facebook like

බැසිල්ගේ e-samurdhi ලක්‍ෂ 450ක් ගිලියි

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගීන් අන්තර්ජාලය ඔස්සේ සමෘද්ධි ලාභීන්ගේ, සමෘද්ධි ව්‍යවසායකයින්ගේ හා සමෘද්ධි සේවකයින්ගේ දත්ත පද්ධතියක් සෑදීම සදහා රු. ලක්‍ෂ 450 ආසන්න අති විශාල මුදලක් වියදම් කරමින් 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද e-samurdhi වැඩසටහන මහජන මුදල් කාබාසිනියා කරන ලද මුළුමනින්ම අසාර්ථක වැඩ සටහනක් බව සමෘද්ධි නිලධාරීන්ගේ
සංගමය චෝදනා කර සිටී.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා නිකුත් කළ නි‍වේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයේ මෙම අංශය පවත්වාගෙන යන අතර මෙය අන්තර්ජාලයේ www. esamurdhi.gov.lk යන වෙබ් අඩවියට පිවිස මෙම ඛේදවාචකයේ යථාර්තය ඕනෑම කෙනෙකුට නරඹිය හැකිව ඇත. සමෘද්ධි වැඩසටහනේ දිවයිනේ සියලූම සමෘද්ධි ප‍්‍රතිලාභීන්ව ප‍්‍රතිලාභී කළමණාකාර පද්ධතිය යටතේත්, සමෘද්ධි ව්‍යවසායකයින් ව්‍යාපෘති වැඩසටහන් කළමණාකාර පද්ධතිය යටතේ හා සමස්ත සමෘද්ධි සේවකයින්ගේම දත්ත මානව සම්පත් කළමණාකාර පද්ධතිය යටතේත් කොටස් 03කට වෙන් කර තොරතුරු පද්ධතියක් සැකසීමේ අරමුණින් මෙය ආරම්භ කෙරිනි. සැලසුමකින් තොරව පවත්වාගෙන ගිය මෙය ශ‍්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ තොරතුරු ද්වාරය නමින් හදුන්වා ඇත. එහෙත් මෙය නමට පමණක් සීමා වී තිබෙන අයුරු මෙහි දත්ත සෙවීමේදී මැනවින් පෙන්නුම් කරයි. එහි කෘෂිකර්මාන්තයේ යෙදෙන සමෘද්ධි ව්‍යවසායකයින් ගණන 02 ලෙසත් ඉන් හතු වවන්නකු හා ගොටු කොළ වවන්නකුගේ පමණක් විස්තර පෙන්නුම් කළද ඔවුන්ගේද නම සදහන් නොවීම මෙහි අසාර්ථකත්වයේ හා මෙම වැඩ සටහනේ බංකොළොත් භාවය මැනවින් පෙනෙන අතරම සේවකයෙකු සදහා වැටුප් විස්තරයක් පවා අදටත් මෙයින් ලබා ගැනීමට නොහැකිවීම තවත් එක් නිදසුනක් බව වැඩිදුරටත් අප මෙයින් පෙන්නා දෙමු.

තවද 2011 අගොස්තු මාසයේ සිට ඇරඹි මෙම වැඩසටහනට මුවාවී සේවකයින් හට විශාල වියදම් දරමින් පුහුණු වැඩමුඵ පැවැත්වුවද ඔවුන්ගෙන් ප‍්‍රයොජන ගැනීමට පාලනාධිකාරිය අපොහොසත් වීමත්, කිසිදු ඉදිරි දැක්මක් හා වැඩපිළිවෙලක් නොමැතිව වෙනත් අරමුණු වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීම හා දේශපාලන අභිමතාර්ථයන් මෙයින් ඉටුකරවා ගැනීම මත මෙහි අසාර්ථකත්වයට හා විශාල මුදලක් මෙම වැඩසටහනට නාස්තිවීමට මුලිකම හේතුව වී ඇත. ආණ්ඩුව විවිධ පුද්ගලයින් දේශපාලන අතකොලූ ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කිරීම තුළ එසේ පත්වන්නන් අත්තනෝමතිකලෙස ඉදිරි දැක්මක් නොමැතිව මහජන මුදල් මෙසේ යොදා ගැනීම බරපතළ කාරණයක් බැවින් මෙම නාස්තියට වගකිව යුතු සියලූ බලධාරීන්ගෙන් මෙම මුදල් අයකර ගැනීමට වහා පියවර ගන්නා මෙන් අප සංගමය අදාල බළධාරීන් හට මෙයින් බලකර සිටිමු.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive