facebook like

මංකොල්ලේ සැකකරු රොයිස් ප්‍රනාන්දු දිනුම්........ රතුපස්වල නියමුවෝ ජන්දෙන් පැරදෙති

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ රතුපස්වල පානීය ජල ප්‍රශ්ණය ඉදිරියට ගෙන ගිය සුප්‍රසිද්ධ චරිත වන මහර ප්‍රාදේශිය සභා මන්ත්‍රි හා සියනෑ ජල සුරැකුම් සංවිධානයේ කැඳවුම්කරු වූ ප්‍රමිත හෙට්ටිආරච්චි සහ නීතිඥ උපුල් දේශප්‍රිය යන මහත්වරුන් පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් වී තිබේ. ඒ වගේම පසුගිය කාලයේ විවිධවිරෝධතා ඉදිරිපත් කරමින් කැපී පෙනුන පළාත් සභා මන්ත්‍රි මේජර් අජිත් ප්‍රසන්න (ගාල්ල) මෙන්ම කපිතාන් ප්‍රදීප් පෙරේරා යන මහත්වරුන්ටද මෙම ජන්දයේ දී අන්ත පරාජයකට මුහුණ දෙන්නට
සිදු වී ඇත.
මෙවර පළාත් සභා මැතිවරණය දෙස බැලීමේ දී පසුගිය කාලයේ සමාජයේ කැපී පෙනුන එවැනි ප්‍රසිද්ධ චරිත රැසක් අත්පත් කර ගෙන ඇත්තේ පරාජය බව පෙනේ.දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරි විජේවික්‍රම මහතාට මාතර එජාප ලැයිස්තුවේ හිමි වී ඇත්තේ හය වැනි තැනයි. එජාපය මෙවර මාතරින් දිනා ඇත්තේ ආසන හතරකි. ඒ වගේම මාතර හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි   එච්.ආර්.විමලසිරි මහතා ද පරාජයට පත් වී තිබේ.
ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන කොමියුනිස්ට්, සමසමාජ, ජාතික හෙළ උරුමය මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් රැසකට මෙවර ජන්දයේ දී පරාජය අත් වීය.හෙළ උරුමයේ තෙබුRoisවන පියනන්ද හිමි (කළුතර) ඇතුළු ගායක මධුමාධව අරවින්ද (ගම්පහ) විමල් වීරවංශ ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික නිදහස් පෙරමුණේ ඉන්ද්‍රජිත් විජේවර්ධන (ගාල්ල) ලලන්ත ගුණසේකර (ගම්පහ) දර්ශන මල්ලව (ගම්පහ),ප්‍රියන්ත බෙල්ලන(කලුතර)පරාජයට පත් වූ ආණ්ඩුවේ පාර්ශවකරුවන් කීප දෙනෙකි.
පළාත් සභාව විසි පස් වසරක් නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂයේ ගා.දේනෙත්ති (ගාල්ල) ශ්‍රිලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ, කැළණිය එජාප සංවිධායක බෙවන් පෙරේරා,කිත්සිරි මංචනායක, අත්තනගල්ල එජාප සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්, එජාපයේ උපුල්දේව වනවාසල යන ජනප්‍රිය චරිත මෙවර ජන්දයේ දී පරජයට පත්වීම විශේෂ සිද්ධියක් වී තිබේ.
රුපියල් දෙකෝටියේ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන මීගමුව එජාප සංවිධායක සහ මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා ජන්දයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වීම විශේෂ සිද්ධියකි.

මිහිරි ෆොන්සේකා

හම්බන්තොට වැඩි ම මනාප ගත් ඩී.වී. උපුල් ආධාරකරුවන්ට ගුටි පූජාවකින් කලගුණ සැලකු අයුරු (Video)

දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ඡන්ද හිමි කරගත් ඩී.වී. උපුල් මහතා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සිය ආධාරකරුවන්ට සැලකූ ආකාරය
ඔහුට සුබ පැතීම සඳහා රැස්ව සිටි දහස් ගණනක් ආධාරකරුවන්ට වඩා ඔහුට සිය මෝටර් රථය වටිනා බවක් එහිදී දිස් විය.
ඔහු එහිදී රැස්ව සිටි පිරිසට තඩි බෑවේ, සතුරන් පිරිසකට
මෙනි.

එහෙත් ඔහු වටා සිටියේ, ඔහු වෙනුවෙන් දහදිය හෙළා වැඩි ම මනාප ගැනීමට වෙහෙසුණු ආධාරකරුවන් පිරිසකි.මැතිවරණයට පෙර ද ඔහු අවස්ථා දෙකකදී අත්අඩංගුවට පත් විය.

කොළඹ දිස්ත්‍රික්කය මනාප ලද්දෝ




















එක්සත් ජනතා නිදහස් සන්ධානය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර                        139034
උදය ප්‍රභාත් ගම්මන්පිල                    115638
හේවාමාතරගේ උපාලි කොඩිකාර         47822
රොජර් සෙනවිරත්න                           44011
කුමාරතුංග මල්ෂා                              43324
රසික මංජුල බුද්ධදාස හේවගේ            37125
සලෝචන ගමගේ                              33495
ගාමිණි තිලකසිරි                               31542
අල්මේදා මහේෂ්                                30191
ආරච්චිගේ දොන් ජගත් කුමාර              29499
හෙක්ටර් බෙත්මගේ                           28666
ජනක දීපාල් වැලිවත්ත                       27578
එදිරිසිංහ ආරච්චිගේ ඉසුරු දේවප්‍රිය       26164

උඳුගොඩ ප්‍රදීප් රූපසිංහගේ                  26031
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ                        24942
පුෂ්පකුමාර අමල් සිල්වා                      24433
සුනිල් ජයමිණි                                   23832
තුෂාර වජිර පෙරේරා                           23423
එක්සත් ජාතික පක්ෂය
එස් එම් මරික්කාර්                             67243
මංජු ශ්‍රී අරංගල                                 45654
මුජිබර් රහුමාන්                                42126
නිරෝෂන් පාදුක්ක                            33846
එල් කරුණාරත්න                             32911
එම් ෆයිරූස්                                      32542
ශ්‍රීනාත් පෙරේරා                                27942
ජයන්ත ද සිල්වා                               24450
මේනක දමයන්ත                              23586
අනුරාධ විමලරත්න                           21205
උදාර රත්නායක                               20165
රොඩ්නි ප්‍රෙෂර්                                 19643
ජනතා විමුක්ති පෙරමුණ
කේ ඩී ලාල් කාන්ත                          45460
ලක්ෂ්මන් නිපුනආරච්චි                      9528
සුනිල් වටගල                                   8980
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
සුසිල් කිඳෙල්පිටිය                             32918
නිමල් ආර් පීරිස්                                14822
නලින් ප්‍රදීප් උඩවෙල                         13653
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
එම් ගනේෂන්                                    28558
එස් කුහවර්ධන්                                  14088
සමස්ත ලංකා මහජන කොංග්‍රසය
මොහොමඩ් ෆායිස්                             1670

කොළඹ මුලට හිරුණිකා -මරික්කාර් - ලාල් කාන්ත

මැතිවරණය පැවැත් වූ සියලූ දිස්ති‍්‍රක්කවල මනාප ප‍්‍රතිඵල මේ  වන විට නිකුත් කරතිබේ. කොළඹ දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට ප‍්‍රථම ස්ථානය හිමිව ඇත. ඇය මනාප ඡන්ද එක්ලක්ෂ තිස් නවදහස් තිස් හතරක් ලබා සිටී. දෙවන ස්ථානය හිමිව තිබෙන්නේඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ කණ්ඩායම් නායකයා වූ උදය ගම්මන්පිල
මහතාටයි. ඔහුට හිමි මනාප ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ පහළොස් දහස් හයසිය තිස් අටකි. උපාලි කොඩිකාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වැනි ස්ථානයට පත්ව තිබෙන්නේ මනාප ඡන්ද 47,882ක් ලබා ගනිමිනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ පළමුවැන්නා වී සිටින්නේ එස්.එම්.මරික්කාර් මහතාය. ඔහු මනාප ඡන්ද සංඛ්‍යාව 67,243ක් ලබා සිටී. මංජු ශී‍්‍රඅරංගල මහතා මනාප ඡන්ද 45,654ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් දෙවැන්නා වී තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ මනාපඡන්ද 42,126ක් ලබා ගත් මුජබර් රහුමාන් මහතාටය. ජනතාවිමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට තරග වැදුණු කේ.ඞී.
ලාල් කාන්තමහතා මනාප ඡන්ද 45,460ක් හිමිකරගෙන සිටී.

මධු මාධවටත් පරාජය නන්දන ගුණතිලකත් එළියේ...රවීන්ද්‍ර යසස් ට ජය

පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පරාජයට පත්ව තිබේ.ඒ මහතා ලබා ඇති මනාප ගණන 24727කි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කලුතර දිස්ත්‍රික්කයට තරග කළ නන්දන ගුණතිලක මහතාද පරාජයට පත් වී තිබේ.18044ක් වූ ඔහුගේ මනාප ප්‍රමාණය ජයග්‍රාහී ලැයිස්තුවට එක් වන්නට ප්‍රමාණවත් වී නැත. නන්දන ගුණතිලක මහතා 1999 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ
ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ද තරග කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළ රංගනවේදී ජගත් බෙනරගම මහතාද පරාජිත ලැයිස්තුවට වැටී සිටී. කෙසේ වෙතත් එම පක්ෂයෙන් කලුතරට තරග කළ රංගවේදී රවීන්ද්‍ර යසස් මහතා ඡන්ද 12885ක් ලබා ජයගෙන සිටී. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹට තරග කළ රංගනවේදී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ජයගෙන ඇත්තේ මනාප 13653ක් ලබා ගෙනය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ කලාකරුවන් දෙදෙනෙක් ජය ලබා සිටී.ඒ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ රොඩ්නි ප්‍රෙෂර් සහ උදාර රත්නායකයි.

.ප්‍රේමදාසගෙ නංගී ඥානවතී සහ සජිත්ගෙ නංගී දුලාංජලී

සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ප්‍රේමදාස හොර නෝට්ටු පටලැවිල්ලකට හසුවී ඇතැයි කියන කතාව පැතිරයන විටම සජිත් සහ දුලාංජලීගේ පියා රණසිංහ ප්‍රේමදාසට ඔහුගේ නැඟණිය ඥානවතී නිසා වෙච්ච ඇබැද්දියක් ගැන මතක් විය. මේ ඇබැද්දිය වුණේ 1970 මුල් කාලයේය. මේ ඒ ඇබැද්දිය ගැන ප්‍රේමදාසගේ ගෝලයකු වන සිරිසේන කුරේ සන්ඩේ ලීඩර් පත්තරයට කිව්ව කතාවකි.

"70 මුල් කාලයේ අපූරු සිද්ධියක් වුණා. ඒ සිද්ධිය
ප්‍රේමදාස මහත්තයාට ලොකු බලපෑමක් කළා. ඒ කාලේ එතුමාගේ නැඟණිය අල්ලස් ගත් බවට චෝදනාවක් නැඟුණා. ඒ නිවුස් එක ආරංචි වුණාම ප්‍රේමදාස කඩාගෙන වැටුණා. මම එතුමාව ඒ විදියට වැටිලා ඉන්නට ජීවිතේට දැකල නැහැ. දෝෂාභියෝගයේදීවත් එතුමා ඒ විදියට වැටිලා හිටියේ නැහැ. එතුමා එතුමාගේ නැඟණිය කරපු වරද මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නැහැ. එතුමා තමාගේ නිවෙසේම පදිංචි වෙලා ඉන්න නැඟණිය මොකක් හරි වරදක් කරන්න ඇති කියල හිතුවා. තමා ඒ වරද නොදන්නවා කියල මිනිස්සු විශ්වාස නොකරයි කියල එතුමාගේ හිත කිව්වා. එතුමා හැම වෙලාවෙම මුල් තැන දුන්නේ අවංකකමට. එතුමාගේ අරමුණුවලටත් වඩා මුල්තැන දුන්නේ අවංකකමට. විශ්වාසවන්තකමට.

ඒ නිසයි තම නැඟණිය අල්ලසක් ගත්ත කියල එල්ල වුණු චෝදනාවට එතුමා මන්ත්‍රි ධුරයෙන් අස්වෙන්න තීරණය කළේ. ඒ දවස්වල අල්ලස් ගැනීම බොහොම බරපතළ චෝදනාවක්. "මම ගොඩනඟාගත්ත හැම දෙයක්ම නැති වුණා වගෙයි" එතුමා කීවේ බොහොම වැටිලා. මට තාම ඒ දවස හොඳට මතකයි. එදා උදේ එතුමා මට කෝල් කරල කිව්වා උදේම ඇවිත් හමුවෙන්න කියල. එතුමා හදිසියේ කී නිසා මම කී හැටියේම පිටත් වුණා. මම දැක්කා එතුමා බොහොම වැටුණ ස්වරූපයෙන් ඉන්නවා. එතුමා කොණ්ඩය පීරන්නේ නැතිව බැනියමක් ඇඳගෙන ඉන්නවා පළමුවරට දැක්කේ එදායි. "ඔබ පත්තර කියෙව්වද?" එතුමා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වාම එතුමා ඇහුවා ඔබ මේ නිවුස් එක කියෙව්වද කියලා. මම ඔව් කිව්වා. "ඔබ හිතන්නේ මේ නිවුස් එකේ කියන්නේ කා ගැන කියලදැයි එතුමා මගෙන් ඇහුවා. "මම දන්නේ නෑ හැබැයි මම හිතුවේ සුගතදාසගේ සහෝදරිය ගැනයි" කියල මම කිව්වා. "නෑ මේ කියන්නේ මගේ නංගි ගැනයි..." එතුමා කිව්වා. එතකොට එතුමා කිව්වා තමා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා කියල.

"ඇයි ඔබතුමා එවැනි අන්තවාදී තීරණයක් ගන්නේ. ඔය පත්තරේ තියෙන්නේ හිටපු ඇමැතිගේ සොයුරියක් කියලයි. නමවත් නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ ඔය කියන්නේ ඔබතුමාගේ සහෝදරිය ගැන කියල" යැයි මම කිව්වා. "මම පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ ඩඩ්ලි සහ ජේ.ආර්. එක්ක. ඔවුන් මේ පත්තර කියවයි. ඔවුන් කවුද මේ හිටපු ඇමැති කියල සැක පහළ කරයි. මම දන්නවාද කියල මගෙන් අහයි. එතකොට මම මොනවද කියන්නේ? මම දන්නේ නැහැ කියන්නද? මට ඇත්ත කියන්න වෙනවා" එතුමා කියාගෙන ගියා. "ඔබ කොහොමද හරියටම මේ ඔබගේ නංගී කියල කියන්නේ?" යැයි මම එතුමාගෙන් ඇහුවා. "ඔබ දන්නවද අද උදේ වුණ දේ? මේ නිවුස් එක දැක්කාම මම කලබල වුණා. මම නංගිට එන්න කිව්වා. මගේ අම්මා කිව්වා නංගි ඊයේ මෝදර නැන්දාගේ ගෙදර ගිහින් තවම ආවේ නැහැ කියලා. මේක මගේ ඔළුවේ වැඩ කළා. මොනවා හරි වැරැදි දෙයක් කරල තියෙනවා කියල මට දැනුණා. මම නැන්දාගෙ ගෙදරට කතා කරල නංගිට කතා කළා. මම ඇහුවා පත්තරය පෙන්නල මේ කියන්නේ ඔයා ගැනද කියලා. ඇය අඬන්න පටන්ගත්තා. එතකොටයි මම වැඩේ දැනගත්තේ. මගේ අතින් දුරකතනය වැටුණා. මට කතා කරගන්න බැරි වුණා. ඔවුන් මෙය දැනගත්ත දවසට මා ගැන මොනවා හිතයිද? මම ඉල්ලා අස්වෙනවා" එතුමා කීවා. මම ඒ තීරණයට විරුද්ධ වුණා. ඒ තීරණයෙන් එතුමාගේ දේශපාලන ජීවිතයට හානියක් වෙයි කියල මට හිතුණ. "ඒක වරද පිළිගැනීමක්. අපි පාර්ලිමේන්තුවට ගිහින් මේ කතාව කියමු. මේ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් තියන්න කියල ඉල්ලමු. ඒක ඉල්ලා අස්වෙනවාට වඩා හොඳයි..." මම එතුමාට කීවා. "ඔබට කියන්න පුළුවන්ද මේ චෝදනාව ඔබගේ නංගීි පටලවලා ඔබට මඩ ගහන්න හදපු එකක් නෙවේ කියල. අපි ඒ පැත්තත් හිතන්න ඕනා. ඔබට මඩ ගහන්න ඔබේ නංගිව පාවිච්චි කරල මේ වැඩේ කළා වෙන්න පුළුවන්" මම එතුමාට පැහැදිලි කරල දුන්නා. එතුමා එවිට ඒකට එකඟ වුණා. අපි පාර්ලිමේන්තුවේ කරන්න ප්‍රකාශයක් හැදුවා. මම තමයි ඒක ටයිප් කළේ. එතකොට පාර්ලිමේන්තුව සෙනසුරාදාත් රැස්වෙනවා. අපි ගියේ සෙනසුරාදා දවසක. අපි කෙළින්ම පාර්ලිමේන්තු මහලේකම් හමු වුණා. ප්‍රේමදාස මහත්තයා සිද්ධිය කියල එතුමාට ප්‍රකාශයක් කරන්න අවසර ඉල්ලුව. "ඇයි ඔබ මෙය කළ යුත්තේ?" සෑම් ඇසුවා. ඩඩ්ලි සහ ජේ.ආර්.ට මේ කතාව කිව්වමත් ඔවුන් ඇහුවෙ ඒ ප්‍රශ්නයමයි. ඔවුන්ට තේරුණා ප්‍රේමදාස මහත්තයාගේ අවංකකම. ඒත් එතුමා තමන් ගත් තීරණයේම හිටියා. කතානායකගෙන් අවසර ඉල්ලලා එතුමා ප්‍රකාශය කළා."

මේ සිරිසේන කුරේ 2002 අගෝස්තු 11 සන්ඩේ ලීඩර් පත්තරයට කී කතාවය.
ප්‍රේමදාසගේ නැඟණියට පමණක් නොව ප්‍රේමදාසගේ පවුලටම එකල 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව මඩ ගැසුවේය. මේ මඩ අනල ගැහුවේ බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා අනුර ගහපු 'අද' නම් වූ මඩ පත්තරයෙන්ය. වරක් ප්‍රේමදාස සිංගප්පූරුවේ ආණ්ඩුවේ ආරාධනයෙන් එරට සංචාරයක ගිය විට අද පත්තරය මඩගැසුවේ "ආව් ආව් සිංගප්පූර් ප්‍රේමේ" කියල පත්තරයේ හෙඩ්ලයින් දමලාය. කෙහෙල්වත්තේ ඉපදුණු ප්‍රේමදාසලා සිංගප්පූරු ගියාම අනුරට හරියට රිදුණි.
හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ සුනේත්‍රා බණ්ඩාරනායක නවදිල්ලි හෝටලයේ ලොකු ඇබැද්දියකට (ඇබැද්දිය මෙහි ලිවිය යුතු නොවේ) මුහුණපෑවාය. සුනේත්‍රා ජේ.ආර්.ට කතා කොට ඇබැද්දිය කියා එය රහසක් ලෙස තබාගන්නා ලෙසට ඉල්ලීමක් කළාය. ඒ වෙනකොටත් ප්‍රේමදාසට එය ආරංචි වී තිබිණි. ජේ.ආර්. ප්‍රේමදාස කැඳවා ඒ ගැන කතා නොකරන ලෙස අවවාද කළේය.

ලොකු ලොකු මිනිස්සු ලොකු ලොකු පවුල්වල ඒවා හංග ගන්නේ එසේය. ප්‍රේමදාසගේ වැනි පොඩි මිනිහාගේ පවුලකට ඇබැද්දියක් වූ විට හැමෝම එය උලුප්පා පෙන්වති. දුලාංජලී ජයකොඩි හොර නෝට්ටු බැංකුවට දමන්න ගියේ හොර නෝට්ටු බව නොදැනය. පොලිස් ප්‍රකාශකයා එය තහවුරු කළත් මහින්ද ඉන්න වේදිකාවේ ඇමැතිවරු සජිත් පන්සල්වලට බෙදන්නේ හොර නෝට්ටු යැයි කියමින් සමච්චල් කළහ. දුලාංජලීගේ හොර නෝට්ටු සිද්ධිය ලොකු පුවතක් කරගෙන කරේ දමාගත්තේ රනිල්ගේ මාමාගේ ලංකාදීප පත්තරයය. ප්‍රේමදාස ජීවත්ව සිටියදී ඔහුට ගැහුවේත් මේ ලංකාදීප පත්තරයය. එකල ඔසී අබේගුණසේකර කිව්වේ ප්‍රේමදාස ජනාධිපතිකම රැකගන්න කන්‍යාවියන් බිලි දෙනවා යැයි කියා විපක්‍ෂය ගොතපු මඩ කතාව ඇත්ත කරන්න ලංකාදීප පුවත්පත හැමදාම වයස අවුරුදු 18ට අඩු දැරිවියන් අතුරුදන් වෙනවාය කියා බොරු පුවත් හදල දමපු බවය. ප්‍රේමදාස ඝාතනය වුණාම රනිල්ගේ මාමලාගේ ලංකාදීපය හිතුවේ යූ.ඇන්.පී.ය කෙහෙල්වත්තෙන් යළි කුරුඳුවත්තට ආවා කියලාය. ලංකාදීප හිමිකරුගේ පුත් රුවන් විජයවර්ධනව යූ.ඇන්.පී.යේ ඔටුන්න හිමි කුමාරයා ලෙස බෞතීස්ම කරන්න දත කෑවේ ඒකය. ඒකට පරහට සිට ඇත්තේ සජිත් ප්‍රේමදාසය. දැන් දුලාංජලීගේ හොර නෝට්ටු සිද්ධිය අල්ලාගෙන ලංකාදීපය සජිත්ව විනාශ කරන්න දතකයි. රජයේ මාධ්‍ය කියන්නේ සජිත්ට කළ කම් පලදීලා කියලාය. මේ දවස්වල සජිත්ව විනාශ කරන්න ලංකාදීපයයි රජයේ මාධ්‍යයි රජය විසින් හසුරුවන නිදහස් යැයි කියාගන්නා මාධ්‍යයකුත් බරටම වැඩය.

යූ.ඇන්.පී.ය කුරුඳුවත්තේ තියෙනකොට ලංකාදීපයට හරි වාසිය. යූ.ඇන්.පී.ය කෙහෙලේවත්තේ තියෙන කාලයේ ප්‍රේමදාස පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා මුද්‍රණය කරන්න පක්ෂයට මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගත්තේය. යූ.ඇන්.පී.ය කුරුඳුවත්තට ආවාට පසු රනිල් මුද්‍රණ යන්ත්‍රණය විකුණා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා මුද්‍රණය මාමාගේ ලංකාදීප පත්තර මුද්‍රණාලයට භාර දුන්නේය. සජිත් ආවොත් ආපහු ඒ වාසි නැති වනු ඇත.
"මාව ඝාතනය කරන්න මම බොහොම අමාරුවෙන් හදාගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා. සත්‍ය කවදා හෝ ජය ගනී."
මේ ප්‍රේමදාස මැරෙන්න පෙර දින ඇස්වල කඳුළු පුරවගෙන ලංකාදීපය ඇතුළු විපක්ෂයේ මඩ ෆැක්ටරියෙන් කළ කාරුණික ඉල්ලීමය. ප්‍රේමදාස ඝාතනය වූ දින මොවුන් ජය පැන් බොන්න ඇත. හැබැයි ඔවුන්ට හඬන්න වෙන දවස අත ළඟය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

හම්බන්තොට පුරපති පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීම ගැන විශේෂ පරීක්ෂණයක්

පසුගිය සති අන්තයේ හම්බන්තොට නගරාධිපතිවරයා සමඟ පැමිණි පිරිසක් අම්බලන්තොට පොලිසියට කඩාවැදී පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුටද පහරදී පලායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
 එම සිද්ධිය වූ ආකාරය
පිළිබඳව කඩිනමින් වාර්තාවක් එවන ලෙස පොලිස්පතිවරයා එම ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කොට ඇතැයි  උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

 මේ සිද්ධිය සම්බන්ධයෙන් ’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙය  නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද පහරක් බවයි. ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගෙන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
 දැනට වසර තුනකට පෙර මෙවැනි අන්දමේ සිද්ධී වාර්තා වූ නමුදු මෙවැනි බරපතළ සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.
එම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳවද විශේෂයෙන් සොයා බලනු ඇත

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පොලිසිය ඇතුලට ඇවිත් මට ගැහුවා......පොලිසියටත් ගැහුවා

ධනංජය සිරිවර්ධනගේ විවාහයට සියල්ල සූදානම්?

ධනංජය සිරිවර්ධනගේ විවාහයට  සියල්ල සූදානම්?
ඔව්, 2014 අප්‍රේල් 04 වැනිදා කොළඹ රිංග්ස්බරි හෝටලයේ දී මගේ මංගල උත්සවය පැවැත්වෙනවා.
 ඔබ එදාට සැරසෙන්නේ...?
මම ඉස්සර ඉඳලාම බටහිර පන්නයට ටිකක් කැමතියි. මංගල්‍යයේදීත් බටහිර ගණයේ මනාලයකු විදියට තමයි සැරසෙන්නේ. මගෙ ඇඳුම නිර්මාණය කරන්නේ. මාල් ප්‍රනාන්දු  වෙතින්.
 ඔබේ මනාලිය
ඇයත් වේල් එක දාලා
සැරසෙනවා. චරිත් විජේසේකර තමයි ඇගේ ඇඳුම් නිර්මාණය කරන්නේ. ඇයව හැඩ ගන්වන්නේ. “සැලෝන් අයි“ එකේ ඉන්දික විසිනුයි. මීට අමතරව මධුසමය සඳහා පිටත්ව යද්දි ඉන්දියානු
ආභාෂයට හුරු ඇඳුමක් තමයි අඳින්න හිතාගෙන ඉන්නේ.
 මංගල උත්සවය පැවැත්වෙන ආකාරය පවසනවා නම් ...
උදේ සුබ නැකතට ‍පෝරුවේ චාරිත්‍ර සිදුකරනවා. දේශීය සිරිත් විරිත් අනුව තමයි සියල්ල සිදුවන්නේ. අපි දෙන්නා ගැන හොඳින්ම දන්නේ අපේ අම්මලා. අපි ගැන හොඳම සාක්ෂිකරුවෝ ඒ අය. ඒ හිංදා මා වෙනුවෙන් සාක්ෂියට අත්සන් කරන්නේ මගෙ අම්මා. මගේ මනාලිය වෙනුවෙන් ඇගේ අම්මා සාක්ෂියට අත්සන් කරනවා.
 දෙවැනි මනාලයත් දෙවැනි මනාලියත් කලා ලෝකයේ අයද?
මගෙ මනාලිය ගුවන් සේවිකාවක්. ඇගේ මිතුරියන් වන ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ ඇගේ නංගි මනාලියගෙ යෙහෙළියන් විදියට ඉන්නවා. මගේ යහළුවන් විදියට ඉන්නේ සුරාජ් මාපා, පුබුදු චතුරංග සහ ශෂිනිගෙ මල්ලි.
 මංගල උත්සවයේ කටයුතු හිංදා ධනංජය මේ දවස්වල කලාවෙන් ටිකක් දුරස් වෙලා නේද ඉන්නේ...?
අන්තිමට දායක වුණේ “සත් පියවරු” නාට්‍යයට. මගේ මංගල උත්සවයෙ කටයුතුයි මධු  අයියගෙ දේශපාලන කටයුතුයි හිංදා මේ දවස්වල කලාකටයුතු වලින් ටිකක් දුරස් වුණා. ශෂිනිත් මේ දවස් වල ලංකාවට ඇවිත් හිටියත් මේ වැඩකටයුතුවලට කාර්ය බහුල වෙලා ඉන්න හිංදා අපි දෙන්නත් මුණ ගැහෙන්නෙ නැති තරම්. මේ සියලු කටයුතු සාර්ථක කරගන්න ගොඩක් වෙහෙසෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ වෙඩින් එකේ සියලුම සැලසුම් කරන  එකේ චාම් ද සිල්වා.
 විවාහයෙන් පස්සේ දෙදෙනාම ටික දිනකට විදෙස් ගත වෙනවාද?
ශෂිනිගෙ වෘත්තිය අනුව එයාට නිතරම ඉන්න වෙන්නේ ලංකාවෙන් පිට. ඒ හිංදා ඇයට ලෝකයේ සුන්දරම ස්ථානය ලංකාව. අපි අපේ මධුසමය සඳහා ලංකාවම තෝරා ගන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ අතරේදී දවස් කිහිපයකට හරි විදෙස් රටකට යනවාද කියලා තාම තීරණය කරලා නැහැ.
 අලුත් ජීවිතය අරඹන්නේ අලුත්ම නිවහනකද?
රැකියා ගිවිසුම් අනුව ශෂිනිට තව අවුරුදු කිහිපයක් ලංකාවෙන් පිට ඉන්න සිදු වෙනවා. ඇය ලංකාවේ ස්ථිරව පදිංචි වුණාම තමයි අපි දෙන්නගෙම නිවහනක් ගැන හිතන්නේ. දැනට අපි හිතාගෙන ඉන්නේ බැන්දට පස්සේ අම්මලා  එක්ක ඉන්න.
 ධනංජයගෙ කලා කටයුතු ගැන කතා කළොත්
කලා කටයුතු වගේම මගේ ජීවිතේ සෑම සියලු කටයුත්තක්ම සුපුරුදු විදියටම සිදු කෙරෙනවා.
 රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ
හැමදාම මගෙත් එක්ක හිටපු හැම අවස්ථාවේ මට සුබ පතන්න මාත් එක්ක එකතු වන බව මම දන්නවා. ඒ අයගෙ සුබ පැතුම තමයි මගෙ මංගල්‍යයේදී මම ලබන ලොකුම තෑග්ග . මගෙ රසික රසිකාවියන්ට කියන්න ධනංජය සිරිවර්ධනගෙ දීර්ඝ කාලීන ළමා කාලය 4 වැනිදා නිමා වෙනවා කියලා.
දධනංජය ගේ ළමා කාලය ගැන කතා කරද්දි ධනංජයගෙ අම්මා කිව්වා දැනටත් ධනංජයට බත් කවන්නෙ අම්මා කියලා
දැනටත් අම්මා ගෙදර හිටියොත් මට බත් කවන්න ඕන අම්මා තමයි.
 4 වැනිදායින් පස්සේ ඒ රාජකාරිය ඔබේ මනාලියට භාර දෙනවාද?
නැහැ නැහැ. අපි බැඳලත් ඉන්නෙ අපේ මහ ගෙදරනේ. අම්මා ඉන්නවා නම් දිගටම බත් කවන රාජකාරිය
කරන්න වෙන්නෙ අම්මටම තමයි.

ආරියවංශ කුලතිලක

සීට්ටුවක් නිසා සල්ලාලයකුගේ මනදොල සපුරන්නට ආ නදීශාගේ කතාව

නදීශා ඇත්තෙන්ම ලස්සන එකියකි. කුඩා කල සිටම මවුපියන්ට කීකරුව හැදුණු වැඩුණු ඇය කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලැබුවා ය. ඇය මා දැන හඳුනාගත්තේ ඒ කාලයේ සිටම ය. නදීශාගේ නිවෙසත් අපේ නිවෙසත් පිහිටියේ එකම වීදියක ය. ඇගේ මවුපියෝ වත්පොහොසත්කමෙන් පිරුණු අය වූහ. ඒ නිසා ඇය පාසලට ගියේත් ආවේත් සුපිරි පන්නයේ මෝටර් රියකිනි. ඒ නිසා ඇය මහත් උඩඟු ගැහැනියක් වූවා ය. පාසල්
බසයට නැගගන්නට ගෙදරින් පිටවන මට නිතරම ඇය මුණ ගැසිණි. සිහින් සිනහවකින් මුව සරසාගත්තද ඇය මා හා කතාබහට නොගියේ ඇගේ මවුපියන් සතු පොහොසත්කම නිසා ය.

ඒ උඩඟුª බවත් ඇගේ පියකරු බවත් මා සිත තුළ කිසියම් සතුටක් ඇති කළේ ය. ඒ නිසාම මම ඇය දෙස කිහිපවරක්ම බලන්නට පුරුදුවූයෙමි. ඇය ඒ බව දැනගත්තද සතේකටවත් එය ගණන් නොගෙන රියැදුරා සමඟ මොටෝ රියේ නැඟ පාසලට යන අයුරු මසිත පාරන්නටද සමත් වී තිබිණි.

කාලය මෙසේ ගෙවී ගියේ ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා වියහියදම් කිරීමට මිල මුදල් නැතිකම නිසා මම ඉතා ඉක්මනින් රැකියාවක් සොයා ගත්තෙමි. එතැන් පටන් ඇය ගැන තොරතුරක් මම නොලද්දෙමි. වසර දෙකතුනකට පසු නදීශාගේ විවාහය කොළඹ තරුපහේ හෝටලයක ජැන්ඩි පහට තිබූ බව අසල්වාසින් මගේ මවුපියන්ට කියනු දිනක් මට ඇසිණි.

“මහත්තයා ඉංජිනේරුවෙක්ලු... මිනිහත් හොඳ සල්ලිකාරයෙක්.” අම්මා මට කීීවේ මා නදීශාගේ සැමියා කවුදැයි විමසා සිටියදී ය.

ඇය යෝජනාවකින් විවාහ වී තිබිණි. ඇගේ සල්ලිකාර මවුපියන් ඇයට මිල මුදල් යහමින් තිබූ සැමියකු කතාකර බන්දවා තිබිණි. මම ඇයට සිතින් සුබ පැතුවෙමි. විවාහ දිවියට පත් නදීශා සැමියාගේ ගෙදර පදිංචියට ගිය අතර ඉන් පසුව මම ඇය කිසිදා නුදුටුවෙමි. වසරෙන් වසර කාලය ගෙවී ගියේ නදීෂා මගේ සිතෙන් අමතක කර දමමිනි.

කපිල මගේ රැකියා ආයතනයේ හොඳ මිතුරෙකි. ඔහු මාධ්‍යවේදියෙකි.

“ගල්කිස්ස පොලිසියට ගිහින් එමුද...?”

“ඇයි මොකටද...?”

“කෙල්ලො වගයක් අල්ලලා... පොඩ්ඩක් විස්තර ටිකක් බලලා එමු...” කපිලගේ ආරාධනාව මට එතරම් වැදගත් නොවූව ද ඔහුගේ බලවත් ඉල්ලීම මත මම ද ගල්කිස්ස පොලිසියට ගියෙමි. ඔහු කී කතාව සැබෑවකි. අනාචාරයේ හැසිරීම මත තරුණ ගැහැනු අටදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ස්ථානාධිපතිවරයා කපිලගේ හිතවතකු වූ නිසාම ඔවුන් ගැන තොරතුරු ලබාගැනීමට කපිලට හැකියාව ලැබිණ. මම ද ඔවුන්ගේ බහට ඇහුම්කන් දී සිටියෙමි.

“හුඟාක් කෙල්ලො පිටිසර ළමයි. උන් මේ නැතිබැරිකමට මේවා කරන එවුන්...” ස්ථානාධිපතිවරයා කියන්නට විය. කපිල ඒවා පොතක සටහන් කරගනී.

“එක කෙල්ලෙක් ඉන්නවා... මේ කොළඹ කොලිජියක ඉගෙනගෙන තියෙන්නේ... ඒකිගේ මිනිහා ගුවන් සමාගමක ඉංජිනියර් කෙනෙක්...”

“එයාත් නැතිබැරිකමට ද ඇවිත් තියෙන්නේ...” කපිල ඇසූ ප්‍රශ්නයෙන් ස්ථානාධිපතිවරයාට සිනාගියේ ය.

“නැහැ.. නැහැ.... ඒකිගේ මිනිහා ලොකු සල්ලිකාරයෙක්... ඒත් මිනිහා මේකිට සලකන්නේ නැහැ... සල්ලි දෙන්නේ නැහැ. මේ ගෑනි ලොකු සීට්ටුවකට ගිහින්... ඒකට සල්ලි නැති නිසා තමයි ඔතැන වැඩට ඇවිත් තියෙන්නේ...”

“අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද..?”

“පුළුවන්... ඉන්න මම ලෑස්ති කරලා දෙන්නම්...”

කාමරයේ සීනුව නාද කළ ස්ථානාධිපතිවරයා “රිසව්” රාලහාමි කැඳවීය.

“මේ මහත්තුරුන්ට අර කෙල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති කරලා දෙන්න...” ඔහුගේ නියෝගය මත අපට අල්ලාගත් තරුණියන් සමඟ කතාබහ කිරීමට අවස්ථාව ලැබිණි. කපිල ඒ කර්තව්‍ය ඉටුකරගනිද්දී මම ද එතැනට ගියෙමි. මා නෙත් එකවරම නතර විය. පෙළට සිටගෙන සිටි කෙල්ලන් අතර මම ඇය දිටිමි. ඒ රුව මා සිත චකිතයක් ඇතිකරන්නට සමත්විණි.

“දෙවියනේ... නදීශා... ඔයා....” වසර කිහිපයකට පසු මගේ සිත අතීතයට දිව ගියේ ය. නදීශා මට මැවී පෙනිණි. උඩඟු එකියක ලෙස සිටි නදීශා අද අසරණ වී ඇති සැටි. ඇය මා හඳුනානොගත්තද මම ඇය හොඳින් හඳුනාගත්තෙමි. මට ඇය ගැන පුදුම සිතිණි. ස්ථානාධිපතිවරයා කී දේ සැබෑවකි. ඇය විවාහවූයේ ඉංජිනේරුවකු සමඟ බව මගේ මතකයට නැඟිණි.

“ඇයි උඹ ඒ ගෑනි හඳුනනවද...?” පුදුමයෙන් මෙන් ඇය දෙස බලා සිටි මගෙන් කපිල විමසුවේ ය.

“ඔව්... බං මේකි අපේ ගේ ඉස්සරහ කෙල්ලක්...”

“එහෙනම් උඹ දැක්කම ලැජ්ජ හිතේවි...”

“නෑ... ඒත් ඒකි මාව හඳුනගත්තේ නැහැ...”

“එහෙනම් පොඩ්ඩක් ඉඳපන්... මම එයාගෙන් අහන්නම්...” එසේ කී කපිල ඔහු කළ කර්තව්‍ය නතරකොට ඇය දෙසට හැරුණේ ය.

“නංගි ඔයා මෙයාව හඳුනනවා ද...?” හිස බිමට නැඹුරුකරගෙන ලැජ්ජාවෙන් සිටි ඇය හිස ඔසවා මා දෙස බැලුවා ය. ඇගේ දෙනෙත් කඳුළින් පිරී තිබිණි. කපිල දෙස බැලූ ඇය හිස සෙලව්වේ මා හඳුනන්නේ නැති බව කියමිනි.

“හොඳට බලන්න...” කපිල යළි ඇයට කීවේ ය. ඇය නැවත වරක් මා දෙස බැලුවා ය. ඇය මෙවර ද කීවේ මා හඳුනන්නේ නැති බවකි. ඇය කරන්නේ බොරුවක්දැයි මම නොදනිමි.

“ඔයා නදීශා නේද...?” එවර ඇය තිගැස්සී ගියා ය. ඇය මා දෙස ඕනෑකමින් බැලුවා ය. මා දෙස මොහොතක් බලා සිටි ඇය එකවරම ඉකිගසන්නට පටන්ගත්තා ය. ඇය මා කවුදැයි හඳුනාගත්තා ය.

“ඔයාට මොකද වුණේ....” එතැනින් එහාට ඇය මට බැගෑපත් වුවා ය. එදා උඩඟු එකියක වූ වත්පොහොසත්කමින් පිරුණු ඇය මට නොවැන්දා පමණි.

“අනේ අයියේ... මට ගෙදර යන්න උදව් කරන්න...” ඇය එසේ ඉල්ලමින් මගේ දෑත් අල්ලා ගත්තා ය. කපිල මට ඇය සමඟ කතාබහ කරන්නට ඉඩ දී ඉවතට ගියේ ය.

දෙනෙත්වලින් රූරා වැටුණු කඳුළු පිසදමමින් ඇයට අත්වූ ඉරණම ඇය මා සමඟ කීවා ය.

ඇය තවත් මිතුරියන් දහදෙනකු සමඟ ලක්ෂ පහක සීට්ටුවකට ගොස් තිබිණි. ඒ සඳහා ඇය මුදල් ගත්තේ සැමියා වියහියදමට දුන් මුදලිනි. හදිසියේ ම ඇයට මුදල්දීම ඇගේ සැමියා නතරකොට ඇත. ඇය පවසනුයේ සැමියා කිසියම් වරදකට හසුවී රැකියාව අහිමිවීම නිසා එලෙස සිදුවූ බව ය. එහෙත් ඇයට සීට්ටු මුදල් ගෙවිය යුතුව තිබිණි. ඉන් අසරණතාවට පත්වූ ඇය දසඅතේ කල්පනා කරමින් සිටියදී ඇයට උදව් කරන්නට ඉදිරිපත් වී ඇත්තේ ඇගේ හිතවතියක වූ රසිකා ය.

“උඹ මෙහෙ වරෙන්කෝ... මම උඹට උදව් කරන්නම්...” රසිකාගේ ඉල්ලීම මත ඇය සැමියා නැති මොහොතක රසිකාගේ ගෙදර ගියා ය. සුවිසල් මන්දිරයක් වූ එතැන සිදුවන්නේ ඇය කිසිදා නොලත් විදිහේ අත්දැකීමක් ය.

“මම උඹට පන්දාහක් හොයලා දෙන්නම්...” රසිකාගේ ඉල්ලීමට ඇය එකඟ නොවීය. එහෙත් රසිකා ඇයට කරුණු කාරණා පහදා දුන්නා ය.

“මේවා රහසේ කෙරෙන්නේ... උඹ හඳුනන කවුරුත් නැහැ. නිකම්ම අතට හම්බවෙන සල්ලිනේ බං...” ඇගේ බලවත් පෙරැත්ත මත නදීශාට වූයේ රසිකා සොයා එන සල්ලිකාර සල්ලාලයකුගේ මනදොල සපුරන්නට ය. ඒ රසිකාගේ නිවෙසක ඒ සඳහාම සකසා තිබූ කාමරයක් තුළ ය.

අකමැත්තෙන් ඊට එකඟ වූ නදීශාට එදින රුපියල් දහදාහක් ම රසිකා දුන්නා ය. ඇය ඒ මුදල් රැගෙන ඉගිලීගියේ සතුටක් මෙන්ම බියක් සැකයක් ද ඇතිව ය.

“ඒත් මම හැමදාම එතැනට ගියේ නැහැ. මාසයකට සැරයක් යනවා... රුපියල් දහ පහළොස්දාහක් රසිකා මට දෙනවා. මට ඒ ඇති. ගිය සිකුරාදත් මම එහෙම ගියා. එතනදි තමයි පොලිසියෙන් පැන්නේ...” ඇය හැඬූ කඳුළෙන් කතාව කීවා ය. ඇගේ උඩඟු සිත වෙනතකට පෙරළී හමාර ය.

“අනේ අයියේ මට ගෙදර යන්න ඕන... නැත්තම් අර මිනිහා මාව අත්හරීවි. මට මුහුණ දෙන්න බැරිවෙනවා අයියේ... නැත්තම් මම වහ ටිකක් බොනවා...” ඇය පත්වී ඇති අමාරු තත්ත්වය මට තේරුම් ගියේ ය. මම කපිලට ඒ බව පවසා උදව්වක් කරදෙන ලෙස කීවෙමි. අපි ඒ බව පොලිස් ස්ථානාධිපතිවරයාට කීීවෙමු. කරුණු කාරණා තේරුම්ගත් ඔහු අපිට උදව් කරන්නට ඉදිරිපත්විය.

“එක්කෙනෙක් බේරලා යවන්න බැහැ... අනෙක් කෙල්ලොත් අසරණයි. උන් ඕක කරන්නෙත් නැති බැරිකමට...” එලෙස කී ස්ථානාධිපතිවරයා කෙල්ලන් සියල්ලම තම නිල කාමරයට කැඳවා ඔවුන්ට උපදෙස් දෙන්නට විය.

“අද විතරක් සමාව දෙනවා... ආයෙත් අහුවුණොත් උසාවිියට දාලා රිමාන්ඩ් කරනවා... තේරුණා ද...” නදීශා නිසා සියල්ලන්ටම ඇප ලැබිණි. කූඩුවෙන් මුදාහල කිරිල්ලියක් සේ මා ළඟට පැමිණි ඇය මට දෑත් එක්කොට වැඳ ස්තුති කළා ය.

“ඔයාට ගොඩාක් පින්...” මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි. මට අතීතය මැවී පෙනිණි.

“අඬන්න එපා.. ඉක්මනට ගෙදර යන්න...” මම ඇගේ හිස අතගා ආශිර්වාද කළෙමි.

කීර්ති මෙන්ඩිස්

මාතර මනාප ප‍්‍රථිඵල

මන්ත‍්‍රී ධුර 10ක් දිනා සිටින සන්ධාන ලයිස්තුවේ අනර්කලී ආකර්ෂා 18 වැනි ස්ථානයේත් මන්ත‍්‍රී දුර 04ක් දිනා ඇති එජාප ලයිස්තුවේ නදීෂා හේමමාලී 9 වැනි ස්ථානයේත් සිටි

මාතර දිස්ත‍්‍රික් තේරී පත් වී ඇති අපේක්‍ෂකයන් මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. පසඳ යාපා අබේවර්ධන    76 870
02. චන්දිමා රාසපුත‍්‍ර        70 509
03. සරත් යාපා අබේවර්ධන    47 090

04. බින්දු වීරසිංහ        32 131
05. කංචන විජේසේකර        31 422
06. වීරසුමන වීරසිංහ        29 326
07. මනෝජ් සිරිසේන        24 006
08. සරත් ද අල්විස්        23 361
09. අරුණ ගුණරත්න        22 138
10. එච්. එ්. පියසේන        20 248

එක්සත් ජාතික පක්ෂය
01. චතුර ගලප්පත්ති        27 930
02. ගයාන් සංජීව            22 271
03. කපිල වෙල්ලප්පුලි        20 708
04. චන්දන ප‍්‍රියන්ත        17 418

ජනතා විමුක්ති පෙරමුණ
01. ජිනදාස කිතුලගොඩ         6 173
02. ජයන්ත පතිරණ         5 084

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය
01. රංජිත් මුණසිංහ         6 680

කළුතර අපේක්‍ෂකයන් ලබා ගත් මනාප

කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ජයග‍්‍රාහී අපේක්‍ෂකයන් ලබා ගත් මනාප මෙසේය.

UPFA

සෙනාල් වෙල්ගම                 -        115,385
රෝහණ අබේගුණවර්ධන         -        51,539

යසපාල කෝරළගේ               -        42,395
ජගත් තිලකසිරි අංගගේ           -        40,962
රංජිත් පේ‍්‍රමවංශ                 -        40,863
පියල් නිශාන්ත ද සිල්වා           -         40,434
නිමල් චන්ද්‍රරත්න                -         37,674
ප‍්‍රමිත් ලාල් මෙන්ඩිස්       -         33,388
ලලිත් ලියනගේ                 -         32,580
ලලිත් වර්ණකුමාර              -         30,079
සුනෙත‍්‍රා ලාල් ප‍්‍රනාන්දු    -         25,453
ප‍්‍රසන්න සංජීව               -         25,140
කීර්ති කාරියවසම්             -         24,921

UNP

ජගත් පින්නගොඩවිතාන           -         29,920
මොහොමඞ් ඉස්තිකාජෙමිල්        -         24,576
පී.ඞී. අබේරත්න                    -         20,797
විජිත් පියන්ත සිල්වා               -         19,727
කිත්සිරි කහටපිටිය                -         19,492
නිහාල් පේ‍්‍රමශාන්ත පෙරේරා   -         18,773

JVP

නලින්ද ජයතිස්ස                 -         11,949

DP

රවීන්ද්‍ර යසස්                        -         12,885

ගම්පහ මනාප........ ප‍්‍රසන්න රණංතුංග – 249678

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මනාප 249678ක් ලබා ගනිමින් බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ප‍්‍රසන්න රණංතුංග මුල් තැනට පත්ව තිබේ.

UPFA

ප‍්‍රසන්න රණංතුංග – 249678
නිමල් ලන්සා  -106661
ප‍්‍රදීප් විතාන – 59892

සමන්මලී සකලසූරිය – 53447
සිසිර ජයකොඩි – 43331
සුනිල් විජේරත්න – 42488
කෝකිලා හර්ෂනී -40291
මෙරිල් පෙරේරා – 40180

UNP

හර්ෂණ රාජකරුණා – 51018
රවීන්ද්‍ර හේෂාන් – 41654
එඞ්වඞ් ගුණසේකර – 29944
ජොර්ජ්පෙරේරා - 29703

නිළියෝ ඡන්දේ ඉල්ලන්න ගම්පහ යනවා


ගාල්ලේ අය ගීතා කුමාරසිංහට මනාපයි.... ගීතා අට වැනි තැන ගනි

හිටපු දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව පළමු තැන ලබා සිටී.

ඔහු මනාප 95860ක් ලබාගෙන සිටී.

ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන දිනා ඇත.








UPFA

ශාන් විජේලාල් ද සිල්වා    -      95,860
යූ.ජී. ආරියතිලක            -      48,289
සම්පත් අතුකෝරළ         -       42,532
රන්දිම ගමගේ               -       38,168
එච්.ජී.සී. පියසිරි             -       29,767
චානක මදුගොඩ             -       29,464
බද්දේගම සමිත හිමි         -       28,625
ගීතා කුමාරසිංහ              -       26,932
ඉසුරු දොඩම්ගොඩ          -       23,920
කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර         -       23,643
චන්න සාලිය මෙන්ඩිස්       -      22,281
ආරියවංශ සම්මු               -       22,035
චම්ලි විදානාරච්චි              -       21,743

UNP

බන්දුලාල් බන්ඩාරිගොඩ         -         32,030
විජේපාල හෙට්ටිආරච්චි            -        23,577
අශෝක ධනවංශ                   -         21,854
සුනිල් සේනානායක                -        19,182
ජයන්ත ජයවීර                      -        16,830
ජයසිරි නානායක්කාර              -         16,950

‘ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා‘

 රජයේ ජනතා විරෝධී ක්‍රියාවලට ජනතාව සෙනසුරාදා (29) ඡන්දයෙන් හොඳ පාඩමක් උගන්වා ඇතැයි ද, ජවිපෙ ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කර ඇතැයි ද එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ දේශපාලන සැලැස්ම සඳහා ජිනීවා ප්‍රශ්නය තම වාසියට හරවා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වී ඇතැයි ද, කොළඹ ජනතාවගෙන් සියයට 55ක් රජයට එරෙහිව ඡන්දය දී ඇතැයි ද, දකුණු පළාත් සභාවේ ආණ්ඩුවේ
ඡන්ද ප්‍රතිශතය සියයට නවයකින් පමණ අඩුවී ඇතැයි ද, හම්බන්තොට මන්ත්‍රීධුර ප්‍රමාණය රැකගෙන ඇතත් රජයේ ඡන්ද ප්‍රතිශතය අඩුවී ඇතැයි ද ඔහු කියයි.

ජවිපෙ අතහැර ගිය සියලු දෙනාට යළි එකතුවන ලෙස ඇරයුම් කරන බවත් සමාජ වෙනසක් ඇති කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් දිසානාක මහත පවැසීය.

බත්තරමුල්ල පැලවත්තට ප්‍රධාන කාර්යාලයයේ පැවැති මේ මාධ්‍ය හමුවට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්වරු ද සහභාගී වූහ. 

ප්‍රසන්න, හිරුණිකා,ශාන්,සෙනාල් මනාප සටනේ ඉහලට

මේ වනවිට මනාප ගනන් කිරීම පටන්ගෙන ඇත.ඒ අනුව ‍ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට මනාප ඡන්ද වලින් සන්ධානයේ ප්‍රසන්න රණතුංග මහතා ඡන්ද ලක්ෂ දෙක ඉක්මවා ඉදිරියෙන් සිටින බව පැවැසේ.කොළඹින් හිරුණිකා ඡන්ද ලක්ෂය ඉක්මවා පෙරට පැමිණ සිටින අතර කලුතරින් සෙනල් වෙල්ගම ඉදිරියෙන් සිටිනබවට
තොරතුරු වාර්තා වෙයි.
දකුණු පළාතේ ගාල්ලෙන් ‍හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මේවනවිටත් මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි පැවැසේ. ගම්පහ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත. සන්ධානයේ ඡන්ද 41862 ක් අඩු වී ඇති අතර එජාපයට12964 ක් වැඩි වී ඇත.සන්ධානට2009ට වඩා ආසන 04ක් අහිමිවි ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 04ක් හිමිකැරගෙන ඇත.

1350 කගේ ඇප මුදල් රාජසන්තකයි

දකුණු සහ බස්නාහිර පළත් සභා මැතිවරණයට ස්වාධින කණ්ඩායම් 42 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1350 කගේ රුපියල් ලක්ෂ 27 ක මුදලක් ඇප මුදල් ලෙස රාජසන්තක ව තිබේ. දිස්ත්‍රික්ක මට්ටමින් ගැනෙන සමස්ත ප්‍රතිඵලයේදි ඡන්ද ප්‍රමාණය 5 කට වඩා අඩුවෙන් ලබා ගන්නා ස්වාධින කණ්ඩායම්වල ඇප මුදල් රාජසන්තක කිරිමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත මැතිවරණ නීතියෙන් බලය
පවරා ඇත.
මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් 42 න් එක් කණ්ඩායමකටවත් එම ඡන්ද ප්‍රතිශතය හෝ එය ඉක්මවා යාමට නොහැකිවිම නිසා ඇප මුදල් රාජසන්තකව තිබේ. එක් අපේක්ෂකයෙකුගෙන් රුපියල් 2000 බැගින් අපේක්ෂකයන් 1350 දෙනෙක් ඇප මුදල් තැන්පත් තැනප්ත කර තිබු අතර එම මුදල් සියල්ල මේ වන විට රාජසන්තකව ඇතැයි මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයන් 473 දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත කළ රුපියල් 946000 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 387 දෙනෙක් ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 774000 ක මුදලක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ස්වාධින කණ්ඩායම් 9 කින් අපේක්ෂකයන් 225 දෙනෙකු තැන්පත් කළ රුපියල් 450000 ක්ද මෙලෙස ඇප මුදල් රාජසන්තකව තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100 දෙනෙකුගේ ඇප මුදල් ලෙස රුපියල් 200000 ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 5 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 100 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 200000 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 4 කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 68 දෙනෙකු ඇප මුදල් ලෙස තැන්පත් කළ රුපියල් 136000 ක්ද රාජසන්තක ව ඇත.

බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ ෆොන්සේකාට 9ක් එයි

බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56
එක්සත් ජාතික පක්ෂය - 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09
ජනතා විමුක්ති පෙරමුණ - 06
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02
2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර
පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.
අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

කොළඹ දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිපල
























කොළඹ දිස්ත්‍රික්කය - උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව        ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය          16165 29.87%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 12795 23.64%
එක්සත් ජනතා නිදහස් සං         10873 20.09%
වෙනත්                                   6111 11.29%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  4174 7.71%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය           1488 2.75%
ලංකා කම්කරු කොංග්‍රසය   1295 2.39%

ජනතා විමුක්ති පෙරමුණ           1214 2.24%
වංලගු ඡන්ද                      57664 94.49%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3363 5.51%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 61027 69.71%
ලියාපදිංචි මුළු ඡන්ද 87542

කොළඹ දිස්ත්‍රික්කය - මැද කොළඹ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව          ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය     40170   47.88%
එක්සත් ජනතා නිදහස් සං     17472         20.83%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමු  8854        10.55%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  8629            10.29%
වෙනත්                               4480         5.34%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය       2166           2.58%
ජනතා විමුක්ති පෙරමුණ        2126 2.53%
වංලගු ඡන්ද 87444 95.56%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4066 4.44%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 91510 70.29%
ලියාපදිංචි මුළු ඡන්ද 130186

කොළඹ දිස්ත්‍රික්කය - බොරැල්ල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය 15302 44.34%
එක්සත් ජනතා නිදහස් සං 11750 34.05%
ජනතා විමුක්ති පෙරමුණ 2908 8.43%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 1787 5.18%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙ 1764        5.11%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස 999   2.89%
වංලගු ඡන්ද 36592 95.79%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1610 4.21%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 38202 66.59%
ලියාපදිංචි මුළු ඡන්ද 57373

කොළඹ දිස්ත්‍රික්කය - නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය 13092 35.26%
එක්සත් ජනතා නිදහස් සං 12806 34.49%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමු5643 15.2%
ජනතා විමුක්ති පෙරමුණ 3088 8.32%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 2496 6.72%
වංලගු ඡන්ද 39991 95.24%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1998 4.76%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 41989 63.07%
ලියාපදිංචි මුළු ඡන්ද 66572

කොළඹ දිස්ත්‍රික්කය - බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය 7073 34.97%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙ  5703 28.19%
එක්සත් ජනතා නිදහස් සං 4783 23.65%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 1098 5.43%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 801 3.96%
ජනතා විමුක්ති පෙරමුණ  769 3.8%
වංලගු ඡන්ද 21455 95.47%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1019 4.53%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 22474 56.72%
ලියාපදිංචි මුළු ඡන්ද 39625

කොළඹ දිස්ත්‍රික්කය - දෙහිවල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 12361 37.64%
එක්සත් ජාතික පක්ෂය 11629 35.42%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 3301 10.05%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 2639 8.04%
ජනතා විමුක්ති පෙරමුණ 2196 6.69%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 710 2.16%
වංලගු ඡන්ද 34253 95.84%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1487 4.16%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 35740 59.03%
ලියාපදිංචි මුළු ඡන්ද 60543

කොළඹ දිස්ත්‍රික්කය - රත්මලාන මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 17396 45.96%
එක්සත් ජාතික පක්ෂය 11347 29.98%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 3887 10.27%
ජනතා විමුක්ති පෙරමුණ 3621 9.57%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 1096 2.9%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 505 1.33%
වංලගු ඡන්ද 38962 95.61%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1787 4.39%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 40749 62.09%
ලියාපදිංචි මුළු ඡන්ද 65626

කොළඹ දිස්ත්‍රික්කය - කොලොන්නාව මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං 35813 48.13%
එක්සත් ජාතික පක්ෂය 22072 29.66%
ජනතා විමුක්ති පෙරමුණ 6112 8.21%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5637 7.58%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස 2403 3.23%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙර2371 3.19%
වංලගු ඡන්ද 77015 95.62%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3526 4.38%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 80541 68.2%
ලියාපදිංචි මුළු ඡන්ද 118098

කොළඹ දිස්ත්‍රික්කය - කොට්ටේ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 20217 49.26%
එක්සත් ජාතික පක්ෂය 10970 26.73%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5024 12.24%
ජනතා විමුක්ති පෙරමුණ 4201 10.24%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 629 1.53%
වංලගු ඡන්ද 42504 96.09%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1729 3.91%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 44233 60.15%
ලියාපදිංචි මුළු ඡන්ද 73539

කොළඹ දිස්ත්‍රික්කය - කඩුවෙල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං 58259 58.37%
එක්සත් ජාතික පක්ෂය 20713 20.75%
ජනතා විමුක්ති පෙරමුණ 10659 10.68%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 10182 10.2%
වංලගු ඡන්ද 101353 95.89%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4342 4.11%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 105695 62.9%
ලියාපදිංචි මුළු ඡන්ද 168043

කොළඹ දිස්ත්‍රික්කය - අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 42635 62.54%
එක්සත් ජාතික පක්ෂය 15363 22.53%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 4297 6.3%
ජනතා විමුක්ති පෙරමුණ 4092 6%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 1790 2.63%
වංලගු ඡන්ද 70052 94.81%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3837 5.19%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 73889 64.2%
ලියාපදිංචි මුළු ඡන්ද 115098

කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 53983 52.82%
එක්සත් ජාතික පක්ෂය 32890 32.18%
ජනතා විමුක්ති පෙරමුණ 9127 8.93%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 6194 6.06%
වංලගු ඡන්ද 103263 96.2%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4078 3.8%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 107341 63.26%
ලියාපදිංචි මුළු ඡන්ද 169679

කොළඹ දිස්ත්‍රික්කය - මහරගම මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 42883 57.05%
එක්සත් ජාතික පක්ෂය 14666 19.51%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9115 12.13%
ජනතා විමුක්ති පෙරමුණ 8504 11.31%
වංලගු ඡන්ද 76547 96.18%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3044 3.82%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 79591 62.64%
ලියාපදිංචි මුළු ඡන්ද 127060

කොළඹ දිස්ත්‍රික්කය - කැස්බෑව මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 55372 55.31%
එක්සත් ජාතික පක්ෂය 27499 27.47%
ජනතා විමුක්ති පෙරමුණ 9807 9.8%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 7427 7.42%
වංලගු ඡන්ද 101445 96.15%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4072 3.86%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 105512 65.74%
ලියාපදිංචි මුළු ඡන්ද 160493

කොළඹ දිස්ත්‍රික්කය - මොරටුව මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං 38305 52.13%
එක්සත් ජාතික පක්ෂය 24366 33.16%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5956 8.11%
ජනතා විමුක්ති පෙරමුණ 4848 6.6%
වංලගු ඡන්ද 75543 96.04%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3123 3.97%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 78657 69.45%
ලියාපදිංචි මුළු ඡන්ද 113257

කොළඹ දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 8175 62.74%
එක්සත් ජාතික පක්ෂය 2221 17.04%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 1470 11.28%
ජනතා විමුක්ති පෙරමුණ 1165 8.94%
වංලගු ඡන්ද 13352 95.15%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 681 4.85%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 14033 97.63%
ලියාපදිංචි මුළු ඡන්ද 14374

කොළඹ දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිපල
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං 443083 46.43% 18
එක්සත් ජාතික පක්ෂය 285538 29.92% 12
ජනතා විමුක්ති පෙරමුණ 74437 7.8% 03
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 71525 7.49% 03
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙර44156 4.63% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස20163 2.11% 01
වෙනත් 15491 1.62% 01
වංලගු ඡන්ද 977426 95.71%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 43762 4.29%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 1021188 65.77%
ලියාපදිංචි මුළු ඡන්ද 1552734

දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවෙයි....ආසන 5 ක් අඩු වී ඇත.

දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල
සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33
එජාප  14
ජවිපෙ 05
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 03
ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත.එජාප ආසන ගණන නොවෙනසුව පවතී .ජවිපෙ වැඩිපුර ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක්
ද හිමි කැර ගෙන ඇත.සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු  වී ඇත.එජාපයට 13251 වැඩි වී ඇත.ජවිපෙ 36653 වැඩි වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිපල
























ගම්පහ දිස්ත්‍රික්කය - වත්තල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය                    ලබාගත් ඡන්ද සංඛ්‍යාව     ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය     36650     50.09%
එක්සත් ජාතික පක්ෂය                      22642 30.94%

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය                        5432 7.42%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ              3873 5.29%
ජනතා විමුක්ති පෙරමුණ                    3433 4.69%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                 1143 1.56%
වංලගු ඡන්ද 73481 95.7%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3304 4.3%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 76785 67.1%
ලියාපදිංචි මුළු ඡන්ද 114428

ගම්පහ දිස්ත්‍රික්කය - මීගමුව මැතිවරණ කොට්ඨාශය
පක්ෂය                     ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය      28763 46.09%
එක්සත් ජාතික පක්ෂය                      22687 36.35%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                3943 6.32%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය                        3294 5.28%
ජනතා විමුක්ති පෙරමුණ                      2330 3.73%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ                1388 2.22%
වංලගු ඡන්ද 62574 95.94%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2649 4.06%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 65223 63.25%
ලියාපදිංචි මුළු ඡන්ද 103115

ගම්පහ දිස්ත්‍රික්කය - කටාන මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං50857 58.45%
එක්සත් ජාතික පක්ෂය 22491 25.85%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9083 10.44%
ජනතා විමුක්ති පෙරමුණ 3964 4.56%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 609 0.7%
වංලගු ඡන්ද 87615 96%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3651 4%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 91266 65.35%
ලියාපදිංචි මුළු ඡන්ද 139658

ගම්පහ දිස්ත්‍රික්කය - දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං40666 62.15%
එක්සත් ජාතික පක්ෂය 17835 27.26%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 4823 7.37%
ජනතා විමුක්ති පෙරමුණ 2112 3.23%
වංලගු ඡන්ද 65699 96.48%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2396 3.52%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 68095 63.98%
ලියාපදිංචි මුළු ඡන්ද 106431

ගම්පහ දිස්ත්‍රික්කය - මීරිගම මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං43418 61.2%
එක්සත් ජාතික පක්ෂය 16957 23.9%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5550 7.82%
ජනතා විමුක්ති පෙරමුණ 3763 5.3%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස1256 1.77%
වංලගු ඡන්ද 71225 95.88%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3058 4.12%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 74283 60.96%
ලියාපදිංචි මුළු ඡන්ද 121853

ගම්පහ දිස්ත්‍රික්කය - මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං51035 62.49%
එක්සත් ජාතික පක්ෂය 18205 22.29%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 6759 8.28%
ජනතා විමුක්ති පෙරමුණ 4809 5.89%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර      858 1.05%
වංලගු ඡන්ද 82005 96.39%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3070 3.61%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 85075 65.5%
ලියාපදිංචි මුළු ඡන්ද 129885

ගම්පහ දිස්ත්‍රික්කය - අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං50735 63.83%
එක්සත් ජාතික පක්ෂය 13667 17.19%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 6333 7.97%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස 4504 5.67%
ජනතා විමුක්ති පෙරමුණ 4244 5.34%
වංලගු ඡන්ද 80047 96.08%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3267 3.92%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 83314 64.06%
ලියාපදිංචි මුළු ඡන්ද 130058

ගම්පහ දිස්ත්‍රික්කය - ගම්පහ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං50227 59.96%
එක්සත් ජාතික පක්ෂය 16633 19.86%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 10143 12.11%
ජනතා විමුක්ති පෙරමුණ 6767 8.08%
වංලගු ඡන්ද 84322 95.79%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3706 4.21%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 88028 61.07%
ලියාපදිංචි මුළු ඡන්ද 144152

ගම්පහ දිස්ත්‍රික්කය - ජා-ඇල මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං46286 54.61%
එක්සත් ජාතික පක්ෂය 25364 29.92%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 7265 8.57%
ජනතා විමුක්ති පෙරමුණ 5534 6.53%
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 313 0.37%
වංලගු ඡන්ද 85086 96.16%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3394 3.84%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 88480 63.79%
ලියාපදිංචි මුළු ඡන්ද 138704

ගම්පහ දිස්ත්‍රික්කය - මහර මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං55286 61.86%
එක්සත් ජාතික පක්ෂය 17872 20%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9136 10.22%
ජනතා විමුක්ති පෙරමුණ 5965 6.67%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1121 1.25%
වංලගු ඡන්ද 89782 96.08%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3665 3.92%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 93447 64.57%
ලියාපදිංචි මුළු ඡන්ද 144717

ගම්පහ දිස්ත්‍රික්කය - දොම්පේ මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං44256 62.4%
එක්සත් ජාතික පක්ෂය 18277 25.77%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5206 7.34%
ජනතා විමුක්ති පෙරමුණ 2779 3.92%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 402 0.57%
වංලගු ඡන්ද 71174 96.68%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2442 3.32%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 73616 65.45%
ලියාපදිංචි මුළු ඡන්ද 112475

ගම්පහ දිස්ත්‍රික්කය - බියගම මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං40473 54.68%
එක්සත් ජාතික පක්ෂය 19859 26.83%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 6691 9.04%
ජනතා විමුක්ති පෙරමුණ 5073 6.85%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1924 2.6%
වංලගු ඡන්ද 74372 96.4%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2777 3.6%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 77149 65.52%
ලියාපදිංචි මුළු ඡන්ද 117747

ගම්පහ දිස්ත්‍රික්කය - කැලණිය මැතිවරණ කොට්ඨාශය
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං28200 53.67%
එක්සත් ජාතික පක්ෂය 13030 24.8%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 5677 10.8%
ජනතා විමුක්ති පෙරමුණ 4288 8.16%
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1349 2.57%
වංලගු ඡන්ද 53342 95.82%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2328 4.18%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 55670 64.1%
ලියාපදිංචි මුළු ඡන්ද 86853

ගම්පහ දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං15816 65.83%
එක්සත් ජාතික පක්ෂය 3701 15.41%
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 3163 13.17%
ජනතා විමුක්ති පෙරමුණ 1344 5.59%
වංලගු ඡන්ද 24228 96.01%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1006 3.99%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 25234 96.97%
ලියාපදිංචි මුළු ඡන්ද 26022

ගම්පහ දිස්ත්‍රික්කය - අවසන් ප්‍රතිපල
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සං582668 58.61% 23
එක්සත් ජාතික පක්ෂය 249220 25.07% 10
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 88557 8.91% 04
ජනතා විමුක්ති පෙරමුණ 56405 5.67% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 17296 1.74% 01
වංලගු ඡන්ද 1004952 96.11%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 40713 3.89%
ප‍්‍රකාශිත මුළු ඡන්ද 1045665 65.76%
ලියාපදිංචි මුළු ඡන්ද 1590076

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive