facebook like

ක්‍රිකට් ජය හා නරුම දේශපාලනය

ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියා රටවල අතිශය ජනප්‍රියය. දෙකෝටියකට මඳක් වැඩි ජනගහනයක් සිටින ලංකාවේ මෙන්ම ජනගහනය කෝටි 123ක් වන ඉන්දියාවේද ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් බව කීම අතිශයෝක්තියක් නොවේ. උන්මාදයක් වන තරමට ආසියා රටවල ක්‍රීඩා ලෝලීහු ක්‍රිකට් ක්‍රීඩාව වැලඳගෙන සිටිති. සිය කණ්ඩායමේ පරාජය නොඉවසන ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සමහරක් ක්‍රීඩකයන්ට මෙන්ම ඔවුන්ගේ දේපළවලට පහරදුන්
අවස්ථා එමට තිබේ. එහෙත් මෙරට ක්‍රිකට් ලෝලීහු කිසිවිටෙකත් එලෙස නොහැසිරෙති. ඔවුන්ට ජය - පරාජය සම සිතින් විඳදරා ගැනීමට ශක්තියත් තිබේ.

20-20 ලෝක ක්‍රිකට් කුසලානය ඉන්දියාව පරාජය කරමින් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තේ මීට පෙර දෙවතාවකදීම: එනම් 2009 දී හා 2012දී අවසන් තරගවලදී ලද පරාජය ශක්තියක් කරගනිමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට පෙර ලද තීරණාත්මක පරාජයන්හිදී මෙරට ක්‍රිකට් ලෝලීන් කණ්ඩායම මෙවර හිමිකරගත් ජයග්‍රහණය රතිඤ්ඤා දල්වමින් උත්කර්ෂවත් ලෙස සැමරුවේ අලුත් අවුරුදු උදාව සිහිගන්වමිනි.

ඉකුත් මාසයේ අගභාගයේ පැවැති බස්නාහිර - දකුණ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දා පෙර මෙන් රතිඤ්ඤා දැල්වුණේ නැති තරම්ය. ප්‍රතිඵල අසා රතිඤ්ඤා දල්වන්නේ ජයග්‍රහණයේ සතුටටය. මෙවර එලෙස රතිඤ්ඤා දැල් නොවුණේ ප්‍රතිඵල අසා ප්‍රකාශ කිරීමට තරම් සතුටක් ඡන්දදායකයන්ගේ සිතේ ඇති නොවූ නිසා විය යුතුය. එහෙත් වසර 18කට පසු ලෝක ක්‍රිකට් කුසලානයත් රටට හිමිවීම රතිඤ්ඤා දල්වමින් සහ ධජ ලෙළවමින් ප්‍රකාශ කිරීමට තරම් සතුටක් ක්‍රිකට් ලෝලීන්ට ඇති කර තිබිණි.
පරාජය මිස ජයග්‍රහණය නෙළා ගැනීමට අසමත් විනෝදය අහිමි සමාජයකට ක්‍රීඩා ජයග්‍රහණයක් ලැබීම සතුට උතුරා යන්නක් වීම පුදුමයක් නොවේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස ජයග්‍රහණයේ සතුට රැගෙන එන විට දේශපාලනඥයන් උරුම කර දෙන්නේ දුක, වේදනාව, පසුතැවිල්ල පමණි. අනෙක ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරට දේශපාලනඥයන්ට සාපේක්‍ෂව බලන විට අවංක පිරිසකි. කෙටි කාලයකින් ලක්‍ෂපතියකු වීමට නම් දේශපාලනඥයකු විය යුතු යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමද ලක්‍ෂපතියකු වීමට පහසු මඟකි. එහෙත් දේශපාලනඥයෝ සිය ඡන්දදායකයා බොරුවෙන් රවටා ඔවුන්ව දුකට පත්කරන්නෝ වෙති. ක්‍රිකට් ක්‍රීඩකයා එවැන්නෙක් නොවේ. ජනතාවට වගකීමට ඍජුව බැඳී නොසිටියද ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රවටන්නේ නැත. ඉඳහිට හෝ ජයග්‍රහණ ලබාදී ඔවුන් සතුටට පත්කරති. ක්‍රිකට්වලින් උපයන මුදල් ගැන ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කරන්නේද නැත.

ක්‍රිකට් ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ 80 දශකයේ සිට ක්‍රිකට් පරිපාලනයට දේශපාලනඥයන් අතපෙවීම නිසා ප්‍රශ්න ඇති විය. ප්‍රථම ටෙස්ට් නායක බන්ධුල වර්ණපුර ඇතුළු දක්‍ෂ ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් දකුණු අප්‍රිකාවේ තහනම් සංචාරයකට එක්වූයේද පරිපාලන ප්‍රශ්න නිසා උපන් කලකිරීමෙනි. ක්‍රිකට් පාලක මණ්ඩලය කැඳ හැළියක් බවට පත්වූයේද මේ දේශපාලනඥයන් නිසා බව නොරහසකි. අවසානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන අතර පිරිහෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවය.

මෙරට දේශපාලනඥයන් සමඟ සස¼දා බලද්දී කවදත් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියේ ඉදිරියෙනි. නායකත්වයෙන් ඉවත් කිරීමට පෙර නායකත්වයෙන් ඉවත් වී නිසි කල ආපසු නවකයන්ට ඉඩදී කණ්ඩායමෙන් සමුගැනීමෙන් ඔවුන් බහුතරයක් ආදර්ශවත් වී ඇත. 20-20 තරගවලින් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු ක්‍රීඩා කළ අවසන් තරගයේ වීරයා බවට පත්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර තිබුණේ මගේ රට හා පවුල වෙනුවෙන් ක්‍රීඩා කිරීම ජීවිතයේ වැදගත්ම කටයුත්ත බවත්, ලංකාවේ වර්ණ පැලඳ ක්‍රීඩා කිරීම තරම් වටිනා දෙයක් තවත්නැති බවත්ය. කවදා හෝ හැමදෙනාටම යන්න වෙන බවත්, ඒ සඳහා කාලය පැමිණ ඇතැයි සිතන බවත් සංගක්කාර එහිදී අවධාරණය කර තිබිණි. 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබුණේද රට වෙනුවෙන් සහ සංගා - මහේල වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීමට කණ්ඩායමේ සියලුදෙනා එකතු වූ බවය. ලංකාවට මෙන්ම සංගා හා මහේලට මේ ජයග්‍රහණය පුදකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මේ ප්‍රකාශ අතිශය වැදගත් වන්නේ මෙරට දේශපාලනඥයන්ටය. ඔවුහු රට, පක්‍ෂය ඡන්දදායක ජනතාව ගැන නිතර කතා කළද කිසි විටෙක ඒ කිසිදු පාර්ශ්වයකට සැබෑ ජයග්‍රහණ ලබාදීමට නොවෙහෙසෙති. දේශප්‍රේමී ඝෝෂා නැඟුවද රට වෙනුවෙන් කිසිවක් නොකරති.

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන "ක්‍රිකට්" ක්‍රීඩා කරන රටවල් අතරින් විනයගරුක භාවයෙන් කැපීපෙනෙන කණ්ඩායමක් වන බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ පසු ඒ කණ්ඩායමේ ඩැරන් සැමී අපූරු ප්‍රකාශයක් කළේය. සැමී කියා සිටියේ ක්‍රිකට්වලදී ජයග්‍රහණය ලබාගැනීමට දෙවියන් වහන්සේ තම කණ්ඩායමට උපකාර කළද මෙවර උන්වහන්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන 20-20 තරගවලින් සමුගැනීමට කෘතගුණ සැලකීම උදෙසා බවය.
තීරණාත්මක තරගයක ලැබූ පරාජය හමුවේ එවැනි ප්‍රකාශයක් කළ හැක්කේ සැබෑ ක්‍රීඩකයකුට, නොඑසේ නම් අව්‍යාජ මිනිසකුට පමණි. එවැන්නන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් සොයා ගත හැකි වුවද මෙරට දේශපාලනඥයන් අතර එවැන්නන් සෙවීම කළු නික සොයනවාටත් වඩා අසීරු වන්නේය.

mawbima

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive