70 සමඟි පෙරමුණ රජයේ අවසාන වකවානුව තුළ රජය බරපතළ පිරිහීමකට ලක්ව තිබුණේය. 1977 මහ මැතිවරණය ඒ නිසා කාට කාටත් තීරණාත්මක විය. අවසන් එ.ජා.ප. රැලි අමතමින් ප්‍රේමදාස මහතා ගමක් ගාණේ කියාගෙන ගියේ බලයට පත්වූ පසු කරන දේ ගැනය. එය හරියටම කියතොත් බලය අරන් ඉවරයි. අපි ඇවිත් කරන්නේ මොනවද කියලයි මේ කියන්නේ වැනි ඉඟියක් දෙන තත්ත්වයක්ම විය.
කොළොන්නාවේ එ.ජා.ප. සංවිධායක
වීරසිංහ මල්ලිමාරච්චි මහතා කොළොන්නාවේ උමගිලිය ක්‍රීඩාංගණයේදී සාර්ථක රැස්වීමක් සංවිධානය කොට තිබුණේය. දැව මොට්ටාවේ අමරවංශ හිමි හා එක්සත් භික්‍ෂු බල මණ්ඩලයේ එවක සභාපති පිටිපන ඥානිස්සර හිමිවරුද මුලාසනයේ වූහ. ප්‍රේමදාස මහතා උත්සවය කරා කැඳවාගෙන ආවේ ඔරුගොඩවත්ත වටරවුමේ සිට බයිසිකල් 500ක් හා පාක්‍ෂිකයන් රැසකගේ ජය ඝෝෂා මැදය. ගමන් මාර්ගය තුළ තොරණ 11ක්ද ඉදිකර තිබුණේය. ඔහු එහිදී ජනතාවගේ හදවතට දැනෙන, බලාපොරොත්තු ඇතිකරවන කතාවක් කළේය.
'කුසගින්නේ ඉන්න ජනතාවට බඩ පුරා ආහාර වේලක් ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණයි. ජනතාව ජීවත් කිරීම පක්‍ෂයේ ප්‍රධානම අරමුණයි. එය රජය පිහිටුවපු වහාම ඇති කරන්නට පියවර ගන්නවා. මේ කතා කරන දේ රජය පිහිටුවපු පසු අමතක කරන තාලේ නායකයන් එක්සත් ජාතික පක්‍ෂය තුළ නෑ. එහෙම කළොත් ජනතාව කොයි විදියේ පිළිතුරක් ඉතා ඉක්මනින් දෙනවාද කියලත් අපි දන්නවා. ජනතාව කුසගින්නෙන් දුක් විඳිනවාට මම කොහොමටත් කැමැති නෑ.'
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් ඇතිකරනු ලැබ තිබුණු 'ජනතා කොමිටි' හා 'පලදා වර්ධන කොමිටි' වලින් සිදුවූ සෙතක් නැති බවට මැසිවිලි දසතින් නැඟෙමින් තිබුණු නිසා ප්‍රේමදාස මහතා ඒවාද සිහිපත් කරමින් සිය කතාව වර්ණවත් කළේය. ඔහු තැනෙක මෙසේද කීය.
'මන්ත්‍රිවරුන් ඇමැතිවරුන් විසින් පත් කරපු ජනතා කොමිටි, 'පලදා වර්ධන කොමිටි අර කොමිටි.... මේ කොමිටි සියල්ලම අගෝස්තු මාසෙන් පස්සේ අහෝසි වෙනවා. ඒ වෙනුවට පළාතේ පදිංචි අයගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන්ගේ කොමිටි ඇති කරනවා. එහෙම වෙලා ඒවා පාලනය ඔවුන් අතටම පත් කරනවා. ඒ අනුව බලයට පත් කළ අපි නොව බලය ලබා දුන් අය පාලනයට හවුල් කර ගන්නවා'
ප්‍රේමදාස මහතා ඉන්දියාවේ 'පංචායතී රාජ්' නම් ගමේ මිනිසුන් ගම නඟා සිටුවීමට හදාගත් කුඩා සංවිධාන ඒකක කෙරෙහි ඇල්මකින් පසුවිය. ඔහු ගම හැදීමේ බලය ගමේ මිනිසුන් අතට දෙන්නට පෙරුම්පුරා හිටියේය. ඒ නිසා පසුව ඔහු 'ග්‍රාමෝදය මණ්ඩල' ක්‍රමයක් දියත් කරන්නට උත්සාහ කළේය. ඔහු මෙසේද කීවේය.
'රැකී රක්‍ෂා හා වෙනත් වරප්‍රසාද මන්ත්‍රිවරුන්ගේ ලැයිස්තු අනුව ලබා දුන් කාලයද අගෝස්තු මාසයත් සමඟ අහෝසි වෙනවා. ඒ අනුව සුදුස්සන්ට සුදුසුකම් අනුව එම අයිතිවාසිකම් ලැබෙන ක්‍රමයක් හදනවා. ඒ අයිතිය ජනතාවට දෙනවා'
මෙය ඔහුට අගමැති වශයෙන් හිටි කාලයේදී තමන්ගේම රජයේ බලධාරීන් හා එක්ව ඉටුකරගන්නට අසීරු වුවත් ජනාධිපතිවරයා වූ විගස තරග විභාග ක්‍රමයක් පවත්වා රජයේ රැකියා කාටත් ලබා දෙන ක්‍රමයක් සැකසීය. එහිදී සුදුසුකම් ලැබූ. ශ්‍රී ල.නි.ප. හා වාමාංශික පවුල්වල දරු දැරි යන්ටද රැකියා ලැබිණි. ඒවා ගැන උරණ වූ එ.ජා.ප. ක්‍රියාධරයන් සිටියද ප්‍රේමදාස මහතා ඒවා ගණන් ගත්තේ නැත.
'ඡන්දයක් දෙන්න මේ අයගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඉලංගරත්න උන්නැහේ ඡන්දයක් තියන්න ඕන නෑ කිව්වා. ඒත් එයා අද ඇවිත් කියන්නේ ඡන්දය තියෙන එක හොඳයි කියලයි. ඡන්ද තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා කියලයි. අපි බලයට පත් වුණාම මේ අය දුන්න රැකියා අහෝසි කරන බව කියනවා. ඒත් අපි එහෙම අසාධාරණ තීන්දු ගන්නෙ නෑ. රැකියා අහිමි කරන ප්‍රතිපත්තියක් එ.ජා.ප.ය තුළ නෑ'
එම අදහස් පළ කළ පසු ලැබුණු ජන බලය මත ගොඩනැගූ රජය තුළ ප්‍රේමදාස මහතා බොහෝ අසීරුතා මැද කළ කී දෑ ඉටුකරන්නට වෙහෙසුණේය.
ඒ ප්‍රේමදාසගේ හැටිය.
සජිත් රෝහිත ලියනගේ

0 comments:
Post a Comment