facebook like

ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින්නේ ගෝඨාභයයි

LLRC හෙවත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවට අනුව සැකසූ යෝජනා ක්‍රියාවට නැගීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉඩ නොදෙන්නේ ජනාධිපති සොහොයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය ආයතනයක් සමග සිදුකර ඇති සාකච්ඡාවකදී පවසා තිබේ.

එහිදී මාධ්‍යවේදියා විමස ප්‍රශ්න සහ
වාසුදේව නානායක්කාර මහතා ලබා දෙන ප්‍රකාශවලින් උපුටාගත් කොටස් පහත පළ වේ.

ජිනීවා සමුළුවට කළින් ඔබත් ඇතුළු තවත් ඇමතිවරු පිරිසක් විසින් ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යොජනාවලියේ අඩංගු වුණේ කුමක්ද?

උගත් පාඩම් කොමිසමේ තීන්දු වහාම ක්‍රියාත්මක කරන්න. අපිට කිව්වේ මේක කරමු. අපි දේශපාලන විසදුමක් ගෙන එමු. අපි උතුරු පළාත් සභාව සමඟ සාකච්ඡා කරලා සහයෝගයෙන් වැඩ කරමු කියලා. ඒක අපි ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. ඒක තමා දුන්නු යොජනාව. ඒක ආණ්ඩුවෙන් නොසලකා හැරියා. ඒ ගැන තාමත් මට විරෝධයක් තියෙනවා. ආණ්ඩුවට යම් බලපෑමක් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් හැටියට මං කරනවා.

ජනාධිපතිතුමා ඔබතුමාගේ කැමතිම පුද්ගලයා නම් එතුමා ඔබට ඇහුන් කන් නොදුන්නේ ඇයි?

එතුම ඉතිං තවත් අයට ඇහුන් කන් දෙනවා ඇති. එතුමා එතුමාගේ සහෝදරයාට ඇහුන් කන් දෙනවා ඇති මට වඩා.

ඒ කියන්නෙ LLRC යොජනා ක්‍රියාත්මක නොකරන්න හේතු වෙන්නෙ ජනාධිපතිවරයාගේ සහෝදරයද?

ඔව්. ගෝඨාභයගේ බලපෑම තමයි තියෙන්නෙ.

කැබිනට් එක විස්සට බස්සනවා - විදුර වික්‍රමනායක

පළමුවැනි දේ තමයි මං ජනාධිපති වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ජනාධිපති ක්‍රමයම අහෝසි කිරීම සහ ජනතාවට වඩාත් කිට්ටු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වෙනුවෙන් වහාම  මැතිවරණ ක්‍රමය  සංශෝධනයකට ලක් කරනවා. ඒ දෙක ඉටු කළාට පස්සේ අනවශ්‍ය  රාජ්‍ය ආයතන සියල්ල ඉවත් කරන්න ඕන. ජනමත විමසුමක් තියන්න ඕන පළාත් සභා වගේ දේවල් අපට අවශ්‍ය යැයිද කියන එක සම්බන්ධව.

 පක්ෂ බදාගෙන වැඩ බෑ
 පක්ෂ ඕන නෑ. මැතිවරණය වෙලාවට ක්‍රියාත්මක වෙන පක්ෂ තිබුණට කමක් නෑ. පක්ෂය බදාගෙන විරුද්ධ පක්ෂය තමන්ගේ  වගකීම පැහැර හැරලා ආණ්ඩු පක්ෂය තමන්ගේ වගකීම
පැහැර හැරලා වැඩ කරන්න බෑ. ‍ෙදාගොල්ලො එකට එකතු වෙලා වැඩ කරන ක්‍රමයක් හදනවා.

 නීතිය කියන ඇටසැකිල්ලට මස් 
 දම්මවන්න වෙනවා

ඊළඟ වැදගත්ම දේ මම දකින්නේ අලුත් ව්‍යවස්ථාවක් ඇතිකරන්න ඕන. මූලික නීතිය දුර්වලයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතියනේ. අපි ශරීරයක් ගත්තොත් ඒකෙ ඇටසැකිල්ල. දැන් ඇටසැකිල්ල දුර්වලයි. ඉතින් මස්වලට ඉන්න බෑනේ. මේක හරි බරපතළ ප්‍රශ්නයක්. සමහර රටවල ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. නමුත් ඔවුන්ට ශක්තිමත් රජයක්, ශක්තිමත් වැඩපිළිවෙළක් තියෙනවා. අපිට ලිඛිත ව්‍යවස්ථාවක් තිබිලත්, ඒකටත් සති දෙක තුනකට සැරයක් උපරිමාධිකරණයේ නඩුවක් තියෙනවා. ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.

 රැකියා කරන්නන්ට අමතර පහසුකම්

 ඊළඟට මිනිසුන්ට ගෞරවාන්විත ලෙස ජීවත්වීමට අභිමානවත් ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකසන්න ඕන. රාජ්‍ය සේවකයාට, පෞද්ගලික අංශ සේවකයාට ස්වයං රැකියාවල නිරත වන සේවකයන්ට  අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. මං මේ කතා කරන්නේ වැටුප ගැන නෙවෙයි. ඔවුන්ගේ දරුවකුට හොඳින් ඉගෙන ගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඕන. ඔවුන්ට උපරිම සෞඛ්‍ය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙළක් ගේන්න ඕන.

 සත්තුන්ගෙත් ජීවත් වීමේ අයිතිය
 තහවුරු කරනවා

ඒ වගේම පිරිසුදු පානීය ජලය ලබාදිය යුතුයි. සියලු දෙනාට ජීවත්වීමට සුදුසු හොඳ පරිසරයක් නිර්මාණය විය යුතුයි. සතුන්ට පවා නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක්. ඒ කියන්නේ සතකුගේ පවා ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුයි.

 ෆැන්ටසි නෑ
නිෂ්පාදනයට අත හිත දෙන වැඩපිළිවෙළක් එන්නට ඕන. කෘෂිකර්මාන්තය, ධීවර අංශය, දේශීය කර්මාන්තයට අත දීලා ස්වදේශිකයන් රැකගන්න වැඩපිළිවෙළක් ගේනවා. කෘෂිකර්මාන්තයත් අපිට යාදෙන කෘෂිකර්මාන්තයක් විය යුතුයි. පිටරටින් බීජ ගෙනැල්ලා මෙහේ පැළ කරන වැඩපිළිවෙළක් නෙවෙයි. අපේ සාම්ප්‍රදායික බීජ සම්පත උපයෝගී කරගෙන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්ත රටාව උපයෝගී කරගෙන කෘෂිකර්මාන්තය ගොඩනඟන්න ක්‍රමයක් ඇති කරනවා.

 අලුත්ම නීති ගේනවා
ඒ වගේම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වනාන්තර එළි පෙහෙළි කිරීම නවත්වන්න වෙනවා. අද අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. අපේ පළාත්වලට පවා කාලෙකින් වැස්සෙ නෑ. මේවාට හේතුව තමයි අසීමිත ලෙස වනාන්තර කැපීම, අසීමිත ලෙස වැලි ගොඩ දානවා, ගංගාවල පතුල දැන් විනාශ වෙලා. අර රිවර් බේසින් කියන එක නෑනේ දැන්. ඒවා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් ඇති  කරනවා. ඒ වෙනුවෙන් යල්පැනගිය සියලු නීති සංශෝධනය කරන්න වෙනවා. රටේ ජනගහනය වැඩි වුණා කියලා ආයතන වැඩි කරන එක නෙවෙයි පිළිතුර. අමාත්‍යංශ වැඩිවන එක නෙවෙයි පිළිතුර.

 කැබිනට් එකට විස්සයි
ඇයි අද බදු ගහන්නේ මොකටද මෙච්චර බදු සම්භාරයක්. ඒ මොකද කිව්වොත් විශාල කැබිනට් එකක් නඩත්තු කරනවා. ඒ වගේම ආයතන ගණනාවක් නඩත්තු කරනවා. අන්න ඒ නාස්තිය අවම කරන්න ඕන. මගේ කැබිනට් මණ්ඩලය උපරිම විස්සකට අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට අත්‍යවශ්‍ය දේවල් විතරක් පිටරටින් ගෙන්වනවා. අනෙක් දේවල් අපිට මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන්. ඩීසල්, පෙට්රල්, භූමිතෙල් ගත්තොත් අද සියයට හැටකට ආසන්නව තියෙන්නේ බදු. බදු බර වැඩි වෙන්න වැඩි වෙන්න නිෂ්පාදනය කියන එක අඩු වෙනවා.

 විදේශ දූත මෙහෙවරට විශේෂ දූත 
 කණ්ඩායමක්

මේක මගේ පෞද්ගලික මතයක්. අප විදේශීය දූත සේවය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. ඒවාට සුදුසු පුද්ගලයන් ද මං දන්නේ නෑ ඒවායේ ඉන්නේ. ඉස්සර තිබුණ විදේශ දූත සේවයේ යවන්න වෙනම කණ්ඩායමක්. ඒගොල්ලො විභාග පාස්වෙලා තමයි ඒ තැන්වලට එන්නේ. හරියට පරිපාලන සේවය  වගේ. අද නෑනේ ඒක. රාජ්‍ය අංශයට වේවා පෞද්ගලික අංශයට වේවා නුසුදුසු අය ඇතළු වුණාම එහෙම වෙනවා.

 නිදා ඉන්න සමුපකාර යෝධයා
 ඇහැරවනවා

අද සමුපකාරය කඩාගෙන වැටිලානේ තියෙන්නේ. සමුපකාරය කියන්නේ නිදාගෙන ඉන්න යෝධයෙක්. මේ සමුපකාරය නැඟිටවන්න ඕන. රජය තරග කරන්න ඕන පෞද්ගලික අංශයත් එක්ක. විවිධ අංශවලින් සමුපකාරයට  පුළුවන්නේ තරගයක් දෙන්න. නිෂ්පාදනය පැත්තෙනුත් පුළුවන් අලෙවිය පැත්තෙනුත් පුළුවන් ඒකට උදවු කරන්න ඕන අපි. කොළඹ තදාසන්න ප්‍රදේශවල සුපර් මාර්කට් තිබුණට  පිට පළාතකට ගියාම ගමේ තියෙන එකම සුපර් මාර්කට් එක වෙන්නෙ සමුපකාරය. මම ජනාධිපති වුණොත් මේ රටේ සමුපකාරයට අලුත් මුහුණුවරක් දීලා ලොකු ආකර්ෂණයක් හදලා දෙනවා.

 තමිල්නාඩුවේ ඉඳන් ජයලලිතා කේස්
 දැම්මොත්

අපි එයාට පිළිතුරු දෙන්නේ ක්‍රියාවෙන්. වචනවලින් පිළිතුරු දෙන්න ඕන නෑ. මං කිව්වනේ. අපිට  හොඳ විදෙස්  දූත සේවයක් තියෙනවා. ඒක අංක එක. දෙක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිළිතුරු දෙනවා. තුන්වෙනුව පුරවැසියෝ හැටියට  සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්  එකමුතු වෙලා ජයලලිතාට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.

 ඔබේ ඇමැති මණ්ඩලයටත් දූෂණ
 චෝදනා එල්ල වුණොත්

‍ෙදාරවල් ඇරලා තියෙන්නේ ඕනම වෙලාවක  එළියට යන්න. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය මටත් එකයි කාටත් එකයි. මගේ මිත්‍රයෙක් කියලා මගේ ඥාතියෙක් කියලා වෙනස් විදියට සලකන්නේ නෑ. ඥාති සංග්‍රහ නම් බලාපොරොත්තු වෙන්නම බෑ.

 කුඩු කන්ටේනර් පිටින් එන්න
 ගත්තොත්

කුඩු එන්න බෑ. මරණ දඬුවමනේ. කුඩු තියාගත්තත් එකයි, කුඩු විකුණුවත් එකයි. බෙදා හැරියත් එකයි ඔක්කොම මරණ දඬුවම එතැනින් එහාට කිසිම දෙයක් නෑ.

 අගමැතිට කුඩු චෝදනා එල්ල
 වුණොත්

නීතිය කාටත් එකයි. දැන් තියෙන ව්‍යවස්ථාවට දිට්ඨධම්ම වේදනීය කර්මය ඇතුළත් කරලා නෑනේ. ජනාධිපතිවරයෙක් හැටියට ගන්න තීරණවලට කිසිම උසාවියක දඬුවම් කරන්න බෑ. මම කිව්වනේ මම ආව ගමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා.

 මං නම් ඉන්නේ මගේ ගෙදර
මං ජනාධිපති වුණොත් මං බලාපොරොත්තු වෙන්නේ මගේ ගෙදරම  ඉන්න. නිල නිවාස ඕන නෑ. ඒකෙන් ජනතාවට මං වෙනුවෙන් දරන්න වෙන වියදම තවත් අඩු කරගන්න පුළුවන්. මං ජනතාවට කිට්ටු පාලකයෙක් වෙනවා. එතකොට ජනතාව මාව ආරක්ෂා කරගනියි. මං ඇවිත් විධායක ජනාධිපති ධුරය නැති කරනවා. එතැනින් පස්සේ ඔක්කොම ඉවරයි.



සුභාෂිණී ගුණරත්න

මම බෞද්ධ, ඒත් ලංකාවට යන්නේ නෑ - නයෝමි

ශ්‍රී ලංකාවේදී අත්විඳි 'පිළිකුල් සහගත' අත්දැකීම හේතුවෙන් තමා යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව බුදු රුව සහිත පච්චයක් අතේ තිබීම නිසා පිටුවහල් කෙරුණු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පවසයි.

නයෝමි කෝල්මන් ඒ බව කියා සිටියේ බ්‍රිතාන්‍යයේ කොවන්ට්‍රි ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන්ගේ නොමනා හැසිරීම සහ
බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව යලි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂා සහිත යයි තමන්ට නොහැඟෙන බවද සඳහන් කළාය.

තමා සමඟ ලිංගිකව එක් වන මෙන් එක් බන්ධනාගාර නිලධාරියකු යෝජනා කළ බව සංදේශයට කියා සිටි නයෝමි කෝල්මන්, බන්ධනාගාර නිලධාරිනියක් තමාගෙන් අල්ලස් ඉල්ලා සිටි බවද කියා සිටියාය.

'බුදුන්ට උපහාර'
බුදු රුව සහිත පච්චයද සහිතව 2008 දී සහ 2009 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ නමුත් මෙවැනි කර්කශ අත්දැකීමකට මුහුණ නොදුන් බව පවසන ඇය අවධාරණය කරන්නේ මෙවර සංචාරයේදී තමන්ට මුහුණ දීමට සිදු වූයේ ශ්‍රී ලංකාවේ වෙසෙන 'අන්තවාදීන්' පිරිසකට බවයි.

"මගේ පච්චය බුදුන් වහන්සේට සහ මම අදහන ධර්මයට පුදන ප්‍රණාමයක්. අපහාසයක් නොවේ. ඒ වගේම ඒක මම අදහන දේ ප්‍රකාශ කිරීමේ මගේ අයිතිය," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා බලධාරීන් තමන්ට සැලකු ආකාරය නීති විරෝධී බව පවසන නීතිවේදීන් පිරිසක් තමා වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානම් බැවින් අදාල බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් එම නීතිවේදීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය නොමිලේ ශ්‍රී ලංකා සංචාරයක් යෝජනා කළ නමුත් තමා යලි ශ්‍රී ලංකාවට නොයන බැවින්, වෙනත් රටක සංචාරයක් ලබා දෙන්නේ නම් වඩා යෝග්‍ය බව ඇයගේ අදහසයි.

'නඩු මඟට'
සිදුවූ දේ සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් බරපතල කණගාටුව පළ කළ බවත් නයෝමි කෝල්මන් සංදේශයට කියා සිටියාය.

"සමහරු මට පණිවුඩ එවල තියෙනව ශ්‍රී ලාංකිකයන් වීම ගැන ඔවුන් ලජ්ජා වෙනවා කියල," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

බෞද්ධයකු වශයෙන් කිසිවකුගෙන් පලිගැනීම සිය අභිප්‍රාය නොවන නමුත්, කිසිවෙකු වරදක් කළේ නම් අනිවාර්යයෙන්ම එහි විපාක විඳිනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බවද බ්‍රිතාන්‍ය ජාතික හෙදිය පවසන්නීය.

"මට පළිගැනීමේ චේතනාවක් නෑ. ඒත් මම කර්මය විශ්වාස කරනවා. කළ කළ දේ පළ පළ දේ කියන එක මම දැඩිව විශ්වාස කරනවා."

පොලීසියේදී ඒ අම්මා ඇගේ දියණියට කළ ශාපයේ දෝංකාරය

ඇඟ පුරා සංසරණය වෙන්නෙ රක්තවර්ණ ‍ලේ. ඒ ‍ලේ... තමයි ශ්වේත වර්ණ කිරි කරලා අම්මලා දරුවන්ට ‍පොවන්නෙ. එළදෙන වහු පැටියාගෙ අම්මාය. කොටි දෙන කොටිපැටියාගේ අම්මාය. ක්ෂීරපායි හැම සතෙකුටම හැම අම්මෙක්ම ‍පොවන්නෙ රතු ‍ලේය..
අම්මෙක් දරුවෙකුට මොනතරම් ආදරෙයිද? ඒ අම්මෙක් තමන්ගේ දුවගෙ මුණ බලාගෙන කිව්වා උඹට නම්.. හෙණ ගහනවා... හෙණ ගහනවාමයි
කියලා.
කඳුළු පෙරමින් ඒ අම්මා එහෙම කීවේ වෙව්ලන කටහඬකින්ය. ඒ හඬ මට තවමත් ඇහෙනවාය.
ඒ වෙලාවේ මං හිටියේ කුරුණෑගල මූලස්ථාන ‍පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ  ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතාත් ඒ අම්මාගේ කතාව අසාගෙන සිටියේය.
ඇයටත් ඇගේ සැමියාටත් හොරා දියණිය ඇගේ පෙම්වතා සමග පැනයෑම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කරද්දී ඇය එලෙස ශාප කළාය.
පියා ශාප කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ දියණියගේ ඇඳුම්ය. “මේකි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් ... මං මේකිට අරගෙන දුන්නෙ බොහොම දුක්මහන්සිවෙලා. ඉන්ස්පෙක්ටර් මේකිට කියන්න මේ ඇඳුම් මට ගලවලා දෙන්න කියලා. මට මේ ඇඳුම්වලට ගිනිතියන්න ඕනෑ. දෙන්නා හිතාගෙන ඇති සමහර ආච්චිලා සීයලා වගේ එක බබෙක් ලැබුනම සේරම අමතක කරලා දරුවා මූණෙන් මූණ තියාගෙන හුරතල් කරයි, නලවයි කියලා. එහෙම වෙන්නෙ නෑ  අපේ ගෙදර කවදාවත්.
‍පොලීසිය
දුව පැනලා යනවා දැන ගන්නට බැරි වුණා නේද?
පියා
කොහොමද ?
ඉන්ස්පෙක්ටර් දැනගන්නේ  මං මෙයාට කීවා. පුතේ මට තේ ටිකක් බිව්වොත් ... හොඳයි කියලා. මෙයා කුටු... කුටු... ගගා කුස්සියට ගියා. තේ ... එක බොහොම පරක්කුයි. කිසිම ශබ්දයක් නෑ. මං ගියා කුස්සියට. ළිපත් නිවිලා.
ඒ වෙලාවේ තමයි. ඉන්ස්පෙක්ටර් මේකි පැනල ගිහිල්ලා තියෙන්නෙ යැයි පියා පවසන විට දුව බොහොම හුරතල් විදියට කට කොණකින් සිනාසුනාය.
මට මේකීට දෙකක් දෙන්න හිතෙනවා. සර්.. හොම්බ ගැලවිලා.. යන්න. මේකී ගැන හිතලා... මේ වයසක ජෝඩුව මොනතරම් දුක්වෙනවාද?
‍පොලිස් පරීක්ෂිකාවක් ‍පොලිස් පරීක්ෂකවරයකුට රහසින් එලෙස කීවාය.
‍පොලීසිය
(තරුණයාගෙන්) තමුන්ගේ වයස කීයද දැන්.
“ අවුරුදු දහ අටයි.. දවස් දෙකයි...
තව දවස් දෙකක් කලින් පැනලා ගියා නම්.. කසාද බඳින්න නීතියෙන් ඉඩක් නෑ. ඒ දවස් දෙක ඉවසාගෙන ඉඳලා වේලාවට පැනලා ගියා නේද? ‍පොලීසියට දැන් කියන්න බෑ අඩු වයස් කතාවක්.


තරුණියගේ මව්පියන් ‍පොලීසියෙන් පිටව යද්දී මම මහාධිකරණයට ගියෙමි. මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා නඩු අසමින් සිටියේය. රජයේ අධිනීතිඥ යොහාන් ලියනගේ මහතා දේශනයක් පවත්වමින් සිටියේය. ඒ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවක් සම්බන්ධයෙන්ය.
එම දේශනය නිමවිය. ඒත් සමගම අධිකරණයේ විදුලි බුබුළු නිවී ගියේය. විදුලි පංකා ක්‍රියාවිරහිතවිය. මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා නැගී සිටියේය. මහාධිකරණ විනිසුරුවරයා ඉක්බිති විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.
එම විත්තිකරුට එරෙහිව සාක්ෂි දෙනු ලැබුවේ ඔහුගේ පියා සහ  සහෝදරයෙක්ය. විත්තිකරු ඝාතනය කර තිබුණේ ඔහුගේම බාල සහෝදරයාය.
අනේ... ? හාමුදුරුවනේ... මට මගේ පුත්තු දෙන්නම නැතිවුණා... ලොකුපුතා උදැල්ලෙන් ගහලා ‍පොඩිපුතා මරල දැම්මා. ‍පොඩිපුතා මරපු වරදට ලොකු පුතාටත් මරණ දඬුවම ලැබුණා... යැයි විලාප කියමින් ඒ දරුවන්ගේ වයස්ගත මව අධිකරණයේ ආලින්දයේ සිමෙන්තියේ හිස ඇනගත්තාය.
‍පොලිස් නිලධාරිනියෝ ඇය අධිකරණ සංකීර්ණයෙන් පිටතට කැටුව ගියහ. “ උඹට හෙණ ගහනවා... ගහනවාමයි...” ‍පොලීසියේදී ඒ අම්මා ඇගේ දියණියට කළ ශාපයේ දෝංකාරය ඒ මොහොතෙත් මට ඇසෙනවා  වගේ දැනුනා. මව් සෙනෙහස එහෙමයි.

මැදිරියක් වෙළට වැටුණා...........අකුණක් ගැහුවා වගේ අහුණා :මාත් ඇඳ වැටුණා’ ..පොතුහැර දුම්රිය අනතුරේ වීඩියෝ දර්ශන (VIDEO)

දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.‘අනුරාධපුර පාසල් ගුරුවරියක වන  අයිරීන් චන්ද්‍රකාන්ති මහත්මිය පොතුහැර දුම්රිය අනතුර විස්තර කරන්නිය.
පෙරැළි ගිය මැදිරිවලට මැදිරි හතරක්  එහා මැදිරියක ඇය සිටියාය.
‘වේලාව උදේ 8.15 විතර ඇති. මා ආවේ රජරට රැජින දුම්රියේ.වෙනත් දුම්රියකට ඉඩ දීම සඳහා රැජින නවත්වාගෙන මිනිත්තු 15 ක් පමණ සිටියා.අපේ මැදිරිය අමුතු විදියතට ගැස්සුණා.දිරි දිරි වගේ සද්දයක් ඇහුණා. අපේ මැදිරියේ සිටි බොහෝ දෙනා ආසන අල්ලා ගත්තා .ඒ සමඟ
දඩාං ගාලා මහා සද්දයක් ඇහුණා.මගීන් එහෙ මෙහෙ වැටෙනවා දැක්කා ඔවුන්ට තුවාල වෙන්නටත් ඇති ‘යැයි ඇය විස්තර කළාය.
දුමිරිය දෙකේ ඇන්ජින් දෙක එකට ගැටී ඇති බව ඕ කීවාය.


බෝම්බයක්  නැත්තන් අකුණක් ගහනවා වගේ මහ වගේ හඩක් ඇහුණා.ඒ සමඟම මම ආසනයේ උඩුබෙළි අතට වුටුණා.’යැයි පොල්ගහවෙළ ලංකාදීප මාධ්‍යවේදී ජේ ඒ  විජේසිංහ කියයි.
ඔහු දැයට කිරුළේ දුම්රියෙන් පොල්ගහවෙල සිට වව්නියාවේ යම්න් සිටියේය .‘
අද උදේ දුම්රිය පරක්කු වුණා යාල් දේවීයේ යන්නයි මා ආවේ .එය වේයන්ගොඩදී කැඩිලා. උදේ අටට පොල්ගහවෙල ට එන්න ඕනෑ දුම්රිය ආවේ 8.20 ට.ඒ ආවේ දැයට කිරුළයි.
පොතුහැර හරියේදී  අප සිටි දුම්රිය දෙපැත්තට පැද්දුණා.ඒ දුම්රිය වෙනදා යන්නෙත් හරි වේගයෙන් .මාත් හිතුවා ඉක්මනට වව්නියා යන්න පුළුවන් වෙයි කියලා.උඩුබෙළි අතට වුටුණු මාගේ දණ හිස පොඩ්ඩක් සීරුණා. වෙන අමාරුවක් නෑ.මා මෙන් තවත් අය වැටී සිටියාතමම නැගිට්ටා.වට පිට බැලුවා.අපි ආ දුම්රිය තවත් දුම්රියක හැප්පිලා.බිම වැටුණු පුංචි ළමයින් කිහිප දෙනකු නැගිට වීමට උදව් කළා.මට වුණේ කුමක්දැයි හිතා ගන්නත් බැරි වුණා.පියවි තත්ත්වය එන්න ටික වේලාවක් ගත වුණා.‘


කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබේ.
කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.
මෙම දුම්රිය දෙක පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ, පෙරවරු 8.45ට පමණ ය.
මෙසේ අනතුරට ලක්වූයේ, මාතර සිට වව්නියාව දක්වා‍ ධාවනය වෙමින් පැවති

දුම්රියක් සහ පලෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියකි.


නැටුම් ගුරා මෝල් අමාරු අඩව්වක් නටලා

බාලවයස්කාර පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල නැටුම් ගුරුවරයෙකු මැයි මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

ගලෙන්බිදුනුවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වමින් කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රදේශයේ පෞද්ගලික නර්තන පංති පවත්වන්නෙකු සහ බෙර වාදන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන අයෙක් බවත්ය.
පාසල් සිසුවා ගලෙන්බිදුවැව ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන බවත් ඔහු ඉකුත් 27 වන ඉරිදා දහම් පාසල් ගොස් නිවසට පැමිණි සිටි අවස්ථාවේ සැකකාර නර්තන ගුරුවරයා සිසුවාගේ නිවසට පැමිණ මෙම බරපතල ලිංගික අපයෝජනය පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිසුවාගේ මව සිද්ධිය සිදුවන අවස්ථාවේ පදවිය ප්‍රදේශයට ගොස් ඇති බවද පොලීසිය අධිකරණයට දැන්වීය.

මේක එතනෝල් කන්ටේනර් ගණන් පැමිණි රටක්

කිසියම් පළිබෝධ නාශකයක් විකිණීම තහනම් කළ සැණින් ඒවා වෙළඳපොළෙන්, නැවෙන් එකවරම ඉවත් නොවන බවත් එය ප්‍ර‍ායෝගික කරුණක් නොවන බවත් කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා යල කන්නයේ වගා සැලැස්මේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් විෂයබාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යංශයේදී
පැවැති අතර එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට හෙතෙම මේ බව පැවසීය.

“එතනෝල් කන්ටේනර් ගණන් පැමිණි රටක්” යන්න උදාහරණයට ගනිමින් ඇමතිවරයා එහිදී පෙන්වාදුන්නේ ශරීරයට අහිතකර පළිබෝධ නාශක වෙළඳපොළෙන් ඉවත් කිරීමටත් ගෙන්වීම නතර කිරීමටත් පියවර ගෙන ඇති බවයි.

පළිබෝධ නාශක පිළිබඳ බලය ඇත්තේ පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට බවත් ඔහුගේ වගකීම භාවිතය තහනම් කර ඇති රසායන ද්‍රව්‍ය වෙළඳපොළේ අලෙවි ක‍රනවාද ගැන සොයාබැලීම බවත් එය ඔහු‍ට කාර්යාලයේ සිට කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


පන්ජාබ් ඇඳුමට එරෙහි පෙත්සම විභාගයට

ශිෂ්‍යාවක පන්ජාබ් ඇඳුමින් සැරසී පාසල් පැමිණීම තහනම් කිරීමට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමක් පිළිබඳව කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාසල් බලධාරීන්ට නියම කරයි.
මුස්ලිම් ජාතික ශිෂ්‍යාවකට පාරම්පරික පන්ජාබ් ඇඳුමින් සැරසී පාසල් පැමිණීම තහනම් කිරීමට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමක් පිළිබඳව කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාසල් බලධාරීන්ට නියම කොට තිබේ.
පෙත්සම ගොනුකර ඇත්තේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 07 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා රිල්වාන් නමැති ශිෂ්‍යාවක්.

ඇය සිය නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිය පාරම්පරික පන්ජාබ් නිල ඇඳුම ඇඳ පාසලට පැමිණීම විදුහලේ විදුහල්පතිනිය සහ පන්ති භාර ගුරුවරිය විසින් තහනම් කර ඇති බවයි.

පාසල් නිල ඇඳුමක්

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදි හිජාස් හිස්බුල්ලා පවසන්නේ පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මගින් පිළිගෙන ඇති බවයි.
‘’ 1980 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කල නියෝගයක් මගින් මුස්ලිම් ජාතික කාන්තාවන් පළදින කලිසම සහ ගවුම ඇතුළත් පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් ලෙස පිලිගෙන තිබෙනවා. මෙම ඇඳුම පාසල් නිල ඇඳුමක් වශයෙන් පිළිගන්නා ලෙස මිට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද නඩු තීන්දුවක් දී තිබෙනවා. එම නියෝග කඩ කිරීමට එරෙහිව තමයි අපි අධිකාරය හමුවට පැමිණියේ, ‘’ නීතිවේදියා පැවසුවේය.

විරෝධය

එහෙත් මෙම පෙත්සමට විරෝධය පළ කිරීම සඳහා අධිකරණය හමුවට පැමිණ සිටි අදාළ පාසලේ සංවර්ධන සමිතියේ ක්‍රියා කාරයකු වූ චිත්‍රානන්ද ගමගේ පවසන්නේ මෙය ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයක් බවයි.
‘’ මේ පාසලේ වසර ගණනාවක් තිස්සේ සිංහල ,දෙමල , මුස්ලිම් ළමයින් කිසිදු භේදයක් නැතිව ඉගනුම ලැබුවා. මේ හදන්නේ ජාතිවාද අවුස්සන්න. මේක පිටිපස්සේ පල්ලිය ඉන්නවා. එක් ළමයෙකු යොදාගෙන මේ වගේ ක්‍රියා කිරීමෙන් ලොකු ලේ වැගිරීමකට මං පෑදෙන්න පුළුවන්, ‘’ ඔහු අනතුරු අඟවා සිටියේය.
අනතුරුව පෙත්සම ලබන 13 වනදා කැඳවීමට නියම කල අධිකරණය එදිනට මේ පිළිබඳව කරුණු දක්වන මෙන් වග උත්තරකාර පාර්ශවයට නියම කළේය.


බොදු බල සේනාව පස්සෙන් පන්නන කවුද මේ වටරැක විජිත හිමි?

වටරැක විජිත හිමි මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත හාමුදුරුවන් ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත හිමියන් සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත හිමියන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට
ලැබුණු තොරතුරක් මතය.
බොදු බලසේනාව සොයන කවුද මේ වටරැක විජිත හිමි? උන්වහන්සේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී ධුරයට පත්වූ විජිත හාමුදුරුවන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
වටරැක විජිත හිමියන් මහියංගනයට වැඩම කොට ඇත්තේ 1994දීය. උන්වහන්සේ වැඩ සිටියේ ගිරාඳුරුකෝට්ටේ රොටලවෙල විහාරස්ථානයේය. විජිත හිමියන් මහියංගනයට වැඩම කිරීමට පෙර වැඩවාසය කළේ කුමන ප්‍රදේශයක කවර පන්සලකදැයි හරිහැටි දන්නා කෙනෙකුද නැත.
කෙසේ නමුදු උන්වහන්සේ එවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වූ වරාය ඇමැතිවරයෙකු වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් සමග ඉතා ළඟින් ඇසුරු කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවද පැවසේ. මුස්ලිම් සමගි පෙරමුණ නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සභාපතිවරයා ලෙසද විජිත හිමියන්  පත්වී සිටි බවක් ගංගොඩවිල සෝම හිමියෝද එකල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. වටරැක විජිත හිමි මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ මහියංගනය ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා බාල්දිය ලකුණින් තරග කරමිනි. එහිදී උන්වහන්සේ පරාජයට පත්වූහ. කෙසේ නමුදු ඉන්පසුව පැමිණි පළාත් පාලන ඡන්දයේදී උන්වහන්සේ ‍පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී මැතිවරණයට ඉදිරිපත්ව මහියංගන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ. අද වන විටත් වටරැක විජිත හිමියන් මහියංගන ප්‍රාදේශීය සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි.
උන්වහන්සේට ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේගෙන් චෝදනා එල්ල වූයේ මීට මාස කිහිපයකට පෙරදීය. මහියංගන නගර මධ්‍යයේ වෙළෙඳ සැලක ඉහළ මාලයේ පවත්වාගෙන යමින් තිබූ අන්‍යාගමික යාච්ඤා මධ්‍යස්ථානයක් යැයි පැවසුණු ස්ථානයක් සම්බන්ධව පැන නැඟුනු ගැටලුවකදී විජිත හිමියන්ගේ හැසිරීම බුද්ධ චීවරයට නොගැළපෙන බවටත්, රාමසාන් උත්සවයකදී උන්වහන්සේ කථිකයෙකු ලෙස ඉදිරිපත්වී අන්‍යාගමිකයන් ඉදිරියේදී බෞද්ධාගම හා බෞද්ධයන් අවමානයට පත්කළ බවටද මහියංගනයේ භික්ෂූන් වහන්සේලා විජිත හිමියන්ට චෝදනා නැගූහ.
මේ සිද්ධියෙන් පසු 2013 අගෝස්තු 12 වැනි දින මහියංගනය රාජමහා විහාර ධර්ම ශාලාවට එක්රැස්වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ හා ගිහි පිරිස් එකතු වී විජිත හිමියන්ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එසේම විජිත හිමියන් සංඝ සම්මේලනවලින් ඉවත් කර, බ්‍රහ්ම දණ්ඩනයටද යටත් කිරීමට තීන්දු ගෙන තිබිණි. බ්‍රහ්ම දණ්ඩනය යනුවෙන් හැඳින්වෙන්නේ උන්වහන්සේ ශාසනය තුළ කොන් කිරීමය. මේ චෝදනා පිළිබඳව පසුව කරන ලද විමසුමකදී විජිත හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා සියල්ලම  ප්‍රතික්ෂේප කරන බවයි.  මේ අතර  විජිත හාමුදුරුවන් මහියංගන ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස සේවයේ යෙදී සිටින බැවින් ඔහුව මෙම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, එසේ ඉවත් කරන තෙක් ප්‍රදේශයේ සියලුම දහම් පාසල් පැවැත්වීම නවතා දමන බවටත් විහාරාධිපතිවරු අනතුරු හැඟවූහ. මේ සිදුවීම් පෙළෙන් පසු ප්‍රාදේශීය සභා රැස්වීම් සඳහා සහභාගි වීමටද විජිත හිමියන්ට සිදුවූයේ ජනතා විරෝධතා මැද ‍පොලීසියේද ආරක්ෂාව මධ්‍යයේය. රොටලවෙල ගම්මානයේ ජන හමුවකට සහභාගි වූ අමාත්‍ය ඩිලාන් පෙරේරාට පහර දීමට විජිත හිමියන්් උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල විය. මේ අතර විජිත හිමියන් ගමන් කළ වාහනය පසුපස පන්නාගෙන ගිය පිරිසක් කඩුගන්නාවේදී උන්වහන්සේට පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල් ගතව ප්‍රතිකාරද ලැබූහ. එහිදී චෝදනාව එල්ල වූයේ ද බොදු බලසේනාවටය.
දෙසතියකට ඉහතදී වටරැක විජිත හාමුදුරුවන් මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙකුද සමග කොළඹ නි‍පෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැරසුණි. ඒ ජාතික බලසේනා නමින් සංවිධානයක් පිහිටුවා ගෙනය. විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාට බොදු බලසේනාව එල්ල කළ චෝදනාවලට එරෙහිව වටරැක විජිත හිමියන් කරුණු දැක්වීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තිබූ බව පැවසුණි.එම අවස්ථාවේ දී බොදු බළ සේනාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් නි‍පෝන් හෝටලයට පැමිණ විජිත හිමියන්ට තර්ජනය කිරීම හේතුවෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇනහිටිනි. මේ පිළිබඳව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනුණි.
අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් විසි දෙවැනිදාය. එදින මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට වටරැක විජිත හිමියන් පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසි භික්ෂුහු හා ගිහි පිරිසක්  ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් උන්වහන්සේ සභාවට පැමිණියේ දැඩි ‍පොලිස් රැකවල්  මැදය. එහිදී එළියේ හුන් භික්ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි. ‍පොලීසියෙන් ඊට ඉඩ නොලැබුණු බැවින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වූ පසුවද විජිත හිමියන් යළිදු පන්සලට වැඩම කළේ ‍පොලිස් ජීප් රියක නැගීය. මේ සිද්ධියෙන් පසු වටරැක විජිත හිමියන් ආගිය අතක් නැති විය. සිය ජීවිතාරක්ෂාව පතා උන්වහන්සේ සැඟවී සිටින බව පැවසුණේ මෙම පසුබිම තුළය.
මේ අතර පසුදින 23 දින භික්ෂුන් වහන්සේ පිරිසක් කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අමාත්‍යංශය වැටලුවේ විජිත හිමියන් එහි රැකවරණ ලබන බව පවසමිනි. එහිදී භික්ෂුන් වහන්සේ අමාත්‍යංශයේ කාමරයක් කාමරයක් ගානේ පරීක්ෂා කළේ විජිත හිමියන් සිටිදැයි බැලීමටය. අවසානයේ දී උන්වහන්සේලා ඇමැතිවරයාගේ කාමරයද පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඊට ඉඩ  නොලැබුණි. තවද අමාත්‍යංශයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ඉල්ලූහ.
වටරැක විජිත හිමියන් තම අමාත්‍යංශයේ නැති බව ඇමැතිවරයා ‍පොලිස් නිලධාරීන් මගින් භික්ෂුන් වහන්සේට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ පිටව ගියහ. නමුත් බොදු බල සේනා භික්ෂුන් කීවේ විජිත හිමියන් ඇමැතිවරයාගේ කාමරයේ සැඟවී සිටින බවය.

ගිරාඳුරුකෝට්ටේ ගුණරත්න

------------------------------------------------------

බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් ගැන අදහස් දැක්වීමක්

නීතිය රැකීම බොදු බල සේනාවට පවරා ඇතිනම් අපටත් කියන්න


ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

බොදු බල සේනාව ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලන විට අපිට ආණ්ඩුවෙන් අහන්න වෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන ප්‍රශ්නයයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ බොදු බල සේනාවද?  පසුගියදා බොදු බල සේනාවේ හාමුදුරුවෝ අමාත්‍යංශයකට ගිහින් සෝදිසි කරලා තිබුණා. දැන් වැටලීම් කරන්නේ, කවුරුහරි අල්ලගන්න ඕන වුණාම අල්ලන්න යන්නේ බොදු බල සේනාව නම් අපිට ඒක පැහැදිලිව කියන්න. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම බොදු බල සේනාවට පවරලා තියෙනවානම් ඒ බව කියන්න.  මොකද අපිට තියෙන පැමිණිලි ටිකත් ඒ අය ළඟට ගිහින්  කරන්න පුළුවන්. මංකොල්ලකෑම්, මිනීමැරුම්, අපරාධ ගැන පැමිණිලි වගේම ඉඩම් නඩු, දික්කසාද නඩුත් ඒ අයට පවරලා දුන්නානම් ඉවරයිනේ.
රටක නීතියක් තියෙන්න ඕන. නීතිය ආරක්ෂා කරන ‍පොලිස් නිලධාරීන් ඉදිරියේදී බොදු බල සේනාව අමාත්‍යංශ වටලලා ඒවා තුළ ඉන්න අය පරීක්ෂා කරන්න ගියාම මේ ආරක්ෂක නිලධාරීන් හෑල්ලුවට ලක්වෙනවා. ‍පොලිස් නිල ඇඳුම තුළ සිටින පුද්ගලයා පමණක් නොවෙයි නීතියයි හෑල්ලුවට ලක්වන්නේ. තිබෙන නීති පද්ධතියට අපි කැමති වුණත් නැති වුණත් එයට ගරු කළ යුතු වෙනවා. දැන් මේ ආණ්ඩුව සහය ලබාදෙන්නේ නීති ආරක්ෂා කිරීමට නොවෙයි. බොදු බල සේනාව රාජ්‍ය අනුග්‍රහය ඇතිව නීතිය කඩා බිඳ දමනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ මතුවෙනවා. ආණ්ඩුවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට වඩා කැලෑ නීතිය රජ කරවීමටද යන ප්‍රශ්නය මතුවෙනවා.
බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් නිසා සමස්ත සමාජයම භීතියට පත්වී තිබෙනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. අද උදෑසන මා හමුවීමට මගේ නිවසට භික්ෂූන්වහන්සේ නමක් වැඩම කළා. හාමුදුරුවෝ දැක්ක ගමන් අපේ නෝනා ටිකක් තිගැස්සුණා. දැන් හාමුදුරු කෙනෙක් ගෙදරට වඩිනකොටත් බය වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. හාමුදුරුවන්ට බයේ සමාජයක් ගොඩනගන්න බැහැ.
බුදුහාමුදුරුවෝ මේ සමාජය බය කරලා හදන්න ගියේ නැහැ. බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම ගැන අවධානය යොමු කරනවාට වඩා මතුවිය යුතු කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ස්ථාවරය කුමක්ද යන්නයි. ආණ්ඩුව මේ වන විට උත්සාහ ගනිමින් සිටින්නේ ජාති භේද, ආගම් භේද ඇතිකර තමන්ගේ පාලනය ගෙන යාමට බවයි පෙනෙන්නේ.
කිසියම් කණ්ඩායමක් වැරදි දෙයක් කරනවානම් එයට විසඳුම් ලබාදිය හැකි ආකාරයක් තිබෙනවා. එයට ගත යුතු පියවර තිබෙනවා. එම පියවර නොගෙන ජාතිවාදයට ජාතිවාදයෙන් උත්තරදීම හෝ ආගම්වාදයට ආගම්වාදයෙන් උත්තරදීම සාධාරණ නැහැ. ඒ මගින් දැනට තිබෙන වරද නිවැරදි වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පමණයි.
මෙම ආගම්වාදීන්ගේ හා ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපය පාලනය කිරීමට මැදිහත්විය හැකි පාර්ශ්වයන් සිටිනවා. වගකිව යුතු ආගමික නායකයින් සිටිනවා. බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මැදිහත්විය හැකි ආගමික නායකයින් නිහඬව සිටීම යහපත් තත්ත්වයක් නොවෙයි.
මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් නීතිය පිළිබඳව තිබෙන විශ්වාසය නැතිවී මිනිස්සු තැනින් තැන තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න යාවි. බොදු බල සේනාව අමාත්‍යංශයකට ඇතුළු වෙද්දී ‍පොලීසිය නිහඬව බලා සිටිනවා. හෙට තවත් සිවිල් කණ්ඩායමක් ඇවිත් අමාත්‍යංශයක් වැටලුවොත් ‍පොලීසිය ඔහේ බලාගෙන ඉන්නවාද? මේ වගේ දෙයක් වැඩ කරන ජනතාව හරි, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හරි කළානම් ‍පොලීසිය දක්වන ප්‍රතිචාරය මොකක්ද? මේ අයට තිබෙන අසීමිත බලය මේ විදියට අමාත්‍යංශයක් ඇතුළට කඩාගෙන ඒමෙන්ම පේනවා. නීතියට,මාධ්‍යයට බය නැති කණ්ඩායමක් බවට බොදු බල සේනාව පත් වී ඇති බව තමයි පේන්නේ. පුංචිම දේකටත් පරීක්ෂණ තියන ආණ්ඩුවත්, ‍පොලීසියත් බොදු බල සේනාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන අපි අවධානයෙන් සිටිනවා.

ඔවුන්ගේ පරමාර්ථය හොඳයි නමුත් කටයුතු කළයුත්තේ උපක්‍රමශීලීවයි
ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි

බෞද්ධයින් විශාල අර්බුදවලට මුහුණදෙමින් සිටින කාලයක් තමයි මේ කාලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගම ආරක්ෂාකිරීමට ප්‍රතිපාදන ලබාදී තිබියදී පවා බුදුදහම අනාරක්ෂිත කර තිබෙනවා. බුද්ධාගම ආරක්ෂා කිරීමට දූරදර්ශී නායකත්වයක් නැහැ. ඒ වගේම බෞද්ධ විරෝධී බලවේගවලට නිදහසේ හිස එසවීමට අවස්ථාව ලබාදී තිබෙනවා. බෞද්ධ සංවිධානත් දැන් දැන හෝ නොදැන බෞද්ධ විරෝධීන්ගේ ග්‍රහණයට ලක්වී තිබෙනවා.
රජ දවස සිටම බුද්ධාගම ආරක්ෂා කිරීමට රාජ්‍ය නායකත්වය කැපවී සිටියා. බුද්ධාගම ආරක්ෂා කිරීමට රාජ්‍ය බලය යොදවනු ලැබුවා. අශෝක රජ දවස සිට බුද්ධාගම ව්‍යාප්ත වුණේත්, ආරක්ෂා වුණේත් රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව බුද්ධාගමට ලැබිම නිසයි. බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී ආගමක්. ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වගේ නොවෙයි බුද්ධාගම. මෙවැනි තත්ත්වයක් තුළ බුද්ධාගමට තිබෙන රාජ්‍ය ආරක්ෂාව නැතිවී තිබෙනවා. රාජ්‍ය නායකයින් බුද්ධාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ.
බුද්ධාගම ආරක්ෂා කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තිබෙනවා. ඒත් අද බුද්ධශාසන අමාත්‍යංශය තිබෙන්නේ බුද්ධාගම ආරක්ෂා කිරීමට නමෛයි. රාජ්‍ය නායකයින් බුද්ධාගම ආරක්ෂා කිරීම පසෙකින් තබා සර්වආගමික වෙලා. සර්ව ආගමික ප්‍රතිපත්තිය තමයි ඔවුන් අගය කරන්නේ. බුද්ධාගමට පහර එල්ලවන විට බුද්ධශාසන අමාත්‍යංශය වෙනතක් බලාගෙන සිටිනවා.
පසුගිය දවස්වල සමහර මුස්ලිම් පල්ලිවල අය ත්‍රිවිධ රත්නය බොරුවක් කියලා ප්‍රචාරයක් අරගෙන ගියා. බොදු බල සේනාව මේ කරුණු මතුකරලා පෙන්නුවා. ඒත් බුද්ධ ශාසන අමාත්‍යංශය එය දැක්කේ නැහැ වගේ, ඇහුණේ නැහැ වගේ නිහඬව සිටියා. මුස්ලිම් රටක මේ වගේ දෙයක් වුණානම් සිදුවන විනාශය අපිට හිතාගැනීමටවත් බැහැ.
මේ වගේ තත්ත්වයක් ඇතු‍ලේ බොදු බල සේනාව හොඳ පරමාර්ථයෙන් කටයුතු කරනවා. බුද්ධාගම ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සිතිවිල්ල හොඳ සිතිවිල්ලක්. හොඳ පරමාර්ථයක්. ඒත් ඔවුන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත
බෞද්ධ නොවෙයි. ඒ ක්‍රියාමාර්ගය බෞද්ධ භික්ෂුවගේ ප්‍රතිරූපයට සුදුසු නැහැ. හොඳ අරමුණක් වෙනුවෙන් ගමන් කරන මාර්ගය නිසා අපිට අලාභයක් සිදුවෙනවා.
බොදු බල සේනාව පසුගිය දවස්වල මහියංගණයේ ශ්‍රමණ ප්‍රතිරූපයක් ගැන ප්‍රශ්නයක් මතු කළා. ඉස්ලාම් සංවිධාන විසින් හසුරුවනු ලබන, සමහර හාමුදුරුවරුන් යැයි කියාගන්නා අය ඉන්නවා. මේ අන්තවාදීන්ගේ උපක්‍රම මෙල්ල කළ යුතුයි. ඒත් එය මෙල්ල කළ යුතු වන්නේ උපක්‍රමශීලී ආකාරයටයි. බොදු බල සේනාව මේ තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරනවා නම් හොඳයි.

බොදුබල සේනාව සමග ආණ්ඩුවේ සබඳතාවක් නෑ

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. නමුත් එවැනි කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සඳහා ආණ්ඩුවේ කිසිදු අනුග්‍රහයක්ද නැහැ. මේ රටේ අන්තවාදීන් හැම තැනම ක්‍රියාත්මක වෙනවා. ඒක එක තැනක පමණක් දැකිය හැකි දෙයක් නොවෙයි. මේ අන්තවාදීන් නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කිරීමට වෙනමම ‍පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
ලංකාව කියන්නේ ප්‍රබල සංස්කෘතියක් සමග බැඳී පවතින රටක්. රටේ සංස්කෘතියට හානිවන ආකාරයට ස්වාමීන්වහන්සේලා වුවත් හැසිරෙන එක ගැටලුවක්. ඒ වගේම රටේ නීතියක් තිබෙනවා. මේ නීතිය අතට අරගෙන කටයුතු කිරීමට කාටවත් හැකියාවක් නැහැ.
ආගමික නායකයින් කිසියම් දෙයකට සම්බන්ධ වන විට කල්පනාකාරී විය යුතුයි. ඔවුන් සම්බන්ධවන සිදුවීම්වලදී උද්වේගකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි.  ඒවා පාලනය කිරීම ප්‍රවේසමින් කළ යුතු දෙයක්. භික්ෂූන්වහන්සේලා සම්බන්ධ වන සිදුවීම් පාලනය කිරීම සඳහා පත් කළ ‍පොලිස් ඒකකයේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරනවා.
හාමුදුරුවෝ කලහකාරී ආකාරයෙන් හැසිරෙන අවස්ථාවක ‍පොලීසියට කුරුඳු ‍පොලු අරගෙන යන්න බැහැ. බලය අවම ලෙස භාවිතා කරමින් මේ ගනුදෙනුව විසඳාගැනීමට ‍පොලීසියට සිදුවෙනවා. මෙම ආගමික නායකයින්ගේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයට තමයි කටයුතු කළ යුතු වන්නේ.  ආගමික ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන ඔවුන්ට පුහුණුවක් ලබාදෙනවා. හැකිතාක් සුහදව ආගමික ගැටුම් විසඳා ගැනීමට කටයුතු කරනවා.
බොදු බල සේනාව විසින් බුද්ධශාසන අමාත්‍යංශයට ඇතැම් පැමිණිලි කළ විට ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ බවත්, ඒ නිසා මේ විදියට ආවේගකාරී අයුරින් හැසිරීමට සිදු වූ බවක්නේ ඔවුන් කියන්නේ. ඒ අය බලා‍පොරොත්තු වන විදියට සමහර දේවල් ක්ෂණිකව කරන්න බැහැ. කිසියම් ගැටලුවකට  ක්ෂණික විසඳුමක් ලැබුණේ නැහැ කියලා කාටවත් නීතිය අතට ගෙන කටයුතු කරන්න බැහැ. කරන සියලුම දේ නීතිය ඇතුළත සිදු විය යුතුයි.

සංජය නල්ලපෙරුම

19 හැවැරිදි නිරූපිකාව මරුවා වැළද ගත් හැටි

කාන්තාවක් පුරුෂයෙකු සමග ලිංගිකව එක්වීම ආරම්භ වූ දිනයේ සිට වසර පහක් ගත වූ පසු හෝ ගැබ්ගෙල පිළිකාවක පූර්ව රෝග ලක්ෂණ දැකගත හැකි නම් හෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම සුදුසු බව දක්වනු ලබයි.

කෙසේ නමුත් අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම නොමිලේ සිදුකර ගැනීම වෙනුවෙන් දීපව්‍යාප්තව සුවනාරි
සායනද පවත්වනු ලබයි. නමුත් ගැටලුව වන්නේ අප ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගැනීමට උනන්දු වනවාද යන්නයි.

විශේෂයෙන් මෙම රෝගය වැලඳුණු පසු කුමක් සිදුවන්නේද පිළිබඳ බොහෝදෙනා නොදන්නාකම ඊට හේතු විය හැකිය.
ගැබ්ගෙල පිළිකාවකින් රූමත් කාන්තාවකට කුමන ඉරණමක් අත්වන්නේද යන්න ඒත්තු ගැන්වෙන අයුරේ ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාල වෙබ් අඩිවි වාර්තා කර තිබුණි.ඒ අවුරුදු 19 ක් තරම් කුඩා වයසැති මෝස්තර නිරූපිකාවකගේ ජීවිතයේ අවසාන දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමිනි. සොෆි ජොන්ස් නැමැති මෙම තරුණියට උදරයේ ආසාදයක් වැලඳීම නිසා පසුගිය නොවැම්බර් මස රෝහල් ගත කර තිබුණි.

කෙසේ නමුත් අවාසනාවකට මෙන් ඒවනවිටත් ඇයගේ ශරීරය පුරාම පිළිකාව ඔඩුදුවා තිබිණි. ගැබ්ගෙන පිළිකා වෙනුවෙන් සිදුකරනු ලබන පර්යේෂණ (ඇතැම්) අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ට පමණක් නිර්දේශ කරන බැවින් සොෆියා එම පරීක්ෂණ වලට ලක්කර නොමැතිවීමද මෙම රෝගය කල්තියා හඳුනාගැනීමට නොහැකිවීමට හේතු ලෙසද දක්වා තිබිණි.

මේ අනුව එංගලන්ත කාන්තාවන් ගැබ්ගෙල පිළිකා හදුනාගන්නා පරීක්ෂණ අවුරුදු 16 සිට ඉහළ ගැහැනු දරුවන් සඳහාද අනුමත කරන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.




බිරිය රු. ලක්‍ෂ 20ක්‌ දී සැමියා ඝාතනය කරවයි

රුපියල් විසිලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක්‌ දී තම විවාහක සැමියාගේ ගෙල කපා ඝාතනය කරවූ වැල්ලව තරුණ කාන්තාවක හා අපරාධ කළ යුද හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (26 වැනිදා) කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
වැල්ලව නෙලියාව ග්‍රාමයේදී ඉකුත් මාර්තු 08 වැනි දින මෙසේ කෲර ලෙස ඝාතනය කර තිබුණේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කෝරළගේ ජනක
ප්‍රියන්ත නමැති තිස්‌හත් හැවිරිදි එක්‌දරු පියෙකි.

ඝාතනයට ලක්‌වූ පුද්ගලයා තම විවාහක බිරිඳ සමග අමනාපව නිවසේ තනිවම ජීවත්ව සිට ඇත. විදේශගතවී සිට පැමිණි බිරිඳ ඔහු සතු අක්‌කර ගණනාවක පොල් ඉඩම විකුණන ලෙස ඉල්ලා ඇතත් ස්‌වාමිපුරුෂයා ඊට අකමැති වී තිබේ. මේ නිසා තම ඥති පුත්‍රයකු වන හමුදා සෙබළකු මාර්ගයෙන් දැන හඳුනාගත් කොකාවිල් හමුදා කඳවුරේ සෙබළු දෙදෙනකු ලවා සැමියා ඝාතනය කරවූ බවට අත්අඩංගුවට පත් කාන්තාව පාපොච්චාරණය කර ඇත.

හමුදා සේවයේ නිරතව සිටි රාජාංගනයේ කින්සි සඳරුවන්, දෙයියන්දර නිශාන්ත මධුසංක, කන්තලේ සජිත් ප්‍රසන්ග යන සෙබළුන් තිදෙනා සමග ඝාතනයට ලක්‌වූ පුද්ගලයාගේ විවාහක බිරිඳ වන නදීශා සරෝජනී නමැත්තිය වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක උදාර, (12515) සැරයන් රන්දුල, (10978) සැරයන් මද්දුම බණ්‌ඩාර යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තොරතුරු හෙලිකලොත් රටම ලේ විලක් වෙයි - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ආගමික ගැටළු පිලිබඳ ආරම්භ කල විශේෂ පොලිස් ඒකකය අවම වශයෙන් අවුරුදු දෙක තුනක් පැවතීම ප්‍රමාණවත් බවත්,නැතහොත් පල්ලියක් පල්ලියක් ගානේ ආගමික පොලිස් ඒකකය ආරම්භවීමෙන් මෙරටද මැදපෙරදිග රටවල් තත්වයට පත්වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසු අදහස් සත්‍ය බවත්,ආගමික ගැටළු
පිලිබඳ පනත ක්‍රියාත්මක වන්නේනම් මෙම විශේෂ පොලිස් ඒකකය අනවශ්‍ය බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

මෙරට පවතින ආගම් අන්තවාදය පිලිබඳ බොදු බල සේනා සංවිධානය සතු සියලුම තොරතුරු එලියට දැමුවහොත් ලංකාවම ලේ විලක් බවට පත්වන බවද ඒ හිමියෝ අවධාරණය කළහ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හා පක්ෂ විපක්ෂ වලින් තොර මුස්ලිම් මැති ඇමතිවරු ආගම අන්තවාදය හා ජාතිවාදයට උඩගෙඩි ලබා දෙන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ ජන්දයෙන් බලයට පැමිණ දේශපාලනික හා සමාජීය වශයෙන් වරප්‍රසාද බුක්තිවිදිමින් බවද ඒ හිමියෝ කිහ.

ශිල්පා ෂෙට්ටි සිප ගත් සුපිරි හොලිවුඩ් නළුවාගේ රංගනයට ප්‍රංශ කතක් රැවටෙයි

ප්‍රංශ ජාතික කාන්තාවක් සුපිරි හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් (Richard Gere) යාචකයෙකු යැයි සිතා පීට්සා එකක් හිඟමන් වශයෙන් දුන් පුවතක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරින් වාර්තා වේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, නවතම චිත්‍රපටයක් වන “Time Out of Mind” රූගත කිරීම් අතරතුරදී ය.

එහිදී වැරහැලි ඇඳ යාචකයෙකු මෙන් නිව්යෝර්ක් නගරයේ ඇවිදිමින් සිටි අදාළ සංචාරක කාන්තාව අසල් පිහිටි පීට්සා අලෙවිසලකින් පීට්සා එකක් ප්‍රදානය කර තිබේ.

එය ප්‍රදානය කර ඇය එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ, තමන් හිඟමන් දුන් පුද්ගලයා ලෝක ප්‍රකට නළුවෙකු වන රිචර්ඩ් ගියර් බව නොදැන ය.

පසුව ඇය මාධ්‍යයක පළවූ පුවතක තිබූ ඡායාරූපයක් හේතුවෙන් මෙය දැනගෙන තිබේ.
ඒ ඇසූ තමන් අතිශයින් විමතියට පත් වූ බව කැරයින් වැල්නායි නමැති 42 හැවිරිදි එම ප්‍රංශ ජාතික කාන්තාව මාධ්‍යයට පවසා ඇත.
රිචර්ඩ් ගියර් අතිශයින් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ, උත්සවයක් පැවැත්වෙමින් තිබියදී වේදිකාව මත සිටි බොලිවුඩ් නිළි ෂිල්පා ශෙට්ටි සිප ගැනීම හේතුවෙනි.

දකුණු කොරියා යාත්‍රා අනතුර: මගීන් අනතුරේ හෙළා කපිතාන් නැවෙන් පළා ගිය දර්ශන ඇතුළත් වීඩියෝව (VIDEO)

මගීන් 400 දෙනෙකුට අධික පිරිසක් අනතුරේ හෙළමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා යාත්‍රාවෙන් පළා ගිය ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, 69 හැවිරිදි කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාවේ මගීන් අතහැර
පළා යන ආකාරය යි.

එහි කපිතාන්වරයා උඩුකය ඇඳුමක් ඇඳ යටි ඇඳුමක් සහිතව සිටින ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ.

පසුව එම යාත්‍රාව මුහුදුබත් වීමෙන් එහි සිටි පාසල් සිසුන් පිරිසක් ඇතුළු සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර මේ වන තෙක් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන ද 100 ඉක්මව යි.

මේ වන විට ත් කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිස අත්අඩංගුවේ පසුවෙති.

ඔවුන්ට එල්ල වන චෝදනා වන්නේ, මගීන් අනතුරට හෙළීම, ඔවුන් බේරා ගැනීමට පියවර නොගැනීම සහ මගීන් අනතුරේ හෙළා පළා යාම යන කරුණු ය.

සිසුවියගේ ගෙ‍ලේ සෙරෙප්පු එල්ලූ ගුරුවරියට වෙනත් පාසලකට මාරුවක්

සපත්තු යුගලක් ගැනීමට හැකියාවක් නොමැතිකමින් සෙරෙප්පු යුගළක්  පැළඳ පාසල් පැමිණි  සිසුවියකගේ  බෙල්‍ලේ පංතිභාර ගුරුවරිය විසින් එම සෙරෙප්පු යුගළ එල්ලූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම්  පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක්  අදාළ ගුරුවරිය වෙනත්  පාසලකට මාරු කර යවන ලෙසත්  නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළාත් අධ්‍යාපන ‍ලේකම් එන්. එන්. ඒ. පුෂ්පකුමාර  මහතා වෙත   නියෝග කර
ඇතැයි ද දැනටමත් ඇය වෙනත් පාසලට මාරු කර යවා ඇතැයිද  නැගෙනහිර පළාත් අධ්‍යාපන  අමාත්‍යංශය කියා සිටී.
මෙම අනුවේදනීය සිද්ධියට  මුහුණ දී ඇත්තේ සේරුවිල කාවන්තිස්සපුර විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට  නියමිත  දැරියකි. දැරියගේ පියා මිය ගොස් ඇති අතර  දැරියගේ මව දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුල රක්ෂා කරනුයේ කුලී වැඩ වල නියැළී උපයා ගන්නා සොච්චමකිනි. සපත්තු යුගළක් මිළදී ගැනීමට මුදල් නොමැතිකම නිසා දැරිය  පාසලට පැමිණෙන්නේ, සෙරෙප්පු යුගළක් පැළඳ ගෙනය. සෙරෙප්පු පැළඳ පාසල් නොපැමිණෙන ලෙස කිහිප විටක්ම පංති භාර ගුරුවරිය  දැරියට අවවාද කර ඇතත් එම අවවාදය  පිළිපදින්නට දුප්පත්කම හරස් වී තිබේ.
ඉකුත් සිකුරාදා (25)  දැරිය සුපුරුදු ලෙස පාසල් පැමිණ  ඇත්තේ සෙරෙප්පු යුගලක් පැළඳ ගෙනය. මෙයින් කුපිත වූ පංතිභාර ගුරුවරිය දැරියගේ සෙරෙප්පු යුගළය ලණු කැබැල්ලකින් එකට ගැට ගසා එය දැරියගේ බෙල්‍ලේ එල්ලා තිබේ. ගුරුවරියද දරුවන් සිටින මවකි.
දැරියගේ මව එදින දහවල්  ආහාර වේලද රැගෙන පාසලට  පැමිණ ඇති අතර, එහිදී තම දියණිය සෙරෙප්පු යුගළය කරේ එල්ලා ගෙන සිටිනු දැක ඒ පිළිබඳව   අනෙක් දරුවන්ගෙන් විමසා තිබේ. අනෙක් දරුවන්ගෙන් විස්තර දැනගත් දැරියගේ මව මේ සම්බන්ධයෙන් සේරුනුවර ‍පොලීසියට පැමිණිලි කර ඇති අතර, පසුව ‍පොලීසිය විසින් සියලු  පාර්ශ්වයන් ‍පොලීසියට කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත. එහිදී පංතිභාර  ගුරුවරියට දැඩි ලෙස අවවාද කළ සේරුනුවර ‍පොලීසියේ   වැඩබලන ‍පොලිස්  ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එම්. බි. වීරරත්න මහතා ‍පොලීසියේ අනුග්‍රහයෙන් දැරියට අළුත් සපත්තු යුගළක්  ලබා දීමට කටයුතු කර තිබේ. දැරියගේ අනාගත අභිවෘද්ධිය තකා මෙම සිද්ධිය  දුර දිග ගෙන නොයන ලෙස ‍පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළි දරව්වීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම්  පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක් අදාළ ගුරුවරිය වෙනත් පාසලකට මාරුකර යවන ලෙසත් නැගෙනහිර පළාත් අධ්‍යාපන   අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළාත්  අධ්‍යාපන  ‍ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා වෙත  නියෝග කර ඇත. මේ වන සිටිත් අදාළ ගුරවරිය වෙනත් පාසලකට  මාරු කර යවා ඇති අතර, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  ඩග්ලස් රණසිංහ මහතා යටතේ මූලික විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව ‍ලේකම්වරයා කියා සිටියේය.

මංගලනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය
/ රුක්මල් වනසිංහ - කන්ත‍ලේ

ක‍්‍රිකට් ශූරයන්ගේ ”ෆේස් බුකියට” ආ පණිවිඩ

ලෝක කුසලාන ජයග‍්‍රහණය සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් තරු පිරිවරට සුබ පැතීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසී සිටිය ද, ඒ සියලූ දෙනා හට අවකාශය නොලැබුණ ද, අන්තර්ජාල ෆේස් බුක් භාවිතයේ යෙදෙන එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත මිතුරු රෑනට නම් ෆේස් බුක් මහඟු අවස්ථාවක් විණි. ඒ හරහා ලක්ෂ සංඛ්‍යාත මිතුරු කැළක් තම ආදරණීය ක‍්‍රිකට් තරු රෑන වෙත අදහස් පළ කර සිටියහ. ඔවුන්ගේ අදහස්වලට සාපේක්ෂව සමහර ක‍්‍රිකට් තරු තම අදහස් මුදා හැර තිබීම ද විශේෂත්වයකි.
මෙලෙසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලද මේ
ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව ෆේස් බුක් මිතුරන් ක‍්‍රීඩකයන් හට මුදා හළ අදහස් බොහෝමයක් අතරින් තෝරාගත් කීපයක් අපි මෙලෙස ගෙන හැර දක්වමු.
ඔහු පාකිස්ථානු වැසියෙකි. ”ඉන්දියාව දිනුවාම, ඒ රටේ මිනිස්සු ක‍්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සලකනවා. පැරදුණාම රටම යුද පිටියක් වගෙයි. ඒ අතින් ශ්‍රී ලංකාව මොන තරම් ශ්‍රේෂ්ඨ ද?” පාකිස්ථානු මිතුරා එසේ කියද්දී බංග්ලාදේශ මිතුරකු කියූ දේ මෙසේය.

”මතක තියා ගන්න, අපි එදා ක‍්‍රීඩාංගණයට ආවේ හදපත්ලෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන්නයි, ධෛර්ය වඩවන්නයි, ඉතින් මේ බංග්ලාදේශ වැසියන් කවදාවත් අමතක කරන්න නම් එපා.”
ඔහු එසේ ආයාචනය කරද්දී, ඉන්දියානු ජාතික අභිෂේක් ගයිරිෂ් පළ කර තිබුණේ ”මම ඉන්දියානුවෙක් තමයි, ඒත් මම ආදරේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලටයි” යනුවෙනි.

මේ විදියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ෆේස් බුක් පිටුවට තවත් බොහෝ අදහස් යොමු කර තිබිණි. ඊට අමතරව ක‍්‍රීඩකයන් හට ඔවුන්ගේ වෙන් වෙන් වශයෙන් ඇති ෆේස් බුක් පිටු හරහා අදහස් පළ කර තිබුණේ මෙලෙසිනි.
”සංගා ජයග‍්‍රහණය ලද වේලාවේ ඔබ සනත් ජයසූරිය බදාගෙන ඇඬුවා. ඇයි එච්චරටම හැඟීම්බර වුණේ?” මම ශ්‍රී ලාංකීය මිතුරෙක්.

”සංගා ලෝක කුසලාන අවසාන තරග හතරකටම තේරිලා අපේ ඇස්වලට උඹලා කඳුළු පිරෙව්වා. ඒත් උඹලා ඊයේ අපිව ඇත්තටම ඇඬෙව්වා. මේ සතුට කියලා නිම කරන්න බැහැ.” මම දුලාන්.
”සංගා මහේල වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මහා කුළුණු දෙක නුඹයි.” මම ෆ‍්‍රැන්සියස් සැමුවෙල්.
”ලසිත් එදාත් සූරයා අදත් වීරයා ඔබයි.”
මීට ඔබට ආදරේ අපි.

”තිසර, ඔයාට අපි කියන්නෙ අයන් මෑන් (යකඩ මිනිහා) කියලායි.” මීට තවත් ගින්දර පහරක් බලාපොරොත්තු වන අපි.
”රංගන, සත්තකින්ම නුඹ ඇදහිය නොහැකියි, හරි පුදුමයි. උඹට අපි ආදරෙයි.”
”මාලිංග සර්, මම ඉන්දියානුවෙක් බව ඇත්ත. ඒත් මගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවටයි. සංගා මහේල ශ්‍රේෂ්ඨයින් දෙපොළටත් මගේ ප‍්‍රණාමය.” ෂුභාම් පතක්.
”චන්දිමාල්, ස්තුතියි ඔබ ඔබගේ නායකත්වය පූජා කළාට.” මම යසකැළුම්
”චන්දිමාල්, ඔබ පසෙකට වී රට පෙරට තැබුවා. මෙය මුළු කණ්ඩායමම මතක තබාගත යුතුයි.” මනුජ.
”චන්දි, කියලා වැඩක් නැහැ. ඔබ ලෝකයේ හොඳම මානවයා කියලයි මට හිතෙන්නෙ”.
”තිරිමාන්න, සංගාගේ ඊළඟ දැක්ම නුඹයි.” ශ්‍රී ලංකාවේ අපි.
”ඩිල්ෂාන්, ඉදිරියට යන්න බොස්, මහා පුදුම වීරයා නුඹයි.” ඉන්දියානු මිතුරෙක්.
”කුසල් බොස් ඔයා හරියට අපේ බොලිවුඞ් නළු සුනිල් ෂෙට්ටි වගෙයි.” මුසාබ් රෂීන්.”ඒක ඇත්ත තමයි, ඒත් ඔබ ඉගෙන ගන්න සංගාගෙන්.” නේපාල මිතුරෙක්.
”සංගා මහේල අපේ දෙයියෝ දෙන්නා නුඹලායි.” මෙයට ලයික් දාහක් දාන්න” යැයි ෆේස් බුක් මිතුරකු පවසා සිටි අතර දහස ඉක්ම වූ ”කැමැත්ත” ඊට ප‍්‍රකාශ කර තිබිණි.
”කුසල්, පොඩි සනා නුඹයි, නුඹට අපේ ගෞරවය.” නුගේගොඩ.
”සනා තමයි නියම කොපිය. කාබන් කොපිය තමයි කුසල්.”
”කුලේ, ඔයා පංකාදු පහයි ඈ.” ගම්පහ අපි.
”ඒක ඇත්ත, ශ්‍රී ලංකා පිලේ නිහතමානී උල්පත නුඹයි.” නිට්ටඹුවේ මිතුරෝ
”මැතිව්ස්, ගැඹුරු ජලය නිසලව ගලා යයි, අපි උඹට ආදරෙයි.” ගාමිණී.
”සචී, ඔයා නළුවෙක් වගෙයි, ශ්‍රී ලංකාවට සම්පතක්.” යක්කල.
”ඒක ඇත්ත, සචිත‍්‍ර හදවතින්ම ලස්සන, හොඳ ගුණවත් අවංක මිතුරෙක්.” පාසල් මිතුරා.
”රංගන, ඔබ අපට ගෙන දුන් ගෞරවණීය බව අති විශිෂ්ටයි.” මිත‍්‍රයා, පොල්ගහවෙල.
”රංගන, ඇත්තටම නියම මැජික් ශූරයා නුඹයි.” මොහොමඞ්.

මෙවැනි අදහස් අතරේ සංගා කෝලි වෙත ඇඟිල්ල දිගු කරමින් සිටින ඡායාරූපය පළ කර තිබිණි. ඊට පේ‍්‍රක්ෂකයකු කියා තිබුණේ සංගා කෝලිට කිව්වෙ මෙන්න මෙයයි යනුවෙනි. එනම්,
”මම තමයි මේ පාසලේ විදුහල්පතිවරයා, මේ පාසලේ තවමත් නුඹ ඉගෙන ගන්න බව මතක තියා ගනින්.”
මේ අදහසට ලයික් කිරීම් දහස ඉක්මවා තිබිණි.

ෆේස් බුක් පිටුවේ තවත් අපූරු ඡුායාරූපයක් පළවී තිබිණි. එනම් හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රසල් ආනල්ඞ් නර්තනයක යෙදෙන අවස්ථාවකි. එදා ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කළ මොහොතේ ඔහු සිටියේ ජාත්‍යන්තර විචාරකයකු ලෙස විස්තර කුටියේය. ඔහුගේ මෙම නර්තන ඉරියව් ඡුායාරූපය වෙත ෆේස් බුක් මිතුරකු අදහසක් පළ කර තිබුණේ මෙලෙසිනි.

”ඔබ සිංහයන්ගේ සිත් පැහැර ගත්තේ අලංකාර කථනයෙනි. ක‍්‍රීඩකයන්ගේ පවා සිත් ධෛර්යයට පත් කළ ඔබ ඉතා හොඳ මහත්මයෙකි.”

මෙවැනි සියලූ අදහස් අතරේ සංගා මහේල සහ මැතිව්ස් මෙන්ම මාලිංග තම ෆේස් බුක් පිටු හරහා ෆේස් බුක් ජාලයට අදහස් ප‍්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.

”මේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපව ප‍්‍රාණවත් කළ සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි. මේ ජයග‍්‍රහණය අපි හැමෝගෙමයි. ලෝකයේ හොඳම ක‍්‍රිකට් ලෝලීන් සිටින්නෙ අපටයි. අපේ නරක දවස්, ඒ වගේම හොඳ දවස් නුඹලා උපේක්ෂාවෙන් දරා ගත්තා. ජය පරාජය ඉවසා ගෙන ඉවසීමෙන් සිටියා. උද්යෝගිමත් කළා, ඉතින් මාගේ සාර්ථකත්වය පිටුපස සිටි පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායමේ සගයින්ට සහ පවුලේ අයටත් මගේ ගෞරවය පුදන්න  ඕනෑ. අපි හෙට කොළඹ දී හමු වෙමු.”
කුමාර් සංගක්කාර















”ජය ගත්තා හෝ පරාජය වූ සෑම මොහොතකදීම අපව ධෛර්යවත් කළ ආදරණීය මිතුරනි, ඔබට ස්තුතියි. අපගේ ශ්‍රේෂ්ඨයින් දෙපොළ සංගා සහ මහේල විස්සයිx20 සමු ගන්නවා. ඔවුන් දෙදෙනාට වගේම නුඹලා සියලූ දෙනාටත් මගේ ගෞරවය හිමි විය යුතුයි.”
ලසිත් මාලිංග





”අපට ජයග‍්‍රහණය වෙනුවෙන් අප පිටුපස සිටි සියලූ ශ්‍රී ලාංකිකයින්ට මාගේ ප‍්‍රණාමය ගෞරවය. මේ වගේ මහා පුදුමාකාර මිනිස් සහයෝගයක් මගේ ජීවිතයේ මා දුටුවාමයි. එය ඇත්තටම මහා පුදුමාකාරයි.”
ඇන්ජෙලෝ මැතිව්ස්

”සියලූ දෙනා වෙතයි, ඇදහිය නොහැකි තරමේ මොන තරම් නම් හැඟීමක් ද මේ තියෙන්නෙ. මේ විජයග‍්‍රහණයේ අයිතිය මුළු මහත් ශ්‍රී ලංකාවටමයි. අවසාන මම ඔබ සියලූ දෙනාටම සුබ පතන්න කැමැතියි.”
මහේල ජයවර්ධන














                                                                                                                                       lankadeepa -

ඉහළින් ආ ඇමැතුම රතන හිමියෝ මඟහරිති

ක්‍රමෝපාය සංවර්ධන පනතේ පළමු ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ජාතික හෙළ උරුමය ඊට විරුද්ධව ඡන්දය දෙන බවට වාර්තාවීමත් සමඟ ආණ්ඩුවේ ඉහළම ප්‍රධානියකුගෙන් පාර්ලිමේන්තු සභා ගැබට දුරකතන ඇමැතුම් කිහිපයක් ලැබිණි.

එම ඇමැතුම් ලබාදෙමින් ඉහළම ප්‍රධානියා දුරකතනයට පිළිතුරු දුන් තැනැත්තාට දැනුම් දී සිටියේ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රි
අතුරලියේ රතන හිමියන්ට තමාට කතා කිරීමට අවශ්‍ය බවත්, වහාම උන්වහන්සේ දුරකතනයට සම්බන්ධ කරන ලෙසත්ය.

ඒ අනුව එම පාර්ලිමේන්තු නිලධාරියා එම ප්‍රධානියාගේ පණිවුඩය අතුරලියේ රතන හිමියන්ට දැනුම්දී සිටියද උන්වහන්සේ එය ඍජුවම ප්‍රතික්‍ෂේප කරනු දකින්නට ලැබිණි.
මින් ඉදිරියට තමන් වහන්සේ කිසිදු අවස්ථාවකදීවත් ඔය කියන ප්‍රධානීන්ගේ දුරකතන ඇමැතුම්වලට පිළිතුරු දීමට නොපැමිණෙන බව එහිදී අතුරලියේ රතන හිමියන් පණිවුඩය රැගෙන ආ පාර්ලිමේන්තු නිලධාරියාට දැනුම් දී ඇත. අදාළ ඡන්ද විමසීමේදී අතුරලියේ රතන හිමියෝ එම පනතට විරුද්ධව ඡන්දය භාවිත කිරීමටද කටයුතු කළහ.

ලිංගික ගින්නක දැවුණු වැඩිහිටියෝ මාව නිවසින් එළවා ගත්තා - අනෝමා ජනාදරී

පාසල් කාලය සිහිපත් කළොත්?
අනොමපස්වැනි වසර දක්වා මම ඉගෙන ගත්තේ දකුණු බටගම විද්‍යාලයේ. දෙවනුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසර දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සේ නිමලමරියා බාලිකා විද්‍යාලයෙන් තමයි (කොන්වන්ට්) උසස් පෙළ හැදෑරුවේ.
පාසල තමයි මගේ සිත නිවන ගුරුහරුකම් ලබපු තැන වුණේ. මොකද ගෙදර මට අපායක් වුණා. හේතුව තමයි අපේ ගෙදර පාලනය කළේ අම්මාවත් තාත්තාවත් ‍නෙවෙයි, බාප්පා නිසා.
ගෙදර වැඩිමල් ගැහැණු දරුවා නිසා වැඩිහිටියන්ගේ වනචරකම් මට තේරුණා. හැබැයි මට ඒ තේරෙන එක ඒ අයට හිසරදයක් වුණා. ඒ නිසාම කුඩා කා‍ලේදීම මම බාප්පාගෙන් මානසික අතවරයටත් හිරිහැරයටත් ලක් වුණා. ඉතින් ඒ නිසා ඒ දවස්වල මම කරන්නේ ඉස්කෝලෙන් පස්සේ තියෙන විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා හවස් වෙලා ගෙදර එන එක. අන්තිමේදී මට ගෙදරින් සිදුවෙන අකටයුතුකම් ගැන සිස්ටර් ප්‍රින්සිපල්ට මම කිව්වා. ඇය මාව එක්ක ගෙන ගිහින් පල්ලියේදී ජේසුතුමා ඉදිරියේ මගේ දුක කියන්න ඉඩ සැලැස්සුවා. ඒකෙන් මගේ හිතට ලොකු සහනයක් ලැබුණා. මෑතකදී මම ලියපු ‘පුනරුක්ති’ කියන මගේ ජීවිත කතාවේ පළමු කොටසේදී මම මේ සේරම දේවල් ලියලා තියෙනවා.

පාසල් කා‍ලේදී මුහුණ දීපු අමතක නොවන සිදුවීම?
වයස අවුරුදු පහළොවේදී උසස් පෙළ කරන්න ඉන්දෙද්දී බාප්පාගේ උසිගැන්වීම පිට මගේ අම්මයි තාත්තයි මාව ගෙදරින් පිටමං කළා. ඒ සිදුවීම කුඩා ගැහැනු ළමයෙක් හැටියට මට දරා ගන්න බැරිවුණා. මහා ගංගාවක් වගේ මම ඇඬුවා. ඒ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත් වෙන ගෑනු ළමයෙක් නම් සියදිවි නසා ගන්නවා. එහෙමත් නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. ඒත් අන්තිමේදී මම හිතාගත්තා මේ අභියෝගය ජයගන්න නම් උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්නම ඕනේ කියලා.

ඉතින් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වුණාද?
උසස් පෙළ විභාගයේදී මට ඒ1 යි ඛි 3ක් ලැබුණා. උසස් පෙළ විභාගයට මුහුණ දීලා කලා විෂයන්ගෙන් මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. මට ඕනෑ වුණා ප්‍රතිඵලය අරගෙන ගිහින් ගෙදර අයට පෙන්නන්න. ඒ අය මාව කෙස් වැටියෙන් අල්ලලා එළියට විසි කෙරුවත් මගේම ධෛර්යයෙන් හා උගත්කමින් මම විභාගේ පාස් වුණ බව කියන්න. ඒ කා‍ලේ මාව නවත්තලා තිබුණේ මහල්වරාවේ ආච්චිලාගේ ගෙදර. ඇඳුම් සූට්කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මම අම්මලාගේ ගෙදර ගියා. ඒ යනකොට හවස් වෙලා. ගෙදරට ගිය ගමන් අම්මා තාත්තා මගෙන් ඇහුවේ “ඇයි උඹ ගෙදර ආවේ” කියලයි. බාප්පා කේන්තියෙන් ජනෙල් වීදුරුවක් බිඳලා “කවුද මේකිට ගෙදර එන්න දුන්නේ” කියලා ඇහුවාම කිව්වා “මම උසස් පෙළ පාස්වුණා, විශ්වවිද්‍යාලයටත් තේරුණා” කියලා. ඒත් ඒක ඒ අයට එතරම් වැදගත් දෙයක් හැටියට පෙනුණේ නැහැ. ඇත්තටම ඒ තුන් දෙනා ලිංගික ගින්නක දැවි දැවී හිටියේ. රාත්‍රිය ගත කරන්න විතරයි මට ගෙදර ඉන්න පුළුවන් වුණේ. පහුවදා පාන්දර කෝච්චියෙන් මගේ සූට් කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මට ආපහු හැරෙන්න සිද්ධ වුණා.

විශ්වවිද්‍යාල ජීවිතය ගෙවුණේ මොන විදිහටද?
විශ්වවිද්‍යාලයේදී හුඟක් යාළු මිත්‍රයන් හම්බ වුණා. ඒක මගේ හිතට සහනයක් වුණා. මම කලා සංගමයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. නාට්‍ය තරගවලින් මම හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. සුගතපාල ද  සිල්වා, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් අතින් මට සහතික සම්මාන ලැබුණා. මගේ දුක්ඛිත ජීවිතයට නාට්‍ය කලාව දිව ඔසුවක් කියලා ඒ කා‍ලේ මට වැටහුණා. ඒ වකවානුවේදීම ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳුණා. එහි ශිෂ්‍ය නායකයා වුණේ දයා පතිරණ. ඔහුගේ නායකත්වය යටතේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාල තුළ කිසිදු පක්ෂයකට ගැති නොවී කිසිදු පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව හිඳිමින් තමුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරම සිසු අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ කොහොමද කියලා අපි සැම දෙනාටම කියා දුන්නේ පතිරණ සහෝදරයා. මේ කාලෙදීම තමයි මම සෝවියට් මිත්‍රත්ව සංගමයේ නාට්‍ය කලා වැඩමුළුවට සම්බන්ධ වුණේ.
මේ වැඩමුළුවේ අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධන, දේශකවරු හැටියට සහභාගි වුණේ පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, වසන්ත විට්ටච්චි, මාව මේ වැඩමුළුවට යොමු කළේ විශ්වවිද්‍යා‍ලේම අයියා කෙනෙක් වන සමන් පුෂ්පලියනගේ.  නාට්‍ය කලා වැඩමුළුවෙන් පස්සේ ඩග්ලස් සිරිවර්ධනගේම හිට්ලර් නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. මම කවදාහරි නිළියක් හැටියට ඉදිරියට යනවා කියලා හිතා ගත්තේ මෙම වැඩමුළුවේදී ලබපු අධ්‍යාපනය නිසා.

ප්‍රේමය ගැන ලබපු පළමු අත්දැකීම?

උසස් පෙළ ලියන්න පන්තිවලට යනකොට මට හම්බ වුණා පිරිමි ළමයෙක් උපුල් කියලා. ඔහු මට ‍පොත් පත් සපයා දීමෙන් ගොඩක් උදව් කළා. ඒ හින්දාම ඔහු මං කෙරෙහි ඇල්මක් ඇති කරගෙන මට ආදරෙයි කිව්වා. ඔහු ගැන විශේෂ හැඟීමක් ගැහැනු ළමයෙකු හැටියට මට නොතිබුණත් මමත් ඔහුට කැමතියි කියලා කිව්වා. කොහොම හරි විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මම සමත්වුණා. ඔහු අසමත් වුණා. මම විශ්වවිද්‍යාලයට ගියා. ඔහු හමුදාවට බැඳුණා. තවමත් මගේ කලා ජීවිතය පිටුපස්සේ ඉඳන් මාව ආරක්ෂා කරන්නේ ඔහුයි.

ඔබේ විවාහය සිදුවුණේ කොහොමද?

විශ්වවිද්‍යාල අධ්‍යයන කාලයේදී මට හමුවුණු පෙම්වතා දරපු දේශපාලන මතය නිසා මටත් ඔහු දරපු අදහස් වක්‍රාකාරව දරන්න පෙළඹවීම්  ඇති කළා. ඒ කා‍ලේ ප්‍රේමය, සමාජවාදී, කලාව, රතු දේශපාලනය, එකට පටලැවිලා ගිනියම් වෙලා ඔළුව ඇතු‍ලේ කැකෑරෙන්න පටන් ගත්තා. ඒ කා‍ලේදීම තමයි පෙම්වතා හදපු නාට්‍යවල රඟපෑමටත් මම යොමු වුණේ. ඇත්තටම සමාජවාදී කලාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රේමය කියන්නේ මොනවද කියලා තේරුම් බේරුම් කරගන්නවාට වැඩිය ඒ දවස්වල  වේගයෙන් ගහගෙන යන හිතිවිලි එක්ක ‍පොර බඳිමින් අත්දැකීම්වලට මුහුණ දුන්නා කිව්වොත් තමයි හරි.

කොහොම හරි විශ්වවිද්‍යාලයේදී ඇතිවුණු ඒ ප්‍රේමය විවාහයක් දක්වා දුරදිග ගියා.
ඒ කා‍ලේ ගැහැණු ළමයෙක් හැටියට මම විශ්වාස කළේ ඔහුවයි. ඔහුත් එක්ක අපි දෙන්නාගේම වැරදි හදාගෙන කලාවෙන් සමාජවාදී දේශපාලනයක් කරන්න දැඩි අධිෂ්ඨානයකින් මම කටයුතු කළා. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළා. දරදිය ඇද්දා. ඒ අතරේ මරණාසන්න අත්දැකීම්වලටත් මුහුණ දෙන්න සිදුවුණා.

ඔබ වෘත්තීය නිළියක් බවට පත්වුණේ?
මම රඟපෑ වේදිකා නාට්‍ය වන හෙනා, මාඝාත, මකරාක්ෂයා, හිට්ලර්, ඊඩිපස්, ඊළඟට ටෙලිනාට්‍ය ප්‍රභාතය, දුන්හිඳ අද්දර, දියකැට, පහණ, සිත්තමින් සිහින, මේ නිර්මාණවල මම රඟපෑ චරිත උපරිම කුසලතාවයෙන් කළා කියන එක ඒවා නරඹපු මේ රටේ ජනතාව තීරණය කළා. ඒත් ක්‍රමානුකූලව මට තේරුණු දෙයක් තමයි පෙම්වතා සැමියා බවට පත්වීමේදී හා ඔහුගේ සමාජවාදී කලාවට දරදිය ඇදීමේදී ඔහුගේ වෘත්තීය ගොඩනංවා ගත්තාට, මගේ වෘත්තීය ඔහු පෙරළා අගය කරන්නේ නැහැ කියන එක. ඒත් එක්කම සමාජවාදයේ ප්‍රධානම ගුණාංගයක් වන සමානාත්මතාවය කලාවේදීවත්, විවාහ ජීවිතයේදීවත් ඉෂ්ඨ වෙන්නේ නැති වග මට තේරෙන්න පටන් ගත්තා. ඔය අතරේදී තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ සමාජවාදී කලාව වෙනුවෙන් අපි සමග සාමූහික වුණු කලාව කරපු කණ්ඩායම කලකිරීමෙන් ඈත් වෙන්න පටන් ගත්තේ.

ඇයි එවැන්නක් වුණේ?
කලාකරුවා සමාජවාදී කිව්වාට ඔහුගේ කලාව අග නගරයේදීත් විදෙස් රටවලත් ඇගයීමට ලක් කර ගන්න නම් කලාව මාකට් කරන්න වුණා. එතකොට ඒ සඳහා නිෂ්පාදන කළමනාකාරිනියක් මැදිහත් වුණා. ඇය තමන්ගේ වැඩේ විතරක් ‍නෙවෙයි අපේ ගෙදර ටොයිලට් එකට ටයිල් අල්ලන වැඩෙත් කරන්න වුණා. ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයන් නොදියුණු මිනිස්සු හැටියටත් වර්ග කරන්න වුණා. ඉතින් ඒ නිසා සාමාජිකයොත් හැලෙන්න පටන් ගත්තා. මම බිරිඳ නිසා අවසානයේදී මාව විතරක් ඉතිරි වුණා. ඒත් සමාජවාදී කලාව නේද? සැමියා නේද? කලාකරුවා නේද? දරුවෝ නේද? කියලා හිතන සාම්ප්‍රදායික ගැහැනියක් බවට පත්වෙලා, මම ඉවසාගෙන සිටියා. ඔය කාලෙදි තමයි ‘තනි තටුවෙන් පියාඹන්න’ කියන චිත්‍රපටය නිර්මාණය වුණේ.
මගේ වෘත්තිය ඇතු‍ලේ මගේ දායකත්වය අගය කළ යුතු මට්ටමේ මිල කළ යුතු මට්ටමේ රඟපෑමක් බව ඒ චිත්‍රපටයේ රංගනයෙන් මම ඔප්පු කළා. ඒ වාගේම මේ රටේ මානසිකව කායික දුක් විඳින ගැහැනුන්ට දිරියක් දෙන්න මම මගේ නිරුවතත් මේ චිත්‍රපටයට කැප කළා. හැබැයි ඒ වෙනකොට නිෂ්පාදන කළමනාකාරිනිය මගේ සැමියාගේ වෘත්තීය ජීවිතයත් ඔහුගේ ආත්මයත් අත්අඩංගුවට පත් කරගෙනයි තිබුණේ. ඉතින් මම පමණක් ‍නෙවෙයි අපි නියෝජනය කරපු සමාජවාදී දේශපාලන පක්ෂය පවා නිල වශයෙන් මේ තැනැත්තියට දැනුම් දුන්නා මේ කලාකරුවාගේ කලාවට අත නොතබන ලෙසට.

ඊට පස්සේ මොකද වුණේ?

සිදුවුණු දේවල් මුළු රටම දන්නවා. අවාසනාවන්ත ලෙස අපේ විවාහය දෙදරා ගියා. ඔවුන් දෙදෙනා අපේ නිවසින් මා එළවා දමන්නට සැලසුම් කළා. ඊළඟට සැලසුම් කරලා චිත්‍රපටයෙන් මා ඉවත් කළා. අවසානයේදී මම කුඩා කාලයේදී වගේ සූට්කේස් එකක ඇඳුම් ටික දමාගෙන එළියට බැස්සා.

කිෂාන් කනංකෙ

පෝනියන් ගෙනා බූරුවා ගැන එජාපය ඇතුළේ රසකතා

ක්‍රමෝපාය සංවර්ධන පනතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කොළඹදී පැවැත්වූ විරෝධතාවට බූරුවන් රැගෙන එන බව පවසා ඒ වෙනුවට පෝනියත් රැගෙන ආ එජාප මන්ත්‍රිවරයකු සම්බන්ධයෙන් මේ දිනවල එජාපය ඇතුළේ රසකතා ඇසෙන බව දැනගන්නට ඇත.

ඒ අනුව එදිනම පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී පවසා සිටියේ බූරුවන්ගේ සහ පෝනියන්ගේ වෙනස නොදන්නා මන්ත්‍රිවරුන් හේතුවෙන් පක්ෂයද රට
ඇතුළේ හෑල්ලුවට ලක්ව ඇති බවකි. මීට අමතරව තවත් එජාප මන්ත්‍රිවරයෙක් එහිදී මේ සම්බන්ධයෙන් අපූරු කතාවක් කීවේය.

අලි පන්තියක ගෑනු අලි ටික කාලයක් ගියාම ඒ රැළේ ඉන්න පිරිමි අලි පැටවුන් රැළෙන් පන්නනවා. ඉතිං මේ පන්නන සමහර පිරිමි අලි කොහේ හරි අලි රැළකට ගිහිල්ලා වැඩ පෙන්නලා එතැන නායකයා වෙනවා. හැබැයි එහෙම වැඩපෙන්න ගන්න බැරි පිරිමි අලිත් ඉන්නවා.

ඉතිං මේ වැඩ බැරි පිරිමි අලි කරන්නේ කොහේ හරි ඉන්න බූරු රැළකට හරි වැටිලා එතැන හරි නායකයෙක් වෙන්න උස්හා කරන එක. එදා අපේ උද්ඝෝෂණයෙදීත් වුණේ මේ වැඩ බැරි අලි වැඩේ භාර අරගෙන බූරුවන්ට හරි නායකයෙක් වෙච්ච එකයි' යන්න එම මන්ත්‍රිවරයා කී කතාව විය. මන්ත්‍රිවරයාගේ මේ කතාවත් සමඟ අලින්ට නායකයකු වීමට නොහැකිව ගොස් බූරුවන්ට නායකයකු වූ 'වැඩබැරි අලියා' කවුරුන්ද යන්න වටහාගත් එහි සිටි මන්ත්‍රි පිරිස බඩවැල් අල්ලාගෙන සිනාසෙන්නට වූහ.

බොදු බල හිමිවරුන් හඳුනා ගන්න CCTV පිටපත් පොලිසියට

2014-04-23 දින කර්මාන්ත අමාත්‍යංශයට කඩා වැදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිමිවරුන්. ආනන්ද වීරසූරිය කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයට බලෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බොදු බල සේනාවේ හිමිවරුන් ඇතුළු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා එහි CCඨ්V කැමරාවල පිටපත් කොල්ලුපිටිය පොලිසියට ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (28දා) නියෝග කළේය.
කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මේ
නියෝග කෙරිණි.

ඉකුත් 23 වැනි දින බොදු බල සේනාවේ හිමිවරුන් ඇතුළු පිරිසක් වටරැක විජිත හිමියන් කර්මාන්ත අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බව පවසමින් එයට අනවසරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට එම අමාත්‍යංශයේ ලේකම්වරයකු විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුද්ගලයන් හත්දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා CCඨ්V කැමරාවල පිටපත් ඉල්ලා තිබිණි.

ආගමික පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිසිය ගැන දේශපාලන පක්ෂ අදහස (video)

ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිස් ඒකකය අද(28) දිනයේ විවෘත කළ බව පොලිස් මුලස්ථානය පවසයි.

බෞද්ධ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම පොලිස් ඒකකය විවෘත කරන ලද අතර ඒ අනුව 2307674/2307694 යන දුරකථන අංකවලින්ද,2307688 ෆැක්ස් අංකයෙන්ද අදාළ පොලිස් ඒකකය හා සම්බන්ධවිය හැකිය.

ආගම් අතර පවතින ගැටලු නිරාකරණය
කිරීමේ අරමුණින් ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.


බොලිවුඩයේ අහිංසකාවිය සරාගී වෙයි

 බොලිවුඩයේ අහිංසකාවිය ලෙස ආශිකී 2 චිත්‍රපටය හරහා එකරැයින් ජනප්‍රියත්වයට පත් ශ්‍රද්ධා කපූර්, පසුගිය සතියේ වෝග් සඟරාව වෙනුවෙන් කළ ඡායාරූප එකතුව දැන් දැඩි සේ කතාබහට ලක් වෙලා.

විශේෂයෙන්ම ජනප්‍රිය නළු ශක්ති කපූර්ගේ දුව වන ශ්‍රද්ධා, මේ විදිහට බිකිනි ඇඳගෙන ඡායාරූපවලට පෙනී සිටීම ගැන බොහෝදෙනෙක් තුළ යම් අප්‍රසාදයක් ඇති වෙලා.

ඒත් මේ ආකාරයට ඇය වෝග්
සඟරාවට එකතු වුණේ ප්‍රථම වතාවටයි. මේ අතර මේ ඡායාරූප දුටු තවත් සමහරු නම් කියන්නේ මේ ඡායාරූප තුළින් ඇගේ සැඟවී තිබුණු සරාගී ස්වරූපය ඉස්මතු වුණා කියලයි.

ඒ නිසා දැන් ඇය අනිල් කපූර්ගේ දුව වන සෝනම් කපූර්ටත් වඩා හැඩකාරයිලු. ඒත් මේ ගැන සෝනම්ගෙන් ප්‍රශ්න කළාම සෝනම් කියලා තියෙන්නේ තමන්ට වඩා ශ්‍රද්ධා හැඩ වුණත් නැතත් තමන්ට ඒක ප්‍රශ්නයක් නැහැ කියලයි.

අනික ඇය තමන්ගේ පළමු චිත්‍රපටයම සුපර් හිට් එකක් වන තරමේ රංගනයක් ඉදිරිපත් කරපු එක ගැන සතුටු වෙනවා කියලත් සෝනම් කියලා තියෙනවා.

ඒ කොහොම වුණත් ශ්‍රද්ධා මේ ගැන වගේ වගක් නැතුව තමන්ගේ අලුත් චිත්‍රපටයේ වැඩකටයුතුවල යෙදෙනවා. ඒ 'හයිඩර්' චිත්‍රපටයයි. ඇය සමග මෙවර ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ෂහීඩ් කපූර්














ගුරුවරියගේ ගොන් වැඩේට පොලීසියෙන් ‘කනේ පහරක්’

සපත්තු   දෙකක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක් පැළැඳ පසුගිය සිකුරාදා පාසල් ආ දැරියගේ බෙල්ලේ  සෙරෙප්පු දෙක ගැට ගැසු බව කියන සිද්ධියක්  දැනගත් සේරු නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා පොලීසියේ වියදමින් දැරියට සපත්තු දෙකක් පරිත්‍යාග කළේය.
පියාද නොමැති මේ දැරියට එම අමානුෂික සැළකිම කළ බව කියන ත්‍රිකුණාමල පාසලක  පන්තිය භාර ගුරුවරියට  ද දරුවන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.
විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිගෙන් සපත්තු දෙක ලබා ගත් දැරියගේ මව කියා ඇත්තේ දැරියගේ යහපත සඳහා මේ සිද්ධිය ගැන තව දුරටත් ක්‍රියා නොකරන බවයි.


                                                                                                                                                                     

සමන්මලී සකලසූරිය (ලා) සහ ශ්‍යාමලී ලියනාරච්චි (ලා)

ramachandrageadaviya-
බස්නාහිර පලාත් සභාවට පසුගිය මැතිවරනයෙන් තේරී පත්වූ සමන්මලී සකලසූරිය නවක මන්ත්‍රීවරිය පසුගිය බදාදා දින ( අප්‍රේල් 02) දෙරන රූපවාහිනියේ විකාශය වූ No Politics නමැති වැඩසටහනට සහභාගී වූවාය. දේශපාලකයින් සහභාගී වන මේ වැඩසටහන තුල දේශපාලනය කථා නොකෙරේ. දේශපාලකයින්ගේ පෞද්ගලික වත ගොත, දෛනික ඕපාදූප වෙනුවෙන් වැඩසටහන වෙන්වී ඇත. මේ වැඩසටහනේදී සමන්මලී
මන්ත්‍රීවරිය තම නිර්මානාත්මක ලේඛනය වැඩි දියුනු කරගැනීම සදහා තමා පාසල් කාලයේ සමීප මිතුරියන්ට මල් මල් ස්ටිකර් අලවා ලස්සන ලියුම් ලියූ හැටි ආදී සුරතල් ඕපාදූප පිලිබද දොඩමලු වූ අතර වැඩසටහන් නිවේදිකාව ඒ අත්දැකීම් විනෝදාත්මක විලාශයෙන් බෙදා හදා ගත්තාය. මෙවර මැතිවරනයෙන් බොහෝ තරුන තරුනියන් පලාත් සභාවට තේරී ඇති නිසා "අලුත් වැඩක් " කිරීමේ හැකියාව තිබෙන බව සමන්මලී මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

කැලනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගත් සමන්මලී තරුන මන්ත්‍රීවරිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහලින්ම මනාප ලබා ගත් අතර ඇය දේශපාලන පවුලකින් පැවත එන්නීය. සමන්මලී සකලසූරිය මෙලෙස ඡන්දය දිනා රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වන විට ශ්‍යාමලී ලියනාරච්චි පසුගිය මාර්තු 26 වන දා මහර මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝග මත බන්ධනාගාරගත කරනු ලැබුවාය. ඒ කැලනිය විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියන් පිරිසක් සමගය. වැලිකඩ බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ අපරාධ සැකකාරියන් සමූහයක් මැද ශ්‍යාමලීව රදවන ලදී. කැලනිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් පිලිබද අර්බුදයක් මත පැවැත්වූ විරෝධතා පාගමනක් හේතුවෙන් 'මහජන පීඩාවක්" සිදුවූ බවට මහර පොලිසිය නඩු පවරා ඇති අතර ශ්‍යාමලී යනු එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරියයි. ඇය බන්ධනාගාරගත කරන ලද්දේ එම නඩුව අතරවාරයේය. ඇප ලබාදීම සදහා නඩුව නැවත කැදවු අවස්ථාවේ ශිෂ්‍ය දේශපාලන කටයුතු වලට නායකත්වය දිම ගැන මහර උසාවියේ මහේස්ත්‍රාත්වරිය ශ්‍යාමලීට දැඩි ලෙස දොස් පැවරුවාය.

පලාත් සභාවට තේරී පත්වූ සමන්මලී සහ පාගමනක නායකත්වය දීම නිසා සිරගත වූ ශ්‍යාමලී අතර තිබෙන සමානකම කුමක්ද? මේ දෙදෙනා එකම සරසවියේ එකම පීඨයේ එකම වසරක ඉගෙන ගත් අය වෙති. ශ්‍යාමලී සරසවිය තුල සමන්මලීගේ වසරේ සමකාලීන සිසුවියකි. දෙදෙනාම දේශපාලනය කරති. සමන්මලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරන අතර ශ්‍යාමලී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ ක්‍රියාකාරිනියකි. දෙදෙනාම ස්ත්‍රීන්ය. තරුනියන්ය.

 මේ දෙදෙනාගේ වෙනස කුමක්ද? වෙනස්කම් බොහෝය. සමන්මලීට තිබෙන ජනප්‍රිය ප්‍රභූ ප්‍රතිරූපය ශ්‍යාමලීට නැත. ඇය බන්ධනාගාරගත වීම ජනමාධ්‍ය වලට තවත් එක් සිදුවීමක් පමනි. දේශපාලනය කිරීම නිසා සමන්මලීට ලැබෙන්නේ සාදර පිලිගැනීමකි. දේශපාලනය කරන නිසා ඇයට ධනේශ්වර මාධ්‍ය වල රූපවාහිනී වැඩසටහන් වලට ආරාධනා ලැබේ. ඒ වෙනුවට ශ්‍යාමලීට ලැබෙන්නේ මොනවාද? අධිකරන නියෝගය. වරෙන්තුය. සිතාසිය. කදුලු ගෑස්ය. මහේස්ත්‍රාත්වරුන්ගේ ඇනුම් බැනුම්ය. වරෙන්තු කොල රැගෙන පොලිසිය ඇගේ නිවෙසට යයි. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට කැලෑ පත්තර ඇගේ ගම්මානයේ ඇල වේ. ඇගේ දේශපාලන ක්‍රියාකාරීත්වය නතර කිරීමට, ඇය පසුබැස්වීමට රාජ්‍යය සහ රාජ්‍යයේ මර්ධන උපකරන මුලු වැර යොදා ක්‍රියා කරමින් සිටී.

මේ වෙනස කුමක් නිසාද? මේ වූ කලී ප්‍රභූ දේශපාලනය සහ නිර්ප්‍රභූ දේශපාලනය අතර තිබෙන වෙනසයි. සමන්මලී නියැලෙන්නේ ප්‍රභූ දේශපාලනයකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යනු අධිපති ධනේශ්වර සමාජ රටාව ආරක්ෂා කරගැනීමට පිහිටුවන ලද ආයතන දෙකකි. මේ ප්‍රභූ පක්ෂ වල දේශපාලනය කිරීමට ඔබට සම්පූර්න නිදහස ඇත. එම ප්‍රභූ දේශපාලනයට තරුන තරුනියන් සම්බන්ධ වීම 'හොද දෙයකි'. එලෙස සම්බන්ධ වන තරුනයින්ට No Politics වැනි වැඩසටහන් වල සුන්දර ඕපාදූප බිනීමටත් සුරතල් ගීත ගායනා කිරීමටත් අවස්ථාව සපයනු ලැබේ.

ඔබ තෝරා ගන්නේ නිර්ප්‍රභූ දේශපාලනය නම්? එසේ නම් "තරුනයන්ට දේශපාලනය තුල ඉඩ දීම","දේශපාලනය තුල කාන්තා දායකත්වය වැඩි කිරීම" වැනි සුරංගනා කථා කිසිවක් අදාල නැත. අධිපති ධනේශ්වර දේශපාලනය වෙනුවට පීඩිත පංතියේ දේශපාලනය, නිර්ප්‍රභූ රැඩිකල් දේශපාලනය තෝරාගන්නා පලමු මොහොතේ සිට ඔබට මුන ගැසෙන්නේ මර්ධනයයි. එබදු දේශපාලනයක් තෝරා ගන්නා තරුනයන් හෝ වේවා ස්ත්‍රීන් හෝ වේවා - කිසිදු වෙනසකින් තොරව දුර්මුඛ කිරීමට හා පසුබැස්වීමට කටයුතු යොදනු ලැබේ. ශ්‍යාමලී ලියනාරච්චි උසාවියට ඉදිරිපත් කෙරෙන එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරිය ඇයට බැන වදින්නේ ''ගැහැනු ලමයෙක් වෙලා ඔය විදිහට වැඩ කරන්න ලැජ්ජා නැද්ද?" යනුවෙනි. කවුරුත් මේ ප්‍රශ්නය සමන්මලී සකලසූරියගෙන් අසන්නේ නැත. ශ්‍යාමලී කර තිබෙන 'ලැජ්ජා විරහිත' ක්‍රියාව කවරක්ද? අධ්‍යාපන පෞද්ගලිකකරනයට එරෙහිව සටන් කිරීමය. ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සිසුන් සංවිධානය කිරීමය. ඒ වෙනුවෙන් උද්ඝෝෂන කිරීමය. සමන්මලීගේ දේශපාලනය නම්බුකාර එකක් වී ශ්‍යාමලීගේ දේශපාලනය 'ලැජ්ජා විය යුතු දෙයක්' වන්නේ ඇයි? මේ වූ කලී සමාජයේ අධිපති ප්‍රභූ සැකැස්ම ප්‍රභූ දේශපාලනයට හා නිර්ප්‍රභූ දේශපාලනයට ප්‍රතිචාර දක්වන දෙබිඩි ආකාරයයි. මේ දෙබිඩිකම ඉදිරියේ දේශපාලනය කිරීමේ සමාන අයිතිය ගැන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා වල ලියා තිබෙන වාක්‍ය හුදු බොල් වචන කන්ඩ පමනි. මේ දෙබිඩිකම ප්‍රශ්න කිරීම යනු 'දේශපාලනය කිරීමේ සමාන නිදහස' ගැන ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික මායාව ප්‍රශ්න කිරීමය. පංති සමාජයක් තුල 'සමාන අයිතීන්' කියා දෙයක් තිබෙන්නට විදිහක් නැත.

ramachandrageadaviya -

මහෙස්ත්‍රාත්ට 'පල බූරුවා!' කියු ජයන්ත රාලහාමි බුලත් දී වැඳ සමාව ගනී

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට 'පල බූරුවා!' යැයි බැන වැදී වැඩතහනමට ලක්ව සිටි පොලිස් සැරයන්වරයා 26 සිට යළි සේවයේ පිහිටු වූ බව මහරගම සහකාර පොලිස් ජයන්ත අතපත්තු මහතා පැවැසීය.

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ජානක පෙරේරා නමැති පොලිස් සැරයන්වරයකු මෙසේ යළි සේවයෙහි පිහිටුවනු ලැබිණි.

මහරගම පමුණුව පාරේදී ඉකුත් 26
වැනිදා එම පොලිස් සැරයන්වරයා තම රථය හරස්කර තමන්ට බැන වැදුණු බවට මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ අතර ඔහුගේ සේවය ද අත්හිටුවනු ලැබිණි.

ඉකුත් 23 වැනි දින මොහු කොටුව අධිකරණයට පැමිණ මහෙස්ත්‍රාත්වරයාට බුලත් හුරුල්ලක්දී වැඳ සමාව ගැනීමෙන් පසු නඩුව සමථයකට පත්කිරීමට මහෙස්ත්‍රාත්වරයා උපදෙස් දී තිබිණි. ඒ අනුව ඔහු යළි සේවයේ පිහිටුවීමටද පියවර ගෙන තිබේ.

අවුරුදු කුමරිය කරන්න බව කියා සල්ලාලයෝ දැරිය සමුහ දුෂණය කරලා

ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් නැරඹීමට පැමිණ සිටි වයස අවුරුදු 14 ක දැරිවියත් රවටාගෙන සෙනසුරාදා (26) ත‍්‍රිරෝද රථයකින් ගාල්ලේ නවාතැන් පොලකට ගෙන ගොස් සමුහ දුෂණයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අක්මිමන පොලීස් බලප‍්‍රදේශයේ දීය.
මෙම දැරිවිය ගාල්ල මොරගොල්ල පදිංචි දැරිවියකි. ඇය බටදුව ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක්
නැරඹීමට පැමිණ සිටිය දී ඇය අසල සිටි තරුණයන් කිහිපදෙනෙකු විසින් රවටාගෙන ලැගුම්හලට කැඳවාගෙන ගොස් තිබේ.
ඇය හරිම ලස්සන බවත් ඇය අවුරුදු උත්සවයේ බක්මහ කුමරිය තරඟයට දමන්නට තමන්ට හැකි බවත් ඔවුන් ඇයට පවසා තිබේ. ඊට අවශ්‍ය රෙදි ගන්නට ගාල්ලේ රෙදි කඩයකට යමු කියමින් දැරිය රවටාගෙන මෙම තරුණයන් පිරිස ත‍්‍රිරෝද රථයකට දැරිය නන්වාගෙන ගාල්ලේ නවාතැන් පොළකට ගෙනගොස් සමුහ දුෂණයකට ලක්කැර අතර මග මහමග දමා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ අක්මිමන පොලීසිය මගින් සිදු කරයි. කෙසේ නමුත්, දැරියගේ ඥාතිහු පවසන්නේ දැරිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ නිසිපරිදි ක‍්‍රියාත්මක නොවන බවයි.


ලඟදීම වැසිකිලි බද්දකුකත්

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශය තුළ මළ ප‍්‍රවාහන කටයුතු සඳහා බද්දක් හඳුන්වා දීමට සැරසෙන බව වාර්තා වෙයි. කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පවසා ඇත්තේ මළ ප්‍රවාහන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන තිබෙන අතර ඉන් කොටසක් ගෙවීම පිණිසමෙම බද්ද හඳුන්වා දෙන බවය.

වසර සිය ගාණක් පැරණි මලප‍්‍රවාහන පද්ධතිය නවීකරණ කිරීමේ කටයුතු දැනට ආරම්භ කර ඇති
අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන තිබෙන අතර ඉන් 80%ක් රජය විසින් ගෙවනු ලබයි.

ඉතිරි 20% සහන පොලී පදනම යටතේ කොළඹ මහනගර සභාව විසින් ගෙවන අතර බද්ද හඳුන්වා දීමට නියමිතව ඇත්තේ ඒ ණය ගෙවා දැමීමට මුදල් සොයා ගැනීම සඳහාය.

ඒ අනුව 2017 වසරේ සිට මෙම බද්ද පැනවීමට දැනට සැලසුම් කර ඇති බව මුසම්මිල් මහතා කියයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive