facebook like

ප්‍රභාකරන්ට ආදරේ කළා කියන..... ප්‍රභාකරනුත් ආදරේ කළා කියන.......අනීතා ප්‍රතාප්ගෙ ඉතිහාසෙ.

ප්‍රභාකරනුත් ආදරේ කළා කියන ප්‍රභාකරනුත් ආදරේ කළා කියන මෝඩිට එරෙහිව ඡන්දෙ ඉල්ලල පැරැදිච්ච අනීතා ප්‍රතාප්ගෙ ඉතිහාසෙ මෙන්න


අනීතා ප්‍රතාප්" කියැවීමි. ඇය කියවාගැනීම ආසායකින් තොරව කරගැනීමට හැකිවූයේ අප අතර එමට පොදු කාරණා තිබූ හෙයිනැයි සිතේ. ඇය ගැහැනියකි. මාධ්‍යවේදිනියකි. පසුගියදා ඇය බලවතුන් පොරබදින ඉන්දියානු දේශපාලන
පොර පිටියට කුඩා පක්‍ෂයකින් ඇතුළු වූවාය. පරාජයට පත්වූවාය.

ඇය "අනීතා ප්‍රතාප්" නොවන්නට ඇයගේ දේශපාලන ගමනේ පළමු පරාජය දිය පිට ඇඳි ඉරක් සේ සැණෙකින් මැකී යන්නට ඉඩ තිබිණි. එහෙත් ඇය "අනීතා ප්‍රතාප්" වූ නිසාම පසුගියදා හමාර වූ ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ ජය පරාජයන් තුළ ඇයගේ පරාජය කැපී පෙනෙන ලෙස සටහන් කෙරිණි. ඉන්දීය මාධ්‍ය ඇයගේ පරාජය සටහන් කළා පමණක් නොව අසල්වැසි අප ශ්‍රී ලංකාවටද ඇයගේ පරාජය පුවතක් විය.
අප රටේ සමහර මාධ්‍යයන්ට ඇයගේ පරාජය හුදු පුවතක්ම වූයේද නැත. ඇයගේ පරාජය අර්ථ ගන්වනු ලැබුවේ ඉන්දියාව තුළ කොටි හිතවාදීන් ලැබූ තවත් පරාජයක් ලෙසිනි.

අනීතා ප්‍රතාප් යන නම කියූ පමණින් යමකුගේ මතකයට නොනැඟුණද කොටි නායක ප්‍රභාකරන්ගේ සම්මුඛ සාකච්ඡාවක් කළ ඉන්දියානු පත්තරකාරිය යැයි කියුවහොත් බොහෝදෙනාට ඇය පිළිබඳ මතකය අවදි වන්නට ගනු ඇත. බොහෝ විට පෙරළා ප්‍රශ්නයක් නැඟෙනුයේ "අර ප්‍රභාකරන් එක්ක සම්බන්ධයක් තිබුණු පත්තරකාරිය?" "ප්‍රභාකරන්ගෙ ඉන්දියානු පෙම්වතිය?" යනුවෙන් විය හැකිය.
ඇත්තවශයෙන්ම අනීතා ප්‍රතාප්ට වැදී තිබූ හංවඩුව එයම විය. කිසිවකු ප්‍රභාකරන් කවුදැයි නොහඳුනන යුගයකදී ඇය ප්‍රභාකරන් හා මුහුණට මුහුණ හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තාය. එය කල්කටාවේ සිට "sunday" නම් ප්‍රවෘත්තිමය සඟරාවේ පළවූයේ කවරයේ කතාව ලෙසයි. එම කතාවම එහි දිනපතා පුවත්පත වන The telegraph හිද පළවිය. අනීතා ප්‍රතාප් ගෙන ආ ප්‍රභාකරන් සමඟ සංවාදය පිළිබඳව ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ඇස් කන් යොමුවන්නට විය. ඒ එය කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව වූ හෙයිනි. ඒ වාගේම "sunday" සඟරාව පළ කළ ලොකු ඇස් ඇති පිරුණු කම්මුල් ඇති ගරිල්ලා ඇඳුමකින් සැරසුණු ප්‍රභාකරන්ගේ රුව ලෝකයා පළමුවරට ප්‍රභාකරන් මේ යැයි දැකගත් අවස්ථාව විය.

ඒ වන විට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක බලධාරීන්ට ඉතාම අවශ්‍ය කරන මිනිසා (most wanted man) බවට පත්ව සිටියේ ප්‍රභාකරන්ය. ශ්‍රී ලංකාවේ පොලිසිය ප්‍රභාකරන් නම් කොටි ත්‍රස්තවාදී නායකයා සොයමින් සිටියද ප්‍රභාකරන්ගේ හැඩරුව මේ යැයි කියන්නට දැන සිටියේ නැත. ප්‍රභාකරන්ගේ පවුලේ ඡායාරූප ඇල්බමයකින් අරගත් ප්‍රභාකරන්ගේ කුඩා කල ඡායාරූපත් පමණක් පොලිසිය සතු විය. ඒ අනුව ප්‍රභාකරන්ගේ හැඩරුව තීරණය කරමින් සිටි ශ්‍රී ලංකාවේ පොලිසිය "ඉභදඤචර" හි පළවූ ප්‍රභාකරන්ගේ ඡායාරූප පිටපත් කරමින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ලබාදීමට පියවර ගත්තේය.
කොටි නායක ප්‍රභාකරන් සමඟ පළමු සම්මුඛ සාකච්ඡාව කරද්දී අනීතා ප්‍රතාප් වයස අවුරුදු 25ක යෞවනියක් වූවාය. එය අනීතා ප්‍රතාප් හා ප්‍රභාකරන්ගේ පළමු හමුව වූවා සේම ප්‍රභාකරන් මාධ්‍යයට ලබාදුන් පළමු සාකච්ඡාව වීම හේතුවෙන්ද එහි වැදගත්කම වැඩි වී තිබිණි. මෙම පළමු මාධ්‍ය සාකච්ඡාව පැවැතුණේ චෙන්නායිහි බෙසන්ට් නගර්හි මුහුදු වෙරළාසන්නයේ පිහිටි මහල් නිවාසයක පළමු මහලේදීය. එය 1983 ජූලි කලබලවලට පසු සමය විය.
අනීතා ප්‍රතාප්ව කැඳවුණු ශාලාවේ වේවැල් පුටු කිහිපයක්, ෆෝමිකා මතුපිට සහිත මේසයක් හා වර්ණ රූපවාහිනියක් තිබුණු අතර එල්.ටී.ටී.ඊ. භටයන් විසින් ක්‍රියාත්මක කරන ලද රූපවාහිනියේ තිරය මත එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් දිස්වනු අනීතා ප්‍රතාප් බලා සිටියාය.

ඒ වන විට චෙන්නායිහි පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරු සෑම එකකම ප්‍රධානීන් හමුවී සාකච්ඡා ලබාගෙන තිබූ අනීතා ප්‍රතාප් කොටි නායක ප්‍රභාකරන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද සෑම විටම එය ප්‍රතික්‍ෂේප විය. තම නායකයා ක්‍රියාකාරකම්වලට මුල්තැන දෙනු මිස මාධ්‍ය ප්‍රචාරවලට කැමැත්තක් නොදක්වන බව ඔවුහු කියා සිටියහ. තමන් ලබන මාධ්‍ය ප්‍රචාරය වන්නේ තම සංවිධානයේ කටයුතුවලට ලැබෙන මාධ්‍ය ප්‍රචාරය බව ප්‍රභාකරන් පවසන බව අනීතා ප්‍රතාප්ට දැනගන්නට ලැබී තිබිණි.
පැය දෙකක් පමණ ප්‍රභාකරන් හමුවීමට බලා සිටි අනීතා ප්‍රතාප්ට කොට තරබාරු හා සාමාන්‍ය මිනිසකු ඇවිද එන සැටි පෙනිණි. ඇයගේ සිතේ ඇදී තිබූ ප්‍රභාකරන් අඩි හයක් උස සටන්කාමී පෙනුමක් ඇති අයකු වූයෙන් ඇය අසල තිබූ ජනේලයෙන් පිටත බැලුවාය. ඒ සමඟම ඇය අසලින් ඇසුනේ "නාන් තාන් පිරබාහරන්" (මම තමයි පිරබාහරන්) යන වදන් කිහිපයයි.
එසේ කියූ තැනැත්තා දෙස අනීතා ප්‍රතාප් නැවත හොඳින් බැලුවේ ඇගේ ඇස් අදහාගත නොහැකි විස්මයෙනි. අළු පැහැති කලිසමක් හා අහසේ නිල් පැහැයෙන් යුතු වූ කමිසයක් හැඳ සිටි මිනිසා සමාව ඉල්ලන ආකාරයෙන් ඇය දෙස බලා සිනාසුණේය.

මෙම පළමු හමුවේදී අනීතා ප්‍රතාප් ප්‍රභාකරන් හා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවට පැය දෙකක් ගතවිය.
ඉන් අනතුරුව ඇය හා ප්‍රභාකරන් බොහෝ වාර ගණනක් හමුවූහ. අනෙක් මාධ්‍යවේදීන්ට ප්‍රභාකරන් හමුවීම ඉතා අසීරු වුවත් අනීතා ප්‍රතාප්ට අවශ්‍ය වූ විටෙක ප්‍රභාකරන් හමුවීමට ඉඩකඩ ඇති බවට කතා පැතිරිණි. මේ නිසාම අනීතා ප්‍රතාප් ප්‍රභාකරන්ගේ ඉන්දියානු පෙම්වතිය බවටද කතාවක් පැතිරිණි. අනීතා ප්‍රතාප් හේතුවෙන් ප්‍රභාකරන් හා ඔහුගේ බිරිය මදවදිනි අතර ප්‍රශ්න ඇතිවූ බවට කටකතා විය. කටකතාවලට පියාපත් ලැබෙන්නේ නිතැතිනි. ඒවාට උඩගෙඩි දෙන්නට මෙන් ප්‍රභාකරන් හා අනීතා ප්‍රතාප් හමුවූ අවස්ථාවන්හි ඡායාරූපද නිහඬව පැවැසුවේ දෙදෙනා අතර ඇති ළෙන්ගතුකමක කතාවමය.

ගැටුම් පැවැති ප්‍රදේශයන්හි සටන් පෙරමුණේ රැඳෙමින් තමා කළ වික්‍රමාන්විත මාධ්‍ය මෙහෙයුම් සමඟ තම අත්දැකීම් හා ජීවන තොරතුරු අලළා අනීතා ප්‍රතාප් ලියූ පොත Island of blood (ලේ වැකුණු දිවයින)යි. ඇයගේ පොතට එම නම වැටෙන්නේ 1983 ජූලි කලබල හා පසුව එල්.ටී.ටී.ඊ. ගැටුම් හා ප්‍රභාකරන් හමුවීම සඳහා කිහිපවරක්ම ශ්‍රී ලංකාවට හා ඇය ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් පිළිබඳ විස්තර කෙරෙන පරිච්ඡේදයෙනි. එසේ වුවද ඇය ශ්‍රී ලංකාවට ඉමහත් ආදරයෙන් එම කරුණු ඇතුළත් කර ඇති බව එම පොත ‍ෙදාරට වැඩීමේ උත්සවයේදී මාධ්‍යවේදී බන්දුල ජයසේකරයන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා ඇත. සිය පොතේදී ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, තායිලන්තය ආදී රටවලදී ඇය ගැටුම් මැද ලැබූ අත්දැකීම්ද අනීතා ප්‍රතාප් විස්තර කොට තිබේ.
එසේම මෙහිදී අනීතා ප්‍රතාප් කියා තිබුණේ වාර කිහිපයකදීම ප්‍රභාකරන් හමුවුවත් ප්‍රභාකරන් හා තමා අතර කිසිදු ආදර සබඳතාවක් නොතිබූ බවයි. එසේම කිසිදු තැනකදී ප්‍රභාකරන් හා තමා තනි නොවූ බවත් සෑම විටම එල්.ටී.ටී.ඊ. භට කණ්ඩායම් ඔවුන් අවට සිටි බවත් ඇය කියා තිබිණි.

මේ සියල්ල මැද අනීතා ප්‍රතාප්ට පෞද්ගලික ජීවිතයක්ද තිබිණි. එහි හැලහැප්පීම්වලටද මුහුණදුන්නාය. කේරළයේ කොට්ටායම්හි ඇය ඉපදුණේ කතෝලික පියකුට දාව කතෝලික මවකගෙනි.ඇයගේ පියා ටාටා කර්මාන්තශාලාවේ විධායක නිලධාරියකු වූ අතර නොයෙක් නගරවල සේවය කරන්නට ඔහුට සිදුවූයෙන් වයස අවුරුදු 11 වන විට ඇය පාසල් හතක ඉගෙනුම ලබා තිබිණි. ඇය කල්කටාහි ලොරෙටෝ පාසලෙන් සීනියර් කේ‍ර්ම්බි්‍රජ් විභායට පෙනී සිටියාය. ඇයගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා ඉහළ විය. බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් ලබාගත් ඇයව The indian Express පුවත්පතේ සේවයට බඳවා ගැනිණි. දිල්ලිහි ටික කලක් සේවය කළ පසු මවුපියන් වෙසෙන බැංගලෝරයට ගිය අතර එහිදී ප්‍රතාප් චන්ද්‍රන් නම් ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු සමඟ විවාහ වූවාය. අනීතා සිමොන් වූ ඇය අනීතා ප්‍රතාප් ලෙස පෙනී සිටියේ මෙම විවාහයෙන් පසුවයි.
සැමියා වූ ප්‍රතාප් චන්ද්‍රන් හින්දු වූ අතර ඇය ක්‍රිස්තියානි වුවත් මෙම විවාහයට ආගමික වෙනස බාධාවක් නොවීය. එහෙත් ඉක්මනින්ම විවාහය දෙදරා ගියේය. දික්කසාද නඩුවේදී එකම පුතු සුබින් (Zubin) ගේ අයිතිය පතා ඇය අධිකරණය හමුවේ මහත් අරගලයක් කරන්නේ ඇයගේ පණ ඔහු වූ බැවිනි. දික්කසාදයෙන් පසුව ඇයට වූයේ අරමුණු දෙකක් බව අනීතා ප්‍රතාප් කියන්නීය. ඒ තනි මවක ලෙස පුතු උස් මහත් කරගැනීමත් තම රැකියාව සඳහා කැපවීමත්ය. අනීතා ප්‍රතාප් පුවත්පත් මාධ්‍යයේ සිට cnn සේවයේ ආසියානු කලාපයේ ප්‍රධානී තත්ත්වයට පත්වන්නේ මෙම පසුබිම තුළය.

ඇය නිසාම ප්‍රභාකරන්ගේ හැඩරුව හඳුනාගත්, ඇය නිසාම කොටි සංවිධානයේ දිග පළල තේරුම් ගත් මාධ්‍ය, කොටි සංවිධානය පරාජය වී කොටි නායකයා මරු තුරුලට ගිය කල්හි නැවැත ඇයට අවමන්, ගැරහුම් කිරීමට අමතක කළේ නැත. ඔවුන් කියා සිටියේ ප්‍රභාකරන්ගේ චරිතාපදානය ලියන්නට සිහින දුටු අනීතා ප්‍රතාප්ගේ සිහින බිඳී ගිය බවයි.
එහෙත් පසුගියදා මේ නිර්භය මාධ්‍යවේදිනිය තවත් සිහිනයක් දැකීමට නිර්භය වූවාය. ඒ කේරළයේ එර්නාකුලම් ප්‍රදේශයේ ලෝක් සභාවට තේරී පත්වීම සඳහා මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. ඇය ඉදිරිපත් වූයේ කොංග්‍රස් පක්‍ෂය හෝ බී.ජේ.පී.ය යන ප්‍රධාන පක්‍ෂ දෙක පෙරමුණ ගත් සංවිධානයන්ගෙන් නොවේ. ඇය මැතිවරණයට තරග කළේ තවමත් බිහිවී අවුරුදු එකහමාරක් පමණ වන "ආම් ආද්මි" (පොදු මිනිසා) පක්‍ෂයෙනි.

මැතිවරණය අවසානයේදී "ආම් ආද්මි" පක්‍ෂයට හිමිවී තිබුණේ පාර්ලිමේන්තුවේ ආසන හතරක් පමණකි. අනීතා ප්‍රතාප් පරාජයට පත්ව සිටියාය. අනීතා ප්‍රතාප්ගේ පරාජය කොටි සංවිධානයේ පරාජයක් සේ අර්ථ ගන්වන්නට ඇතැම් ඉන්දීය මෙන්ම මෙරට මාධ්‍යවේදීන්ද ඉතා සැහැල්ලුවෙන් කටයුතු කර තිබෙනු පෙනෙන්නට විය. අනීතා ප්‍රතාප් කියවීමට අප පෙලඹවූ හේතුව වූයේ එයය.
ආම් ආද්මි පක්‍ෂයෙන් තමා දේශපාලනයට පිවිසෙන්නේ තම ජයග්‍රහණයම පතා නොවන බව අනීතා ප්‍රතාප් කල්තියාම කියා තිබුණාය. ආම් ආද්මි පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට එතරම් පිරිසක් පත් නොවන බවට වැටහීමක් ඇය තුළ විය. පත්වන මන්ත්‍රි ගණන වැදගත් නැති බව ඇය කීවාය. වැදගත් වන්නේ ආම් ආද්මි පක්‍ෂයේ අරමුණ වන දූෂණ තුරන් කිරීමේ අරමුණ ජනතාව අතරට ගෙනයෑමත් දූෂණ තුරන් කිරීම සඳහා ජනතාව අතරින් ස්වේච්ඡාවෙන් මිනිසුන් ඉදිරියට පැමිණීමටත් යැයි ඇය කීවාය.
පැවැති පාලක කොංග්‍රසයේ දූෂණයට එරෙහිව අන්නා හසාරේ ගෙනගිය දූෂණ විරෝධී ව්‍යාපාරය පසුව විගණන නිලධාරියකු වූ අරවින්ද් කෙජ්රිවාල්ගේ ප්‍රධානත්වයෙන් "පොදු මිනිසා" යන අරුත ඇති ආම් ආද්මි පක්‍ෂය බවට පත්විය. දිල්ලියේ ප්‍රාන්ත මැතිවරණය ජයගත් ආම් ආද්මි පක්‍ෂයට අඩු බහුතරය හේතුවෙන් එහි පාලන බලය ගෙනයා හැකි වූයේ දින 49ක් වුවද ආම් ආද්මි පක්‍ෂයේ බිහිවීමෙන් "දූෂණ විරෝධය" සඳහා ඉන්දියාවේ ඇතිවූ කතිකාවත බොහෝ රටවල "දූෂණ විරෝධය" උද්දීපනය කරන්නක් විය.

බොහෝ අත්දැකීම් ඇති මාධ්‍යවේදිනියක වශයෙන් අනීතා ප්‍රතාප් සිය සමාජමය වගකීම ඉටුකරලීමට ආ ගමන අඩුවෙන් තක්සේරු කළ නොහැක්කකි. සමාජයේ මුරබල්ලන් වීමට ඇති පරම යුතුකම ඉවතලා බලය හා මුදල් පසුපස යන මාධ්‍යවේදීන්ට ඇය සපයා ඇත්තේ කදිම ආදර්ශයක් නොවන්නේද යන ප්‍රශ්නය අප අපගෙන්ම ඇසිය යුතුය.
මේ වන විට අනීතා ප්‍රතාප් වෘත්තීය මාධ්‍ය ජීවිතයෙන් බැහැරව නිදහස් මාධ්‍යවේදිනියක හා වාර්තා චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස කටයුතු කරයි.
ඇයගේ දෙවැනි විවාහය සිදුවූයේ එවකට ඉන්දියාවේ නෝර්වේ තානාපතිව සිටි ආර්නෙ වොල්දර් සමඟයි. ඔහු පසුව රියාද්හි පිහිටි ජාත්‍යන්තර බලශක්ති සංසදයේ මහලේකම්වරයා බවටද පත්විය. සවුදි අරාබියේ කලක් දෙවැනි සැමියා සමඟ විසූ අනීතා ප්‍රතාප් සවුදි රජ පවුලේ මාධ්‍ය උපදේශිකාව ලෙසද කටයුතු කළාය. එසේම ඇය සවුදියේ කාන්තාවන් බලගැන්වීමේ කටයුතුවලද යෙදුණාය.

රු කාරියවසම් -


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive