facebook like

අලුත් සම්බන්ධය නතර කරන්නේ නෑ කීවා..... දුක වේදනාව සමග ඇතිවූ කෝපයට පිහියෙන් ඇන්නා

 ඝාතනය කළ පෙම්වතා පාපොච්චාරණය කරයි
ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඇය ඒ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා කීවා. මට දැනුණු කෝපය නිසා මම ඩිමාෂාට පිහියෙන් ඇන මරා දැම්මා. පසුව මට ඇය ගැන දුක සිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා"

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ
තල්ගස්‌වල, නියාගම, ජය සුදම් නිවසේ පදිංචිව සිටි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමානට (22) පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගැමුණු හේවා බළ ඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරල (26) නමැත්තා පෙරේදා (24 වැනිදා) ඇල්පිටිය පොලිසියට පාපොච්චාරණය කරමින් එසේ පැවැසීය.

මෙම සිසුවිය පෙරේදා (24 වැනිදා) අලුයම ඇල්පිටිය බස්‌ නැවතුම්පළ පිටුපසදී සැකකාර යුද හමුදා සෙබළා විසින් පිහියකින් ඇන මරා දමා තිබිණි.

ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක වී.එස්‌. ඩී. විදානගේ මහතා ඉදිරියේ තවදුරටත් පාපොච්චාරණය කළ සැකකරු මෙසේද කීය.

පාසල් යන කාලයේ සිටම ඇසුරු කළ ඩිමාෂා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දින සිටම මම ඇයට අවශ්‍ය සියලු වියහියදම් දැරුවා. මා පණමෙන් ඇයට ආදරය කළා. දැනට වැඩිදුර පුහුණුවක්‌ සඳහා තන්තිරිමලේ හමුදා කඳවුරේ රාජකාරි කටයුතු කරන මා මැයි මාසයේ වැටුප අරගෙන ඩිමාෂා හමුවෙන්න කොළඹ ඇවිත් ඇගේ අතට රුපියල් 21,000 ක්‌ ලබාදීලා ඈ සමග 20, 21 යන දින දෙක කොළඹ පුද්ගලික නවාතැනක ගත කළා. පසුව මා යළි හමුදා කඳවුරට ගියා.

පසුව මා ඩිමාෂාගේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් කළත් ඈ එයට ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැහැ. පසුව මා ඩිමාෂාගේ යාළුවකුට කෝල් කළාම ඇය බෝඩිමේ සිටින බව කිව්වා. මට මේ නිසා ඩිමාෂා ගැන සැක හිතුණා.

ඩිමාෂාගෙන් මා ප්‍රශ්න කළ විට ඈ තවත් අයකු සමග සම්බන්ධයක්‌ ඇති බව කිව්වා. මේ නිසා මා ජංගම දුරකථනයෙන් ඇය සමග රණ්‌ඩු වුණා. පසුව මම ඇයට කිව්වා මගෙන් ලබාගත් රුපියල් 21,000 ඕනි කියලා. ඇය 24 වැනිදා උදේ 3.15 ට කොළඹ යැම සඳහා බසයෙන් ඇල්පිටියට එන බවත් ඒ ආවිට මුදල් දෙන්නම් කියලත් ඈ පොරොන්දු වුණා.

මා 23 වැනිදා තන්තිරිමලේ කඳවුරෙන් සවස පිටවීම සටහන් කර කොළඹට ඇවිත් පිටකොටුවේ පේමන්ට්‌ කඩයකින් රුපියල් 100 කට පිහියක්‌ අරගෙන රාත්‍රියේ අම්බලන්ගොඩට ආවා. එතකොට වෙලාව අලුයම 1.00 ට ඇති. පසුව ඇල්පිටියට යැමට බස්‌ නොතිබුණු නිසා අම්බලන්ගොඩ ඉඳලා ඇල්පිටියට පයින්ම ආවා. අලුයම 2.30 ට ඇල්පිටියට ඇවිත් ළඟ තිබුණු කඩේකින් බියර් එකක්‌ බීලා ඩිමාෂා එනකම් බලාගෙන සිටියා. අලුයම 4.15 ට විතර ඩිමාෂා ඇල්පිටියට ආවා. මා ඇය සමග ටිකක්‌ කතා කරන්න ඕන කියලා බස්‌නැවතුම්පළ අසල පාළු ගොඩනැඟිල්ලට ඈ එක්‌කර ගෙන ගියා.

මා ඇයගේ කකුල් දෙක අල්ලා වැඳ කිව්වා අපි පසුගිය දේවල් අමතක කර දාමු මට ඔයාව නැතුව බෑ මට එදා වගේ ආදරයෙන් ඉන්න කියලා. පසුව ඇය මට මුදල් දී ඔන්න තමුසෙගේ සල්ලි මගේ සම්බන්ධය නවත්වන්න තමුසෙට බෑ. මින් පසු මගේ පස්‌සේ එන්න එපා කියා ඈ කිව්වා. එවිට මට ඇතිවූ දුක වේදනාව වාවාගන්න බැරුව ගියා. ඒ සමගම මට ඈ සමග දැඩි කෝපයක්‌ ඇති වුණා.

එවිට මගේ සාක්‌කුවේ තිබුණු පිහිය අරගෙන ඇය බිත්තියට හේත්තු කරලා ඇගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. ඈ කෑගසාගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවන කොට නැවත මම ඇගේ පපු ප්‍රදේශයට පිහි පහර දෙකක්‌ ඇන්නා.ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක්‌ ඇන්නා. පසුව මට ඇය ගැන දුක හිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා.

පසුව මා ලේ තැවරුණු පිහිය නාකන්දල ඇළට විසි කළා. පසුව මා ගෙදර ගොස්‌ ලේ තැවරුණු සපත්තු දෙක සෝදා තබා ලේ තැවරුණු කලිසම හා කමිසය බෑග් එකක දාගෙන ඇල්පිටිය ආවා. නායකන්ද ඇළ ළඟට ඇවිත් ලේ තැවරුණු ඇඳුම්වලට මා ගිනි තබා නැවත ඇල්පිටිය නගරයට ආවා.

" ඒ එනවිට සිද්ධිය වූ ස්‌ථානයේ සෙනග සිටියා. මා මොනවත් නොදන්නවා සේ එතනට ඇවිත් බලන් සිටියා. මේ වෙලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉව අල්ලමින් සිටි පොලිස්‌ නිල සුනඛයා මගේ ඇඟට දෙවරක්‌ම පැන මගේ කලිසමින් දෙවරක්‌ම ඇද්දා. එවිට මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, කේ. සී. විදානආරච්චි -
 ඇල්පිටිය, ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive