එජාපයෙන් ඌව පළාත් මහ ඇමති ධුරයට තරඟ වැදීමට නියමිත එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා නිතර නිතර මන්ත්‍රී නාමල් රාජපක්ෂට කතා කර උදවු ඉල්ලන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඒ මහතා මෙසේ පවසා ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතාට දුරකතනයෙන් කතා කොට ඔහු උෟවේ මහ ඇමැති අපේක්ෂක තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජේයෂ්ඨ මන්ත්‍රිවරයකු විසින් කල විමසීමකදීය.
ඌවේ මහ ඇමතිකමට තරඟ වැදීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටියේ යයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මේ දිනවල තම හිතවතුන් සමඟ කර ඇති ප්‍රකාශයක සත්‍ය-අසත්‍යතාව දැනගැනීම සඳහා එජාපයේ එම ජේයෂ්ඨ මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කර තිබේ.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට කතාකොට ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ අදහස් දැක්වීමට තමන්ට පිස්සුද යනුවෙන් ජනාධිපතිවරයා විසින් අදාළ මන්ත්‍රිවරයාට පවසා ඇත. හරීන් මන්ත්‍රිවරයා නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගෙන් උදව් ඉල්ලා නිතරම දුරකතන ඇමතුම් ලබාදෙන බව එහිදී ජනාධිපති මහින්ද රාජපක්ස මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

0 comments:
Post a Comment