පාළු නිවෙසක හාමතේ සිටි බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු මාතලේ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මාතලේ බාබර්වත්ත ප්‍රදේශයේ නිවෙසක සිටියදී සොයාගෙන ඇත. දරුවන් දෙදෙනකු කුසට කිසිදු ආහාරයක් නොමැතිව හාමත්ව නිවෙසක සිටින බවට පරගහවෙල ග්‍රාම නිලධාරිවරයාගෙන් ලැබුණු තොරතුරක් මත මේ දරුවන් සොයා ගැනීමට පොලිසියට හැකිව ඇත.
අවුරුදු තුනක් සහ හතරක් වයසැති මේ දරුවන්ගේ පියා දරුවන්ට නොසලකන පුද්ගලයකු බවත් මව අවුරුදු දෙකක් වියැති දරුවාද රැගෙන පාන්දරින්ම හිඟමන් සොයා පාළු නිවෙසින් පිටව ගොස් ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත. සවස මව නිවෙසට පැමිණෙන තෙක් මේ දරුවන්ට වතුර පොදක් හෝ නොලැබෙන බවද වාර්තා වේ.
ගෙබිමේ නිරුවත්ව වැතිර සිටි මේ දරුවන් පොලිසියට රැගෙන ගොස් නහවා ආහාරපාන සහ ඇඳුම් ලබාදීමට පියවර ගත් පොලිසිය මාතලේ අතිරේක දිසා විනිසුරු / මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතාගේ නියෝග මත මාතලේ කවටයාමුණ ළමා නිවාසයේ රඳවා තැබීමට පියවර ගෙන ඇත.

0 comments:
Post a Comment