“රිද්ම” උප කර්තෘ ආරියවංශ කුලතිලක සහෝදරයාට මාධ්‍ය ක්ෂේත්‍රයේ මිතුරන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.
“ආරි අයියේ ඔයාලගේ ගෙවල් පැත්තේ හොල්මන් අවතාරවලට ප්‍රසිද්ධ පරණ බංගලා එහෙම නැද්ද?” ඔය අතරේ දවසක් ගුවන් විදුලි නාලිකාවක වැඩ කරන තරුණ මාධ්‍යවේදියෙක් දුරකථනයෙන් “ආරි”ගෙන් ඇහුවා.
“මොකද බං නැත්තේ, අපේ පැත්තේ පාළුවට ගිය වලව්වක් තියෙනවා. කවුරු හරි රෑට ඒ වලව්ව ඇතුළට වෙලා දොරවල් වහගත්තොත් හරියටම රෑ දොළහට
කවුදෝ නොපෙනෙන
මිනිහෙක් ඇවිත් දොරට දෝයි දෝයි ගාලා තඩි බානවලු” ආරි කිව්වේ තමන්ගේ ගම් පළාතේ, ඒ කියන්නේ කඩුගන්නාව පැත්තේ ගම්මුන් අතරේ තියෙන යල් පැනපු හොල්මන් කතාවක්. ඒත් අපේ මිත්‍රයා නෙවෙයි ඒ කතා කකුලේ මාපටැඟිල්ලෙන් උඩට ගත්තේ.
“අනේ ආරි අයියේ එහෙනම් මම දවසක එන්නද ඔය කියන වලව්වේ රැයක් ඉඳලා බලන්න. අපි එතන සිද්ධ වෙන ඔක්කොම රෙකෝඩ් කරමු. බැරි වෙලාවත් අපි ඉන්න කොට මොකෙක් හරි අමනුස්සයෙක් දොරට තඩි බෑවොත් මං ගොඩේ ගොඩ තමයි” ආරිගේ කතාව අහපු අර මාධ්‍යවේදියා සතුටින් කිව්වා.
කොහොම හරි ඒ හාදයාගේ යෝජනාවත් එක්ක ආරිටත් හිතුණා අර මාධ්‍යවේදියාට හොඳ ලණුවක් දෙන්න.
“හරි උඹට ඕනෙම නම් වරෙන්. හැබැයි අපි ඕක ඇතුලේ ඉන්න වෙලාවේ ඔය කියන අමනුස්සයා ආවොත් උඹ ගැන තමයි වෙන කාට හරි ප්‍රෝග්‍රෑම් එක්ක කරන්න වෙන්නේ තේරුණාද?” ආරි කිව්වා. කොහොම හරි ඒ තරුණ මාධ්‍යවේදියා නෙවෙයි ඒ කතාවලින් පසුබට වුණේ.
“මචං, අහවල් දවසේ අහවල් රේඩියෝ චැනල් එකෙන් කොල්ලෙක් එනවා. උන්ගේ ප්‍රෝග්‍රෑම් එකක
ට අර භූත වලව්වේ මාත් එක්ක රැයක් ගත කරන්න හිතාගෙන”. ආරි තමන්ගේ හොඳම ගජයෙක්ව ඒ විදිහට දැනුවත් කළා. “දැන් උඹට කරන්න තියෙන්නේ මේකයි. ඌ ආපු දවසට මම ඌත් එක්ක ඔය වලව්වට ගිහින් නතර වෙනවා. උඹ හරියට රෑ දොළහට
හීන්සීරුවේම ඇවිත් ඔය වලව්වේ දොරට දෝයි දෝයි ගාලා තඩිබාලා හීන්සීරුවෙම පැනලා යන්න ඕනේ මොකද වෙන්නේ බලන්න” ආරි තමන්ගේ ගජයව ඒ විදිහට දැනුවත් කළා.
කොහොම හරි කලින් යොදා ගත්තු දවසක ගුවන් විදුලි මාධ්‍යවේදියත් ආරි හොයා ගෙන ආවා. ඒ වගේම රෑ කෑමට කොත්තු රොටී ඒවට හරියන අනුපාන එහෙමත් අරගෙන ආරියි, අර මාධ්‍යවේදියයි ඔය කියන භූත වලව්වට ගියා කියමුකෝ. මොනවා වුණත් දවල්ටත් මහ මූසල අඳුරු පාටක් තියෙන ඒ භූත වලව්වට ගොඩ වදින කොට අපේ මිත්‍රයගේ හිතටත් පුංචි තැති ගැනීමක් දැනුණා.
දැන් ඔන්න රෑ නවය දහය එකොළහ පහුවෙලා වෙලාව රෑ දොළහටත් කිට්ටු වුණා කියමුකෝ. හරියට රෑ දොළහ වුණා විතරයි මෙන්න ආරි කලින් සැලසුම් කරපු විදිහටම වලව්වේ දොරට දෝයි දෝයි ගාලා කවුදෝ තඩි බාන්න පටන් ගත්තා. නමුත් සිද්ධියේ ඇත්ත තත්ත්වේ හොඳ හැටි දන්න හින්දා ආරිට නම් බයක් දැනුණේම නැහැ. ඒත් අර ගුවන් විදුලි මාධ්‍යවේදියාගේ ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් වගේ ලොකු වෙලා මිනිහා දාඩිය දාගෙන සට සට ගාලා ගැහෙන හැටි ආරි කුප්පි ලාම්පු එළියෙන් හොඳටම දැක්කා. ඒ දොරට පත බාන සද්දේ එක පැත්තකින් ඇහෙන කොට මෙන්න ආරිගේ ෆෝන් එකට කෝල් එකක්. බලනකොට ආරි මේ වැඩේට යොදවපු යාළුවා.
“මචං, වැඩේ නම් නියමෙට යනවා. ඉතින් උඹ ඇයි ඔය අස්සේ මට කතා කරන්නේ” අර ගුවන් විදුලි මාධ්‍යවේදියාට නෑහෙන විදිහට ආරි තමන්ගේ සගයට කිව්වා. එතකොටම ආරිගේ මිත්‍රයා කලබලෙන් වගේ මෙහෙම කියනවා ආරිට ඇහුණා.
“උඹට පිස්සුද? මම තවම මඟ. ඔය පැත්තට එන පාර අහගන්නයි උඹට මේ කතා කළේ”.

0 comments:
Post a Comment