facebook like

මෝඩිගේ ජයග්‍රහණය සහ මෝඩයන්ගේ ප්‍රකාශ !

ඉන්දියාවේ මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය කරන බව කල් තබාම පෙනී ගිය නමුදු නේරු ගාන්ධි පරම්පරාවට අයත් කොංග්‍රස්‌ පක්‍ෂය මේ ආකාරයෙන් හෝදාපාලුවට ලක්‌ කරමින් ඔහු ජයගනු ඇතැයි අපි නොසිතුවෙමු. කොංග්‍රස්‌ පක්‍ෂය නමැති දේශපාලන වගා භූමියේ තිබූ සියලු සාරවත් පස්‌ තොග සෝදා හල මෝඩි එම සාරය තමා භාරයට ගෙන ඇති බව ඡන්ද ප්‍රතිපලවලින් පෙනී ගියේය. පසුගිය අවුරුදු කිහිපය තුළ ඉන්දියානු දේශපාලනය ඉතා නරක ලෙස
පරිහානියට පත් වෙමින් තිබිණ. වංචා, කොමිස්‌ සහ අතයට දූෂණවලට අමතරව ස්‌ත්‍රී දූෂණද රට තුළ බහුල විය. ඒවාට විරුද්ධව ගොඩනැඟුණ ජනමතය අවසානයේදී ඡන්ද පෙට්‌ටිය තුළට ගියේය. ඉන්දියානු ජනතාව ගුජරාට්‌ ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කළ මෝඩි හඳුනාගෙන සිටියේ උග්‍ර හින්දු ජාතිවාදියකු ලෙස පමණි. ගුජරාටය මිස ඉන්දියාවේ සෙසු ප්‍රදේශ මෝඩි ගැන දැන සිටියේ නැත. එහෙත් ගාන්ධිවරුන්ගේ කොංග්‍රස්‌ පක්‍ෂය බලයෙන් නෙරැපීමට ඉන්දියානුවන්ට උවමනා විය. මෙතැනදී තමන් ඊළඟට බලයට පත් කරන මනුස්‌සයා කවරාකාර කෙනකුද යන්න ගැන මිනිසුන්ට වැඩක්‌ නැත. ඔහු දීප ව්‍යාප්ත මට්‌ටමේ මිනී මරුවකු හෝ ස්‌ත්‍රී දූෂකයකු නොවේ නම් මිනිස්‌සු ඔහු බලයට පත්කරති. ඔහු ඉදිරියේදී කවරක්‌ කරනු ඇද්ද යන්න මිනිසුන්ට වැඩක්‌ නැත. ඉදිරියේදී ඔහු කරන දේවල පලවිපාක ඊළඟ ඡන්දයේදී ඔහුට ලබාදීමට ජනයා පියවර ගන්නවා ඇත. සර්වජන ඡන්ද බලය ත්‍රස්‌තවාදය, හමුදා කුමන්ත්‍රණය, යුද්ධය වැනි හානිකර බලවේග මෙන් හිංසාකාරී නැත. එහෙත් බලය පැත්තෙන් ගත් විට සර්වජන ඡන්ද බලය යුද්ධයට වඩා බලගතුය. ත්‍රස්‌තවාදයට වඩා පුපුරණ සුළුය. හමුදා කුමන්ත්‍රණවලට වඩා සංවිධානාත්මකය. ඡන්ද දායකයා මේ බලය සංවිධානය කරන්නේ බංකර් තුළ හෝ මූලස්‌ථාන තුළ නොව තම හදවත් තුළය. බුද්ධිය සහ හදවත යනු දෙකකි. එහෙත් ඡන්ද කොළයට කතිරය ගසන පැන්සල අතට ගත් කල බුද්ධිය සහ හදවත දෙකක්‌ නොව එකක්‌ වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරුණු විට මිනිස්‌සු ඡන්දය නොදී ගෙවල්වලට වී කුද ගසාගෙන සිටිතැයි කියනු ලැබේ. එහෙත් මෙවර ඉන්දියානු ඡන්දයේදී ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 66% ක්‌ ඡන්දය දුන්හ. ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයන් ගණන මිලියන 500 කි. මෙවර පැවැති ඉන්දියානු මැතිවරණය එතෙක්‌ මෙතෙක්‌ ලොව පැවැති විශාලතම මැතිවරණය විය. මේ මැතිවරණයේදී ඉන්දියානුවන් කළ යහපත්ම ක්‍රියාව වන්නේ සභාග ආණ්‌ඩුවක්‌ නොව බහුතර බලයක්‌ ඇති තනි ආණ්‌ඩුවක්‌ බලයට පත් කිරීමය. සභාග ආණ්‌ඩුවක්‌ යනු නිරන්තර සාපයකි. සභාගයේ පාර්ශ්වකරුවෝ තේ එකට සීනි වැඩි වුණත් ආණ්‌ඩුවෙන් ඉවත් වන්නට සූදානම්ය. සීනි මදි වුණත් ආණ්‌ඩුවෙන් ඉවත් වන්නට සූදානම්ය. ඉන්දියානු ජනයා මෝඩි දිනවූ ආකාරයට අනුව එල්ටීටීඊ හිතවාදී ජයලලිතා අසරණව සිටින්නීය. ඇය මෙවර තමිල්නාඩුව තුළ ආසන 36 ක විශිෂ්ට ජයක්‌ ලද බව ඇත්ත. ඇය වැනිම කොටි හිතවාදියකු වූ කරුණානිධිගේ පක්‍ෂය ආසන 2 ට බැස්‌ස බවත් ඇත්තය. වැදගත් වන්නේ කොතරම් බලය තිබුණත් මෝඩිට බලපෑමක්‌ කරන්නට ජයලලිතාට බැරි වීමය. මෝඩිගේ ජයග්‍රහණය නිසා ආසියාව අඳුරු වළාවෙන් වැසී යනු ඇතැයි වාසුදේව නානායක්‌කාර ඇමැතිතුමා කීවේය. එතුමා මේ කියන්නේ මේ දිනවල චීනයේ හටගෙන ඇති අඳුරු ධූම වළා පටලය ගැන විය යුතුය. කාර්මික චීනයේ කම්හල්වලින් නිකුත්වන දුම්වල එකතුවක්‌ වන මේ අඳුරු පටලය නැති කිරීමට එරට පාරිසරික බලධාරීන් දැනටත් කටයුතු යොදා තිබේ. දැනට අහළ පහළ රටවලට මේ වළාවෙන් බලපෑමක්‌ තිබුණත් තව දින කිහිපයකින් එය නැතිව යනු ඇත. ඒ නිසා වාසුදේව ඇමැතිතුමා හිත නරක්‌ කර ගත යුතු නැත.

divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive