facebook like

යාළුවා අතුරුදන් කළ නිසා කැලණියේ මන්ත්‍රීට වෙඩි තිබ්බා ---- පාතාල ප්‍රබලයා පොලිසියට කියයි

"මගේ හොඳම යාළුවා අමිත අතුරදන් කිරීමේ සිද්ධියට සඳරුවන් මන්ත්‍රී සම්බන්ධයි. එයා අපට නිතරම කරදර කළා. ඒ නිසයි මම කැලණියේදී එයාට වෙඩි තියලා මැරුවේ යෑයි පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශාමිල සඳරුවන් ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන ඩී. මංජු නමැති පාතාල ප්‍රබලයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මන්ත්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කළ ඩී. රුවන්, ඔහු සමඟ යතුරු පැදිය පදවාගෙන ගිය
පුද්ගලයා, ඔත්තු බැලූ පුද්ගලයා සහ ඝාතන සැලසුමට අනුබල දුන් පුද්ගලයා මේ වන විට පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

"මීට අවුරුද්දකට උඩදී පෑලියගොඩ ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක්‌ බලන්න ගිය වෙලාවේ සඳරුවන් මන්ත්‍රීයි එයාගේ කට්‌ටියයි අපට හොඳටම ගැහුවා. කීප දෙනකුට පිහිවලින් ඇන්නා. මේ සිද්ධිය නිසා අපි කොහොමත් එයා එක්‌ක ලොකු වෛරයකින් සිටියේ යෑයි ද ප්‍රධාන සැකකරු වැඩිදුරටත් පොලිසියට කියා තිබේ.

නාගරික මන්ත්‍රීවරයා ඝාතනයට යොදාගත් යතුරු පැදිය මුහුණු ආවරණය වන හිස්‌ වැසුම ඇතුළු තවත් භාණ්‌ඩ කීපයක්‌ ද පොලිසිය මගින් සොයා ගෙන ඇත.

කොළඹ බ්ලූමැන්ඩල් පාතාලයේ ප්‍රබලයකු වන මෙම ප්‍රධාන සැකකරු ඩී. මංජු නමැත්තාට එරෙහිව වරෙන්තු පහක්‌ ඇති බව පොලිසිය පවසයි. නීති විරෝධී ගිනි අවි ළඟ තබාගැනීම, ස්‌ත්‍රී දූෂණ ඇතුළු තවත් අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා ඇති බව ද පොලිසිය කියා සිටියි.

මෙම ප්‍රධාන සැකකරු මන්ත්‍රී ඝාතනයෙන් පසු මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන සිය අනියම් බිරිඳ සමඟÊඑහි සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් සිවුදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත තබා ගෙන පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, සහකාර පොලිස්‌ අධිකාරි ජගත් වීරකෝන් මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive