facebook like

ජාතික සමගිය නසන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කරනවා

ජාතික ආගමික වශයෙන් මෙතෙක්‌ රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක්‌ කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. එබැවින් එලෙස වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙන කතිකාවත් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා යෑයි
අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා මැණික්‌හින්න විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේදී පැවැති උත්සවයකදී පැවැසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විහාරස්‌ථානයේ නව ශ්‍රී ශීලවංශ අනුස්‌මරණ ධර්ම මන්දිරය විවෘත කළේය.

එහිදී අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස්‌ කරන ලද සංඝාධිකරණ පනත මේ වන විට නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව පැවැසීය.

නීති සම්පාදනය වීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අප්‍රමාදව සම්මත කර වැරදි කරන භික්‌ෂුන් වහන්සේට එරෙහිව සුදුසු පියවර ගැනීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලය ලබාදෙනවා යෑයි අගමැතිවරයා කීවේය.

එම පනත සකස්‌ කර සම්මත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශිර්වාදය ලැබී තිබෙන බවද හෙතෙම පැවැසීය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive