මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා ඊළඟට විභාග කළේ ස්ත්රී දූෂණ නඩුවක්ය.දූෂණයට ලක් වූ බව කියන ඇගේ වයස යන්තම් වසර පහළවකි. හරිම ලස්සනයි. හිස කෙළින් තබාගෙන සිටිනවාට වඩා ඇය සිටියේ බිම බලාගෙනය. විත්තිකරුවන් තිදෙනාම තරුණය.
පැමිණිලිකාරිය වෙනුවෙන් රජයේ අධිනීතිඥ යොහාන් ලියනගේ මහතා පෙනී සිටියේය.
පොලීසිය
ස්වාමීනි මේ විත්තිකරුවන් තුන්දෙනාගෙන් මේ බාල වයස්කාර පැමිණිලිකාරියව
දූෂණය කරලා තියෙන්නෙ පළමුවැනි විත්තිකරු විතරයි. ඔහුට මේ පැමිණිලිකාරියව පැහැරගෙන එන්න
උදව්කරල තියෙන්නෙ දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන්...
නීතිඥ
දෙවැනි තුන්වැනි විත්තිකරුවන්ට ඇයි? හිතිලා නැත්තේ මේ පැමිණිලිකාරියව දූෂණය කරන්න.
පොලීසිය
පළමුවැනි විත්තිකරු ස්වාමීනි.. මේ පැමිණිලිකාරියගෙ ආදරය ඉල්ලන්නෙ බොහොම කාලයක ඉඳලා. ඒත් ස්වාමීනි.. ඒ ආදරය පළමුවැනි විත්තිකරුට මේ පැමිණිලිකාරිය දීලම නෑ. ඒ ගැන ඔහු ඉඳලා තියෙන්නෙ ලොකු තරහකින් වෛරයකින් පැමිණිලිකාරියගෙන්. පළිගන්න තමයි ස්වාමීනි මේ පැහැරගැනීම කරල තියෙන්නෙ. පළමුවැනි විත්තිකරු මේ පැමිණිලිකාරිය ඔහුගේ යටතට අරගෙන අන්තිම මොහොතෙත් පැමිණිලිකාරියගෙන් තීරණාත්මක ප්රශ්නයක් අහලා තියෙනවා. ස්වාමීනි...
මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා
“මොකක්ද ? ඒ තීරණාත්මක ප්රශ්නය..
“මං ඔයාගෙන් ඔයාගෙ ආදරය ඉල්ලන්නෙ කොයිතරම් කාලයක ඉඳලද?” මං ඔයාට ඇත්තටම ආදරෙයි කියල කිව්වා නම් මේ කිසිම ප්රශ්නයක් නැහැනේ. මං ඔයාගෙ ඉසේ අත තියලා දිව්රන්නම් මේ දැන් වුණත් ඔයාට මං කිසිම කරදරයක් කරන්නෙ නෑ. ඉතින් හොඳ කෙල්ලවගේ කියන්නකො මට ආදරෙයි කියලා.” මේ විත්තිකරු එහෙම කියලා තියෙනවා. ස්වාමීනි.
ඊට පස්සේ මේ පැමිණිලිකාරිය කියලා තියෙනවා මාව මැරුවත්.. උඹට මං ආදරෙයි කියලා කියන්නෙත් නෑ ආදරය කරන්නෙත් නෑ. කියලා. ඊට පස්සෙ මේ විත්තිකරුත් එක්ක මේ පැමිණිලිකාරිය සෑහෙන වේලාවක් පොර බදලා තියෙනවා ස්වාමීනි. මේ හැඩි දැඩි විත්තිකරුත් එක්ක මේ වගේ ලාබාල තැනැත්තියකට පොර බදන්න බැහැ කියලා තමුන්නාසේට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ ස්වාමීනි.. ඊට පස්සෙ තමයි.. මේ විත්තිකරු පැමිණිලිකාරියව දූෂණය කරල තියෙන්නෙ.
මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා
“ සැබෑ ... ආදරය කියන්නෙ හිතක ඉබේටම ඇතිවෙන දෙයක්. ඒක බලහත්කාරයෙන් ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයිනේ.
නඩු විභාගය කල් තැබිය..

0 comments:
Post a Comment