facebook like

බොරු අජිත් රෝහණ රිමාන්ඩ්

තමන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක බව දුරකථන මාර්ග ඔස්‌සේ හඳුන්වා දෙමින් මිරිහාන මූලස්‌ථාන පොලීසියේ රඳවා තිබූ යතුරුපැදියක්‌ මුදාගැනීමට උත්සාහ ගත් සැකකරුවකු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (30 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ නුගේගොඩ, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මිරිහාන මූලස්‌ථාන පොලිසියේ රථවාහන විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක්‌ පෙරේදා (28 වැනිදා) අලුයම මිරිහාන ප්‍රදේශයේ රථවාහන සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇත. එසේ සිටියදී සැක සහිත අයුරින් පැමිණෙමින් තිබූ යතුරුපැදියක්‌ එක්‌වරම නවත්වා තබා එහි සිටි යතුරු පැදිකරු හා පිටුපස ගමන්ගත් අය පලාගොස්‌ තිබේ.

පසුව එම නිලධාරීහු යතුරුපැදිය මිරිහාන මූලස්‌ථාන පොලිසියට රැගෙන ගොස්‌ එම යතුරුපැදිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිට ඇත.

පසුව මිරිහාන මූලස්‌ථාන පොලීසියේ ස්‌ථානාධිපතිවරයාට, තමන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක බවත්, පොලිසිය තුළ ඇති යතුරු පැදිය මුදාහරින ලෙසත් පවසමින් අවස්‌ථා දෙකකදී ඇමතුම් 2 ක්‌ ලැබී තිබේ. පසුව එම දුරකථන ඇමතුම් පිළිබඳ විමර්ශන සිදුකර සැකකාර තරුණයා ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහුගේ මිතුරාද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා මෙසේ පැවැසීය.

පොලිසිවලට විතරක්‌ නෙමෙයි පොලිස්‌ හදිසි ඇමතුම් අංක 119 අංකවලටද මගේ නම භාවිත කරලා ව්‍යාජ ඇමතුම් ලබාදෙන බවට වාර්තාවෙලා තියෙනවා. ඒ දුරකථන අංක සියල්ල විමර්ශනය කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා.

පෙම්වතා සමඟ ලංකාවට ආ බ්‍රිතාන්‍ය කත දූෂණය කරලා

සිය පෙම්වතා සමඟ ශ්‍රී ලංකාව පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික 20 හැවිරිදි තරුණියක පොතුවිල් අරුගම්බේ කුඩාකල්ලි වෙරළ තීරයේදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කෙළේ පෙරේදා (29දා) සවස මේ තරුණිය පෙම්වතා නොමැතිව එම වෙරළ තීරයේ ඇවිදගෙන යද්දී පසුපසින් පැමිණි තරුණයන් තිදෙනකු ලිංගික කරුණු පිළිබඳව කතා කිරීමට ඇය පොලඹවා ගැනීමට සූදානම් වී ඇති නමුදු ඇය එයට විරෝධය පළකර ඇති බවයි.


එම අවස්ථාවේ තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකු ආපසු ගොස් ඇති අතර එක් තරුණයෙක් පමණක් තවදුරටත් ඇය පසුපස ලුහුබැඳ ගොස් ඇති බවද පොලිසිය පැවැසීය. පසුව එම සැකකරු ඇයව බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර පලාගොස් ඇති අතර සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මේ සිද්ධියට මැදිවූ බි්‍රතාන්‍ය ජාතික තරුණිය අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර පොතුවිල් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දොස්‌තරලා ගහගනිති .......වීදුරුත් කඩති... කුණු හරුප එන්නත් කියති

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් ඊයේ (30 දා) දහවල් එම රෝහල් නිල නිවාස පරිශ්‍රයේ පැවැත්වීමට ගිය රැස්‌වීමට කඩා වැදුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අධිකරණ වාරණ නියෝගයට ලක්‌ව සිටින හිටපු විධායක කමිටු සාමාජිකයන් පිරිසක්‌ හා රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරුන් පිරිසක්‌ අතර ගුටි බැට හුවමාරුවක්‌ සිදුව තිබේ.

විනාඩි 40ක්‌ පමණ පැවැති මෙම ගුටිබැට හුවමාරුව පොලිස්‌ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සමථයට පත්වූ බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය සේවා ගැටලු විස¹ ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් 175 දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්වීමට සූදානම් කර තිබිණි. එහෙත් රැස්‌වීම ආරම්භයේදීම එම ස්‌ථානයට කඩාවැදුණු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් 12 දෙනකු පමණ රැස්‌ව සිටි වෛද්‍යවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිස කොලර්වලින් අල්ලා පහර දීමට පටන් ගැනීම හේතුවෙන් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක්‌ හට ගත් බව එම රැස්‌වීමට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්‌ පැවසීය.

රැස්‌වීමට කඩා වැදුණු වෛද්‍යවරුන් පිරිස එම ස්‌ථානයේ තිබූ වීදුරු ද කඩා බිඳ දමා ඇති අතර එම රැස්‌වීම පැවැත්වීමට ඉඩ නොදෙන බවට තර්ජනය කළ බව එම වෛද්‍යවරයා කීවේය.

පසුව වෛද්‍යවරුන් දෙපිරිස අතර ඇරඹි ගුටි බැට හුවමාරුව සමථයට පත් කිරීමට පොලිස්‌ නිලධාරීන්ට මැදිහත්වීමට සිදුවූ බව හෙතෙම අවධාරණය කළේය.

රැස්‌වීමට බාධා කළ වෛද්‍යවරුන් පිරිස එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට පොලිස්‌ නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

අනතුරුව රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරු රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකක ශ්‍රවණාගාරයේදී දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ සිය රැස්‌වීම පැවැත් වූහ.

මෙහිදී එම ශ්‍රවණාගාරය අවට පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ බවද වාර්තා විය. 

නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය දැමීම තහනම්

ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ඊයේ (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කළ ප‍්‍රශ්න කිහිපයක් විය.

ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද ඇඳුම් පැළඳගෙන පැමිණීම සම්බන්ධයෙන් හා ජාතික හැඳුනුම්පත සඳහා ඡයාරූප ලබාගැනීමේ දී මුස්ලිම් කාන්තාවන් කන් ආවරණය වන ලෙස හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම පිළිබඳව ගැටඵවක් ඇති බව විමසා සිටියේය.

එමෙන්ම ඡන්දපොළ වල මුස්ලිම් කාන්තා නිලධාරීන් මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳ සිටීම පිළිබඳව ද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින ලදි.

මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවයි.

එයට කිසිසේත් ඉඩනොදෙන බවද නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි බව ද අවධාරණය කළ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡයාරූප ලබාගැනීමේදී කන් වැසෙන පරිදි හිජාබ් අඳිමින් කන් ආවරණය කළ නොහැකි බවත් එය විවෘතව තිබිය යුතු බවත් අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කන් නිරාවරණය කර තිබීම ඉතා වැදගත් බවත් අවධාරණය කරන ලදි.

මේ අනුව ඉදිරි මැතිවරණ වලදී මුස්ලිම් කාන්තාවන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් හෝ අර්ධවශයෙන් වසාගෙන ඡන්දය ප‍්‍රකාශ කළ නොහැකි අතර හැඳුනුම්පත් සඳහා ඡයාරූප ගැනීමේ දී හිජාබයෙන් කන් වැසිය නොහැකි බව කොමසාරිස්වරයා පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දෙන ලදි.

ජාතික හෙළ උරුමය
මාධ්‍ය ඒකකය

ණය ගෙවන්න ආදායම් නෑ.. ආණ්ඩුවේ ගමන අවදානම්

ආණ්ඩුවේ වාර්ෂික ණය ගෙවීමේ හැකියාව ඉතාම භයානක තත්ත්වයකට ඇද වැටී ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩි කර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට මෙරට දේපළ විකිණීමට සිදුවිය හැකි බව අමාත්‍යවරයා කියයි.

ශ්‍රී ලංකාව ණය බර අඩු කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් ඇති බවට ප්‍රකාශ වුව ද ආණඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

පස්අවුරුදු තාක්ෂණ ආයෝජන සැලැස්ම පිළිබඳ වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීම වෙනුවෙන් අද (30) කොළඹ පැවති සංවාදයකදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙර ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට මුහුණ පෑ යුක්රේනය, ඉතාලිය වැනි රටවල් එම ණයට හිලව් ලෙස සිය සාරවත් ඉඩම්, වරාය, දුම්රිය, විදුලිබලාගාර ආදියේ අයිතිය විදේශිකයන්ට ලබාදීමට සිදුවූ බව අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.

මේ හේතුවෙන් ණය ගෙවීම් පාලනය කර රටේ ආදායම හා අපනයන ආදායම වැඩි කරගැනීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාවට ද එම ඉරණම අත්වනු ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

බුද්ධ ශාසන අමාත්‍යාංශය වසා දමන්න මාසයක් කල් දෙනවා – රාවණ බලය

බුද්ධ ශාසන අමාත්‍යංශය මාසයක කාලයක් ඇතුළත පූර්ණ ප‍්‍රතිසංස්කරණයට ලක් කළ නොහැකි නම් වහාම එය වසා දමන්නැයි රාවණා බලය සංවිධානයට රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මේ බව පැවසුවේ අද දින එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා සමග බුද්ධ ශාසන අමාත්‍යංශයට වැඩම කරන ලද අවස්ථාවේදීය.

යළිත් වරක් තමන්වහන්සේ හා තම සංවිධානය රැවටීමට ලක් කළහොත් ඊළඟ වතාවේ බුද්ධ ශාසන අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය කාර්යාලයටම ගොස් ගැටලු විස¼දා ගැනීමට කටයුතු කරන බව රාවණා බළකාය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

අන්‍යාගම්කරණයට ගොදුරු කරගන්නා අහිංසක නැඟෙනහිර ජනතාව වෙනුවෙන් අමාත්‍යංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව උන්වහන්සේ අමාත්‍යංශ ලේකම්වරයාගේ මුහුණටම චෝදනා කළහ.


ඒ චෝදනාවට පිළිතුරු දෙමින් "හාමුදුරුවනේ, දන්නෙ නැතිව කරුණු හොයන්නෙ නැතිව කතා කරන්න ලෑස්ති වෙන්න එපා. අපි අන්‍යාගම්කරණය පිළිබඳව රාජතාන්ත්‍රිකව පවා කටයුතු කරගෙන යනවා" යැයි ලේකම්වරයා කළ ප්‍රකාශයත් සමඟ එම සංවාදය තරමක් උණුසුම් ස්වරූපයක් ගත්තේය. රාවණා බළකාය සංවිධානය ඊයේ අමාත්‍යංශ ලේකම්වරයා හමුවීමට අමාත්‍යංශයට ගිය අවස්ථාවේ ලේකම්වරයා මාධ්‍යයට ඇතුළු නොවන ලෙස කළ ඉල්ලීමට විරුද්ධ වූ සද්ධාතිස්ස හිමියෝ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා එම ස්ථානයට මාධ්‍යවේදීන් කැඳවා ගැනීමට කටයුතු කළහ.


මූලධර්මවාදී අන්‍යාගම්කරණය වැළැක්වීම, බෞද්ධ ප්‍රකාශන නියාමන පනත ගෙන ඒම, මහා සංඝරත්නයට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමේදී මහානායක හිමිවරුන් දැනුම්වත් කිරීම, විහාර දේවාලගම් පනත ගෙන ඒම, බුද්ධ ශාසන ගැටලු විසඳීමට ක්‍රියාශීලී කණ්ඩායමක් පත් කිරීම යන කරුණු පහ මූලික කරගනිමින් ලේකම්වරයා හමුවූ අවස්ථාවේ මෙතෙක් අමාත්‍යංශය මේ එකදු කරුණක් සඳහා අවධානය යොමුකර නොමැති බවට ඒ හිමියෝ චෝදනා කළහ. මේ සඳහා ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයෙක් පත් කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.


මේ කරුණු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අමාත්‍යංශයට පැමිණෙන තෙක් තමන්වහන්සේ අමාත්‍යංශයෙන් ඉවත් නොවන බව පැවැසූ ඒ හිමියෝ මේ සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසද කීහ. එවිට ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ වීරතුංග මහතා අමාත්‍යංශයට කැඳවීමට තමාට බලයක් නොමැති බවද කීය.
පසුව අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා දුරකතනයෙන් අමාත්‍යංශ ලේකම්වරයා අමතා සති දෙකක් ඇතුළත අමාත්‍යංශ නියෝජ්‍ය ඇමැති හා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව සද්ධාතිස්ස හිමියන්ට දන්වා සිටියේය.


එය ලිඛිතව ලබාදෙන ලෙස උන්වහන්සේ කළ ඉල්ලීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර මහතා හා අමාත්‍යංශ ලේකම්වරයාගේ අස්සනින් යුත් ලිපියකින් සති 2ක් ඇතුළත සාකච්ඡාවක් ලබාදෙන බව දන්වා සිටි පොරොන්දුව මත රාවණා බළකාය සංවිධානයේ හිමිවරු අමාත්‍යංශයෙන් ඉවත් වූහ.
රාවණා බල සංවිධානයේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ලේකම්වරයාට භාර දීමටද මෙහිදී සද්ධාතිස්ස හිමියෝ කටයුතු කළහ.

යුද්ධය අවසානයේ කිලෝ 220ක රත්තරන් පෙට්ටි අපි රජයට බාර දුන්නා.. ඒවා කෝ..

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමඟ ඬේලිමිරර් පුවත්පතේ සුසන්ත ආර්. ප‍්‍රනාන්දු කළ සම්මුඛ සාකච්ඡාවේ අනුවාදයකි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින් ඔබගේ ප‍්‍රජා අයිතිය අහිමිකරන ආකාරයේ තවත් නඩුවක් පැවරීමට උත්සාහ කරන බව ඔබ පසුගියදා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණා. ඔබ මෙම බාධාවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ද? මැතිවරණයකට තරග කිරීමට ඔබ සුදුසුද?

මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නැහැ. මගේ නම මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව බස්නාහිර පළාත් සභා මැතිවරණයට මසකට ඉහත මැතිවරණ කොමසාරිස්වරයා මා හට ප‍්‍රකාශ කළා. ඔහු මා හට ප‍්‍රකාශ කළේ මගේ දඩුවම් කාලය තවම සම්පූර්ණ කර නොමැති බවයි. වෙනත් ආකාරකින් පැවසුවහොත් මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නොමැති බවයි. කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන තෙක් මගේ නම මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව මා දැන සිටියේ නැහැ. නාමලේඛනයට ඇතුළත්ව තිබිණි නම් එය වෙනස් කළ නොහැකියි. මගේ ඡුන්දය ප‍්‍රතික්ෂේප කළහොත් කොළඹ දිස්ති‍්‍රක්කයේ සියලූ ප‍්‍රතිඵල අවලංගු කළ යුතු වෙනවා. රජය කොහෙන්දෝ සොයා ගත් එක්තරා කවටයකු මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. එවැන්නක් සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවයි මගේ හැඟීම. බොහෝ අය විශ්වාස කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම නීතිපතිවරයාද රූකඩ ලෙස කටයුතු කරන බවයි.

ජනාධිපතිවරණයට තරග කිරීම සදහා පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාව ඔබ පුනරුච්චාරණය කරන්නක්. එමෙන්ම පොදු අපේක්ෂකයා සොයා ගත යුත්තේ ජනාධිපතිවරණය අත ළඟටම පැමිණි විට බවත් ඔබ පවසනවා. ඔබ සිතන අයුරින් තවමත් පොදු අපේක්ෂකයකු නම් කිරීම සදහා කාලය පැමිණ නොමැතිද?

පොදු අපේක්ෂකයා පිළිබද ජනපි‍්‍රය මාතෘකාව කරළියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේ දී. ඒ සදහා විවිධ පක්ෂවලින් අපේක්ෂකයන් සිටියා. එම වකවානුවේ මා පක්ෂ දේශපාලනයට සම්බන්ධවී නොසිටි බැවින් මා පොදු අපේක්ෂකයකු ලෙස නම්කරනු ලැබුවා. දැන් නැවත වරක් මහජනතාව පොදු අපේක්ෂකයකු පිළිබද කතා කරනවා. පසුගිය වාරයේ මෙම ආරාධනාව පැමිණියේ ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදීයි. එම අවස්ථාවේ අප ජනාධිපතිවරණය පිළිබදව මාස ගණන් සාකච්ඡ කොට තිබුණේ හෝ විශාල සූදානමකින් සිටියේ හෝ නැහැ. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම මේ රටේ සියලූ ප‍්‍රශ්නවලට විසදුම නොවෙයි. එය අහෝසි කළත් දුෂිත පුද්ගලයෙක් නැවත බලයට පත්විය හැකියි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අතරම දුෂිත පුද්ගලයාද ඉවත් කළ යුතුයි.

කිසියම් ආකාරයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වුවහොත් ඔහුට සහාය දැක්වීමට ඔබ සූදානම්ද?

එවැනි අවස්ථාවක අපට ක්ෂණික තීරණයක් ගැනීම අපහසුයි. එය විශ්ලේෂණාත්මකව සලකා බැලිය යුතු කරුණක්. සාකච්ඡ මාර්ගයෙන් තොරව තීරණයකට එළඹුණහොත් එය සවිස්තරාත්මක නොවූ ඒක පාක්ෂික තීන්දුවක් විය හැකියි.

එහෙත් ඔබ ඕනෑම කෙනෙකු සමඟ සාකච්ඡ කිරීමට සූදානම් නේද?

නිසැකවශයෙන්ම. විරුද්ධ පාක්ෂික කණ්ඩායම්වලට පුද්ගලයකු තෝරාගත යුතුනම් ඔවුන් ඒ පිළිබදව සාකච්ඡකොට පොදු එකඟත්වයකට පැමිණිය යුතුයි.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විය හැකිද?

ඔව්. ඕනෑම කෙනෙකුට කැමති කෙනෙක් නම් කළ හැකියි. එහෙත් අප විසින් ඒ පිළිබදව සියුම්ව සොයා බැලිය යුතුයි. සත්‍යවශයෙන්ම අප සැම එකඟ විය යුත්තේ එක් අරමුණක් උදෙසායි. දුෂිත පාලකයා පරාජය කිරීමට ප‍්‍රමුඛතාව දිය යුතුයි. රට සංවර්ධනය කොට එය නිවැරදි මාර්ගයට රැගෙන ඒම දෙවැනි කාර්යයි.

බොන් ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් 2013 දී ප‍්‍රකාශයට පත්කළ ජාත්‍යන්තර හමුදාකරණ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 36 වැනි ස්ථානයට පත්ව තිබෙන අතර කලාපයේ දැඩි හමුදාකරණයට ලක්වූ රටවල් අතර ඉදිරියෙන්ම තිබෙන රටක් ලෙස නම් කොට තිබෙනවා. 30 වසරක යුද්ධය ජයග‍්‍රහණය කිරීම සදහා නායකත්වය දුන් හමුදා නායකයකු වශයෙන් මෙය ඔබ දකින්නේ රට පිළිබද ධනාත්මක සංඥාවක් ලෙසද?

හමුදාව සිවිල් පාලනයට සම්බන්ධවනවා නම් එය අත්‍යන්තයෙන්ම අසුභවාදී සාධකයක්. එවැන්නක් කිසිදු රටක සිදු නොවිය යුතුයි. අප මින් පස්වසරකට ඉහත යුද්ධය අවසන් කළා. කෙමෙන් කෙමෙන් හමුදාව සාමාන්‍ය ජන ජිවිතයෙන් ඉවත් කිරීමට ගෙවුණු පස්වසර ඕනෑතරම් ප‍්‍රමාණවත්. ප‍්‍රජාතන්තවාදී ප‍්‍රවාහය තුළ මානව හිමිකම් ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය සුරකිමින් රටක් පාලනය කළ යුතුයි. ඉදිරි දැක්මක් හා බුද්ධියක් ඇති පුද්ගලයෙක් කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්. නුසුදුසු පුද්ගලයකු රටක් පාලනය කරන විට නීතිය තමන් අතට ගැනීමට ඇති ප‍්‍රවණතාව වැඩියි. දුෂණය සහ අක‍්‍රමිකතා රට තුළ ව්‍යාප්ත විය හැකියි. එවැනි රටකට ආපසු ගමනක් විනා ඉදිරි ගමනක් නැහැ.

අපට විශාල හමුදා බලයක් ඇති බැවින් රටේ සංවර්ධනයට ඔවුන් යොදාගත හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකියි. අපට හමුදාව කම්කරු රැකියා සදහා යොදා ගෙන කම්කරුවන්ගේ රැකියා අහිමිකළ නොහැකියි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හේතුවෙන් සෑම වසරකම පාහේ ජිනීවා යෑමට සිදුවෙනවා. මෙම වැරදීම සිදු වූයේ කොතැනකද?

මෙහිදී. රජය රට වෙනුවෙන් නිවැරැදිව කි‍්‍රයා කළ යුතුව තිබුණා. ජිනීවා චෝදනා දෙආකාරයි. එකක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබද චෝදනා. දෙවැන්න යුද අපරාධ චෝදනා. රජයට මෙම ගැටලූ සමථයකට පත් කර ගැනීමට අවශ්‍ය වූවානම් එය ජිනීවා දක්වා යන්නේ නැහැ. එම ප‍්‍රශ්න මෙහිදීම විසදා ගත හැකිව තිබුණා. රජයට රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට තිබුණා. අපට සුදු වෑන් සංස්කෘතිය නැවැත්වීමට බැහැ. ඌව පළාත් සභාව විසුරුවා හැරීමට පැය 12කට පෙර දිසා ලේකම්වරයා මාරු කොට තමන්ගේ හිතවතෙකු ඒ සදහා නම්කර ඇති බවයි. මට පේන්නෙ මේවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. පාලකයන්ගේ පැවැත්ම උදෙසා බරපතල වැරදි කි‍්‍රයා සිදු කරනු ලැබුවා. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ජිනීවා යාමට අයිතියක් තිබෙනවා. රටේ පාලකයා තමා විසින්ම නිවැරැුදි විය යුතුයි. එසේ නොකොට වෙනත් රටවල දුෂිත පුද්ගලයන් හා දුෂිත රාජ්‍ය නායකයන් හරහා රටේ ධනය අති විශාල වශයෙන් වැය කිරීමෙන් ප‍්‍රයෝජනයක් අත්වන්නේ නැහැ.
යුද අපරාධ සම්බන්ධයෙන් පැන නැඟී ඇති චෝදනා සම්බන්ධයෙන් මුහුණ දී රටේ සහ හමුදාවේ නම රැක ගැනීමට මා සූදානම්. එහෙත් මෙම සහෝදරයන් දෙදෙනා (ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා) ප‍්‍රකාශ කරනුයේ ඔවුන් යුද්ධය මෙහෙයවන ලද හෙයින් මා විසින් නොව ඔවුන් විසින් ඒ සදහා පිළිතුරු දිය යුතු බවයි. එහෙත් ඕනෑම ස්ථානයකට ගොස් සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු ලබා දී හමුදාවේ නාමය පිරිසිදු කිරීමට මා සූදානම්. එකෙකු හෝ දෙන්නෙකු ජිනීවා මානව හිමිකම් කඩ කොට ඇතිනම් එය ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් විනා හමුදාවේ ප‍්‍රශ්නයක් නොවෙයි. එමෙන්ම නීතිය හා ආධිපත්‍යය ඉහළ නැංවීමට අපට සිදුවෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රධානතම අවි සැපයුම්කරුවා වූ කේ. පී. නොහොත් කුමරන් පත්මනාදන් විසින් මෙහෙයවන ලද අති විශාල අරමුදල් සම්බන්ධව ඇත්තේ විශාල අභිරහසක්. එම අරමුදල් හා ඔහු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර නෞකාවලට සිදුවූයේ කුමක්ද?

විශාල වශයෙන් ව්‍යාපාරවල නිරත වූ කේ.පී. අති විශාල ධනයක් ඉපැයූ අතර මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වනතෙක් එම මෙහෙයුම්වල නිරතව සිටියා. අත් අඩංගුවට පත්වූ විගස ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී කේ.පී. ඔහු යටතට ගනු ලැබුවා. අපට ඔහු හමුවීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා කේ.පී. සමඟ ඍජුවම කටයුතු කළා. කේ.පී. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි ලෙසිනුයි මා කටයුතු කළේ. කේ.පී. මැලේසියාවේ සිට රැුගෙන ආ දිනයේ ආරක්ෂක ලේකම්වරයා මට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ‘ඔබ දන්නවාද කේ.පී. මැලේසියාවේ සිට මෙහි ගෙන ආවා’ යැයි පැවසුවා. ඔවුන් කේ.පී. සමග කුමක් කළාදැයි අප දන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා තමයි ඔහු හා ගනුදෙනු කළේ.

එයින් ගම්‍ය වන්නේ කේ.පී. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළිබද දැනුම්වත්ව නොසිටි බවද?

නැහැ. එම මෙහෙයුම පිළිබදවත් අප දැන සිටියේ නැහැ. එය සිදුවූයේ මැලේසියාවේදී. පිරිසක් මැලේසියාවට ගොස් ඔහු භාරගෙන තිබුණා. ඔහු සතුව තිබූ අරමුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න අප දැනගත යුතුයි. අප මේ පිළිබදව ජනතාව දැනුම්වත් කළ යුතුයි. එහෙත් කේ.පී.ගෙන් එම මුදල්වලට සහ නෞකාවලට සිදුවූයේ කුමක්දැයි දැනගත හැකි වූයේ නැහැ. අපට පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතුව තිබුණා. ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට පත් වූ විට හා අරමුදල් සොයා ගත්විට ඒවා රාජසන්තක කොට සියලූ තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුයි. ඒවා රාජ්‍ය රහස් නොවෙයි. මෙම සිදුවීමත් මා හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සොයාගෙන රජයට බාර දුන් රත්රන්වලට සිදුවූ දෙයට සමානයි. එම රත්රන්වලට සිදුවූයේ කුමක්දැයි යන්න කිසිවකු දන්නේ නැහැ.

කිලෝ ග‍්‍රෑම් 220ක් බරැති රන් ආභරණ පිරවූ යකඩ පෙට්ටි කීපයක් අප රජයට භාර දුන්නා. පසුව මේ පිළිබදව බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ රත්රන් කිලෝ 110ක් සොයා ගත් බවයි. එය අප සොයාගෙන රජයට බාර දුන් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණයි. එම රත්රන්වලට කුමක් සිදුවූයේදැයි අප දන්නේ නැහැ. එම රත්රන් බහා තිබූ කවරවල ඒවායේ හිමි කරුවන්ගේ නම් සදහන්ව තිබුණා. බොහෝ දෙමළ පිරිස් එල්.ටී.ටී.ඊ. බැංකුවල තම රත්රන් තැන්පත් කොට තිබුණා. ඒවා මහජනතාවට අයත් රත්රන්. රජයට හැකියාව තිබුණා ඒවායේ හිමිකරුවන්ට නැවත භාර දීමට. මා සිතන්නේ නැහැ එය එලෙස සිදුවුණා කියා.

- ලංකාදීප

හිරුණිකා ළඟදීම කුමාර වෙල්ගමගේ ලේලිය වෙනවාලූ (video)

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ඇමති කුමාර වෙල්ගම මහතාගේ අනාගත ලේලිය වන නිසා පළාත් සභාව තුල තමන් ළඟින්ම අසුන් ගැනීමට ඉඩ සලසා දී ඇතැයි පළාත් සභා මන්ත‍්‍රී සෙනාල් වෙල්ගම පවසයි.
ඇමති කුමාර වෙල්ගමද සහභාගී වූ ජනහමුවකදී සෙනාල් වෙල්ගම මහතා මේ අදහස් පල කලේය.

ඔවුන් දෙදෙනා දැක්වූ අදහස් පහතින්

මට ඉල්කෝලෙ යන කාලේ කිවුවෙ ‘පාන් බාගෙ’ කියලා

තමනට පාසැල් යන කාලේ බට බැඳ තිබූ නම ‘පාන් බාගේ’ යයි විදුලි බල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මෙසේ සඳහන් කලේ බෙන්තර ඇල්පිටිය ශ‍්‍රි.ල.නි.ප. කාන්තා බල මණ්ඩල සම්මේලනය අමතමිනි.

ඇමතිවරිය එහිදී මෙසේද කීවාය.

‘මම අනුලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ දවල් කෑමට අරන් ගියේ පොල් සම්බෝලයි පානුයි. ඒ නිසා ළමයි මට පාන් භාගේ කියා කීවා. මේ රටේ විදු ලිය නැති ගෙවල් තව ටිකයි තියෙන්නේ. එම ටිකටත් විදුලිය දෙන්න දැන් මුදල් වෙන් කරලා තියෙනවා.

අද සිංගප්පූරුව වගේ ලංකාවත් නැගිටිනවා. ලබන අය වැයෙන් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහාම වෙන් වුණු බැංකුවක් නිර්මාණය කරනවා. නැවත මේ රට ආපස්සට හරවන, දෙවැනි ඊළමක් බිහි වීමට ඉඩ දෙන කොන්ද පණ නැති නායකයකුට මේ රට භාර දෙන්න එපා’

මාරු තඩම්... තහනම් ද?

උතුරේ සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිතය අළලා තමන් නිෂ්පාදනය කළ ‘මාරු තඩම්’ (විකල්ප මගක්) වීඩියෝ චිත්‍රපටය යාපනයේ සිනමා ශාලාවක දී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙමින් තිබිය දී සිනමා ශාලාව තුලට කඩා වැදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් චිත්‍රපට දර්ශනය නතර කොට තමා සහ චිත්‍රපට උපකරණ පොලිසිය වෙත රැගෙන ගිය බව නිෂ්පාදක එස්.රමණන් පවසයි.

‘මාරු තඩම්’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ගොස් එය ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ එම වීඩියෝ චිත්‍රපටය රාජ්‍ය විරෝධී හෝ කාමුක දර්ශන වලින් තොර නම් ඊට ප්‍රදර්ශන අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එහි නිලධාරීන් කියා සිටි බවයි එස්.රමණන් පවසන්නේ.

‘මාරු තඩම්’ චිත්‍රපටය තුළ රාජ්‍ය විරෝධී කතා වස්තුවක් නොමැති බවත්,නිෂ්පාදක එස්.රමණන් කියා සිටියි.

චිත්‍රපට සංස්ථාව
තමා සහ තම චිත්‍රපට උපකරණ ඔවුන්ගේ භාරයට ගෙන රැගෙන ගිය පොලිසිය, චිත්‍රපටය සහ ප්‍රදර්ශන උපකරණ පසුව ලබා දෙන බව පවසමින් තමා මුදා හළ බවයි කියා සිටියේ.

එම සිද්ධියෙන් පසුව විවිධ පුද්ගලයන් තමන්ට දෝෂාරෝපණය කරන්නටත් තර්ජනය කරන්නටත් පටන් ගෙන ඇති හෙයින් මෙන් ම,පොලිසිය ස්ථිරව යමක් ප්‍රකාශ නො කළ නිසා විශාල බියක් දැනෙන බවත් ‘මාරු තඩම්’ නිෂ්පාදකවරයා කියා සිටියි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, පොලිසියත් ‘මාරු තඩම්’ චිත්‍රපටය නරඹා ඇති අතර රාජ්‍ය විරෝධී දර්ශන හෝ අදහස් එම චිත්‍රපටයේ අඩංගු නොවන බවයි.

එහෙත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ තැනැත්තා අත් අඩංගුවට ගන්නා ලද්දේ නිසි බල පත්‍රයක් නොමැතිව එය ප්‍රදර්ශනය කිරීමේ වරදට යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, සැක කරුට අවවාද කොට නිදහස් කළ අතර ඔහුගේ චිත්‍රපටය ඇතුළු සියලු දේ ඔහුට ආපසු ලබා දීමට පොලිසිය පියවර ගන්නා බවයි කියා සිටියේ.

කුඩුකාරයෝ ගැන දැනගන්න අගමැතිගෙන් අහන්න

අත්අඩංගුවට ගැණෙන හෙරොයින් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනයක් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ඉල්ලා සිටිනවා.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ අත්අඩංගුවට ගැණෙන හෙරොයින් යළි එම ජාවාරම්කරුවන් අතටම පත්වෙමින් ඇති බවයි.

" අත්අඩංගුවට ගන්න හෙරොයින් මේ වෙනකොට කොහෙද තිබෙන්නේ... අත් අඩංගුවට ගත්ත හෙරොයින් ප‍්‍රමාණය සහ මේ වෙලාවේ පොලිසිය අධිකරණය භාරයේ පවතින හෙරොයින් ප‍්‍රමාණය අතර වෙනසක් තියනවාද... නඩු හා සම්බන්ධ හෙරායින් විනාශ කිරීම පිළිබද අනුගමනය කරන ක‍්‍රමවේදය මොකක්ද...

ඒ නිසා අපි රජයට කියනවා මේ අත්අඩංගුවට ගත්ත හෙරොයින් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව භාවිතා කරලා විගණනයක් කරන්න අවශ්‍යයි... අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය , ඒවා රඳවා තිබෙන ස්ථානය, විනාශ කරන ලද දිනය... විනාශ කරන ලද ප‍්‍රමාණය... ඉතිරි වී ඇති ප‍්‍රමාණය.. මේ කාරණ ගැන විගණනයක් කිරීම අවශ්‍යයි.... අද සිදුවන්නේ පොලිස් නිලධාරීන් , රේගු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් ටිකත් හෙරොයින් ජාවාරම් කරුවන් අතට යනවා... "

හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් හෙළි නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු අජිත් පී පෙරේරා මන්තී‍්‍රවරයාගෙන් විමසුවා.

" මේ කාරණය ගැන දැනගන්න පුළුවන් ප‍්‍රධානම පුද්ගලයා තමයි අගමැති දීමූ ජයරත්න මැතිතුමා... දීමූ ජයරත්න මැතිතුමා මීට වසර දෙකකට කලින් කිවුවා පාර්ලිමේන්තුව තුල හෙරොයින් ජාවාරම් කරුවන් ඉන්නවා කියලා... එතුමාට චෝදනාවක් ආවා හෙරොයින් ජාවාරමේ යෙදෙන තැනැත්තෙකුට හෙරොයින් අඩංගු කන්ටේ‍්‍රන්ර් මුදා ගැනීමට උපකාර කරන ලිපියක් යොමු කළා කියලා.....

එතුමා පාර්ලිමේන්තුවේ කිවුවානම් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවා කියලා හෙරොයින් ජාවාරම් කරුවෝ දීමු ජයරත්න මත්මයාගෙන් අහන්න තියෙන්නේ... එතුමගෙ නමත් පිරිසිදු වෙනවා... රටටත් හොදයි... ඒ වගේම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය කියනවානම් එතුමිය දන්නවා කියලා එතුමිය කොළොන්නාවේ ඉන්න නිසා ආණ්ඩුවට වඩා තොරතුරු දන්නවා ඇති... ඒ අනුව  ආණුඩුවේ ප‍්‍රධාන දෙන්නෙක් කියනවා දන්නවා කියලා...  "

ආණ්ඩුවට  ඕනෑකමක් ඇත්නම් නියම හෙරොයින් ජාවාරම්කරුවන් හෙළිකර ගැනීම අපහසු නොවන බවයි අජිත් පී පෙරේරා මහතා පෙන්වා දුන්නේ.

" මේ රටේ දේශපාලඥයන්ගේ දුරකථනවලට සවන් දෙනවා... මේ වෙනකොට විපක්ෂයේ ඉන්න දේශපාලඥයන්ගේ දුරකථනවලට ආණ්ඩුව සවන් දෙනවා... මේ රටේ හෙරොයින් ජාවාරම් කරුවන් කවුද.. අධික ලෙස පැහැදිලි කරන්න බැරි ලෙස ධනවත් වෙලා තියන පුද්ගලයෝ කවුද... ආණ්ඩුව ආණ්ඩුවේ ඔත්තු සේවා දන්නවා... පාර්ලිමේනතු මන්තී‍්‍රවරුන්ගෙන් ගන්න  ඕනි නැහැ... ප‍්‍රශ්නය තියෙන්නේ උවමනාවක් නැහැ...

ඇමෙරිකාවේදී හොරුන්ට ගුටි දුන් මාෂල් ආට්‌ ශූර මයුරගේ පියා දිවයින සමඟ සාකච්ඡාවක....

මයුරගේ අම්මා කවදාවත් එයා ක්‍රීඩා කරන උත්සවයක්‌ බලන්නට ගිහින් නැහැ...
ඒ... කිසිම ළමයෙක්‌ ගුටි කනවා දකින්න එයා කැමැති නැති නිසයි.....

ඇමරිකාවේ ජීවත්වන මයුර සාරංග දිසානායක ගැන අද රටක්‌ ආඩම්බර වන්නේ නන්නාඳුනන වැයික්‌කියකදී අසාධාරණයට එරෙහිව වැඩකිඩ පෙන්වා රටට ද කීර්තියක්‌ ගෙනදුන් ලාංකීය පුත්‍රයකු වීම හේතුවෙනි. සොර මුළක්‌ ඉදිරියෙහි නිර්භීතව සටන් කර තම ස්‌වාමිපුත්‍රයාත් ඔහුගේ මුදල් මල්ලත් බේරාගත් මයුර ගේ නිර්භීත ක්‍රියාව ගැන පසුගියදා ඇමරිකානු මාධ්‍ය ආයතන ඉහළ තැනක්‌ දී කතා කර තිබිණි.

මේ ලාංකික තරුණයා ඇමරිකාවේ හුස්‌ටන් සවුත්වේ ප්‍රදේශයේ පදිංචිව සිටින්නෙකි. මයුර තවමත් විසිහතර හැවිරිදි තරුණයෙකි. ගෑස්‌ පිරවුම්හලකට අනුබද්ධව ඇති සුපර් මාර්කට්‌ වෙළෙඳසලක ගබඩා ලිපිකරුවකු ලෙස සේවය කරන ඔහු ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ මීට වසර දෙකකට ඉහතදීය. පසුගිය දහවැනිදා ද ඔහුට රාජකාරි දිනයකි. එදින ඔහු මුදල් අයකැමි ලෙස වෙළෙඳසැලේ සේවය කර ඇත්තේ වෙළෙඳසැලේ අයිතිකරු බැංකු කටයුත්තකට බැහැරව යැම හේතුවෙනි. අදාළ කටයුත්ත නිමා කළ අයිතිකරු මුදල් මල්ලත් රැගෙන පෙරළා වෙළෙඳසැල වෙත පැමිණ ඇත.

නමුත් ඔවුන් රථයෙන් බසිනවාත් සමඟම ඔවුන් ඉදිරියෙහි නතර කළ සුචි වර්ගයේ රථයකින් බැසගත් පුද්ගලයන් තිදෙනෙක්‌ වෙළෙඳසල් හිමිකරුව බිම පෙරළා පහර දී ඔහුගේ මුදල් මල්ල කොල්ලකෑමට උත්සාහ කර තිබේ. මෙය දකින මයුර ඇසිල්ලකින් සොරුන් වෙත කඩාපනින්නේ සිනමාපටයක සටන් ජවනිකාවක උද්වේගකර දසුනක්‌ විලසිනි. ඔහු එම් ඒ එස්‌ හෙවත් මික්‌ස්‌ මාෂල් ආට්‌ සටන් කලාවෙන් දැත් දෙපා මනස ශක්‌තිමත් කරගත්තෙකි. ස්‌ථානෝචිතව ක්‍රියා කිරීමේ නුවණ ද එඩිතරකම ද ඒ කලාව ඇසුරෙන් මයුර ප්‍රගුණ කර තිබේ. ඔහු ඉදිරියේ දාමරික විලාසයෙන් තම ස්‌වාමියා බිම පෙරළාගෙන සිටින සොරු ඒ බව නොදනිති. මයුර පැමිණි වේගයෙන්ම ස්‌වාමියා ග්‍රහණයට ගෙන සිටින පුද්ගලයාට පහරවල් දෙක තුනකින් සංග්‍රහ කරතිs. එය දරාගත නොහැකිව මයුරටත් වඩා ශරීර කූඩුවෙන් විශාල සුදු ජාතික පුද්ගලයා විසිවී ඇදවැටෙයි. මයුරගේ පහරදීම හමුවේ අනෙක්‌ සොරුන් දෙදෙනා ද අන්දමන්ද වුවන් සේ පසුබසින්නේ විනාඩියක්‌ තරම් සුළු කාලයකිනි. මයුරගේ එඩිතරකම හමුවේ ඒ වන විට වෙළෙඳසැල් හිමියාගේ පුත්‍රයා ද ඔහුගේ සහායට පැමිණෙයි. අවසානයේ සොරුන් තිදෙනා මයුර ඉදිරියේ කොතරම් පරාජය වීද යත් තමන් සමඟ එකට සොරකමේ පැමිණි එක්‌ පුද්ගලයකු හැර දමා අනෙක්‌ දෙදෙනා පලායති.

හැරදමා ගිය පුද්ගලයා මේ වන විට සිටින්නේ පොලිස්‌ කූඩුවේය. පහරදීම නිසා අඩපණව අසරණ වූ ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත්තේ ද මයුරය. මයුර කර ඇති හපන්කමේ තරම පෙනෙන්නෙ දැන් පොලිස්‌ බාරයේ සිටින සොරාගේ වත ගොත ඇමරිකානු පොලිසිය ප්‍රසිද්ධ කිරීමෙන් පසුවය. තිස්‌තුන් හැවිරිදි ඔඩෙල් මැතිස්‌ නම් ඔහු මෙවැනි සොරකම් සම්බන්ධව නම් දරා සිටින පොලිසියට අවශ්‍යව සිටි දාමරිකයෙකි.

මේ නිසා ඇමරිකානු මාධ්‍යයට ද මයුර සැබෑම වීර චරිතයක්‌ විය. මේ සිද්ධිය සැණකින් ඔවුහු ලොව පුරා ප්‍රචාරය කළහ. එහෙත් රටට ද ආඩම්බරයක්‌ වන මේ තරුණයා හැදූ දෙමාපියන් මේ සිද්ධිය ගැන දැනගන්නේ ෙµaස්‌බුක්‌ සමාජ වෙබ් අඩවිය මගිනි. ඒ ගැන මෙන්ම ඔවුන් මයුරගේ ජීවිතයේ වටපිටාව හා සබැඳි තොරතුරු ගැන කී කතාවද හරි අපූරුය.

'මේ සිද්ධිය දැනගත්ත ගමන් මට ටිකක්‌ බය හිතුණා. මම දන්නවා එයා කොහේ ගියත් බේරිලා ඉන්න දන්නවා කියලා. ඒත් ඊට පස්‌සෙ වෙන දේ ගැන පියෙක්‌ ලෙස මට බයක්‌ දැනුණා. ඒ නිසා මම පුතා එක්‌ක කතා කළා. පස්‌සෙ මට තේරුණා එයා කරල තියෙන්නෙ කරන්න ඕන හරි දේ කියලා' ඔහුගේ පියාගේ කතාවයි.

"පුංචි කාලේ ඉඳලම එයා එහෙම තමයි. මට පුත්තු තුන්දෙනෙක්‌ ඉන්නවා. මයුර තමයි දෙවැනියා. මයුර මාෂල් ආට්‌ ක්‍රීඩාවට යොමුවෙන්නෙ එයාගේ අයියා රසික ප්‍රියංග නිසා. රසිකට රික්‌ස්‌ මාෂල් ආර්ට්‌වලින් දකුණු ආසියානු රන් පදක්‌කමක්‌ තියෙනවා. බාල පුතා චතුරංග දිලංග. එයා බොඩිබිල්ඩින්වලින් ජාතික ශූරයෙක්‌. එයා දැන් ඉන්නෙ ඩුබායිවල. මයුරයි මගේ ලොකු පුතා රසිකයි ඉන්නේ ඇමරිකාවේ. මේ දෙන්නම ඇමරිකාවෙ ගියෙත් මික්‌ස්‌ මාෂල් ආර්ට්‌ වැඩිදුර ඉගෙනගන්න. ඒ අවස්‌ථාව ලැබෙන්නෙ ඉන්දියාවෙ ටූනමන්ට්‌ එකකට ගිහින් ඉන්නකොට මේ දෙන්නගෙ දක්‍ෂතාව දැකපු ඇමරිකානු ජාතික පුහුණුකරුවෙක්‌ නිසා. ඔහු තමයි ඇමරිකාවේ ක්‍රීඩා සමාජයකට මේ දෙන්නට ආරාධනා කරලා ඒ රටට එක්‌ක ගියේ. ඒ වෙනකල් පුතාලා දෙන්නම මේ ක්‍රීඩාව ඉගෙන ගත්තෙ ප්‍රසන්න ජයවීරගෙන්. තාත්ත කෙනෙක්‌ විදියට මට අද ලොකු ආඩම්බරයක්‌ දැනෙනවා."

මේ වගේ හොඳ දරුවන් හදන්න පුළුවන් වුණු එක ගැන එයාලගෙ අම්මා ප්‍රියන්තිත් මේ දරුවෝ ගැන සතුටු වෙනවා. ඒක තමයි දරුවන්ට දෙමාපියන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. පුතා ඉගෙන ගත්ත දෙමටගොඩ වේළුවන හා ඩී. එස්‌. විද්‍යාලයටත් අද ආඩම්බර වෙන්න පුළුවන්. හැබැයි කවුරුත් නොදන්න දෙයක්‌ කියන්නම්. මයුරගෙ අම්මා කවදාවත් පුතා ඉන්න මීට්‌ එකක්‌ බලන්න ගිහින් නෑ. ඒ තරගෙදිවත් කිසිම දරුවෙක්‌ ගුටි කනවා එයාට බලන්න බැරි නිසා.

එසේ කීවේ මයුරගේ පියා වන උපාලි දිසානායකය. අද ඔහු ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නෙ දැයට රත්තරං වටිනා පුතුන් තිදෙනකු දායාද කළ වාසනාවන්ත පියකු ලෙසය.

මයුරට මේ සිද්ධියත් සමඟ දැන් ඇමරිකාවේ විශාල ප්‍රසිද්ධියක්‌ ලැබී ඇත. මේ නිසා විවිධ ක්‍රීඩා සමාජවලට ආරාධනා කරමින් ලැබෙන දුරකථන ඇමතුම්වලින් ඔහුට මේ දිනවල අඩුවක්‌ නැත.

* තිස්‌ස ගුණතිලක
ඡායාරූප - පින්සිරි ආරියරත්න

නැගෙනහිර මුස්ලිම් විරෝධතාකරුවෝ ඊශ්‍රායල ඇමරිකානු කොඩි ගිණි තබයි

රට පුරා වෙසෙන මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන අතරතුර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයෝ ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කෙරෙන ප්‍රහාර හෙලා දකිමින් ඊට විරෝධය පල කර උද්ඝෝෂණයේ යෙදෙති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ හා අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩලචේනෙයි ප්‍රදේශයේ පවත්වන ලද උද්ඝෝෂණ සඳහා මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ.

ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පාමින් මුස්ලිම් විරෝධතාකරුවන් විසින් ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ ජාතික ධජ ගිනි තබා තිබේ.

විරෝධතාකරුවෝ ඊශ්‍රායල ප්‍රහාරයන්ට හසුව මරණයට පත් දරුවන්ගේ ඡායාරූප සහිත පුවරු අතින් ගෙන ඊශ්‍රායල ප්‍රහාරවලට ඔවුන්ගේ විරෝධය පල කළහ.

රාමසාන් විශේෂ යාච්ඤාව සඳහා මුස්ලිම් පල්ලිවලට එක් වූ මුස්ලිම් ජාතිකයන් ආගමික කටයුතු අවසාන කිරීමෙන් අනතුරුවයි වීදි බැස උද්ඝෝෂණයේ යෙදී තිබෙන්නේ.

ඇමරිකාව හා ඊශ්‍රායලයට විරුද්ධ, පලස්තීනයට පක්ෂ සටන් පාඨ කියමින් ‘යුද්ධය නතර කර මුස්ලිම් ජනතාවට ආධාර කිරීමට ජාත්‍යන්තරය ඉදිරිපත් විය යුතුයි’ යන්න නැගෙනහිර මුස්ලිම් ජනතාව අවධාරණය කර සිටිති.



දකුණ අතහැර මාලිංග මුම්බායි යයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස්‌ ලීග් පන්දුවාර විස්‌සයි/20 ක්‍රිකට්‌ තරගාවලියේදී තමන් මුම්බායි ඉන්ඩියන්ස්‌ පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා විස්‌සයි/20 නායක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලී ද සිල්වා මහතාට විද්යුත් තැපෑලක්‌ යොමු කරමින් මාලිංග සිය තීරණය පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව මාලිංගට මුම්බායි ඉන්ඩියන්ස්‌ පිලට ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 24 කට හෙවත් ලක්‍ෂ 240 කට ආසන්න මුදලක්‌ හිමිවනු ඇත. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී මාලිංග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදිනු ලබන සදර්න් එක්‌ස්‌ප්‍රස්‌ පිලට ක්‍රීඩා කිරීමට තීරණය කළේ නම්, මුම්බායි ඉන්ඩියන්ස්‌ පිල සමග එළැඹ සිටින ගිවිසුම කඩ කෙරෙනු ඇත. ඒ අනුව මාලිංගට එහිදී රුපියල් මිලියන 34 කට ආසන්න මුදලක්‌ අහිමිවනු ඇති බවද සඳහන් වේ.

මෙවර විස්‌සයි/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින්නේ ලසිත් මාලිංග විසින් නායකත්වය ලබාදුන් සදර්න් එක්‌ස්‌ප්‍රස්‌ කණ්‌ඩායම වේ. එමෙන්ම පසුගියවර පළමු කණ්‌ඩායම් 4 අතරට පිවිස සිටින මුම්බායි ඉන්ඩියන්ස්‌ පිලද එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටීම මත තමන් ක්‍රීඩා කරනු කණ්‌ඩායම තීරණය කිරීමේ අයිතිය ලසිත් මාලිංගටම හිමිවී තිබේ.

මේ පිළිබඳව වූ අවසන් දැනුම් දීම ඊයේ (29 දා) සිදු කිරීමට නියමිත වූ අතර එහිදී මාලිංග ගනු ලැබූ තීරණය ක්‍රිකට්‌ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

මෙහිදී මුම්බායි ඉන්ඩියන්ස්‌ පිල මෙන්ම සදර්න් එක්‌ස්‌ප්‍රස්‌ පිල සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරමින් ප්‍රධාන තරගාවලියට අවතීර්ණ වීමට නියමිත වන අතර එහිදී එම කණ්‌ඩායම් දෙක අදාළ තරග වටයේ දී තරග වැදීමද විශේෂත්වයක්‌ වේ.

ඉකුත් වසරේÊපැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී මෙවැනිම විශාල ගැටලුවකට සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර මුහුණ දුන් අතර එහිදී ඔහු කඳුරට මෙරූන්ස්‌ පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරන ලදී.

චමිල කරවිට

මාපියන් ඉදිරිපිටම පුතා උස්‌සන් යති * තාත්තාට මරණීය තර්ජන කරති * බබාට වයස අවුරුදු හතරයි

 මීගලෑව, හුණුපොළගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (28) රාත්‍රි මුහුණු ආවරණය කර හිස්‌ වැසුම් හා ජැකට්‌ පැළඳ යතුරුපැදි දෙකකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් සිව් දෙනකු විසින් එම ව්‍යාපාරිකයාගේ සිව් හැවිරිදි පුත්‍රයා පැහැරගෙන ගොස්‌ ඇත.

පෙරේදා රාත්‍රි 7.45 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකොට ඇති බව මීගලෑව පොලිසිය පවසයි. මෙලෙස පැහැරගෙන ගොස්‌ ඇත්තේ කවිඳු සේනානායක නමැති දරුවෙකි.

දරුවා පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් ව්‍යාපාරිකයාගේ නම කියා ඔහු හමුවීමට අවශ්‍ය බව පවසා ඇත.

ව්‍යාපාරිකයා ඔවුන් හමුවීමට නිවසින් එළියට පැමිණීමත් සමගම ඔහුගේ බිරිඳ විසින් බත් කවමින් සිටි දරුවාද පියා පසුපස පැමිණ ඇත.

එම අවස්‌ථාවේ එක්‌ අයකු වහා ඉදිරියට පැන සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදිය දෙසට පලා යැමට උත්සාහ කරන විට කලබල වූ ව්‍යාපාරිකයා ඔහුගෙන් දරුවා උදුරා ගැනීමට උත්සාහ කර තිබේ.

එහිදී මේ සිව්දෙනා අතර සිටි පුද්ගලයකු ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක්‌ තබා සුළු තුවාල සිදුකොට මරණ බවට තර්ජනය කරමින් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කොට තිබේ.

එම අවස්‌ථාවේදී පැහැරගෙන ගිය දරුවාගේ සය හැවිරිදි වැඩිමල් සහෝදරියද තම මල්ලී රැගෙන නොයන ලෙස ඉල්ලා හඬා වැළපෙමින් දරුවා පැහැරගෙන යැමට පැමිණි පුද්ගලයන්ගේ ඇඟේ එල්ලී ඇත.

තියුණු ආයුධයක්‌ අතැතිව සිටි එම පුද්ගලයා දැරියගේද උදරය ප්‍රදේශය කපා තුවාල සිදුකොට පැත්තකට තල්ලුකර දමා ඇත.

අනතුරුව එම පුද්ලයන් සිව් දෙනා සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදිවලින් පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

එම දරුවා කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ගිය බවට කිසිදු තොරතුරක්‌ මෙතෙක්‌ අනාවරණය වී නොමැති බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මීගලෑව පොලිසිය පවසයි.

පැහැරගෙන යන ලද එම දරුවා හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන යම් තොරතුරක්‌ දන්නා අයෙක්‌ වේ නම් ළඟම පිහිටි පොලිස්‌ ස්‌ථානයට හෝ තම පොලිස්‌ ස්‌ථානයට දැනුම් දෙන්නැයි මීගලෑව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රනිල් අපේ සිංහල පංතියට යයි...........සිසුන්ගෙන් උණුසුම් ප්‍රතිචාර

තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර උසස්පෙළ විභාගය සඳහා සහභාගී වීමට නියමිත උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ‘අපේ සිංහල පංතියේ ’ සිසු සිසුවියන්ට සුභපැතීමට අද දින 28 නුගේගොඩ රෝටරි අධ්‍යාපන ආයතනයට පැමිණි විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසීය.

විපක්ෂ නායකවරයා රටේ අනාගතය කෙබඳු විය යුත්තේදැයි සිසු සිසුවියන් සමග සංවාදාත්මක අයුරින් අදහස් හුවමාරු කර ගත්තේය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත්සභා මන්තී එස්.එම්. මරික්කාර් මහතාද සහභාගී විය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිසු සිසුවියන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය කැපී පෙනුණි.

















මම ධීවර අධීක්ෂණ මන්ත්‍රි වුණත් ධීවර වැඩ ගැන, මං දන්න කෙහෙල්මලක් නෑ

බෙන්තර ඉතිහාසයේ කවදාවත් මීට පෙර කාන්තාවක් දේශපාලනයට ඇවිත් නෑ. එන්න දුන්නෙත් නෑ. අපේ ජනාධිපතිතුමා හරියටම තෝරලා බේරලා නිවැරැදිම කෙනා බෙන්තරට දැම්මා. කාන්තා සංවිධායකවරියක් හැටියට මාතෘ හා ළමා සායන හොඳින් පවත්වාගෙන යෑමේ ඇති වැදගත්කම මා ඉතා හොඳින් දන්නවා.
මේ රටේ මෙතෙක් රට පාලනය කළ නායකයන් අතරින් කාන්තාවන්ට වැඩිම සේවාවක් කර ඇත්තේ වත්මන් ජනාධිපතිතුමායි. කාන්තාවන්ට රැකියා ණය ආධාර, ස්වයංරැකියා පමණක් නොව කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වශයෙන් ඉදිරිපත් කළේත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. එතුමාගේ මඟපෙන්වීම යටතේ බෙන්තර-ඇල්පිටිය කාන්තාවන් ප්‍රමුඛ ජනතාවට සේවය කරමින් යහපත් දේශපාලනයක නිරත වීමට මම සැදී පැහැදී සිටිනවා. දකුණු පළාත් සභා මන්ත්‍රිනි බෙන්තර-ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායිකා, ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මිය එසේ පැවැසුවේ ජාතික ඒකාබද්ධතා සතිය නිමිත්තෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පැවැති මහජන හමුවක් අමතමිනි.


බෙන්තොට, තුන්දුව මාතෘ හා ළමා සායන ගොඩනැඟිලි පරිශ්‍රයේදී මෙම හමුව පැවැත්විණි. එහිදී කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.
මට දකුණු පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අධීක්‍ෂණ මන්ත්‍රිකමක් දුන්නා. ධීවර කටයුතු ගැන මං දන්න කෙහෙම්මලක් නෑ. අනෙක් එක අධීක්‍ෂණ මන්ත්‍රිකමකින් කරන්න පුළුවන් කෙංගෙඩියකුත් නෑ. ඒ වුණත් ඒ තනතුරු දිය යුත්තේ ඒ ක්‍ෂේත්‍ර ගැන දැනුමක්, පළපුරුද්දක් ඇති අයටනේ. ඕනෑම කෙනකුට තේරෙනවා මට ගැළපෙන්නේ කාන්තා හා ළමා කටයුතු නැතිනම් කලා කටයුතුයි කියලා. කලා කටයුතු අධීක්‍ෂණය දීලා තියෙන්නේ හුදකලා වෙච්ච කෙනකුට.
මම දේශපාලනයට ආවේ ඔය තනතුරු, තාන්න මාන්න බලාගෙන නෙවෙයි. ඕවා නැති වුණත් වැඩ කරන හැටි මම දන්නවා. මේ රටේ කාන්තාවන්ට, දරුවන්ට අසාධාරණයක් වෙනවා නම් එතැනදි මම ඒ වෙනුවෙන් පෙරට එනවා. සටන් කරනවා. මේ රටේ කතුන් වෙනුවෙන් කරන්න තව බොහෝ දේවල් තිබෙනවා. ජනාධිපතිතුමාට මේවා පෙන්වා දෙන්න කෙනෙක් නෑ. මම වගකීමෙන් කියනවා බයක් සැකක් නැතිව කියනවා. කවුරුම හරි මේවා කළ යුතුයි.


අද මේ රටේ කාන්තාවන් මොන තරම් මානසිකව, කායිකව වධ වේදනා විඳිනවාද? පසුගිය මැතිවරණ කාලෙදි ගාල්ලේ සමනල ක්‍රීඩාංගණය ළඟදි මගේ ආධාරකාරියකට බිම දාගෙන සිහින නැති වනතුරු ගැහුවා. ඇය අපේ ශ්‍රී ල.නි.ප. බලමණ්ඩලයේ ලේකම්. පහර දුන්නේ ඇල්පිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්. ඒ කාන්තාවට වයස අවුරුදු හැටයි. එදා පහර කාලා දින දෙකක් කරාපිටියේ රෝහලේ හිටියා. සති ගණනක් කොලර් එකක් දාගෙන ඉන්න වුණා. නීතියට අනුව අවුරුදු හතරක් විතර හිරේ යන අපරාධයක්. අන්තිමට සමථ මණ්ඩලේට දැම්මා. ඔන්න ඔහොමයි අපේ රටේ කාන්තාවන්ට සලකන්නේ.


මේවා ගැන අප හඬක් නඟන්නේ නැතිනම්, සටන් කරන්නේ නැතිනම් කවුද හඬක් නඟන්නේ? කවුද සටන් කරන්නේ? මේ රටේ දේශපාලනේට වැදගත් මහත්වරුන් වගේම වැදගත් බුද්ධිමත් නෝනාවරුන්ද පැමිණිය යුතු යුගයක්. අර වගේ කාන්තාවන්ට පහර දෙන පසුබිමක අපි කොහොමද ඒක කරන්නේ? ඒත් කෙසේ හෝ එය කළ යුතුයි.


අපි මොනවා කෙරුවත්, කොතැනට ගියත්, කතා කෙරුවත් මාධ්‍ය නැතිනම් ඒ පණිවුඩ ලොව පුරා යන්නේ නෑ. අපි කියන, කරන දේවල් හැඩ වැඩ දාලා මාධ්‍ය මඟින් පළ වුණාම මුළු ලොවම දැනගන්නවා. ඒ නිසා මේ මාධ්‍ය ගැන මගේ හිතේ විශාල ආදරයක් වගේම ගෞරවයක්ද තිබෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් යන බෙදීම්වලින් අප අෑත්විය යුතුයි. අපේ සිත්වල රඳවා ගත යුත්තේ ශ්‍රී ලාංකික යන්නයි. බි්‍රතාන්‍යයේ හැමදෙනාම බි්‍රටිෂ් කියලයි භාවිත කරන්නේ ස්කොට්, අයර්ලන්ත ජාතීන් කියා නෙවෙයි. අපේ රටේ විතරයි මේක පටලවාගෙන තිබෙන්නේ. අපේ අල්ලපු ගෙදර කෙනාට ගෞරවය දක්වනවා නම් අපේ සිතට වෛරයක් එන්නේ නෑ. ඒ වගේමයි අල්ලපු ගෙදර කෙනාට වෛර කළොත් ගෞරවය පුදන්නත් බැහැ.


බුදුන් වහන්සේට අප ගෞරවය දක්වනවා සේ මුස්ලිම් භක්තිකයන් මහම්මත්තුමාට ගෞරවය දක්වනවා. මම කවදාවත් ජාතිය, ආගම, කුලය ගණන් ගන්නේ නෑ. ඒකයි මම විදේශිකයෙක් සමඟ විවාහ වුණේ. එතුමා ක්‍රිස්තියානි ආගමේ. මම බුද්ධාගමේ. මගේ දරුවා මේ හැම ආගමක්ම ගැන අවබෝධයෙන් ඉන්නේ. ඇය කුරානය පවා කියවනවා මම දැක්කා.

ජවිපෙ නායක ගෙදර යයි..... රියදුරාට ඇප

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලෙන් අද (29) ප්‍රතිකාර ලබා පිටවී ගියේය.
ඔහුගේ රියදුරු  සුජීව ප්‍ර්‍රියශාන්ත  රුපියල් පනස්දහසක ශරීර ඇප මත  මුදාහරින ලෙස රත්නපුර මහෙස්ත්‍රාත්  කේ ඩී එස් සමන් කුමාර මහතා නියෝග කළේය.
වැඩිදුර විභාගය අගෝස්තු 4 වැනිදාට කල් තැබිිණි.

බොදු බල සේනාව ශ‍්‍රී ලංකා රජය හා සෘජුවම සම්බන්දයි – ඇමරිකාව

බොදුබල සේනා සංවිධානය සෘජුවම ශ‍්‍රී ලංකා රජයට සම්බන්ධයක් පවතින බව තහවුරු වී ඇතැයි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව දැක්වෙන්නේ  අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අන්තර්ජාතික ආගමික සහජිවනය පිළිබඳ 2013 වාර්ෂික වාර්තාවේය.

2013 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ආගමික වාතාවරණය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්වලට යම් යම් බලපෑම් එල්ල වන බවත්, ඇතැම් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් සඳහන්ය.

බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය යන සංවිධානය පිළිබඳව ද එම වාර්තාවේ ව්‍යවස්ථාවෙන් සහ නීති රීති මගින් ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස තහවුරු කර තිබුණ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවද කියා ඇත.

සුළු ආගමික කණ්ඩායම්වලට යම් යම් බලපෑම් එල්ල වන බවත්ල ඇතැම් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් බලහත්කාරයෙන් වෙනත් ආගම්වලට බඳවා ගැනීම සිදුවන අතර ඊට ආගමික සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව ද විරුද්ධත්වය පළ කර ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

බයිට්‌ වර්ග දෙකක කතාවක්‌! (මෙය සිවිල් සමාජයේ අවසානය ගැන කතාවයි)

පොලිසියට අල්ලාගෙන එන සැකකරුවන් කසිප්පු ගැසූ, රාළහාමිලා සහ සාජන් මහත්වරුන් විසින් රාත්‍රි කාලයේදී බයිට්‌ එකට ගැනීම ඉතා පරණ කතන්දරයකි. මෙසේ බයිට්‌ එකට ගන්නා සැකකරුවන් නිරුවත් කර ජලයෙන් නහවා වහලයේ එල්ලා පහරදීම හා සිගරට්‌ කොටවලින් පිළිස්‌සීම ඉතා මෘග වූද සුලභ වූද අභ්‍යාසයකි. මෙයට වසර කිහිපයකට පෙර අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ලෙස කටයුතු කළ නිව්ටන් නමැති මෘගයකු තමන් ආලය කළ යුවතියට විහිළු කළ තරුණයන් දෙදෙනකු පොලිසියට කුදලාගෙන ගොස්‌ සිගරට්‌ කොටවලින් සිරුරු පුළුස්‌සමින් පහර දී රෑ දොළහ පැන්න පසු ඔවුන් මුහුදු වෙරළට ගෙන ගොස්‌ වෙඩි තබා මැරවීය. පසුව හිරේ ගිය නිව්ටන් දිට්‌ටධම්මවේදනීය කර්මය පලදීම නිසා පාදයක්‌ ද ඉවත් කරනු ලැබ අදටත් වැලිකඩ ය. පොලිසිය සැකකරුවකු අල්ලාගත් විට ඒකා අසරණයකු නම් දෙන වධ බන්ධනවල සීමාවක්‌ නැත. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මොනවා කීවද සැබෑ තත්ත්වය එය ය. පොලිසියේ සාහසික ක්‍රියා නිසා සාමාන්‍ය ජනයා තුළ පොලිසිය කෙරෙහි සුවිශාල වෛරයක්‌ එකතු වී ඇත. 88-89 භීෂණ යුගයේදී පොලිසිය සහ යුද හමුදාව කෙරෙහි ජනතාව තුළ එක්‌රැස්‌වුණු වෛරය ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු උයන ලද කිරිබත් නිසා මඳ කලකට යටපත් වී ගිය නමුදු අද වන විට නැවත වතාවක්‌ උත්සන්න වී තිබේ. යුද්ධයෙන් පසු නීතිය ලිහිල් නොවුණ ද සමාජය ලිහිල් විය. ඒ සමඟම, කසිප්පු ගැසූ දාමරිකයෝ පොලිසිය බයිට්‌ එකට ගැනීමට පටන් ගත්හ. එවැනි බේබදු දාමරික කල්ලියක්‌ විසින් කුරුණෑගලදී ට්‍රැµsක්‌ රාළහාමිලා දෙදෙනකු පැහැරගෙන ගොස්‌ නිරුවත් කර පහර දී එකකුට වෙඩි තබා මැරූ හැටි ඔබට මතකද? අනෙක්‌ රාළහාමි පණ බේරා ගත්තේ ඇඟේ නූල් පොටක්‌වත් නැතිව පණ එපා කියා පැන දිවීමෙනි. පොලිස්‌ විරෝධීන් තුළ මේ සිද්ධිය නිසා කිසියම් ත්‍රිල් එකක්‌ ඇති වුවද ජාතියක්‌ වශයෙන් අපි මේ ගැන කනගාටු විය යුත්තෙමු. පොලිසිය යනු මේ රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. එය බිඳවැටුණොත් එතැනට එන්නට සිදුවන්නේ යුද හමුදාවටයි.

කසිප්පුකාරයන් කිහිපදෙනකු විසින් මීගහවත්ත පොලිසියේ රාළහාමි කෙනකු යතුරුපැදියක හප්පා මැරීම සහ ගල්කිස්‌ස පොලිසියේ රාළහාමි කෙනකු පැහැරගැනීම ගැන ඊයේ (21 දා) "දිවයිනේ" පළවිය. මෙයින් පසු එළැඹෙන්නේ සිද්ධියට අදාළ සැකකරුවන් සියලුම දෙනා පාහේ පොලිසිය විසින් සම්බෝල කරනු ලබන අවස්‌ථාව ය. ඒ සම්බෝල සමඟ කෑමට රෝස්‌පාන් හෝ ඉඳියප්පන් පොලිස්‌ කූඩුව තුළ නැත. ඒ වෙනුවට රෑ එළිවනතුරු එල්ලී සිටීමට පොලිසියේ බාල්කය පමණක්‌ ඉතිරිව ඇත.

පොලිසිය මිනිසුන්ට කොතරම් පහර දුන්නත්, මිනිසුන් පෙරළා පොලිසියට පහර දෙන තත්ත්වයක්‌ ඇති වුවහොත් එය ඉතා භයානක ය. එවිට මුළු මහත් සිවිල් සමාජයේම අත්පා කැඩී ඔලු පැලී යයි. එවිට ගලා යන රුධිර ගංගාවන් විසින් ලෝකයට කියන්නේ අප තවමත් ම්ලේච්ඡ ජාතියක්‌ බව ය. ලෝකය, වැඩියෙන්ම පිළිගැනීමට කැමැති කාරණයත් එය ය.

රේගුවට හසු වූ කෝටි 65ක් වටිනා හෙරොයින් තොගයේ ඇතුළු කතාව

ලංකාවට හෙරොයින් ගෙන ඒම දැන් ආහාරපාන ආනයනය කරන තරමේ සාමාන්‍ය කටයුත්තක් බවට පත්ව ඇති බවක් පෙනේ. එලෙස ගෙන එනු ලබන්නේ සුළු සුළු ප්‍රමාණයන්ගෙන් නොව කිලෝ ගණනින් යුතු තොග වශයෙන් වීම තවත් විශේෂත්වයකි. පාකිස්තානයේ සිට මෙරටට, අඩි හතළිහේ කන්ටේනරයකින් ගෙන එන ලද ප්ලාස්ටික් සහ රබර් ඇඹරුම් යන්ත්‍ර තුනක සඟවා තිබූ හෙරොයින් කිලෝ 93 යි ග්‍රෑම් 76 ක් අඩංගු පාර්සල් 92 ක් රේගුවේ අත්අඩංගුවට පත්වීම මෙම හෙරොයින් ජාවාරම හා ඈඳුණු අලුත්ම සිද්ධියයි. ගණන් බලා ඇති අන්දමට මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 65කට ආසන්නය.
පසුගිය වසරේ අගෝස්තු 30 වෙනිදා ‍පොලීසියත් රේගුවත් එක්ව කළ දීර්ඝ විමර්ශනයකින් පසුව කළ වැටලීමකින් ඔරුගොඩවත්ත රේගු අංගණයේදීම ග්‍රීස් ටින් 1262කසඟවා තිබි හසු වූ හෙරොයින් කිලෝ 261 ක් සොයා ගැනීමෙන් පසුව සොයාගත් විශාලතම හෙරොයින් තොගය වන්නේ මෙයයි.
පාකිස්තානයේ කරච්චි නුවර සිට කොළඹ මැලිබන් වීදියේ ආයතනයක නමට මෙරටට එවන ලද එම කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගණයට ගෙන විත් ඇත්තේ ඉකුත් 06 වෙනිදාය. අදාළ ආයතනය රේගුවේ සැකයට නිරන්තරයෙන් ලක්වන ආයතන ගොන්නට අයත් එකක් නොවේ. ඊට මාස තුනකට පෙරත් එම ආයතනයේම නමින් එවැනි ඇඹරුම් යන්ත්‍ර දෙකක් අඩංගු කන්ටේනරයක් ද නියමිත රේගු ගාස්තු සහ බදු ගෙවා රේගුවෙන් නිදහසේ මුදාගෙන යන්නට හැකිව ඇත්තේ එබැවිනි. මෙවර ඔවුන් ඇඹරුම් යන්ත්‍ර තුනක්ම ගෙනවිත් තිබුණේය. එම ඇඹරුම් යන්ත්‍ර තුන රේගුවෙන් මුදාගන්නට ඉදිරිපත් වන්නේ පෙර යන්ත්‍ර දෙක අඩංගු කන්ටේනරය සම්බන්ධයෙන්ද නිෂ්කාශන කටයුතු කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනාමය. ඒ අය රේගු නිලධාරීන්ද හොඳින් දන්නා හඳුනන අයයි. ඒ නිසාම ඒ අයට පහසුවෙන් හා ඉක්මනින් රේගු පරීක්ෂාවන්වලින් පසු තදබදයකින් තොරව භාණ්ඩ මුදාගන්නටද හැකියාව තිබේ.

එම කන්ටේනරය රේගු භාරයෙන් මුදාගන්නට මේ අය ඔරුගොඩවත්ත රේගු අංගණයට පැමිණියේ ඉකුත් 21 වෙනිදා සවස් කාලයේදීය. ඔවුන් සියලු ලිපි‍ලේඛනද රැගෙන  ආවත් කන්ටේනරය විවෘත කර භාණ්ඩ පරීක්ෂාවකින් තොරව එය නිදහස් කරන්නට කිසිවිටෙකත් එදින සේවයේ නිරතව සිටි නිලධාරීන් සූදානම් වූයේ නැත. එබැවින් මුද්‍රා කඩා කන්ටේනරය පරීක්ෂා කරන්නට රේගු නිලධාරීන් පියවර ගත්තේය. එම පරීක්ෂාවේදී එහි සිටි රේගුවේ ඉහළ නිලධාරියෙකුට යම් සැකයක් ඇතිවන්නේ ඒ එක් ඇඹරුම් යන්ත්‍රයක විදුලි සම්බන්ධය ලබාදෙන වයරයක් සම්බන්ධ කොටසක් අතින් ඇල්ලූවිට ගැලවී යාම හේතු කොටගෙනය. එය ඇතැම්විට පැටවීමකදී හෝ අතපසුවීමකින් සිදු වූ ගැලවීයාමක් යැයි එම නිලධාරියා සිතුවත් සෙසු යන්ත්‍ර දෙකේත් එම වයර් සහිත කොටස ඒ ආකාරයෙන්ම ගැලවීයාමත් සමග ඇති වූ සැකය වඩාත් තීව්‍ර වූ බව පැවැසේ. එම යන්ත්‍ර කන්ටේනරයෙන්  පිටතට ගෙන පුළුල් පරීක්ෂාවක් කරන්නට එම නිලධාරියා තීරණය කරන්නේ ඒ සමගිනි.
මෙයට පෙර පාකිස්තානයෙන් ගෙන ආ ඇඹරුම් යන්ත්‍ර දෙක රේගුවෙන් මුදාගෙන යන්නට වාප්පු ලිපිකරුවන් දෙදෙනාට එතරම් කාලයක් ගත නොවූ බැවින් රේගු අංගණයෙන් පිටත සිටි මෙම කන්ටේනරයේ භාරකරු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයා සිටියේ තරමක් කේන්තියෙනි. ඔහු රේගු අංගණයට එන්නේ ප්‍රමාදයට හේතු සොයන්නටය. එහිදී රේගු බලධාරීන් ඔහුවද තමන් භාරයට ගෙන ඇඹරුම් යන්ත්‍ර පිටතට ගෙන පරීක්ෂා කරන්නට ගත්තේය. එම යන්ත්‍ර තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් එකින් එක එළියට එන්නේ ඒත් සමගිනි. ඒ අනුව වාප්පු ලිපිකරුවන් දෙදෙනා මෙන්ම එම කන්ටේනරයේ හිමිකරු බව සඳහන් වූ පුද්ගලයාද අත්අඩංගුවට ගන්නට රේගුව වග බලා ගත්තේය.
මේ තිදෙනාම මුස්ලිම් ජාතිකයන්ය. රේගුව මේ ගැන කළා වූ මූලික විමර්ශනවලින් පැහැදිලි වන්නට වූයේ අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් කන්ටේනරයේ හිමිකරු බව සඳහන් පුද්ගලයා නාමික අයිතිකරුවෙකු මිස සැබෑ අයිතිකරුවෙකු නොවන බවය. එහෙත් ඔහු ව්‍යාපාරිකයෙකි. මලයාසියාවේ සිට නාන කාමර උපාංග ගෙන්වා කොළඹත්, මහනුවරත්, ගම්‍පොළත් තොග වශයෙන් බෙදාහැරීමේ නිරතව සිටින බව කියන ඔහු ගම්‍පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් වැඩි වශයෙන් ගැවසෙන්නේ කොළඹය. දෙහිවල පැත්තේ ඔහුට කාර්යාලයක්ද ඇති බව පැවසේ.

පාකිස්තානයේ සිට මෙරටට  ගෙන්වන ලද මේ කන්ටේනරය වාප්පු ලිපිකරුවන් විසින් රේගු පරීක්ෂාවෙන් පසු නිදහස් කරගෙන රේගු අංගණයෙන් පිටතට ගෙන ආ පසු ව්‍යාපාරිකයා සියලු වගකීම්වලින් නිදහස්ය. ඔහු නිදහස් වන්නේ නිකම්ම නොව අතට ලොකු මුදල් කුට්ටියක්ද ලැබෙමිනි. විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව කොළඹ මැලිබන් වීදියේ වෙළෙඳ ආයතනය එම කන්ටේනරය ගැන කිසිවක් දන්නේ නැත. එම ආයතනයේ නාමය භාවිත කර ඇත්තේ හුදෙක්  මෙම ජාවාරම සඳහාය. ජාවාරම්කරුවන්ට එම ආයතනයේ තොරතුරු ලැබෙන්නේ වෙන කිසිවෙකුගෙන් නොව වාප්පු ලිපිකරුවන්ගෙන් බවද අනාවරණය වී තිබේ. ඒ සඳහා වාප්පු ලිපිකරුවෙකුගේ අතට වරකට ලැබෙන මුදල රුපියල් පනස්දහසකි. නැතිනම් ලක්ෂයකි. ජාවාරම්කරුවන් මත්කුඩු පමණක් නොව, හොර බඩු වැඩි වශයෙන් මෙරටට ගෙන්වන්නේ මේ ආකාරයටය. සිගරට් ,එතනෝල් ඊට උදාහරණයන්ය.
රේගු විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව මාස තුනකට පෙර මේ අයුරින් ගෙන්වන ලද ඇඹරුම් යන්ත්‍ර දෙක කොළඹ සිට රැගෙන ගියේ යැයි සඳහන් වන්නේ කදුරුවෙල ප්‍රදේශයටය. රේගුව විශ්වාස කරනුයේ එහිද සඟවා හෙරොයින් කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් ගෙනෙන්නට ඇති බවය.  ඇඹරුම් යන්ත්‍ර දෙක කදුරුවෙලට රැගෙන යන්නට පෙර කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක රහස් ස්ථානයකදී  එම හෙරොයින් තොගය යන්ත්‍ර තුළින්ඉවත්කර ගන්නට ඇති බව ඔවුන්ගේ සැකයයි.
එම ඇඹරුම් යන්ත්‍ර රේගුවේ සැකයකට ලක්නොවීම දෙවැනිවරට ඇඹරුම් යන්ත්‍ර තුනක්ම ගෙන එන්නට ජාවාරම්කරුවන් පොළඹවන්නට ඇති බව රේගුවේ විශ්වාසයයි. ඒ ගැන සෙවීමේ වගකීම දැන් පැවරී ඇත්තේ මත්ද්‍රව්‍ය විමර්ශනයන් සම්බන්ධයෙන් මෙරට සිටින විශේෂඥයන් වන ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටය.
මේ වන විට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මෙම ජාවාරම ගැන බොහෝ තොරතුරු හෙළිකරගෙන හමාරය. ඊට දුරකථන ජාල පරීක්ෂාවක් පවා ඉවහල් වී ඇති බව සඳහන්ය. ඊට අනුව එම මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට සිටි මෙරට නියෝජිතයා පවා හඳුනාගෙන තිබේ. ඔහුව මෙහෙයවා ඇතැයි පැවසෙන්නේ පාකිස්තානයේ සිට දුරකථන මගිනි. ඊට අමතරව තවත් බොහෝ තොරතුරු ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සතුය. එම තොරතුරු කාලයක් යන තුරු මාධ්‍යයට අනාවරණය නොවනු ඇත. ඒ මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම  ගැන තොරතුරු තවදුරටත් හෙළිකර ගනිමින් හාල්මැස්සන් වෙනුවට තෝරුන් මෝරුන් අල්ලන්නට ඇති බැවිනි.
මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට මෙරටට එවන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කළ හැක්කේ වෙ‍ලේ සුදා හෝ සිද්ධික් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාය. ඒ  එම ජාවාරම්කරුවන් දෙදෙනාම මේ වන විට සිටින්නේ පාකිස්තානයේ සැඟවී බැවිනි.
මෙයට දස වසරකට පෙර මෙරටට බහුල වශයෙන් මත්ද්‍රව්‍ය ආවේ ධීවර බෝට්ටුවල සඟවා ඉන්දියාවේ සිටය. ඇෆ්ගනිස්ථානයේ සිට හොර පාරවල්වලින් තමිල්නාඩුවට ගෙන එන හෙරොයින් තොග මෙරටට ගෙන ආවේ තූත්තුකුඩියෙන් බෝට්ටුවලට පටවාය. තෙල්බාලා, කුඩු නූර්, කිඹුලා ඇල ගුණා වැනි පාතාලයේ ප්‍රබලයන් රැසක්ම එදා එම ජාවාරම පිටුපස සිටි බව පැවසිනි. එකල පාකිස්තානයෙන් මෙරටට හෙරොයින් ගෙන ආවේ නම් ඒ සුළු වශයෙනි.
එදා ඉන්දියාවෙන් හෙරොයින් ගෙන ආවේ වරකට කිලෝ දහය පහළොව වශයෙනි. කිලෝ තිහක් හතළිහක් ගෙන ආවේ නම් ඒ එහෙමත් අවස්ථාවකය. ඒත් දැන් ඉන්දියාවෙන් මෙරටට හෙරොයින් ගෙන එන්නේ ඉතා සුළු වශයෙනි. දැන් මෙරටට මත්කුඩු වැඩි වශයෙන් ගෙන එන්නේ පාකිස්තානයෙනි. මෙරට මත්කුඩු ජාවාරම දැන් මෙහෙයවන්නේ පාකිස්තානුවන් බව සඳහන් කළහොත් එය වරදක් නැති තරම්ය. මේ අය මේ වන විට මහා පරිමාණයෙන් මත්කුඩු මෙරටට ගෙනවිත් ඇත්තේ කන්ටේනර්වල සඟවාය. වාහන අමතර කොටස් හා විවිධ ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුළ සඟවා ඒ අය හෙරොයින් මෙරටට ගෙන එන බව මේ වන විට  හෙළිවී තිබේ.
මෙසේ කිලෝ සිය ගණනින්  ගෙන එන හෙරොයින් පානය කරන්නට තරම් මත්කුඩුවලට ඇබ්බැහිවූ පිරිසක් මෙරට සිටීදැයි ඇත්තේ ගැටලුවකි. අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේ සහ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සමීක්ෂණ සහ තක්සේරුවට අනුව මේ වන විට මෙරට මත්කුඩුවලට ඇබ්බැහිවී සිටින්නන්ගේ සංඛ්‍යාව 45,000කට ආසන්නය. ඒ අය දිනකට මත්කුඩු කිලෝ දෙකක් පමණ භාවිතාකරන බව සඳහන්ය. ඒ අනුව ගණනය කළහොත් මසකට ඒ අයගේ හෙරොයින් අවශ්‍යතාව කිලෝ 60කි. වසරකට නම් ඒ ප්‍රමාණය කිලෝ 720කි.
‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ බොන මත්කුඩු ප්‍රමාණය එය වුවත් වසරකට මත්කුඩු කිලෝ 200ත් 300ත් අතර ප්‍රමාණයක් ‍පොලීසිය, රේගුව ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවටද පත්වන බවය. එසේම තවත් සැලකිය යුතු මත්කුඩු ප්‍රමාණයක් කල් ඉකුත්වීමෙන් ජාවාරම්කරුවන්ට විසිකරන්නට සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව බලන කල මෙරට මත්කුඩු අවශ්‍යතාව වසරකට කිලෝ 1000 ඉක්මවන බව අනුමාන කළ හැකිය. එය එසේ වුවත් ඒ ගෙන එන මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණයම මත්කුඩු භාවිත කරන්නන්ට ලැබෙන්නේ නැත. විවිධ පෙති වර්ග සහ ද්‍රව්‍ය එක්කොට එක් කිලෝවක් කිලෝ දෙකක් බවටවත් පත්කරති. ඒ අනුව බලන කල මෙරට අවශ්‍යතාව හෙරොයින් කිලෝ 500ක් පමණ වනු ඇත.
 මෙතරම් මත්කුඩු මෙරටට ගෙන එන්නේ මෙම අවශ්‍යතාව පිරිමහන්න බව ඒ අනුව කිසිසේත් අනුමාන කළ නොහැකිය. මේ වන විට මෙරට තරුණ පරපුර මත්කුඩු භාවිතයෙන් ඈත්වෙමින් සිටින  බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සමීක්ෂණවලින්දහෙළිවී ඇති කරුණකි.
එසේ නම් එකවර කිලෝ සිය ගණනින් මත්කුඩු ගෙන ඒම පිටුපස ඇති ඉලක්කය මෙරට මත්කුඩු ලෝලීන්මදැයි ඇත්තේ ගැටලුවකි.  විශාල මත්කුඩු තොග රට තුළට ගෙන ඒම විශාල අවදානමක් සහිතව කළ යුතු වැඩකි. ශ්‍රී ලංකා රේගුවේ ගණනය කිරීමට අනුව ඉකුත් 21 දා අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 65කි. ඒ අනුව බැලුවත් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වීමෙන් ජාවාරම්කරුවන් ලද පාඩුව ඉතා විශාලය. මෙතරම් පාඩුවක් එසේ මෙසේ අයෙකුට දරන්නට බැරිය. ඔහු දැවැන්තයෙකු විය යුතුය. ඒ පුද්ගලයා මෙතරම් අවදානමක් දරාගනිමින් මෙතරම් හෙරොයින් තොග මෙරටට එවන්නේ මෙරට බෙදනවාට වඩා වෙනත් රටකට යැවීමට බව කොයි කාගේත් විශ්වාසයය. ඒ රටවල් අතර යුරෝපීය රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් ද තිබෙන බව විමර්ශනවලින් හෙළිවී ඇති කරුණකි.  ඉකුත් වසරේදී මෙරටින් හෙරොයින් කිලෝ 30 ක් අප්‍රිකානු රටකට ගෙන යන්නට සූදානම් වන විට අප්‍රිකානුවෙකු ගුවන් තොටු‍පොළේදීම ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත් විය. ප්‍රධාන වශයෙන් එම රටවලට හෙරොයින් තොග වශයෙන් ලංකාව හරහා ජාවාරම්කරුවන් රැගෙන ගියද මාලදිවයින සහ මැද පෙරදිග කලාපයටද මත්කුඩු සුළු වශයෙන් බෙදෙන්නේ ද මෙරට කේන්ද්‍රකරගෙන බව පසුගිය කාලයේ කෙරුණු ‍පොලිස් විමර්ශන රැසකින්ද අනාවරණය වී තිබිණි.

ගයාන් කුමාර වීරසිහ

කොළඹ නගරයේ ගණිකාවන්ගේ ලෝකය සොයා ගිය සමාජ විද්‍යාඥවරියකගේ අත්දැකීම්

අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය. එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය. පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය. අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.
මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය.
ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරුණියකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ. ඔබ එය කළේ කොයි විදියටද?
ඔව්, එය ඉතා අසීරු කරුණක් වුණා. නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා. ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා. ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණා.

මොනවාද ඒ ගැටලු?
කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට. ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා. ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම්මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා. ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පිණිස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා. ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා.
සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින්. එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා.ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා.

ඒ කොයි විදියටද?
මම එක උදාහරණයක් කියන්නම්.
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොළේ සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා. ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා. ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා. ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා. ඒ සැණෙකින් එතැන සිටි සියලු දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට. එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරුණියක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා. ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්, ඔවුන් මගහැර යන්නට උත්සාහ කළේ නැහැ. මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා. ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා.

ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා. මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයි?
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්ණි ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි. ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිබෙනවා. මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්, ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා. අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්, ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම. එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා දඬුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා. එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාද..?
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා. පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ. ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට. 2.30ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා. ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද...?

හොඳයි මේ සියලු හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාද? අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද...?
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට බෙදිය හැකියි.

ඒ කොයි ආකාරයටද...?
ඒ තමයි දුරකථන පණිවුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්, බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්..

මූලික වශයෙන් මෙම වෘත්තිය අප රට තුළ ව්‍යාප්තව ඇත්තේ කොයි ආකාරයටද...?
එය සංවිධානාත්මක වෘත්තියක් වශයෙන් පවතින්නේ නගරබදවයි. ග්‍රාමීය මට්ටම තුළදී එය සංවිධානාත්මකව සිදුවන්නේ නැහැ.

කලින් ඔබ කියූ ගණිකාවන්ගේ ඒ ඒ සමාජ ස්ථරවලට අයත් සුවිශේෂතා මොනවාද...?
දුරකථන පණිවුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි කෝල් ගර්ල්ස්ලා නමින් හඳුන්වන ඉහළ පන්තියේ ගණිකාව බොහෝ විට තමන්ටම අයත් නිවසක ජීවත් වන්නියක්. සමහර විටක තමන් වැනිම වූ තවත් ගණිකාවක්ද ඇය සමග සිටින අවස්ථා තිබෙනවා. අද මෙන් දුරකථන පහසුකම් සුලභ නොවූ කාලයේ පවා මෙවැනි අය දුරකථන පහසුකම්, තමාගේම මෝටර් රථයක හිමිකාරිත්වය, සහ බොහේ විට සුඛෝපභෝගී මහල් නිවසක් සහිතව ජීවත් වුණා.
මේ අය තමන්ගේ සමහර ගනුදෙනුකරුවන් සිය නිවසට කැඳවා ගන්නා අතර සුඛෝපභෝගී හෝටල් කාමර ඒ සඳහා භාවිතා කරන අවස්ථාද තිබුණා. සමහර හෝටල්වල මෙවැනි තරුණියන්ගේ ඡායාරූප ඇල්බම් ඇති අතර හෝටලයේ මාර්ගයෙන් ඔවුන් ගෙන්වා ගතහැකි අවස්ථාද තිබෙනවා.

ඔබගේ ගවේෂණවලට අනුව මෙවැනි කාන්තාවන්ගේ ඇසුර පතා යන්නේ මොන විදියේ සමාජ පාන්තිකයින්ද?
අනිවාර්යයෙන්ම ඔවුන් ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ඒ වැඩි දෙනෙක් බොහෝ විට යහපත් ආකාරයෙන් මුදල් උපයන අය නොවෙයි. ඔවුන් අතර විවිධාකාර හොර ජාවාරම් ආදියෙන් මුදල් උපයන අය වැඩියි. ඒ වාගේම දේශපාලනයේ යෙදෙන පිරිස්ද කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි ස්ථාන කරා යන බව පෙනී ගොස් තිබෙනවා. කොයි හැටි වුණත් මෙවැනි සුපිරි පන්තියේ ගණිකාවන් විසින් ඇසුරු කරන්නේ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් විතරයි.

එසේ වීමට හේතුව..?
තමාගේ රහස්‍යභාවය මෙන්ම ආරක්ෂාවද සඳහා. ඒ වගේම තමාගේ සෞඛ්‍ය සම්පන්නභාවය, රූපය ආරක්ෂාකර ගැනීම ගැනද ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා.

මෙවැනි කතුන් එක් අනුග්‍රාහකයෙකුගෙන් කොපමණ මුදලක් අය කරනු ලබනවාද...?
1997ට පෙර ඔවුන් ඒ සඳහා වරකට රුපියල් 2000-5000 අතර මුදලක් අය කරනු ලැබුවා. එය මේ වන විට රුපියල් 25,000 සිට ඉහළට ගොස් තිබෙනවා. කෙසේ වුවත් සුඛෝපභෝගී හෝටල් ගාස්තු ආදියද සමග අද දවසේ එවැන්නියක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් ලක්ෂයක් පමණ වෙනවා. ඒ හැරුණු කල මෑතදී පටන් තායි සහ රුසියානු ජාතික කාන්තාවන්ද මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙනවා. ඔවුන්ගේ මිල ගණන්ද බොහෝ විට අපේ රටේ සුපිරි ගණිකාවන්ගේ මිල ගණන්වලට සමාන තත්ත්වයක පවතිනවා.

ඔබ සඳහන් කළ ගණිකා මඩම් යනු මොනවාද...? ඒවායේ සිටින ගණිකාවන්ගේ තත්ත්වය කෙබඳුද...?
මෙම ව්‍යාපාරය බොහෝ විට කෙරෙන්නේ සම්භාහන ආයතනවල මුවාවෙන්. නමුත් ඒ සඳහා ඉතා සුඛෝපභෝගී ලෙස ඉදිකළ ධනවතුන්ගේ නිවාස වැනි මහා මන්දිර භාවිතා වෙනවා. සුවිසල් තාප්පයකින් වට කර තිබෙන මෙවැනි නිවෙස් නිරන්තර ආරක්ෂකයෙකුගේ පරීක්ෂාව යටතේ පවතින්නක්. යම් නවක අනුග්‍රාහකයෙකුට එයට ඇතුළු වීමට අවශ්‍ය නම් ආරක්ෂකයා එහි පාලකවරියගෙන් අවසර රැගෙන එන තෙක් එතැන නතර විය යුතුයි. අද දවසේ නම් ඛිඛිඊ කැමරා ආදී උපකරණ ඇති බැවින් ඔවුනට වඩාත් පහසුවෙන් එවැනි කටයුතු කර ගෙන යා හැකි වී තිබෙනවා.

එවැනි ස්ථානයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔබට ලැබි තිබෙනවාද...?
ඔව්  මට යන්නට ලැබුණ ස්ථානයත් ඉතා විශාල මන්දිරයක්. මෙහි ඇති විශේෂත්වයක් වූවේ මන්දිරයේ පිට පෙනුමින් අප තුළ මැවෙන චිත්‍රයට වඩා ගෙතුළ තත්ත්වය වෙනස් වීම. එය හරියට රජයේ කාර්යාලයක් සඳහා ලක්ෂණ මන්දිරයක් වෙන් කරනු ලැබුවා වගේ. මුළු නිවසම කාමරවලට බෙදා වෙන් කර තිබුණා. ඒ හැම කුටියක් තුළම නාන කාමරයක්, ඇඳක්, මේසයක්, පුටුවක් සහ ඇඳුම් වැටක් බැගින් තිබුණා. රූමත් තරුණියන් 18 දෙනෙක් එම නිවසේ ලිංගික වෙළෙඳාම සඳහා යොදවා සිටි අතර බොහෝ විට සිදුවන පරිදි එහි පාලිකාව මැදිවිය ඉක්ම වූ මදක් සැර පරුෂ ස්ත්‍රියක් වුණා.

මෙවැනි සංවිධානාත්මක ගණිකා නිවාසයකදී එහි සිටින තරුණියන් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ කොයි ආකාරයටද...?
ග්‍රාහකයකු සමග ගත කරන සෑම තරුණියක්ම තම පාලිකාවට ගෙවිය යුතු නිශ්චිත මිලක් තිබෙනවා. ඇය එම මුදල අනිවාර්යයෙන්ම පාලිකාවට ගෙවිය යුතුයි. ඒ වගේම එම නිවසට පැමිණෙන ගනුදෙනුකරුවා කවර විදියේ අයෙකු වුවත් ඔහු විසින් තෝරා ගත් තරුණිය ඔහුට තම සේවාව සැපයිය යුතුයි. පාලිකාවගේ අණ එයයි.

ගණිකා  නිවාසයක තරුණියන් විසින් සිය පාලිකාවට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කොයි ආකාරයටද..?
බොහෝ විට ගණිකාව ෙදෙනිකව උපයන ආදායමෙන් භාගයක් පාලිකාවට ගෙවිය යුතුයි.

මෙවැනි ස්ථානයක කෙරෙන ගනුදෙනුව කොයි ආකාර එකක්ද...?
ඒ සඳහා ඔවුන්ට නිශ්චිත කාලයක් සහ මිලක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් පැය දෙකක කාලයක් සඳහා අසවල් ගණන වශයෙන් උදාහරණයක් වශයෙන් 97 ට පෙර එය පැය දෙකක කාලයක් සඳහා රුපියල් 500ක් පමණ.

මෙවැනි ස්ථානයකදී ගණිකාව සඳහා ලැබෙන පහසුකම් මොනවාද...?
කෑම සහ නවාතැන් පහසුකම් නොමිලයේ ලැබිම පමණයි සිදු වන්නේ.

ඔවුන් අනවශ්‍ය ගැබ් ගැනීමකට මුහුණු දුනහොත්, නැතිනම් යම් රෝගයකට බඳුන් වුවහොත්...?
අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවුවහොත් ගබ්සා කරවා ගැනීම සඳහා තමන් විසින්ම වියදම් දැරිය යුතුයි. ඒ හැරුනු කල අනිවාර්යයෙන්ම සති 3කට වරක් පෞද්ගලික වෛද්‍යවරයා වෙත ගොස් තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගත යුතුයි. මේ වියදමද ගණිකා වෘත්තියේ යෙදෙන්නිය විසින්ම දැරිය යුතුයි.

ඔබගේ සමාජවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙවැනි ගණිකාවන් සහ ඔවුන් සොයා එන ග්‍රාහකයන් අතර ගොඩ නැගෙන තාවකාලික සබඳතාවය කොයි ආකාර  වූවක්ද..?
එය මූලික වශයෙන් මුදල් උදෙසා කෙරෙන කායික සබඳතාවයක් මිස භාවමය එකක් නොවෙයි. ඒ නිසා ඇය තම ග්‍රාහකයා සමග යහනට පිවිසීමට ප්‍රථම කරනු ලබන්නේ ඇයට නියමිත මුදල රැගෙන මේසය මත තැබිමයි.
එයට හේතු වී ඇත්තේ සමහරුන් අවසානයේදී සල්ලි නැති බව පවසා මුදල් අඩුවෙන් දීමට තැත් කිරීමයි. යම්  විදියකින් අනුග්‍රාහකයා කීයක් අඩුවෙන් දුන්නත් පාලිකාවට නියමිත ගාස්තුව අඩු නැතිව ගෙවන්න ඕනෑ. ඒ නිසයි ඔවුන් එවැනි කර්කෂ ගනුදෙනුවකට යොමු වී සිටින්නේ.
ඒ කෙසේ වුවත් තමා වෙතට වරක් පැමිණි ග්‍රාහකයා යළිත් තමා වෙතට කැඳවා ගැනීම ගැනත් ගණිකාවන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මේ ආකාරයට ගණිකා නිවාසවලට පැමිණෙන පිරිමින් පිළිබඳ ගණිකාවන්ට ඇති සුවිශේෂ අත්දැකීම් මොනවාද..?
ඔවුන් පවසන පරිදි මේවාට පැමිණෙන වැඩි පිරිසක් විවාහකයින්.

එයට සුවිශේෂ හේතුවක් තිබෙන බව ඔවුන් පවසනවාද..?
ඔව්  තමුන් හමුවට එන විවාහක පිරිමින්ගෙන් ඔවුන් ඒ බව විමසා තිබෙනවා. එතනදී බොහෝ විවාහක පිරිමින්ගේ ‍පොදු අදහස වී තිබෙන්නේ බිරිඳ සමග ගත කරන ඒකාකාරී ලිංගික ජීවිතයෙන් මිදී වෙනසක් බලා‍පොරොත්තුව මෙතනට පැමිණි බවයි.
නමුන් එතැනට පැමිණි එවැනි පිරිමින්ගෙන් ඉතා වැඩි කොටසක් ඒ වෙනස ලෙස අත් විඳින්නේ අස්වාභාවිකයැයි සම්මත ලිංගික චර්යාවන් බව ගණිකාවන් පවසනවා.
බොහෝ විට තම බිරියන් එවැනි දේට අකමැති වීම නිසා ඔවුන් මුදල් ගෙවා එවැනි ආශ්වාදයකට යොමු වන්නට ඇතැයි ගණිකාවන් පවසනවා.

තරුණියන් මෙවැනි තැන්වලට යොමු වන්නේ කොයි ආකාරයෙන්ද...?
ඉතා වැඩි පිරිසක් යොමු වී සිටින්නේ හෝටල්වල පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස සම්මුඛ පරීක්ෂණවලට පැමිණීමෙන් අනතුරුව රැවටීමට බඳුන් වීමෙන්.

ඔවුන්ගේ මාසික ආදායම කොයි ආකාරද.?
එය රටේ අනෙකුත් පිළිගත හැකි වෘත්තීන්වල යෙදෙන අයට වඩා දෙගුණයක් පමණ වැඩියි. ඔවුන් මෙයින් පිටට නොගොස් රැඳී සිටින්නටත් එයම හේතුවක් වී තිබෙනවා.

ඔබට හමු වූ තරුණියන්ගේ ගම් රටවල් කොහේද...?
හැම දෙනෙක්ම වාගේ කොළඹින් පිට..

ඔවුන් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් බලන්නට යන්නේ නැද්ද...?
ඉතාමත් ඉහළ මට්ටමින් සැරසී ඔවුනට වටිනා තෑගි බෝගත් රැගෙන ඔවුන් ගෙවල් දොරවල්වලට යනවා, ඔවුනට මුදල් හදල්වලින් ආධාර කරනවා. නංගිලා මල්ලිලාට ඉගෙන ගන්නට උදව් පදව් කරනවා. ගෙවල් දොරවල් හදා ගන්නවා.

එසේ ගිය තැනැත්තියකට ආපසු නෑවිත් සිටින්නට බැරිද...?
අවශ්‍ය නම් පුළුවන්. ඒත් මේ ආදායම ගැන සිතා බලන ඔවුන් නෑවිත් සිටින්නේ නැහැ.

අද වන විට සමාජය තුළ පැතිර ඇති මතයක් වන්නේ ටෙලි නාට්‍ය සහ සිනමා නිළියන්ද ගණිකා වෘත්තියේ යෙදෙන බවයි. එහි ඇත්තක් තිබෙනවාද...?
හැම දෙනකු අරභයාම නොවෙයි එහෙත් එහි ඇත්තක් තිබෙනවා. මොකද ගණිකා නිවාස පවත්වා ගෙන යන නිළියන් පවා සිටින නිසා.

ගණිකා වෘත්තිය නැමැති ධාරාවේ මෙවැනි නිළියන් වැටෙන්නේ මොන වර්ගයටද...?
මූලික වශයෙන් ඔවුන් සුපිරි පන්තියට අයත් වෙනවා. ඔවුන්ගේ මූලික අරමුණත් මුදල් වුවත් එය සිදුකෙරෙන්නේ බොහෝ විට චිත්‍රපට ජවනිකාවක ආකාරයෙන්මයි.

නිළියන් කෙරෙහි විශේෂ ඉල්ලුමක් පවතින්නේ ඇයි...?
ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ හීනමානය නිසා.

තිස්ස ප්‍රේමසිරි

මාධ්‍යවේදීන්ට තර්ජන ගැන ඇමෙරිකාවේ කණස්සල්ල

උතුරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පසුගිය සති අන්තයේ සංවිධානය කොට තිබුණු මාධ්‍යවේදී වැඩමුළුව අවලංගු කිරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි කණස්සල්ල පළ කොට තිබේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගි වීමට සෙනසුරාදා යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිස ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

රැවුල වවා ගත් පුද්ගලයකු තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

පාසල් දැරියන් දූෂණය
මේ අතර මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කොට තිබිණි.

මේ සියල්ල යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බව බීබීසී සංදේශයට කියා සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, එයට විරෝධය පෑම පිණිස හදිසි මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමත් සමඟම තමන්ටද මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබුන බවද පැවසීය.

ඇමෙරිකානු ආධාර සහිතව පැවැත්වීමට නියමිතව තිබුණු වැඩමුළුව අවලංගු කිරීමත් සමඟම රට පුරාම මාධ්‍යවේදීන් විශාල පිරිසක් තර්ජනවලට මුහුණු දුන් බවයි, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මැයි මාසයේ සිට මේ වන විට තර්ජන හේතුවෙන් අවලංගු කෙරුණු තුන් වැනි මාධ්‍යවේදී වැඩමුළුව මෙය බවත් ඇමෙරිකානු නිවේදනයේ සඳහන්.

"පොලිසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත්, තර්ජනයට ලක්වුණු මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති අතර, තර්ජනය කරන්නා වූ පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ගද ගෙන නැත," යනුවෙන්ද එහි සඳහන්වේ.

එමෙන්ම පාසල් දැරියන් දූෂණය කිරීම පිළිබඳ නඩු විභාගය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පසිගිය සිකුරාදා යාපනයේදී එල්ල වූ තර්ජන පිළිබඳවත් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කොට තිබේ.

මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා කරන්නන්ට දඬුවම් නොකිරීමේ රටාවක් පවතින බව යයිද තානාපති කාර්යාලය පවසයි.

"මාධ්‍යවේදීන්ගේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.

ලක්‍ෂ 2 1/2 ක්‌ බේරා ගන්නට ජෝඩුවක්‌ ජාඇල මහමග මහ සටනක්............ සල්ලි මල්ල රැක ගත්තත් බීම කොම්පැනි මහත්තයා මරුට

ජාඇල නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට කුඩා යතුරුපැදියක යමින් සිටි වැඩිහිටි ව්‍යාපාරික යුවළක්‌ පසුපස යතුරුපැදිවලින් පන්නාගෙන පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් 4 දෙනකු දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ව්‍යාපාරිකයාට පහරදී වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලා ගොස්‌ ඇත.

ඊයේ (28 වැනිදා) පෙරවරු 8.50 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ අතර කොල්ලකරුවන්ට ව්‍යාපාරිකයා සතුව තිබූ මුදල් කොල්ල කෑමට හැකිවී නැත. ව්‍යාපාරිකයාගේ බිරිඳ කොල්ලකරුවන් සමග පොර බදා රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදල් සහිත පාර්සලය බේරාගෙන ඇත.

මෙම ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ ජා-ඇල පදිංචිකරුවකු වන 72 හැවිරිදි අයිලෙක්‌ස්‌ පෙරේරා මහතාය. මෙම අවස්‌ථාවේ කොල්ලකරුවන්ගෙන් මුදල් බේරාගත් ව්‍යාපාරිකයාගේ බිරිඳ වන එලිසබත් පෙරේරා මහත්මියට වාසනාවකට මෙන් කිසිදු අනතුරක්‌ සිදුවී නැත.

ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන අයිලෙක්‌ස්‌ පෙරේරා මහතා ඊයේ පෙරවරුවේ ජාඇල පිහිටි බැංකුවක මුදල් තැන්පත් කිරීමට ගොස්‌ ඇත්තේ සිය බිරිඳ සමග ඔවුන්ගේ කුඩා යතුරුපැදියෙනි.

ජා-ඇල තුඩැල්ල රුක්‌මණී දේවි පිළිරුව ආසන්නයේදී යතුරුපැදි දෙකකින් පන්නාගෙන පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් සිව් දෙනෙකු ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදියට මග හරස්‌ කර මුදල් කොල්ලකෑමට උත්සාහ කර තිබේ.

ඒ අවස්‌ථාවේ ව්‍යාපාරිකයා කොල්ලකරුවන් දෙදෙනා සමග පොර බදා මුදල් බේරා ගැනීමට උත්සාහ කර ඇත. ව්‍යාපාරිකයාගේ බිරිඳද මේ අවස්‌ථාවේදී මුදල් සහිත බෑගය කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට දැඩි උත්සාහය නිරත වී තිබේ.

මුදල් කොල්ලය වැරදී ගිය පසු කොල්ලකරුවන් ව්‍යාපාරිකයාට වෙඩි තබා යතුරුපැදියේ නැගී පලාගොස්‌ ඇත්තේ ඉන් අනතුරුවය.

වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ව්‍යාපාරිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ තිබේ.

නාවික හමුදාවේ විශ්‍රාමිකයකු වන අයිලෙක්‌ස්‌ පෙරේරා මහතා ජා-ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගොස්‌ සිටි අයෙකි. සති අන්ත නිවාඩු දින දෙකේදී එකතුවූ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට වැඩිහිටි යුවළ මුහුණ දී ඇත.

ව්‍යාපාරිකයා ඝාතනය කර පලා ගිය කොල්ලකරුවන් සෙවීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා ඇති අතර බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

මෙම සිද්ධිය ඇසින් දුටු ජා-ඇල ඇන්ටනි පෙරේරා මහතා ඒ පිළිබඳව මෙසේ විස්‌තර කළේය.

උදේ 8.30 ට විතර පාරේ බයික්‌ තුනක්‌ ආවා. සිද්ධිය වූ ස්‌ථානයේ ලොකු කලබලයක්‌ වගේ පෙනුණා. මම හිතුවේ ඇක්‌සිඩන්ට්‌ එකක්‌ වෙලා කියලා. බයික්‌ එකේ හිටියේ බීම කොම්පැණි මහත්තයයි එයාගේ නෝනයි. මහත්තයා දෙන්නෙක්‌ එක්‌ක පොර බදනවා මං දැක්‌කා. මුදල් බෑග් එක තිබුණේ නෝන ළඟ. ඒ අයට ඒක ගන්න බැරුව ගියා.

ඒත් එක්‌කම වෙඩි තුන හතරක්‌ තිබ්බා. මහත්තයා ලේ පෙරාගෙන දඟලනවා දැක්‌කා. බයික්‌ දෙකේ ආව අය ජා-ඇල ටවුන් එක පැත්තට වේගයෙන් ගියා යෑයිද ඇන්ටනි පෙරේරා මහතා කීවේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive