එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට අභියෝගයක් ලෙස එම කරුණු විමර්ශනය කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන්ද කමිටුවක් පත්කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥයන් පවසන්නේ පිල්ලේගේ කමිටුවට ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදෙන බව පැවැසීමෙන් ලංකා ආණ්ඩුව ඇති කරගත් අපකීර්තියද, මෙමඟින් යම් තරමකට සමනය කර ගැනීමට ඉඩක් ලැබෙන බවයි. ආණ්ඩුව මඟින් පත්කිරීමට නියමිත මෙම කමිටුවට සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, මහාචාර්ය සර් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් කේර්න් ඇතුළත් වේ.
සියරා ලියෝන්හි යුද අපරාධ අධිකරණයේ හිටපු නීතිඥයකු වන, බි්රතාන්ය නීතිඥ සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, මහනුවර ප්‍රදේශය නියෝජනය කළ ප්‍රකට දේශපාලනඥයකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වාගේ මුනුබුරෙකි.
සුඩානය, කෙන්යාව, ලිබියාව යන රටවල් සම්බන්ධයෙන් පැවැති යුද අපරාධ පරීක්ෂණ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ඇති බි්රතාන්ය නීතිඥයකු වන මහාචාර්ය සර් ජෙෆ්රි නයිස්, අන්තර්ජාතිකව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
සියරා ලියොන් රාජ්‍යයට එරෙහිව පිහිටුවන ලද විශේෂ අන්තර්ජාතික අධිකරණයේදී එරට වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා වූ මහාචාර්ය ඩේවිඩ් කේර්න් එහිදී සර් ඩෙස්මන්ඩ් ද සිල්වාගේ ප්‍රධානියා විය.

0 comments:
Post a Comment