facebook like

උකුවෙල වලව්වේ උපාධිධාරිනිය ඝාතනයේ රහස් හෙළි වෙයි

මාතලේ උකුවෙල වරාපිටිය ප්‍රදේශයේ වලව්වක විසූ 24 හැවිරිදි උපාධිධාරිනිය අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සහෝදරයකුගෙන් පොලිසිය ප්‍රශ්න කොට තිබේ. එම නිවෙසේ උළුවස්සේ තිබූ ලේ සහිත ඇඟිලි සලකුණක්ද බිම ලේ තැවැරුණු, අඩි සලකුණු දෙකක්ද පොලිස් විද්‍යාත්මක පරීක්ෂණ නිලධාරීන් සොයාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මේ ඝාතනය දේපළ හා මුදල් ප්‍රශ්නයක්
මත සිදුකෙළේ දැයි පොලිසියට සැක මතුවී තිබේ.

පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ අබිරහස් ලෙස මියගිය එම තරුණියගේ පියාගේ මියයෑමත් අන්තිම කැමැත්ත මත අක්කර 60ක පමණ ඉඩම සහ තවත් දේපළ ඇයට හිමිවී තිබූ බවට අසල්වාසීන්ගෙන් තොරතුරු හෙළි වී ඇති බවයි.

මෙසේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ උපාධිධාරිනියක වන 24 හැවිරිදි ලලනී නදීෂා වරාපිටිය නමැති තරුණිය ඝාතනය වූ දිනයේ ඇය මව සිටි කාමරයේදී මොට්ට ආයුධයකින් පහරදී සිහිමුර්ඡා කොට ඇඳ ඇතිරිල්ලත් සමඟ ඇදගෙන ගිය සාහසිකයා එම ලේ තැවැරුණු ඇඳ ඇතිරිල්ල කුඹුරක් අසල දමාගොස් තිබියදී සහෝදරයකු විසින් සොයාගත් අවස්ථාවේ ඊට මීටර් 100ක් දුරින් නිරුවත්ව දමා තිබූ එම තරුණියගේ මළ සිරුර කිසිදු ඥාතියකුගේ ඇස නොගැටීමද පොලිසියට ප්‍රශ්නයක් වී ඇති බව පරීක්ෂණ නිලධාරීහු පැවැසූහ.
මේ තරුණියගේ අබිරහස් ඝාතනය පිළිබඳ ඇයගේ විදේශගතව සිටින සහෝදරයකුට දන්වා ඇත්තේ මාතලේ අලුවිහාරය ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

නිවෙස ආසන්නයේ කුඹුරු යායක් සහ ‍ෙදාළ පහරක් අසල තිබී හමුවූ ලේ තැවැරුණු ඇඳ ඇතිරිල්ල එක් සහෝදරයකු විසින් සොයාගෙන නිවෙසට ගෙනඒමෙන් පසුව තවත් සහෝදරයකු ඇය අතුරුදන්වී ඇති බව පවසා පොලිසියට දිවයෑම ගැනද පරස්පර විරෝධී සැක මතුවී ඇති බවද පොලිසිය පවසයි.
ඝාතනය සිදුවූ දිනයේ රාත්‍රි එම නිවෙසේ පැවැති බව කියන මංගල සාදයකදී කිසියම් සාහසිකයකු බීමත්ව සිට මේ තරුණිය අබිරහස් ලෙස ඝාතනය කර ඇද්ද යන්න ගැනද පොලිසියට සැක මතු වී තිබේ.

මේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් අවට ගම්මානවල පදිංචි ඇතැම් පුද්ගලයන්ගෙන්ද පොලිසියට රහසිගත තොරතුරු ලැබෙමින් තිබෙන බව පොලිසිය පැවැසීය.
මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක විමල් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ජී.ඩී.ජී.එස්. ධර්මකීර්ති යන මහත්වරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive