගොත

පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල  යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.
සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය.පසුව ඔහු ග්‍රාම නිලධරයෙක්  විය.
1971 අප්‍රේල් කරැල්ල සමඟින්  සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී  ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය.1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.
ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය.1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය.කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය.පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි.පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.
කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.
පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.
ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි.එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.
කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට  සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය.ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි.ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය.

රොෂාන් පිලපිටිය නැවතත් පෙම්වතෙක් වෙයි ?

ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වෙන රොෂාන් පිලපිටිය ආපසු පෙම්වතෙක්ලු. මේක දැක්කම ඔබ කලබල වුනා වගේ මේ ආරංචිය ලැබුණම අපි ටිකක් පුදුම වුනා.

මොකද රොෂාන්ගෙයි චතුරිකා පීරිස්ගෙයි වෙන්වීමෙන් පස්සේ ඔහු අපිත් එක්ක කීවේ තමන් කවදාවත් විවාහ වෙන එකක් නෑ, වයසට ගියාම පිටරට වැඩිහිටි නිවාසෙකට යනවා කියලයි.




රොෂාන් පිලපිටිය වැඩිහිටි නිවාසයක..

නමුත් රොෂාන් පිලපිටියගේ මේ අදහස් දැන් වෙනස්වෙලාලු. ඒකට හේතුවෙලා තියෙන්නේ රංගන ශිල්පිනියක් වන සුනාලි රත්නායක එක්ක රොෂාන් ගත්ත ඡායාරූප කීපයක් මේ වෙනකොට ෆේස්බුක් සමාජජාලයේ ප්‍රචාරය වන නිසා. ආරංචි වෙන මේ කටකතා වල ඇත්ත නැත්ත ගැන දැනගන්න හිරු රොෂාන් පිලපිටියට කතාකලා.





රොෂාන් පිලපිටිය හා රංගන ශිල්පිනිය පිළිබඳව ෆේස්බුක් අඩවියේ පලවන ඡායාරූප කීපයක් පහතින්....


අක්කාගේ පෙම්වතා හොන්ඩුරාස් රූ රැජින කපාකොටා වළදමලා

ලෝක රූ රැජින තරගයට සහභාගිවීමට නියමිතව  සිටි හොන්ඩුරාස් රාජ්‍යයේ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාදෝ ඝාතනය කළේ ඇයගේ සහෝදරියගේ පෙම්වතා බවට සැකපළ වී තිබෙනවා. එරට ආරක්‍ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඝාතනය සදහා පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධවී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බවයි.

රූ රැජිනට අමතරව ඇගේ වැඩිමහල් සොහොයුරියද කපාකොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වළ දමා තිබියදී සොයා ගැණුනා. ඒ, හොන්ඩුරාස්හි සැන්ටා බාබරා නගරයට ආසන්න ගංගාවක් අසල තිබියදීයි. සිරුරු සොයා ගැනුණේ ඔවුන් අතුරුදන්වී ඇතැයි තොරතුරු වාර්තාවී දින 6 කට පසුවයි.  ඝාතනයට ලක් වූ හොන්දුරාස් රූ රැජිනගේ වයස අවුරුදු 19 ක්. ඇය මෙලෙස ඝාතනයට ලක්වූයේ ලෝක රූ රැජින තරගාවලිය සදහා සහභාගිවීමට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතව තිබියදීයි.

ඝාතනයට ලක්වූ රූ රැජිනගේ සහෝදරිය සමග ඇගේ පෙම්වතා ඇති කර ගත් ආරවුලක් ඊට හේතු වන්නට ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් අතුරුදන් වූ රාතී‍්‍රයේ පැවැති සාදයකදී මෙම ආරවුල හටගෙන තිබුණා. එහිදී රූ රැජිනගේ සහෝදරිය වෙනත් පුද්ගලයකු සමග නර්තනයේ යෙදී තිබෙනවා. එය දුටු පෙම්වතා රූ රැජිනගේ සහෝදරිය සමග ඇති කර ගත් බහින් බස්වීම දුරදිග යාමෙන් ඝාතනය සිදුව තිබෙනවා. අක්කා සහ ඇයගේ පෙම්වතා අතර ඇති වූ ආරවුල විසඳීමට මැදිහත් වීමේදී රූ රැජිනද ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හලාවත වීදියේ මැතිවරණ උනන්දුව (video)



ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ වල ආධාරකරුවෝ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය පළ කරන්නට පටන් ගත්හ.
හලාවත නගරයට ගිය බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට නගරයේ එක් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් පෙළපාලියකින් ගමන් කරනු දක්නට ලැබුණි.
ජනාධිපතිවරයාට පක්ෂපාත සටන් පා‌‍ඨ කියමින් පෙළපාලියෙන් ගමන් ගත් ජනතාව කිරිබත් බුදිමින් සිටින ආකාරයත් එහි දක්නට ලැබුණි.
ප්‍රදේශයේ දේශපාලන නායකයෝත් ඊට එක් ව සිටියහ.

දේශපාලන උපායක්

මේ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට හලාවත සහ පුත්තලම නගරවල දී මුණ ගැසුණ තවත් ජනතාව කියා සිටියේ, මෙය අනවශ්‍ය ඡන්දයක් වන අතර ආණ්ඩුව මහජනතාව නොමග යවමින් බලය දිනා ගැනීමට උත්සාහ දරන බවයි.
හලාවත නගරයේ දී බීබීසී මාධ්‍යවේදියාට අදහස් දක්වමින් සුළු වෙළෙන්දෙක් කියා සිටියේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටී රටත් තමනුත් අමාරු තත්වයක සිටින මොහොතක ජනාධිපතිවරණයක් අනවශ්‍ය බවයි.
තවත් වසර දෙකක් තිබියදී ඉක්මන් ඡන්දයකට යාම ජනාධිපතිවරයා තමා තවත් පිරිහීමට පෙර ගත් උපක්‍රමයක් වන බවයි තවත් පුද්ගලයකුගේ අදහස් වුණේ.
මේ හදිසි ඡන්දය ඌවෙන් ලද පරාජය තවත් දරුණු අතට හැරීමට පෙර බිය මත ගත් දේශපාලන තීන්දුවක්ය යන්න තවත් හලාවත වැසියකුගේ අදහසයි
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ මහජනයා තුළ දේශපාලන පිබිදීමක් දක්නට ලැබුණ බවයි, ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දක්නට ලැබුණේ.

වීඩියෝව බලන්න
ඉහල තත්වයෙන්mp4 (30.7 මෙගබයිට්)
සාමාන්‍ය තත්වයෙන්mp4 (6.3 මෙගබයිට්)

හොදම පරාජිතයා කවුද කියලා අදින් පස්සේ දැන ගන්න පුළුවන් – ජනපති (VIDEO)

හෙළ උරුමය ගැන කියන්න ආ ජාතික පවුරට බාධා

ජාතික හෙළ උරුමයට සහය දැක්වීම සඳහා ජාතික පවුර සංවිධානය  කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බාධා එල්ලවුණා. ඒ, මරදාන සමාජ හා සාමූහික කේන්ද්‍රය අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා වෙන් කර ගෙන තිබුණද එය පැවැත්වීමට එහි පාලනාධිකාරිය ඉඩ ලබානොදීම හේතුවෙන්.  මෙම මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා ජාතික පවුර සංවිධානයේ කැඳවුම්කරු සුනිල් අලූත්ගේ සහ එහි කැඳවුම්කාර මණ්ඩලය නියෝජනය කරමින් තවත් සාමාජිකයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ සිටියා.

මෙහිදී සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසා ඇත්තේ යම් සංවිධානයකට විරුද්ධව අදහස් පළ කරන බවට තමන්ට ලද තොරතුරක් මත එම මාධ්‍ය හමුව පැවැත්වීමට එම අවස්ථාව ලබාදීමට නොහැකි බවයි. පසුව එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සමග එම ආයතනයේ පිවිසුම් දොරටුව අභියස සිට මාධ්‍යයට කරුණු දැක්වීමට ඔවුන්ට සිදුවුනා. එහිදී අදාළ මාධ්‍ය හමුව පැවැත්වීමට සමාජ හා සාමූහික කේන්ද්‍රය වෙන් කරගෙන තිබුණද ඊට බාධා එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික පවුර සංවිධානයේ ප‍්‍රධාන කැඳවුම්කරු සුනිල් අලූත්ගේ.

‘‘ආයතන ප‍්‍රධානියා මෙච්චර දවස් එකඟවෙලා ඉඳලා මාධ්‍ය ආවට පස්සේ බැහැ කියනවානම් ඒක බරපතල ප‍්‍රශ්ණයක්. එතුමාගෙන්ම අහන්න  ඕන කවුද කිව්වේ කියා තියන්න එපා මොකක්ද හේතුව කියලා. මොකක් හරි බලපෑමක්, තර්ජනයක් තියෙනවා කියන එකයි අපට තේරෙන්නේ.’’

මේ සම්බන්ධයෙන් පසුව මාධ්‍යවේදීන් සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ අශෝක් ස්ටීවන් පියතුමාගෙන් ද විමසීමක් කළා.  උන්වහන්සේ කියා සිටියේ...... ‘‘එක්තරා පුද්ගලයෙකු මට කථා කළා. පස්සේ මේ ශාලාව බුක් කළා. ඔහු මාව හොඳට දන්න කෙනෙක්. ශාලාව බුක් කළාම මම ඔහුට ශාලාව දෙන්න එකඟවුණා. ඔහු අපට යම් කිසි මුදලකුත් ගෙවන්න පොරොන්දු වුණා. අද ඔහුත් නැහැ. නමුත් මට යම්කිසි දුරකථන ඇමතුමක් ආවා. ඒගොල්ල කතා කරලා කිව්වා මේක යම් කිසි සංවිධානයකට විරුද්ධව කරන මාධ්‍ය සාකච්ඡුාවක් බව. ඊට පස්සේ මම කල්පනා කළා ආයතනයට යම්කිසි හානියක් වෙයිද කියලා.’’

කෙසේ වෙතත් සමාජ හා සාමූහික කේන්ද්‍රයේ පිටත සිට ජාතික පවුර සංවිධානයේ ප‍්‍රධාන කැඳවුම්කරු සුනිල් අලූත්ගේ මාධ්‍ය වෙත වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

 ‘‘මේ රටේ අද ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවාද කියන එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාවට පරමාධිපත්‍යය බලය අවශ්‍යයි. ඒක ලැබුනොත් පමණයි මේ රටේ නිදහසේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. ’’

මනමාලියගේ මූණ දැක මංගල දිනයේම දික්කසාද වූ මනමාලයා

අපේ රටේ චාරිත්‍රවලට අනුව නම් මුලින්ම මනමාලියගේ නිවසට ගොස් ඇය සමඟ කතාබහ කොට, ඇයගේ පවුලේ අය දැන හැඳිනගෙන විවාහ වීම සාමාන්‍ය දෙයකි. එසේ නමුත් සමහර විදෙස් රටවල සිදුවන්නේ ඊට වෙනස් ආකාරයේ චාරිත්‍ර වේ.

මේ ආකාරයෙන් මනමාලයා හෝ මනමාලිය මුලින් හමුනොවී විවාහ වූ යුවලකගේ මංගල දිනය සෝචනීය ලෙස නිමාවට පත්වූ පුවතක් සෞදියෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට

ලෝක වැසිකිළි දිනේදී රාජපක්ෂ සැලසුම් කරලා තියනවා රටම ගඳ ගහන වැඩකට අත තියන්න’ - අනුර කුමාර දිසානායක

‘ලෝක වැසිකිළි දිනේදී රාජපක්ෂ සැලසුම් කරලා තියනවා රටම ගඳ ගහන වැඩකට අත තියන්න’ - අනුර කුමාර දිසානායක

‘තමාගේ කුස්සියේ වැඩ කරන මනුස්සයා උනත් කමක් නැහැ අත්තනෝමතිකව අධිකරණයට පත් කරන්න පුළුවන්’- අතුරුලියේ රතන හිමි

අතුරලියේ රතන හිමියන් Newsfirst මැදිරියට පැමිණ කී දේ


ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්





හාමුදුරුවෝ බිත්තරය කැඩුවා -දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන්

විරුද්ධ පක්ෂය ‘දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට අසමත් වුනත්’ ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් පවසයි.
ඔහු තවදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව රට පුරා ක්ෂුද්‍ර සංවිධාන දහස් ගණනක් ගොඩ නැගී ඇති බවයි. - හඬ පටය අමුණා ඇත.‘ජනාධිපතිවරයා ඉතා ළඟ ළඟ තරඟයකින් දිනුවත් මීළඟ මහ මැතිවරණයෙන් වැඩි ඉඩක් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක් බිහි වෙන්න. ඒ ජයග්‍රහණය ජනාධිපතිවරයාගේ අත් ශක්තිමත් කරනවාට වඩා දුර්වල කරන්නයි හේතු වෙන්නේ. මම හිතනවා ජනාධිපතිටත්, ආණ්ඩුවටත්, රටටත් හොඳයි මේ ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා පරදින එක.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැවසීය.

‘හාමුදුරුවෝ බිත්තරේ කැඩුවා’

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ඉතා නිර්භීත ප්‍රවේශයකට එළැඹ ඇති බවයි.
‘ඇත්තටම ඒ හාමුදුරුවෝ බිත්තරය කැඩුවා. දැන් ඒ කඩපු බිත්තරය කුණු වෙන්න ඉස්සෙල්ල ඔම්ලට් එකක් තනා ගැනීම විරුද්ධ පක්‍ෂ ව්‍යාපාරවල අන් අයට බාරයි.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යයක් නොමැති බවත් 'සියලු අවුල් ඇති කරන වැදගත් බලවේගයක් බවට පත් වී ඇත්තේ' එම මාධ්‍යයම බවත් දේශපාලන විශ්ලේෂක සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේය.

ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතියට වාරණයක්


ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ පවසයි.
සිය චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට මුලදී අනුමැතිය පළ කර සිටි රැඟුම් පාලක මණ්ඩලය පසුව මෙවැනි තීරණයක් ගෙන ඇති බව සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.
අදාළ දර්ශන ඉවත් කිරීමෙන් සිය නිර්මාණය සම්පූර්ණයෙන්ම විකෘති වන බව පවසන අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ රැඟුම් පාලක මණ්ඩලයේ නව තීන්දුව සිය නිර්මාණය වාරණයට ලක් කිරීමක් ලෙසයි හැඳින්වූයේ.

ආදරය සහ අවබෝධය

“මේ චිත්‍රපටය පශ්චාත් යුද තත්වය විග්‍රහ කෙරෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇත්තටම ජාතීන් අතර එකිනෙකා අතර අවබෝධය වගේම ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක්. එය කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු ආයතනයකට එරෙහි චිත්‍රපටයක් නෙවෙයි" යනුවෙන් ප්‍රසන්න විතානගේ සිය සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.
කෙසේ නමුත් ඒ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා සංදේශයට වැඩි දුරටත් කියා සිටියේය.
මේ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකරගේ අදහස් දැන ගැනීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
 හඬපටය 

.මේ අය රෙදි ඇදගෙනද කතා කරන්නෙ -- අර්ජුන රණතුංග......පරාජයේ වගකීම තේරීම් කමිටුව භාර ගන්නවා - සනත් ජයසූරිය .......


ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!

 ලොව දිළිඳුම ජනපති ලෙස හඳුන්වනු ලබන උරුගුවේ ජනපති ජොසේ  මුජිකාගේ පැරණි වොක්ස් වැගන් බීට්ල් මෝටර් රථය මිලදී ගැනීමට අරාබි ෂීක් ජාතිකයකු ඉදිරිපත් වී ඇතැයි වාර්තාවේ. එම මෝටර් රථය අමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදීගැනීමට ෂීක් වරයා විසින් ලන්සුවක් ඉදිරිපත්කොට තිබේ.

සුව පහසුකම් වලින් තොර ඉතා සරල ජීවිතයක් ගත කරන ජනාධිපති ජොසේ  මුජිකාගේ සරල බවේ සංකේතයක් ලෙස මෙම වෝක්ස් වැගන් රථය සැලකේ. කෙසේනමුත් ජනපතිවරයා විසින් සිය මෝටර් රථය විකිණීම ප්‍රතික්ෂේප කොට තිබේ. එය යම් කිසි දිනකේ විකිනුවත් එම මුදල රටේ සුබ සිද්ධියට යොදන බව ජනපතිවරයා විසින් පවසා තිබේ.

2010 දී සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම අමෙරිකානු ඩොලර් 1800 පමණක් බවයි. ඔහු සතු එකම වත්කමද වන්නේ මෙම මෝටර් රථය පමණි.




චිත්‍රපටයක රූගත කිරීම් අතර සෙනාලීට ඇබැද්දියක්


බොරු වියදම් නැතුව අපි විවාහ වුණා... දුලීකා-සුජීව විවාහය ගැන කතා කරයි

කලා ලෝකයේ අපට ඉන්න දක්‌ෂ රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම ඉන්නා රංගන ශිල්පිනියක්‌ ලෙස දුලීකා මාරපන හඳුන්වා දිය හැකියි. පසුගිය දිනවල ඇය විවාහ වෙන්න යනවා කියලා කට කතා ගොඩක්‌ පැතිරුණා. ඇත්තටම දුලීකා විවාහ වෙන්න යනවාද? නැත්නම් දුලීකා මේ වන විටත් විවාහ වෙලාද? මේ කටකතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි දුලීකාව ඇමතුවා.

ò ඇත්තද ඔබ විවාහ වුණා කියන්නේ?

ඔව් අපි නීත්‍යානුකූල විදිහට විවාහ වුණා.

ò හොරෙන්ම බැන්දේ ඇයි?

කසාද බැන්දා කියලා රටටම අඬබෙර ගහන්න මට වුවමනාවක්‌ නැහැ.

ò ඇයි ඒ වෙනුවෙන් උත්සවයක්‌ ගත්තේ නැත්තේ?

මම උත්සවයක්‌ ගත්තා නම් ඒකට එන්නේ සීමිත පිරිසයිනෙ. ප්‍රේක්‌ෂකයන්ට සහභාගි වෙන්න බැහැනේ. ඒ නිසා මම ඒ සල්ලි යොදවලා ලෝරන්ස්‌ගේ මනමාලි වේදිකා නාට්‍ය කළා.

ò ඒකද ඔබේ විවාහ උත්සවය?

ඒක තමයි අපේ විවාහයේ මූලාරම්භය. බොරුවට සල්ලි කන වැඩ කරනවට වඩා ප්‍රේක්‌ෂකයින්ට රස විඳින්න පුළුවන් නිර්මාණයක්‌ බිහි කරන එක වටිනවා කියලයි මම හිතන්නේ.

ò දැන් ඔබේ පදිංචියත් මාරු කරලද?

මම කොහොමත් හිටියේ කෑගල්ලේ. විවාහ වුණත් මම ගෙදර යනවා. නමුත් අපි දෙන්නගේම වැඩ කරගන්න පහසු නිසා අපි කොළඹ නතර වෙලා ඉන්නවා.

ò දැන් ජීවිතය සම්පූර්ණයි කියලා දැනෙනවාද?

විවාහ වුණත් නැතත් මගේ ජීවිතය කවදත් සම්පූර්ණයි.

ò විවාහය කලා කටයුතුවලට බාධාවක්‌ නෙවෙයිද?

අපෝ නැහැ මට නම් තනිකඩ ජීවිතයටත් වඩා පහසුවක්‌ දැන් දැනෙනවා.

ò සැමියාගෙන් සහයෝගයක්‌ ලැබෙනවාද?

ඇත්තටම ඔව්. ඔහු නිසා දැන් මට කලා කටයුතු පෙරටත් වඩා සාර්ථකව කරන්න ලැබෙනවා.

ò බිරිඳක්‌ ලෙස වගකීම් ඉටු කරන්න දැන් ඔබත් සූදානම්ද?

කවදාවත් මම බිත්ති හතරට කොටුවුණ ගැහැනියක්‌ වෙන්නේ නැහැ. විවාහය කියන සම්ප්‍රදායික රාමුව තුළ කවදාවත් මම හිර වෙන්නේ නැහැ.

ò ඔබ සාම්ප්‍රදායික ගැහැනියක්‌ නොවේද?

නැහැ. මම සම්ප්‍රදායෙන් එහාට ගිය කාන්තාවක්‌. මට කලාව වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක්‌ පැවරිලා තියෙනවා. දුලීකා කියන්නෙ පිරිමි දහ දෙනෙකුගේ හයිය තියෙන ගැහැණියක්‌.

ò ඉදිරියේදී මවක්‌ වෙන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

විවාහ ජීවිතය තුළ එහෙම බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක්‌ නෙවෙයි මම. ඉදිරියට ඒ උත්තරීතර පදවියට මුහුණ දෙන්න වුණොත් මුහුණ දෙනවා. නමුත් සම්ප්‍රදායික රාමුව තුළ නම් කොටු වෙන්නේ නැහැ.

ò ඒ කියන්නේ ඔය දෙන්නගේ බැඳීම තියෙන්නේ කලාව පැත්තෙන් විතරද?

අනිවාර්යෙන්ම. අපට අවශ්‍ය කලාව පැත්තෙන් මතක හිටින විදියෙ නිර්මාණ අපට ආදරය කරන ප්‍රේක්‌ෂකයන්ට ලබා දෙන්නයි. මම නිකම් බොරුවට මූණ පෙන්නල හවසට සල්ලි බෑග් එකේ දාගෙන යන චරිතයක්‌ නෙවෙයි.

ò දෙන්නත් එක්‌ක ළඟදී අලුතින් නිර්මාණ කරන්නේ නැද්ද?

ලබන අවුරුද්දේ සාර්ථක චිත්‍රපටයක්‌ කරන්න බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ.

ò ඒකද විවාහ ජීවිතයේ අලුත්ම බලාපොරොත්තුව?

කලාවට හොඳ දෙයක්‌ කරල අද මැරුණත් කමක්‌ නෑ කියලයි අපි හැමදාමත් හිතන්නේ.

ශාලිකා තිලක්‍ෂණී

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive