වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් වරින් දුෂණය කළ බව කියන 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කරුවගලස්වැව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අතවරයට පත්ව ඇති බව කියන දැරිවියගේ පියා,මාමා කෙනෙකු,සීයා සහ තවත් ඥාති සහෝදරයින් දෙදෙනෙකුවය.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන
නිලධාරීනිය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
කරුවගලගස්වැව - නෙලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටින අතවරයට පත්ව ඇති දැරිවිය පාසල් සිසුවියකි.
ඇයගේ මව කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේම නවාතැන් ගෙන සිටින බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
තම පියා සහ බාල සහෝදරයින් තිදෙනෙකු සමග දැරිය නෙලිවැව ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.
පසුගිය වසරේ අප්‍රියෙල් මස 05 වැනිදා පළමු වරට තම පියා විසින් තමන්ට අතවර කළ බවද, පසුව මාමා කෙනෙකු විසින්ද,ඉන් අනතුරුව ඥාති සොහොයුරන් දෙනෙකු විසින් සහ අවසන් වරට සීයා විසින්ද අතවර කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
පොලිස් බාරයට ගෙන ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති එල්.බී.අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කර ගෙන යයි.

0 comments:
Post a Comment