පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා එම පක්ෂයේ හිටපු ප්රචාරක ලේකම් වත්මන් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාට විවෘත අභියෝගයක් කළේය. එනම් මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතාව විවේචනය නොකර හැකිනම් මුදල් අමාත්‍යවරයාව විවේචනය කරන ලෙසය. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ප්රචාරක ලේකම්වරයා එහි හිටපු ප්රචාරක ලේකම්වරයාට කරන
මේ අභියෝගය භාර නොගන්නා බව පැහැදිලිය. ඒ මෙරට වත්මන් මුදල් අමාත්‍ය ධුරය දරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීම නිසාය. ඒ අනුව බලද්දී විමල් වීරවංශ ඇමැතිවරයා පී.බී. ජයසුන්දර මහතා විවේචනය කරමින් කරන්නේ මුව හමට තඩිබෑමක් වැනි දෙයකි.
ආර්ථික ඝාතකයා යන වදන අපේ සමාජයේ ප්‍රචලිත වූයේ විමල් වීරවංශ මහතා එය පුන පුනා ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගැනීමත් සමඟය. ඔහු එම පහර ගැසුවේ අන් කවරකුටවත් නොව මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතාටය. මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති නොසලකා හරිමින් කටයුතු කරන බව කියමින් වීරවංශ මහතා ජයසුන්දර මහතාව තදින් විවේචනය කළේය. මේ විවේචනයට ආණ්ඩුව පැත්තෙන්ම පළමු පිළිතුර ලැබුණේ රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක මහතාගෙනි. නවීන් කීවේ පී.බී. ජයසුන්දර මහතාව ඒ ආකාරයට විවේචනය කිරීම වැරැදි බවත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පී.බී. ජයසුන්දර මහතා විශාල සේවයක් කරන බවත්ය. ආණ්ඩුව ඇතුළේම ඇමැතිවරුන් දෙදෙනකු අතර ඇතිවූ මේ වාග් සංග්‍රාමයට ඊළඟට පය තිබ්බේ උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාය. නවීන්ද ගිය පාරේම යමින් එස්.බී., දැඩි ලෙස විමල් විවේචනය කළේය. ආණ්ඩුවේ ඉන්නවානම් කැබිනට් සාමූහිකත්වය රකිමින් කටයුතු කළ යුතු බව ඔහු විමල්ට මතක් කර දුන්නේය. එයට විමල්ගේ උත්තරය වූයේ කට පරිස්සම් කරගන්න බැරිව හිරේ ගිය එස්.බී. ලා කියන කතා ගණන් ගත යුතු නැති බවය.
කැබිනට් ඇමැතිවරුන් මේ ආකාරයට මුදල් අමාත්‍යංශ ලේකම්ව විවේචනය කළේ අද පමණක් නොවේ. එයට ඉතිහාසයක්ද තිබේ. ඒ කෙසේ නමුත් මෙතැනදී මා දකින විශේෂත්වය වන්නේ කැබිනට් ඇමැතිවරයකු මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ ඉතා තදින් විවේචනයට ලක් කිරීමය. අතීතයේ කැබිනට් ඇමැතිවරුන් එසේ කළද එය මහජනයා අතරට බොහෝ විට පැමිණියේ නැත. ඒ විවේචනය ඔවුන් අතර අභ්‍යන්තර ගනුදෙනුවක් පමණක් වූ බැවිනි.
විමල් - පී.බී. ගැටුමට මැදිවී සිටින එස්.බී. දිසානායක මීට පෙර ඇමැති ධුරයක් දරන කාලයකදී ඔහු මාව ඔහුගේ උපදේශකයකු බවට පත් කර ගත්තේය. එකල මුදල් අමාත්‍යංශයේ ලේකම් වූයේ චරිත රත්වත්තේ මහතාය. දිනක් එස්.බී. දිසානායක මහතා මා කැඳවා ප්‍රකාශ කළේ තව නොබෝ දිනකින් තමන් ලිබියාවට යන බවත් එහිදී ලිබියන් ආණ්ඩුව සමඟ ගිවිසුමකට අස්සන් කරන බවත්ය. එස්.බී. අස්සන් කිරීමට බලාපොරොත්තු වූයේ ඉන්ධන අඩු මිලට ලබාගැනීමේ ගිවිසුමකටය. ඔහු ලිබියාවට යන්නට ප්‍රථමයෙන් මට කියා සිටියේ එයට අදාළ ලියකියැවිලි සකස් කරන ලෙසත් ඒවා මහා භාණ්ඩාගාරයේ ලේකම් චරිත රත්වත්තේට ලැබෙන්නට සලස්වන ලෙසත්ය. එසේ කියා ඔහු ලිබියාවට ගියේය. අදාළ ලියකියැවිලි සකස් කළ මම ඒවා චරිත රත්වත්තේ මහතාට ලැබෙන්නට සැලැස්සූවෙමි.
ඒ අතරතුර මාධ්‍ය වාර්තා කළේ එස්.බී. දිසානායක ඇමැතිවරයා මෙම ගිවිසුමට ලිබියාවේදී එරට නිලධාරීන් සමඟ අස්සන් කළ බවය. පසු දින චරිත රත්වත්තේ මහතා දුරකතනයෙන් අමතා මට පැවැසූයේ ඉක්මනින් පැමිණ තමන් හමුවන ලෙසය. මම වහා ඔහු හමුවීමි. එවිට චරිත මගෙන් ඇසුවේ මොනවාද මේ එවා ඇති ලියකියැවිලි කියාය. එවිට ඇමැති එස්.බී. මට පැහැදිලි කළ ගිවිසුම ගැනත් එය චරිත රත්වත්තේ මහතාට ලැබෙන්නට සලස්වන ලෙස පැවැසූ දෙයත් ඔහුට කීවෙමි. මෙම ලියවිලිවලට අනුමැතිය දිය නොහැකි බවත් එය තමන්ට එවා තමන්ගේ අනුමැතිය ලැබෙන්නටත් පෙර ඇමැති එස්.බී. ලිබියාවට ගොස් ගිවිසුම අස්සන් කළේ කෙසේදැයි චරිත මගෙන් ඇසුවේය. එයට දෙන්නට පිළිතුරක්ද මට නොවීය.
ඇමැති එස්.බී. සහ එකල මහා භාණ්ඩාගාරයේ ලේකම් වූ චරිත රත්වත්තේ අතර ගැටුම ආරම්භ වූයේ ඔය සිදුවීම මුල් කරගෙනය. ඉන්පසු එස්.බී. දැඩිව චරිත රත්වත්තේව විවේචනය කරන්නට විය. එසේ විවේචන ලබන චරිත රත්වත්තේව පාලනය කරන්නට අගමැති රනිල් කටයුතු කර තිබුණේ අපූරු ආකාරයටය. ඒ චරිත රත්වත්තේව මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කර ඔහුගේ කටයුතු පාලනය කළ හැකි ආකාරයට රාජ නීතිඥයකු වූ කේ.එන්. චොක්සි මහතා මුදල් ඇමැති ලෙස පත්කිරීමය.
ආර්.ප්‍රේමදාස මහතා ජනාධිපති වූ විට මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස පත්කළේ පාස්කරලිංගම් මහතාය. පාස්කරලිංගම් යාපනයේ උගත් සාමාන්‍ය උපාධියක් තිබූ උගතෙක් විය. ප්‍රේමදාස යුගයේදී ආණ්ඩුවේ බොහෝ තීරණ ගත්තේ ප්‍රේමදාස සහ පාස්කරලිංගම්ගේ කැමැත්තටය. එහෙත් ඒ ගැන එකල කැබිනට් ඇමැතිවරු ප්‍රසිද්ධියේ පාස්කරලිංගම්ව විවේචනය කළේ නැත. පාස්කරලිංගම් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්වූ පසු ඇතැම් කැබිනට් ඇමැතිවරු ඔහුව ප්‍රසිද්ධියේ විවේචනය කළහ.
ඇමැතිවරුන් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් අතර ඇතිවූ ගැටුම්වල ඉතිහාසය ඔය ආකාරය. කෙසේ නමුදු මා පෙරදී ද කී පරිදි එම ගැටුම් වර්තමානයේ මෙන් මහජනයා අතරට නොපැමිණීමය. එය ආණ්ඩුව ඇතුළේ රහස්‍ය දෙයක් ලෙස තබා ගැනීමට එකල ඇමැතිවරුන් මෙන්ම මහාභාණ්ඩාගාරයේ ලේකම්වරුද උත්සාහ ගත්හ. එහෙත් දැන් වන විට ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් වී ඇත. මේ පිළිබඳ කදිම කාටූනයක් පසුගියදා දිනපතා මවුබිම පුවත්පතක මට දැකගන්නට ලැබිණි. ඒ පාරේ බස් නැවැතුමක විමල් වීරවංශ පී.බී. නරකායි කියද්දී එස්.බී. දිසානායක පී.බී. හොඳයි කියාගෙන කෙහෙවලු පටලවාගෙන ඉන්නා ආකාරයක්ය. කෙසේ නමුත් අවසනට මට කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි යන කියමනය.
එල්මෝ ගුණරත්න ලියයි

0 comments:
Post a Comment