facebook like

‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ඇදලා ගනින්’ තංගල්ල සභාපති සම්පත් විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවා

‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත  විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවු බව තංගල්ල නේචර් රිසෝටි හෝටලයේ දී කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සාක්කි දෙමින් හෝටලයේ නතර වී සිටි පුද්ගලයෙක් කොළඹ මහාධිකරණය හමුවේ අද සාක්කි දුන්නේය.
කොළඹ සිරි ධම්ම මාවතේ ප්‍රසාද් සමරසිංහ මහතා රෝහිණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ ප්‍රකාශ කළේ
2011 දෙසැමිබර් 23 සිට 25 දක්වා තම බිරිය හා පුතා සමඟ හෝටලයේ නතර වු බවයි.
කුරාම් ෂෙයික් ඝාතනය කැර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ  සිද්ධියට  තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති විදානපතිරණ ඇතුලු හය දෙනෙක් චෝදනා ලැබ සිටිති.
සමරසිංහ මහතා මෙසේද කීවේය
‘කුරාම් ෂෙයික් හා ඔහුගේ පෙම්වතිය හෝටලයේදී මා දැක්කා.දෙසැමිබර් 25 වැනිදා රාත්‍රියේ කවුදෝ තුවක්කුවක් රැගෙන යනු මගේ පුතා දැක තිබෙනවා.
එය ඇත්ත තුවක්කුවක්දැයි පුතා ඇසුවා.ඔහු පිළිතුරක් දුන්නේ නැහැ.
මිනිහකු තුවක්කුවක් රැගෙන යනු මාත් දුටුවා.ඉන් පසු අපි නින්දට ගියා.අලුයම 12.15 ට පමණ හෝටලේ කලබලයක්.අපට ඇහැරුණා.කුණුහරුපත් කියනවා ඇසුණා.
මිටි කළු මිනිහකු නාන තටාකය අසලදී කුරාම්ගේ පෙම්වතියට පහර දෙනු දැක්කා.ඇය ඉන් බේරීමට නාන තටාකයට පැන්නා.ඉන්පසු ඇය බෝතලයක් කඩා ඇයට ඇන්නා.මුනින් අතට වැටි සිටි කුරාම් ළගට ගිය ඇය ඔහු ඔසවාගත්තා.තවත් කළබල දැක්කා.ත්‍රිරෝද රියකටත් පහර දෙනු දැක්කා.සුදු  කමිසයක් හා සරමක් ඇද සිටි හිටපු සභාපති  ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින් ’යනුවෙන් ඔහුගේ ගෝලයින්ට කිවා.
මා ඉන්පසු පොලීසියට කට උත්තරත් දුන්නා.


 තංගල්ල හෝටලයේ කලබල ඇති කළ පිරිස, හෝටලයේ දේපළ විනාශ කරමින් හෝටලයෙන් පිටව යෑමට සූදානම් වන අවස්ථාවේදී රථගාල අසල සිටි සුදු පැහැති සරමක් සහ කමිසයක් හැඳ සිටි පුද්ගලයා 'ඕක නවත්වලා සුද්දිව ඇදලා ගනින්' 'සුද්දිව ඇදලා ගනින්' යනුවෙන් කෑ ගහනවා තමාට ඇසුණු බව බැසිල් ප්‍රසාද් සමරසිංහ මහතා කොළඹ මහාධිකරණ හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (30දා) පැවැසීය.

අදාළ පුද්ගලයා මේ නඩුවේ තුන්වැනි විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බවට සාක්ෂිකරු විසින් මහාධිකරණයේදී ඊයේ හඳුනාගනු ලැබීය.
මේ නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ විභාග වේ.
2011 දෙසැම්බර් 25 වැනි දින තංගල්ල ද නේචර් හෝටලයේදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ රුසියා ජාතික පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් පෞද්ගලික ආයතනයක ගැනුම් නිලධාරියකු ලෙස කටයුතු කරන බැසිල් ප්‍රසාද් සමරසිංහ මහතා (42) සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවැසීය.

රජයේ නීතිඥ
තමාගේ රැකියාව කුමක්ද?
සාක්ෂිකරු
මා ඔටෝ ප්‍රී ලංකා ලිමිටඩ් ආයතනයේ ගැනුම් නිලධාරියකු ලෙස කටයුතු කරනවා.
රජයේ නීතිඥ
2011 දෙසැම්බර් 23 වැනිදා ඔබ මොකද කළේ?
සාක්ෂිකරු
අපි කතරගම යන්න ගිහින් මේ සිද්ධිය වුණු හෝටලයේ නතර වුණා. මමත් බිරියත් වයස 08ක් පමණ වූ මගේ දරුවාත් සමඟ එලෙස හෝටලයේ නතර වුණා. එය තංගල්ල ද නේචර් හෝටලය ලෙස හඳුන්වා දිය හැකියි.
රජයේ නීතිඥ
විශේෂ හේතුවක් තිබුණාද ඔබ එම හෝටලයට යෑමට.
සාක්ෂිකරු
එක්ස්ෆෝ ශ්‍රී ලංකා නමැති සඟරාවේ එම හෝටලය ගැන දැන්වීමක් පළවී තිබුණා. ඒ අනුව එම හෝටලය අපි නවාතැන් ගැනීමට තීරණය කළා. එම හෝටලය මා ගියේ මාගේ පෞද්ගලික මෝටර් රථයෙන්.
රජයේ නීතිඥ
තමා මීට පෙර එම හෝටලයට ගොස් තිබුණාද?
සාක්ෂිකරු
නැහැ. ප්‍රථම වතාවටයි එම හෝටලයට ගියේ. හෝටලයේ සිටින දිල්රුක්ෂි නමැති අයට කතා කර හෝටලයේ අංක 04 කාමරය වෙන් කර ගත්තා. ඊට අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 9,000ක මුදලක් බැංකුවෙන් ගෙව්වා. අපිත් සමඟ දේශීය සංචාරක පවුල් 03ක් පමණ සිටියා.
රජයේ නීතිඥ
ඔබ නවාතැන් ගෙන සිටියේ ඉහළ මාලයකද? පහළ මාලයකද?
සාක්ෂිකරු
පහළ මාලයක. අපි සිටි කාමරයට ආපන ශාලාව දිස්වෙනවා.
රජයේ නීතිඥ
හෝටලයේ නවාතැන් ගෙන ඔබ හඳුනන අය සිටියාද?
සාක්ෂිකරු
කවුරුත් හඳුනන අය සිටියේ නැහැ.
රජයේ නීතිඥ
2011 දෙසැම්බර් 24 වැනිදාත් ඔබ හෝටලයේ සිටියාද?
සාක්ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
නත්තල් දිනය සැමරීමට හෝටලය සූදානම් වී තිබුණාද?
සාක්ෂිකරු
ඔව්. හෝටලයේ ආපන ශාලාව සරසා තිබුණා. එම සැරසිලි කළේ හෝටල් සේවකයන්.
රජයේ නීතිඥ
එදින නත්තල් සාදයකුත් පැවැතුණාද?
සාක්ෂිකරු
ඔව්. නත්තල් සාදයේදී නැටුම් සමඟ විශේෂ සංගීතයක් සහ විශේෂ රාත්‍රි ආහාර වේලාවක් තිබෙන බව අප වෙත හෝටලයෙන් දැනුම් දුන්නා.
රජයේ නීතිඥ
2011 දෙසැම්බර් 24 වැනිදා ඔබ රාත්‍රි ආහාර වේල ගත්තේ කීයටද?
සාක්ෂිකරු
රාත්‍රි 9ට පමණ අපි රාත්‍රි ආහාර වේල ගත්තා. නමුත් ඒ වේලාවේ ඩී.ජේ. සංගීතය තිබුණේ නැහැ. එය සැපයීමට සූදානම් වෙමින් සිටියේ නැහැ. අපි පැයක් පමණ එහි සිට නැවත හෝටල් කාමරය වෙත පැමිණියා.
රජයේ නීතිඥ
නත්තල් සාදයට ඔබ සහභාගි වුණේ නැද්ද?
සාක්ෂිකරු
නැහැ.
රජයේ නීතිඥ
ඒ ඇයි?
සාක්ෂිකරු
මට ඒකට සහභාගි වීමට විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ.
රජයේ නීතිඥ
තමාගේ වාහනය නතර කර තිබුණේ කොහේද?
සාක්ෂිකරු
කාර් පාර්ක් එකේ කෙළෙවරේ. මම දින 2ක් හෝටලයේ නතර වෙන නිසා එලෙස නැවැත්වූවා.
රජයේ නීතිඥ
රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ දිගටම හෝටල් කාමරය තුළ සිටියාද?
සාක්ෂිකරු
නැහැ. මම නැවත ආපනශාලාව දෙසට ආවා. එහිදී සාමාන්‍ය සංගීතය සපයා තිබුණා. මම එහෙම එනවිට බිරිය ආවේ නැහැ. මගේ පුතා මාත් සමඟ ආවා.
රජයේ නීතිඥ
එලෙස තමා හෝටල් කාමරයෙන් පිටතට ඒමට විශේෂ හේතුවක් තිබුණාද?
සාක්ෂිකරු
මට කාමරය තුළ සිටින විට කම්මැළිකමක් ඇතිවුණා. හෝටල් ආලින්දයේ පොත් තිබුණා. පොතක් බැලීමේ අරමුණින් මම කාමරයෙන් පිටතට ආවා. මම පැය 1/2ක් පමණ එතැන තිබූ සඟරාවක් බැලුවා.
රජයේ නීතිඥ
ඔබ නැවත හෝටල් කාමරයට එන විට වේලාව කීයට ඇත්ද?
සාක්ෂිකරු
රාත්‍රි 12ට විතර ඇති.
රජයේ නීතිඥ
රාත්‍රි 12ට පමණ මොකද වුණේ.
සාක්ෂිකරු
රාත්‍රි 12ට පමණ රතිඤ්ඤා පත්තු කළා. එවිට මමත්, බිරියත් ඇහැරුණා. පසුව නැවත නින්දට ගියා. නැවත රාත්‍රි 12ත් 1ත් අතර කෑගහන ශබ්දයක් ඇසී මමත්, බිරියත් ඇහැරුණා. එවිට ඉතාමත් අසභ්‍ය වදන කියමින් කෑගසන විශාල හඬක් ඇසුණා.
රජයේ නීතිඥ
එලෙස කීවේ කුමක්ද?
සාක්ෂිකරු
මට ඒක මේ අධිකරණයේ කියන්න බැහැ. ඉතාමත් අසභ්‍ය වචන කියන කෑගසනවා ඇහුණා.
රජයේ නීතිඥ
එම වචන අධිකරණ තුළ ප්‍රකාශ කිරීමට ඔබට හැකියාව තිබෙනවා.
සාක්ෂිකරු
මට කොහෙත්ම එම වචන මෙහි කීමට බෑ. ඒවා ඉතාමත් අසභ්‍ය වචන බව ප්‍රකාශ කළ හැකියි. එම හඬ ඇසුණු පැත්තට මම යෑමට පිටත් වුණා. මගේ බිරියත් මගේ පස්සෙන් ආවා.
රජයේ නීතිඥ
ඔබ එහිදී මොකක්ද දැක්කේ.
සාක්ෂිකරු
මම එළියට එනවිට පිහිනුම් තටාකය අසලදී සුදු ජාතික කාන්තාවකට අතින් පයින් එක් පුද්ගලයකු පහර දෙනවා දුටුවා. ඔහු වටේ තවත් පිරිසක් සිටියා.
රජයේ නීතිඥ
සුදු ජාතික කාන්තාවකට ආයුධයකින් පහර දුන්නාද?
සාක්‍ෂිකරු
නැහැ. අතින් පයින් තමයි පහර දුන්නේ.
රජයේ නීතිඥ
එම ස්ථානයේ ආලෝකය තිබුණාද?
සාක්‍ෂිකරු
ඔව්.
රජයේ නීතිඥ
ඔබ එතැනින් ඉවත් වුණාද?
සාක්‍ෂිකරු
නැහැ. මම සුදු ජාතික කාන්තාවට පහර දෙනවා නතර වී බලාගෙන හිටියා.
රජයේ නීතිඥ
ඔබ එම සුදු ජාතික කාන්තාව හඳුනනවාද?
සාක්‍ෂිකරු
ඔව්. ඇය මුහුදු වෙරළේ සිට එන විට දැක තිබෙනවා. නත්තල් සාදයට හෝටලය සැරසීමට ඇය ගොඩක් උදව් කළා. මහේ පුතාත්, මමත් ඇය සමඟ කතා කළා.
රජයේ නීතිඥ
කොහොමද ඔබ එම කාන්තාවට පහර දෙන ආකාරය විස්තර කරන්නේ.
සාක්‍ෂිකරු
ඉතා තිරිසන් විදියට සුදු ජාතික කාන්තාවට එම පිරිස පහර දුන්නා. ඇය බේ‍රසියර් එකක් සහ යට ඇඳුමක් හැඳ සිටියා.
රජයේ නීතිඥ
පහරදුන් අයගේ අතෙහි කුමක් හෝ තිබුණාද?
සාක්‍ෂිකරු
එක් අයකු අතේ හිස් වූ විස්කි බෝතලයක් තිබුණා. එකවරම එම විස්කි බෝතලය තාප්පයට ගසා කඩා ඒකෙන් සුදු ජාතික කාන්තාවට පහර දුන්නා.
රජයේ නීතිඥ
පහර දෙන විට සුදු ජාතික කාන්තාව කොහේද හිටියේ.
සාක්‍ෂිකරු
කාන්තාව පිහිනුම් තටාකය ඇතුළේ කෑ ගසමින් හිටියා.
රජයේ නීතිඥ
එම බෝතල් ප්‍රහාරය කාන්තාවගේ කොහාටද එල්ල වුණේ.
සාක්‍ෂිකරු
කාන්තාවගේ මුහුණට බෝතලයෙන් පහර දුන්නා. පසුව එම පුද්ගලයා පිහිනුම් තටාකය තුළට පැන සුදු ජාතික කාන්තාවට පහර දුන්නා. අවශ්‍ය නම් එම පුද්ගලයා මට පෙන්විය හැකියි.
රජයේ නීතිඥ
පිහිනුම් තටාකයේදී කාන්තාවට පහර දුන්නාද?
සාක්‍ෂිකරු
පිහිනුම් තටාකයේදී සුදු ජාතික කාන්තාවට අතින් පයින් ඇයගේ පිටට පවා පහර දුන්නා. විශාල ප්‍රහාරයක් ඔහු සුදු ජාතික කාන්තාවට එල්ල කළා. සුදු ජාතික කාන්තාවට බිම දාගෙන ගහලා අවසානයේ එම පුද්ගලයා නැඟිට 'උඹලා මේකිව බලා ගනිල්ලා, මම මැනේජර්ව හොයන්න යනවා' කියා එතැනින් ඉවත්ව ගියා. ඔහු පිහිනුම් තටාකයේ පඩිපෙළ මතින් ගොඩවී ආපන ශාලාව දෙසට ගියා.
රජයේ නීතිඥ
එහිදී මොකද වුණේ.
සාක්‍ෂිකරු
මම ආපන ශාලාව දෙසට ගියා. එලෙස යන විට සුදු ජාතික කාන්තාවත් සමඟ සිටි සුදු ජාතිකයා මුනින් අතට බිම වැටී හිටියා.
රජයේ නීතිඥ
සුදු ජාතික මහතා වැටී සිටියේ එළිමහන් තැනකදී?
සාක්‍ෂිකරු
ඔව්, එය තණකොළ සහිත බිමක්, සුදු ජාතිකයා වැටී සිටි ස්ථානය, පිහිනුම් තටාකයේ සිට මීටර් 10ක පමණ දුරකින් පිහිටා තිබෙනවා, සුදු ජාතිකයා කලිසමක් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන හිටියා, ඔහුගේ මුහුණ පැත්තට හැරී තිබුණා. මුහුණේ ලේ ගලමින් තිබුණා. සුදු ජාතික කාන්තාව පැමිණ සුදු ජාතිකයා බදාගෙන 'මයි ලයිෆ්' 'මයි ලයිෆ්' කියමින් අඬනවා දුටුවා.
රජයේ නීතිඥ
එවිට සුදු ජාතික කාන්තාවට එල්ල වන ප්‍රහාරය නිමවී තිබුණාද?
සාක්‍ෂිකරු
නැහැ. එම කාන්තාවට පහර දුන් පුද්ගලයා නැවත පැමිණ සුදු ජාතික කාන්තාවගේ බඩට, ශරීරයට තිරිසන් විදියට පහර දුන්නා. එය බලා සිටීමට බැරි දෙයක්. එතැන තවත් පිරිසක් රැස්වී සිටියා. එක් පුද්ගලයකු එම ස්ථානයට ගිනි පෙනෙල්ලක් අරන් එනවා දුටුවා. සුදු ජාතික කාන්තාව අඬමින් කෑගසමින් සුදු ජාතිකයා බදාගෙන සිටින විට, පත්තු වෙන ගිනි පෙනෙල්ලෙන් සුදු ජාතික කාන්තාවට පහර දුන්නා.
රජයේ නීතිඥ
කී වරක් පමණ පත්තුවෙන ගිනි පෙනෙල්ලෙන් ගැහුවාද?
සාක්‍ෂිකරු
ගිනි පෙනෙල්ල නිවෙන තුරු එම පුද්ගලයා සුදු ජාතික කාන්තාවට පහර දුන්නා. මට එම සිද්ධිය බලාගෙන සිටීමට බැරිවුණා. මම බිරියත් සමඟ කාමරයට ගියා. මට නැවත කාමරයෙන් පිටතට ඒමට බිරිය ඉඩ දුන්නේ නැහැ. මම කාමරයේ ඇඳෙහි වාඩිවී සිටියා. බිරිය ටිකක් එහාට මෙහාට වෙනකම් ඉඳලා මම කාමරයේ ‍ෙදාර ඇරගෙන වාහන නවත්වන ස්ථානය දෙසට ගියා.
රජයේ නීතිඥ
කාමරයට ගොස් නැවත ඔබ එළියට ආවේ කොපමණ වේලාවකින්ද?
සාක්‍ෂිකරු
විනාඩි 04කින් පමණ කෙටි වේලාවකින් මා පැමිණියා.
රජයේ නීතිඥ
ඔබ කාමරයෙන් එළියට ඇවිත් රථ ගාලටද ගියේ
සාක්‍ෂිකරු
ඔව්. ඒ වෙලාවේත් කලබලය තිබුණා. ආපන ශාලාවේ පුටු මේස පෙරළමින්, ඒවා පොළොවේ ගසමින් තිබුණා. විදුලි බුබුළුවලට පොලුවලින් පහරදී විනාශ කර තිබුණා. බුෆේ තිබුණු භාජන බිම දමා පොඩිකර විනාශ කර තිබුණා. හෝටලයේ තිබූ අලංකාර සැරසිලි විනාශ කර තිබුණා.
රජයේ නීතිඥ
බෝතලයෙන් පහරදුන් පුද්ගලයා ගිනි පෙනෙල්ලෙන් පහර දුන් පුද්ගලයා හැර අනෙකුත් දුටු අය මතකද?
සාක්‍ෂිකරු
ආපන ශාලාවේ භාණ්ඩ කඩපු පුද්ගලයා මම දැක්කා.
රජයේ නීතිඥ
ඔබ රථ ගාලට යෑමට විශේෂ හේතුවක් තිබුණාද?
සාක්‍ෂිකරු
විශේෂ හේතුවක් තිබුණේ නැහැ. නමුත් මාගේ වාහනයත් මට මතක් වුණා. වාහනය ළඟට යෑමට මට ටිකක් වේලා ගියා මම එතැනට යන විට 'වේටර්' කෙනෙක් මගෙ ඉස්සරහට ආවා. ඔහු කීවා' බුදු මහත්තයෝ සුද්දා ඉවරයි. අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යමු' කියලා කීවා. මම කීවා හරි යමු කියලා. ඒ වෙලාවේ වාහනයේ යතුර මා ළඟ තිබුණේ නැහැ. මා යතුර ගෙන ඒමට කාමරයට ගියා.
රජයේ නීතිඥ
එම හෝටලයේ 'වේටර්' ඔබ හඳුනනවාද?
සාක්‍ෂිකරු
ඔහු තමයි අපිට ආහාර පාන ලබා දුන්නේ.
රජයේ නීතිඥ
ඔබ කාමරයට ගිහින් යතුර රැගෙන ආවාද?
සාක්‍ෂිකරු
මම කාමරයට යන විට බිරිය නැඟිට සිටියා. ඇය මගෙන් විමසුවා කොහෙටද යන්නේ කියා. මම කීවා පොඩ්ඩක් එළියට යනවා කියා මම කාමරයෙන් පිටතට ගියා.
රජයේ නීතිඥ
එම අවස්ථාවේදී සුදු ජාතිකයා සහ සුදු ජාතික කාන්තාව දුටුවාද?
සාක්‍ෂිකරු
නැහැ.
රජයේ නීතිඥ
එම අවස්ථාවේදීත් කලබලය තිබුණාද?
සාක්‍ෂිකරු
ඔව්, ආපන ශාලාවෙන් උඩ කොටසේත් භාණ්ඩ කඩන ශබ්දයක් ඇහුණා. නමුත් එතන ආලෝකය තිබුණේ නැති නිසා පෙනුණේ නැහැ. මා වාහනයට ගොස් එය පණගන්වා එළියට ගන්න හැදුවත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් නවතා තිබුණ නිසා එලෙස එළියට ගන්න හැකියාවක් ලැබුණේ නැහැ.
රජයේ නීතිඥ
ඔබ එම ස්ථානයට එන විට වේටර් හිටියාද?
සාක්‍ෂිකරු
නැහැ.
රජයේ නීතිඥ
වෑන් රථය පණගන්වා තිබුණාද?
සාක්‍ෂිකරු
ඔව්. එය පණගන්වා තිබුණා. පිටුපස විදුලි පහන් දැල්වී තිබුණා. එය සුදු පැහැති වෑන් රථයක්. ආපන ශාලාවේ භාණ්ඩ කඩමින් සිටි පුද්ගලයා ත්‍රිරෝද රථයට පහරදී ත්‍රිරෝද රථය පෙරළුවා. වෑන් රථයේ වීදුරුවකටත් පහර දුන්නා. පස්සේ පුද්ගලයන් 04 දෙනෙක් පමණ මාගේ වාහනය දෙසට ආවා. මට ඔවුන් පොලු අරගෙන පහරදීමටයි පැමිණියේ.
රජයේ නීතිඥ
ඔබ එහිදී මොකද කළේ?
සාක්‍ෂිකරු
මම හයර් එකක් ආපු කෙනෙක්. මට මොකුත් කරන්න එපා කියලා මම බැගෑපත්ව ඔවුන්ගෙන් ඉල්ලුවා. ඔවුන් එහිදී පිටවී ගියා.
රජයේ නීතිඥ
එලෙස පැමිණි අය ඔබ හඳුනනවාද?
සාක්‍ෂිකරු
නැහැ. නමුත් ත්‍රිරෝද රථයට පහර දෙන අවස්ථාවේදී සුදු පැහැති කමිසයක් සහ සරමක් ඇඳ සිටි පුද්ගලයා කීවා "ඕක නවත්වලා" සුද්දිව ඇදලා ගනින්", "සුද්දිව ඇදලා ගනින්" කියා කෑ ගහනවා මට ඇහුණා. ගහපු ත්‍රීවීල් රථය පෙරළිලා තිබුණා. එම පිරිස ඩොල්ෆින් වෑන් රථයෙන් පිටවී ගියා.
රජයේ නීතිඥ
වෑන් රථය පිටත් වී යෑමෙන් අනතුරුව ඔබට මෝටර් රථයට එළියට ගැනීමට හැකි වුණාද?
සාක්‍ෂිකරු
බැරි වුණා. ත්‍රිරෝද රථය පෙරළී තිබුණ නිසා වාහනය එළියට ගන්න බැරිවුණා.
රජයේ නීතිඥ
වෑන් රථයේ කීදෙනෙක් පමණ යනවා දුටුවාද?
සාක්‍ෂිකරු
හත් අට දෙනෙක් වෑන් රථයේ නැඟී පලා ගියා. මම ඉන් පසු කාමරයට ඇවිත් නින්දට ගියා. නමුත් මට එම සිද්ධිය නිසා නින්ද ගියේ නැහැ.
රජයේ නීතිඥ
ඔබ සුදු ජාතික කාන්තාවට සහ සුදු ජාතිකයාට වූ දේ සොයා බැලුවේ නැද්ද?
සාක්‍ෂිකරු
මට සිද්ධිය ගැන අප්‍රසන්න තත්ත්වයක් තිබුණා. ඒ නිසා සොයා බැලුවේ නැහැ. උදේ වරුවේ තංගල්ල පොලිසිය මගෙන් කටඋත්තරයක් ගත්තා. මම උදේ 11.30ට පමණ හෝටලයෙන් පිටත් වුණා. අපි 2011 දෙසැම්බර් 25 වැනිදා දහවල් ලැගුන් පැරඩයිස් නමැති හෝටලයෙන් දිවා ආහාරය ගත්තා.
රජයේ නීතිඥ
ඔබ එදින කතරගම ගියාද?
සාක්‍ෂිකරු
ඔව්. පසුව 26 වැනිදා රාත්‍රියේ කොළඹ ආවා. පස්සේ මගේ කාර්යාලයේදී රහස් පොලිසිය මගෙන් කටඋත්තරයක් ලබා ගත්තා.
රජයේ නීතිඥ
පසුව තමා තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට සහභාගි වුණාද?
සාක්‍ෂිකරු
ඔව්. සිද්ධියෙන් දින 10කට පසුව මා එලෙස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලට සහභාගි වුණා. මා හඳුනා ගැනීමේ පෙරෙට්ටු තුනකට සහභාගි වුණා.
රජයේ නීතිඥ
එම හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලදී කී දෙනෙක් ඔබ හඳුනා ගත්තාද?
සාක්‍ෂිකරු
පස් හය දෙනෙක් හඳුනාගත්තා.
රජයේ නීතිඥ
එදා හඳුනාගත් අය අද මේ අධිකරණය තුළ ඉන්නවාද?
සාක්‍ෂිකරු
ඉන්නවා.
මේ අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි පළමු විත්තිකරු ලහිරු කැලුම්, තුන්වැනි විත්තිකරු සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ හතරවැනි විත්තිකරු ප්‍රගීත් චතුරංග යන තිදෙනා සාක්‍ෂිකරු විසින් හඳුනා ගන්නා ලදී.
රජයේ නීතිඥ
පළමුවැනි විත්තිකරු මොකද කළේ.
සාක්‍ෂිකරු
කලබලය තුළ බොහෝ දේවල් කළේ පළමුවැනි විත්තිකරුයි. ඔහු තමයි සුදු ජාතික කාන්තාවට බෝතලයෙන් පහර දුන්නේ. ඔහු ටීෂර්ට් එකක් හැඳගෙන සිටියා. මට ඔහුව හොඳට මතකයි.
රජයේ නීතිඥ
තුන්වැනි විත්තිකරු මොකද කළේ?
සාක්‍ෂිකරු
මුලින්ම ලොබි එකට යන විට එම පුද්ගලයා තවත් අයකු සමඟ කතා කරමින් සිටියා.
රජයේ නීතිඥ
හතරවැනි විත්තිකරු මොකද කළේ?
සාක්‍ෂිකරු
ඔහු ටී. 56 වැනි ගිනි අවියක් සහිතව ආපන ශාලාවට ඇතුළුවන ස්ථානයේ සිටියා. ඒ බව මා හට පෙන්වා සිටියේ මාගේ පුතායි. පුතා මගෙන් ඇහුවේ "තාත්තේ අර අන්කල් අතේ තිබෙන්නේ ඇත්ත පිස්තෝලයක් නෙවේ නේද" කියා ඇහුවා.
රජයේ නීතිඥ
එම පුද්ගලයා අතෙහි තුවක්කුවක් තිබුණාද?
සාක්‍ෂිකරු
ඔව්. ඔහුගේ අතේ තුවක්කුවක් තිබුණා.
රජයේ නීතිඥ
ඔබට එවැනි තුවක්කුවක් නැවැත දුටුවහොත් හඳුනාගත හැකිද?
සාක්‍ෂිකරු
පුළුවන්.
රජයේ නීතිඥ
සුදු පැහැති කමිසය සහ සරම හැඳගෙන සිටි පුද්ගලයා ඔබට පෙන්විය හැකිද?
සාක්‍ෂිකරු
හැකියි.
මේ අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි තුන්වැනි විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති අය සාක්‍ෂිකරු විසින් හඳුනා ගන්නා ලදී.
විනිසුරුවරිය
සුදු ජාතික කාන්තාව ඇදලා ගන්න කියන විට, ඇය සිටියේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive