facebook like

භික්ෂු ගරුත්වයත් නැති කරගෙන ජාතිය-ආගම රැකගැනීමට වෙලා තියෙන්නේ පාලකයින්ගේ වැරදි නිසා

රටේ ජාතික වැදගත්කමින් යුක්ත කරුණු කාරණා සම්බන්ධයෙන් අපි නිරතුරුවම අදාළ මැති ඇමැතිවරුන් නිලධාරීන් දැනුම්වත් කළද කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොදැක්වීම දැඩි කනගාටුවට හා අප්‍රසාදයට කරුණක් බව මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවැසූහ.

වර්තමානයේ රටේ පැන නැඟී පවතින මහත් ආන්දෝලනාත්මක සිදුවීම් හා ජාතික ගැටලු හමුවේ මේ වනවිට ක්‍රියාකාරීව කටයුතු කරන භික්ෂු
සංවිධාන ත්‍රිත්වයක නියෝජිත භික්ෂුන් වහන්සේ පිරිසක් පෙරේදා (23දා) මල්වතු විහාරයේදී නාහිමියන් හමුව උද්ගතව පවතින තත්ත්වයන් පිළිබඳ හෙළි කළ අවස්ථාවේදී නාහිමියන් ඉහත අදහස් පළකොට සිටියහ.
බොදු බල සේනා, රාවණා බලය හා ජාතික සංඝ සම්මේලනය නියෝජනය කරනා ක්‍රියාකරී භික්ෂුන් වහන්සේ පිරිසක් නාහිමියන් බැහැ දැක, බුදු දහමට එරෙහිව අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වීම, රජය විසින් ඉදිරි දින කීපයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කැසිනෝ පනත රට පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සුරා, සූදු ජාවාරම්, නීති විරෝධී ක්‍රියාවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු මෙන්ම නීති විද්‍යාලයේ සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන්ද උන්වහන්සේ දැනුම්වත් කිරීමට පියවර ගත්හ.

මෙම ජාතික ගැටලු සම්බන්ධයෙන් මල්වතු නාහිමියන් දැනුම්වත් කොට මෙම උද්ගතව පවතින තත්ත්වය හමුවේ රටට, ජාතියට, ආගමට, රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට, සදාචාරයට හා අධ්‍යාපන මෙන්ම නීති ක්ෂේත්‍රයේද පවතින ගැටලු හා එල්ල වී ඇති අභියෝග හමුවේ භික්ෂුන් වහන්සේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙහිදී මල්වතු නාහිමියන් හමුවේ කරුණු දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හා ප්‍රධාන අනුශාසක පූජ්‍ය රම්පත්වල විමලරතන, ජාතික සංවිධායක පාහියංගල ආනන්ද සහ මූල්‍ය ලේකම් වත්තේහේන විජිත යන හිමිවරුන් අදහස් පළ කරමින් රජය විසින් ඉදිරි දින කීපය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන කැසිනෝ හා සූදු ක්‍රීඩාවට අදාළ විශේෂ පනත සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය පළ කරනවා. මෙමඟින් ගණිකා ජාවාරම, කළු සල්ලි සුදු කිරීම, පාතාලය බලවත් කිරීම, සුරාව සූදුව හිස එසැවීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ආණ්ඩුව මෙවර මේ පනත ගෙන එන්නේ වචන කීපයක් මාරු කරමින් රට වගේම ජනතාවත් මුලා කරමිනුයි. මෙමඟින් රටට වන අනාගත පරම්පරාවට වන මහා අපරාධය පිළිබඳ මේ දේශපාලනඥයන්ට කිසිම තැකීමක් නැහැ. ඔවුන්ගේ එකම අරමුණ හා ඉලක්කය රටට හෙණ ගැහුවත් ඔවුන්ගේ ධනය හා බලය තර කර ගැනීමයි. මේ විනාශය කිරීමට භික්ෂුන් වහන්සේ වශයෙන් අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ යනුවෙන් සඳහන් කළහ.

ඉන් අනතුරුව මල්වතු මහනාහිමියන් හමුවේ කරුණු දැක්වූ "රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, නීති විද්‍යාලයට පිවිසුම් විභාගයට සිසුන් 14,000ක් පෙනී සිටියත් බඳවා ගන්න කටයුතු කොට තිබෙන්නේ 177 දෙනයි. පෙර වසරවලදී 300, 400ත් බඳවා ගත්තත්, මේ පාර විශාල අසාධාරණයක් සිදුකොට තිබෙනවා. එක් වරක් චොක්සිගේ පුතා ගන්න සිසුන් 701ක් බඳවා ගත්තා. ගිය වසරේ සිසුන් 531 බඳවා ගත්තා. මේ ළමයි සීමා කරලා විදේශවලින් අධ්‍යාපනය ලැබූ ළමුන් නීති පීඨයේ අධ්‍යාපනය ලත් ළමුන් හා තවත් අය බඳවා ගන්න කටයුතු කරනවා. මේ දුප්පත් අසරණ ළමුන් විශාල අසාධාරණයකට ලක් වෙලා ඉන්නවා. ඔබ වහන්සේ මේ පිළිබඳ අවධානය යොමු කොට රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් සිදුකරන මේ අත්තනෝමතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යම්කිසි මැදිහත් වීමක් කරන්නැයි ඉල්ලමින් නාහිමියන් වෙත සංදේශයක්ද භාර දීමට පියවර ගත් අතර මෙහිදී නාහිමියන් පවසා සිටියේ මේ පිළිබඳ රවුෆ් හකීම් අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඉදිරියේදීද මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවත්ය. මල්වතු මහ නාහිමියන් හමුව කරුණු දැක්වූ බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අන් කවරදාටවත් වඩා විශාල තර්ජනයක් මේ වනවිට බුදු දහමට හා බෞද්ධ ජනතාවට එල්ල වී තිබෙනවා. අපි ඉතා සාමකාමී ආකරයෙන් අපේ කටයුතු කරගෙන ගියත් මේ වනවිට බුදුදහමට එරෙහිව මූලධර්මවාදී ආගමික සංවිධාන 400ට අධික ප්‍රමාණයක් රට පුරා අපහසුතාවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාවෙන් බුදු දහම රැක ගන්න පෝෂණය කරන්න බැඳී සිටින රජයේ නායකයෝ රාජ්‍ය නිලධාරියෝ මේ ගැන අපි කොතෙක් කරුණු පැහැදිලි කළත් මේ අය බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක වන මේ බලවේගවලට එරෙහිව කිසිදු නීත්‍යනුකූල පියවරක් මේ දක්වා අරගෙන නැහැ. මහානායක හිමිවරුන් කියන දේ අපි නිරතුරුවම පිළිගන්නවා. නමුත් අපි ආණ්ඩුවේ එහෙයියන්ගේ හඬට හිස නමන්න සූදානම් නැහැ. රජයේ වගකිව යුතු පුද්ගලයෝ සියලු දෙනාට මේ පිළිබඳ හෙළි කළත් පොඩ්ඩක් ඇත්නම් සිවුරට අත තියන මේ අය ගොළු කසාය බීපු උන් වගේ නිහඬයි. අපි හෙට අනිද්දාට මේ ගැන දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඒ සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදය අවශ්‍යයි. ඒත් ඊට පෙර රජයේ වගකිව යුත්තන් මේ පිළිබඳ කටයුතු කළොත් අපි නිහඬව බලා ඉන්නවා. තවදුරටත් මේ ආගමික සංහාරයට අපට ඉඩ දෙන්න බැහැ. හිස නවන්න බැහැ. මේ තත්ත්වයට අප පත්කොට ඇත්තේ අඳ ගොළු බිහිරි රජයේ වගකිව යුතු පුද්ගලයෝ යනුවෙන්ද ඥානසාර හිමියෝ පවසා සිටියහ.

මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ හමුවේ අදහස් පළ කළ මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බවාටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් තරුණ භික්ෂුන් වහන්සේ භික්ෂු ගරුත්වය පවා නැති කරගෙන කටයුතු කරන්නේ රට, ජාතිය, ආගම, රැක ගැනීම සඳහායි. එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ උද්ගත වෙලා තිබෙන කරුණු සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු පුද්ගලයන් නිසියාකාරව කටයුතු නොකිරීම නිසයි. මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් කොතෙක් සිටියත් නිසියාකාරව කිසිවෙක් කටයුතු කරන්නේ නැහැ. අපට ඉතාමත් කනගාටුයි ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ පාරට බහින්න වීම පිළිබඳ. එහෙම වෙලා තියෙන්නේ මේවාට වගකිව යුතු මැති ඇමැතිවරුන් නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසයි. ඒ අයගේ දුර්වලකම නිසයි. අපි මේ ගැටලු සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී කරුණු කාරණා ඉදිරිපත් කළත් කිසි කෙනෙක් එය පිළිගෙන නිසියාකාරව කටයුතු කරන්නේ නැහැ. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ රජයේ වගකිව යුතු මැති ඇමැතිවරුන්ගේ දුර්වලකම් නිසයි. ඔබ වහන්සේ කියල තිබුණා අපිට ආණ්ඩු හදන්නත් පුළුවන්, ආණ්ඩු පෙරළන්නත් පුළුවන් කියලා. මේ තත්ත්වය නැති කරන්න එකතු වෙලා මොකක් හරි කරන්න. තවදුරටත් බලා සිටීමෙන් පලක් නොවන හැඩයි යනුවෙන් සඳහන් කළහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive