facebook like

ජනපති මෝඩිට වඩා විමල්ට බයයි.....(video)

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝඩි මහතාට වඩා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාට බිය වී ඇති බව එ.ජා.ප. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරු 16 දෙනෙකු විසින් මුස්ලිම් ප්‍රජාවට ඇති වී තිබෙන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගෙන් දිනයක් ඉල්ලා සිටි බවත්, මේ වන විටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත්, අද(26)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය පක්ෂය විසින් සම්මත කර ගන්නා ලද යෝජනාවලිය ජනාධිපතිට ලබාදීම සඳහා දිනයක් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවත්, එහිදී අමාත්‍ය විරවංශ මහතාට දවස් 2ක් ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා දිනයක් ලබා දුන් බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.

ආචාර්ය පී.බී‍. ජයසුන්දර මහතාව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවේචනය කරනු ලබන්නේ ඔහුගේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය බවත්, එසේත් නොමැතිනම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරය නොවන බවත්, හෙතෙම අවධාරණය කර සිටියේය‍.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනපතිට සෘජුව ප්‍රහාර එල්ල නොකර රාජ්‍ය සේවකයින්ට ප්‍රහාර එල්ල කරන්නේ කුමන පදනමකින්ද යන්න තමන්ට ‍වටහාගත නොහැකි බව රහුමාන් මහතා එහිදී වැඩිදුරටත් කීවේය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive