ජනපතිවරණය සඳහා හෙට (08) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයටද විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවටද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ධාන රජයේ පාර්ශ්වකරුවන් වන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ මෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති පී. දිගම්බරන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්ය.විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මෙම 08 දා නාමයෝජනා බාර දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව ස්ථීර තීන්දුවක් ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට මතෛක් සාධනීය පිළිතුරක් නොමැති වීම නිසා තවදුරටත් රජයේ සිටිය යුතු නැතැයි එහි ඉදිරිපෙළ නායකයින්ගේ අදහස වී තිබේ.
එබැවින් මෙම 08 දා නාමයෝජනා ලබා දීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

0 comments:
Post a Comment