වසර දහයකට පෙර කලින් පත්තර මහ ගෙදර ‘සිළුමිණ’ට ආධුනික මාධ්‍යවේදිනියක් එකතු වෙනවා. කෙල්ල ආධුනික වූවාට මාධ්‍ය කලාවේ උපන් හපන්කම් තියෙන බව එවකට ‘සිළුමිණ’ කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා ඉවෙන් මෙන් හඳුනා ගන්නවා.
ඇය මුලින්ම පිටු කාලක තරම් සුන්දර පරිසර විශේෂාංග ලිපියක් ලියනවා. ‘සඳ එළිය රජ කරන මහ එළිය’ මේ අපූර්වතම විශේෂාංග ලිපියට දසතින් ප්‍රතිචාර ගලාගෙන එනවා. ලිවීමට වගේම කතාවටත් හැකියාව තිබුණු මේ කෙල්ල පසුව ගුවන් විදුලියේ මහ ගෙදරටත් දක්ෂ හඬ කැවීමේ ශිල්පිනියක් වෙනවා. කතාවටත්, ලියන්නත් හැකියාව තිබුණු නිසාම ඇය පසුව ‘දෙරණ’ නාලිකාවට එක් වෙන්නේ නිවේදිකාවක් ලෙසින්.
දෙරණ නිෂ්පාදන අංශයේ අසෝක පියරත්න මහතා වෙසක් වැඩ සටහනක් කරද්දී මේ අපූරු හැකියාවන් දෙකම ඇති නිවේදිකාව හමු වෙනවා. ඉතාම ගැඹුරු ගවේෂනාත්මක වැඩ සටහනක් වූ එය සාර්ථකව නිමාව දකින්නේ ඇය පිළිබඳ අසෝකගේ හිත ගනිමින්. ඔහු ඇයට එකවරම කියන්නේ ‘මම උඹට කැමැතියි’ කියලා. තරමක් තැති ගැම්මකුත් සමඟ පිටවන මේ ප්‍රකාශය ගැන ඇය නැවත සිතන්නේ තරමක පුදුමයෙන්. එදා ඇගේ හැකියාවට කැමැති වුණේ අසෝක විතරක්. අද මේ කෙල්ල රටම හඳුනා ගන්නේ රටම කතා කරන වැඩ සටහනකින්. ඒ තමයි 360 සමඟ ඔබ හමුවන දිල්කා සමන්මලී.
අද අපි ඇය මාධ්‍ය කලාවේ අත්පොත් තිබූ පත්තර මහ ගෙදර ‘සරසවිය’ට කැඳවාගෙන එන්නේ ඇයට අපූරු පුදුම හිතෙන තෑග්ගක් දෙන්න. ඒ තමයි ඇගේ උපන් දින තෑග්ග. ජූලි 04 වැනිදාට යෙදෙන දිල්කාගේ උපන් දිනය වෙනුවෙනුයි අපි මේ සොඳුරු පිළිසඳර අරඹන්නේ.
දිල්කා කියන දක්ෂ නිවේදිකාව අපි හඳුනා ගන්නේ 360 වැඩ සටහනින්. මෙවැනි දේශපාලන වැඩසටහනක් කරන්න තෝරා ගැනීමට ඔබට ඒ ගැන පුළුල් දැනුමක් තිබෙන්නට ඇති නේද?
මෙම වැඩසටහන මුලින්ම පටන් ගත්තේ මම නොවෙයි. සෙනාල් බරණගේ මහත්තයා මේක මුලින්ම පටන් අරගෙන තිබුණේ අසෝකා රාජකරුණා මහත්මියගෙන්. ඇය ටික කාලයක් කරලා පසුව වෙනත් නිවේදිකාවකුත් කරලා වැඩසටහන නවත්තලා තිබුණේ. නමුත් මේ වැඩේ පටන් ගන්න සෙනාල් බරණගේ මහත්තයට දැඩි වුවමනාවක් තිබුණා. ඔය නවත්තපු කාලේදී මට ආරාධනාවක් ලැබුණා මේ වැඩසටහන කරන්න. පාසලේදී විද්‍යා විෂයන් හදාරපු මට දේශපාලනය වැනි විෂයයක් ගැන කිසිම අවබෝධයක් නැතිව මේ දේ කරන්න බැහැ කියලා මම මුලින්ම ප්‍රතික්ෂේප කළා. ඊටත් දේශපාලනය ගැන කිසිම කැමැත්තක් තිබුණෙත් නැහැ. ඒත් පාලන අධිකාරියෙන් මට මෙම වැඩසටහන කරන්න කියලා විශාල බලපෑමක් කළා.
මේ කතාව කොහොම හරි පිටටත් ගිහින් තිබුණේ. දවසක් මම කැන්ටින් එකේ ඉන්න කොට මේ වැඩසටහන කරපු නිවේදිකාව තවත් කීප දෙනෙක් එක්ක ඇවිත් 360 පටන් ගන්න යන කතාව ඇදලා ගත්තා. ආයෙමත් 360 පටන් ගන්නවා කියලා ආරංචියි. මම නිකම් ඉන්නේ නැහැ නඩු දානවා. එතකොට දැන් ඔය වැඩසටහන කරන්න යන අයටත් කූඩුවට නඟින්න වෙයි’ කියලා මට ඇහෙන්න කියන්නේ මාව බය කරන්න. එදා මම තීරණය කළා මේ වැඩසටහන අභියෝගයක් හැටියට භාර ගන්න. මම සෙනාල් බරණගේ මහත්තයා හමු වෙලා කිව්වා මට මේ වගේ අභියෝගයක් තියෙන නිසාම මේ වැඩේ මම භාර ගන්නවා. මාස 3 ක් බලන්න. සාර්ථක නොවුණොත් මගේ සුපුරුදු වැඩසටහන් කරගෙන ඉන්නම් කියලා. එදා එහෙම කියලා පටන් ගත්තු 360 ට දැන් අවුරුදු හතයි.
මෙවැනි අභියෝගයක් භාර ගත්තු ඔබට ලැබුණු විශාල අත්දැකීම් ඇතිනේ. ඒ ගැන කියන්නකෝ . . .
මගේ මුල්ම 360 වැඩසටහන පටන් ගත්තේ වාසුදේව නානායක්කාර ඇමතිතුමා සමඟ. දේශපාලන දැනුම, පරිනතභාවය, ගැඹුරු සමාජවාදී දේශපාලන දර්ශනය යන හැම දෙයක්ම ඇති ඔහු වගේ ජ්‍යෙෂ්ඨයකු සමඟ මේ වැඩසටහන කිරීමේදී මට බයක් දැනුණා. ඒත් මම ඒ බව පෙන්නුවේ නැහැ. වැඩසටහනට පෙර හොඳින් සූදානම් වෙලා කරුණු ගැන අධ්‍යයනය කරලා වැඩසටහනට ප්‍රවිෂ්ඨ වුණා. පළමු පැය භාගය යද්දී මට තේරුණා මට මේ වැඩේ ඒ තරම් අපහසු නැහැ කියලා. ඊළඟ වැඩසටහන තිබුණේ විමල් වීරවංශ ඇමතිතුමා සමඟ. ඔහු සතු කථිකත්වය හා කරුණු විග්‍රහ කිරීමේ හැකියාව, ඉදිරිපත් කිරීමේ විලාශය ගැන මම සෑහෙන අධ්‍යයනය කරලා තිබුණා.
ඇත්තෙන්ම එම වැඩසටහනත් හිතුවාට වඩා සාර්ථක වුණා. තුන්වැනි වැඩසටහන තිබුණේ ජෙයරාජ් ප්‍රනන්දු පුල්ලේ ඇමතිතුමා සමඟ. ඔහුගේ විලාසය තරමක් වෙනස්. ඔහු සිතා සිටියේ මෙම වැඩසටහන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන, විවේචනාත්මක වැඩසටහනක් ලෙස. ඒ නිසා වැඩසටහන ආරම්භයේ සිටම මට පෙරළා පහර දෙන්න පටන් ගත්තා. ඔහු මම අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ පොල්ලෙන් ගහනවා වගේ ඉතාම ආවේගශීලීව. පළමු පැය කාල තුළ මම ඉතාම අපහසුතාවයකට පත් වුණා. මම අහන ප්‍රශ්නයට ඔහු ලබා දෙන පිළිතුරු අදාළ ද නැද්ද කියාවත් හිතුවේ නැහැ. ඒ වෙලාවේ මම ඉගෙන ගත්තු සමාජ විද්‍යාවෙන් ප්‍රයෝජන ගත්තා. මම පළමු විරාමයට යන්නට පෙර ඔහුගෙන් ඇසුවා ඔබතුමා ඉන්නේ කේන්තියෙන් නේද කියලා. ඔහු කිව්වා නැහැ කියලා. මම පෙරළා කිව්වා ඒ ඔබතුමාගේ ස්වභාවය නේද කියලා. එයින් ඔහු මගේ පැත්තට නතු කර ගන්නට හැකි වුණා. ඉන් පස්සේ වැඩසටහන හොඳින් ගලාගෙන ගියා.
ඇත්තටම මේ වැඩසටහන් තුන කරද්දී සමාජයේ හොඳ කතිකාවක් ගොඩනැගිලා තිබුණා මේ වැඩසටහන ගැන. ඉන් පසුව වැඩසටහනට එක් වුණේ මර්වින් සිල්වා ඇමතිතුමා. ඒ වැඩසටහන කරන කාලයේදී තමයි ඔහු ජාතික රූපවාහිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබුණේ. මගේ වැඩසටහනට යද්දී එක්කෝ මර්වින් - එක්කෝ දිල්කා කියලා සමහරු මාව බය කළා. නමුත් මට දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණේ නැති නිසා ඔහු සමඟ ගැටලුවක් ඇති වුණේ නැහැ. ඔහු එම වැඩසටහනේදී පරිණත දේශපාලඥයකු ලෙස හැසුරුණා. ඇත්තටම මම ඒකට ඔහුට ගරු කරනවා. ඔහු කිව්වා ඔයාගේ ජොබ් එක ඔයා කරන්න. මගේ ජොබ් එක මම කරන්නම් කියලා. එය සාර්ථකම වැඩසටහනක් වුණා විතරක් නොවෙයි, එය තවත් එක් රූපවාහිනී වැඩසටහනක් බව ඔහු හොඳින්ම දැනගෙන හිටියා.
ඒත් ඇතැම් වැඩසටහන්වලදී ඇතැම් දේශපාලන චරිත ඔබ සමඟ ගැටුම් ඇති වූ අවස්ථා තිබෙනවා නේද?
ඔව්. මම එවැනි ගැටුම් ඇති වූ අයගේ නම් කියන්න කැමැති නැහැ. නමුත් ඒ චරිත දේශපාලනයට සම්බන්ධ වුණාට පූර්ණකාලීනව දේශපාලනයේ සිටි අය නොවෙයි. එවැනි අය මෙම වැඩසටහනට ආපු අවස්ථාවලදී ගැටුම් ප්‍රශ්න මතු වුණා. එක්කෝ කලාවට සම්බන්ධව සිටි අය නැතිනම් ආගමික සංවිධානවලට සම්බන්ධ දේශපාලන චරිත. නමුත් පරිනත දේශපාලඥයකුට මෙය එක් වැඩසටහනක් විතරයි. පෞද්ගලික මට්ටමින් හිතන නළුවෙක් දේශපාලඥයකු වුණොත් මේ ගැන ගැඹුරින් නොසිතා මෙය එළියට අරගෙන යනවා. එතනදී නැති ගැටුම් ඇති වෙනවා.
මෙවැනි වැඩසටහනක් කිරීම ගැන ඔබේ සැමියාගෙන්, පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මගේ සැමියා දුලාන් චන්දන විජේරත්න. ඔහු පරිසර විද්‍යාඥයෙක්. එයා මගේ මාධ්‍ය කටයුතුවලට කිසිම සම්බන්ධයක් නැති වුණත් වෘත්තීය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි අම්මා නම් සමහර වැඩසටහන් බලලා කියනවා මම අහපු ප්‍රශ්නය තද වැඩියි කියලා. තාත්තා නම් ඉතිං කොහොමත් මාධ්‍යයට සම්බන්ධ නිසා වැඩසටහන් කිරීම ගැන කිසිම බියක් නැහැ. පවුලේ කිසිම කෙනෙක් මගේ මේ වැඩසටහන නවත්වන්න කියලා නම් කියන්නේ නැහැ. නමුත් වැඩසටහන් කළ අවස්ථාවලදී ගෙදරට එන තර්ජනාත්මක ඇමැතුම් නිසා අපේ අම්මා කලබල වුණු අවස්ථා තිබෙනවා.
දිල්කා දැන් ඔබ දෙරණ නාලිකාවේ දරන තනතුර . . .?
මම ප්‍රවෘත්ති නිවේදිකාවට අමතරව විධායක ප්‍රවෘත්ති කළමනාකරණියක ලෙසත් කටයුතු කරනවා.
ඔබේ උපන් දිනයට සුබපතන්න විද්‍යුත් තැපැල් ලිපිනය . . .?
මගේ ලිපිනය - dilka@derana.lk
දුමින්ද කාරියවසම්

0 comments:
Post a Comment