facebook like

මහා පරිමාණ කුඩු ජාවාරමේ සියලු සාක්‍ෂි මා ළඟ තියෙනවා..

තමන් සතුව කොලොන්නාවේ කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත හැති සාක්‍ෂි ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමදන්ද්‍ර මෙනවිය පවසයි.

ඊයේ රේගු අත්අඩංගුවට පත් හෙරොයින් තොගය දැක තමන් මහත් සේ කම්පාවට පත් වූ බවද ඇය සඳහන් කරයි.

‘මට හිතාගන්න බැරි මෙච්චර මේ කිලෝ සියක් කියන්නේ හිතාගන්න බැරි ප්‍රමාණයක්. මේ කාවද මේ විනාශ කරන්න හදන්නේ. මේ විනාශ කරන්න හදන්නේ රටේ ඉන්න තරුණ පරපුර. මේ රටට කුඩු ගේ‍න්නේ කවුද මේ රටේ කුඩු ව්‍යාප්ත කරන්නේ.

මගේ තාත්තා ඝාතනය කරන්න මුල්වුණ පුද්ගලයෝ මේකට සම්බන්ධයි කියලා මම මුල ඉදන් කිව්වේ. මගේ තාත්තට අන්තිමට ඝාතනය වෙන්න සිද්ධ වුණෙත් මෙන්න මේ කුඩු ගැන කතාකරලා කියන එකත් මම මුල ඉඳන්ම කිව්වා.

ඉතින් මේකට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එක කණගාටුවෙනවා. මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රජයෙනුත් අතිගරු ජනාධිපතිතුමාගෙනුත් සියලුම දෙනාගෙන් මේක ගැන හොයලා බලලා, මම ඉතාමත් වගකීමෙන් කියන්නේ අපිට සාක්ෂි තියෙනවා කවුද කුඩු විකුණන්නේ කොලොන්නාව ඇතුලේ, ඒ කට්ටිය කාටද සම්බන්ධ ඒ කුඩු විකුණන අය කෙලින්ම සම්බන්ධවෙලා ඉන්නේ කාටද කියන එක මේවා ගැන හොයලා බලලා පොලීසිය කටයුතු කරන්න.

ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම තරුණ තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කතා කරන පුද්ගලයෙක්. ඔහු අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත්වෙලා මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් පොලීසිය දැනුවත් කරලා අනිවාර්යයෙන් ක්‍රියාමාර්ගයක් ගනි කියන බලාපොරෝත්තුව අපිට තියෙනවා’ යයිද ඇය සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive