දහම් පාසල අවසන් වී නිවෙසට යමින් සිටි 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක පාළු තැනකට ඇදගෙන ගොස් අතවරයකට ලක් කිරීමට තැත් කළ දෙදරු පියකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
ඉකුත් 18 වැනි දින දහවල් 12.30ට පමණ කහදුව ප්‍රදේශයේදී දහම් පාසලකට ගොස් නිවෙසට එමින් සිටියදී මෙම දැරිය තණබද්දේගම පාළුවත්ත ප්‍රදේශයේ පාළු නිවෙසක වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් ඇය අතවරයට ලක් කිරීමට තැත් කරද්දී ඇය සමඟ ගිය කුඩා දරුවා
අසල්වැසියන්ට කළ දැනුම් දීම අනුව මෙම දැරිය දූෂකයාගෙන් බේරාගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීන් පොලිසියට කියා ඇත.
ඇත්කඳුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය දහම් පාසල් අවසන් වී අසල්වැසි නිවෙසක වයස අවුරුදු 08ක පමණ කුඩා දරුවකු සමඟ පාපැදියක නැඟී නිවෙස බලා යමින් සිටියදී ඔවුන් පසුපස තවත් පාපැදියකින් යමින් සිටි අදාළ සැකකරු දරුවන් යන මඟ අවහිර කර දැරිය අසල පාළු නිවෙසේ වැසිකිළියක් වෙත ඇදගෙන යද්දී කුඩා පිරිමි දරුවා එතැනින් බේරී දුවගොස් ඇතැයිද පොලිසිය කියයි.
දිව ගිය කුඩා දරුවා කෑ ගසමින් අසල්වැසියන්ට මේ සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් පසුව පිරිස පැමිණ දැරිය බේරාගැනීමට සමත් වී ඇත.
අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කළ පොලිසිය දැරිය ඇඳ සිටි දහම් පාසල් ඇඳුමේ සැකකරු ඉරා දැමූ කොටස් හා කොණ්ඩා කටු, එම ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ දැරිය ඇල්පිටිය මූලික රෝහලට වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධව දැරියගේ මිත්තණිය හා මව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා 37 හැවිරිදි දෙදරු පියකු වූ සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති රොහාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ජී.පී. සිල්වා, උ.පො.ප. අශෝක, පො.සැ. අජිත් (50693) යන නිලධාරීන් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

0 comments:
Post a Comment