හැත්තෑ හැවිරිදි පුද්ගලයකු විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බවට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියක් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර
විදේශගත වීමද තහනම් කෙළේය.
තාරකා සිල්වා නමැති විසි දෙහැවිරිදි සැකකාරියක් මෙසේ ඇප මත මුදාහැරිණි.
ඉකුත්දා (21දා) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් පැමිණිලිකරු නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවේ හෝටලයක සාදයකදී සැකකාර තරුණිය හඳුනාගෙන ඇති අතර ඔහු වයස අවුරුදු හැත්තෑවක පුද්ගලයකු බව සඳහන් මේ දෙදෙනා අතර පසුව ප්‍රේම සම්බන්ධයක්ද ඇතිවී ඇය සමඟ විවාහ වීමට කැමැත්ත පළකර දෙදෙනා නිවෙසක් කුලියට ගෙන මසක පමණ කාලයක් අඹු-සැමියන් ලෙස ජීවත් වෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර තරුණිය මීට පෙර විවාහ වී ඇති වයස විසි දෙකක තරුණියක් බවත්, පැමිණිලිකරු ඇය සමඟ ආරවුලක් ඇති කරගෙන මෙලෙස පැමිණිල්ලක් කර නැවැත විදේශගතව ඇති බවත්, ඇය කිසිම අවස්ථාවක මුදල් වංචාවක් කර නොමැති බවත් පැවසීය.
සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සැකකාරියට ඇප නියම කෙළේය.

0 comments:
Post a Comment