facebook like

ලයිට් කණුව මැදි කර කාපට් දාලා...........මරු සංවර්ධනෙ

ජූලි හතයි, මේකත් මල ජූලියක් වෙන්නා වූ කතාන්දරයකි.

”පාර ලොකු කරලා මරුවෙක් බිහි කරලා” ගම්වාසීන් පවසන්නේ මේ නිසාය.

ගාල්ල හබරාදුව අන්දුගොඩ පන්සල ඉදිරිපිටින් පිහිටි ඉබ්බාවල වැලිගම මාර්ගය කාපට් කර සංවර්ධන කටයුතු ආරම්භ කර වැඩ අවසන්ව තිබේ. අඩි 10ක් පමණ පළලින් යුතුව තිබූ මෙම මාර්ගය අඩි 16ක් පමණ විශාල කර සංවර්ධනය කිරීම ප‍්‍රදේශයටම විශාල සේවාවකි. මෙම මාර්ගය විශාල කරද්දි විදුලි කණුවක් මාර්ගයේ මධ්‍යයට වන සේ මාර්ගය විශාල විණි. මෙසේ මාර්ගය මධ්‍යයේ මෙම විදුලි කණුව මාස 3ක් පමණ තිබිණි.

ප‍්‍රදේශයේ ජනතාව බලා සිටියේ මෙම විදුලි කණුව මාර්ගය කාපට් කරනකොට ඉවත්වේය කියාය. නමුත් එය එසේ සිදුවූයේ නැත. දැන් දිවා ? දෙකේ මග මරුවෙක් මෙම මාර්ගයේ බලා සිටින බව ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම අනතුරුදායක තත්ත්වයට විසඳුමක් සිදුවෙන්නේ නොමැති හෙයින් අන්දුගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අන්දුගොඩ හේමාලංකාර හිමියන් පවසා සිටියේ මාර්ගය කාපට් කිරීම නිසා වාහන  වෙනදාට වඩා වේගයෙන් එනවා. වාහනවල එන රියදුරන් කිසිවිටකත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉදිරියේ දී ලොකු අනතුරක් වෙන්න පුළුවන් හැකි ඉක්මනින් මෙය ඉවත් කරන්න වගකිවයුතු ඇත්තන්ගේ ඇස් දෑස් ඇරේවා යැයි උන්වහන්සේ පැවසූහ.
ප‍්‍රදේශවසීන් කියා සිටියේ මෙම ගමේ විශාල පිරිසක් රාත‍්‍රී කාලයේ පාපැදියෙන්, යතුරුපැදිවලින්, ති‍්‍රරෝදරථවලින් ගමන් කරනවා. මේක මහා අනතුරක්, මහා අපරාධයක්. තම තමාගේ යුතුකම් තම තමා නිවැරදිව ඉටු කිරීම මේ අය පැහැර හැරලා. මහජනතාව, වාහන විහාල පිරිසකගේ ජීවිතවලට හානියක් විය හැකි අතර මෙය හැකි ඉක්මනින් ඉවත් කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

අප මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් කළ විමසුමක දී මේ ඇත්තන් පවසන්නේ අමුතුම කතාන්දරයකි.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් හබරාදුව විදුලි අධිකාරි හිමාල් දර්ශන මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

මෙහෙම පාරක් පළල් කර සංවර්ධනය කරන විට එහි විදුලි කණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර හදන්න පෙර විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කළ යුතුයි. නමුත් මේ මාර්ගය සෑදු අය එසේ කිසිම දෙයක් සිදුකර නෑ. අවම වශයෙන් අපිට ලිඛිත දැනුම් දීමක්වත් කර නෑ. එසේ තිබෙන අවස්ථාවක අපිට මේ සඳහා මැදිහත්වීමේ හැකියාවක් නෑ. මෙහි වගකීම ගත යුත්තේ මාර්ගය සංවර්ධනය කළ අයයි.

කාරණය එසේ නම් මෙයට වගකිව යුත්තේ මෙම මාර්ගය පාවිච්චි කරන ජනතාව ද?

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive