පරිවර්තනය හේමන්ත රණවීර-
ජපක්ෂ ශී‍්‍ර ලංකාව තුළ ශ්රොඩින්ගර්ගේ බළලා කොටියෙක්ය.
අර්වින් ශ්රොඩින්ගර්ග් ප්‍රකට මනෝ අත්දැකීම තුළ බළලකු, විස පිරවූ කුප්පියක්, ගයිගර් කවුන්ටරයක්, විකිරණීශිලි පරමාණුවක් පැයක් තිස්සේ පෙට්ටියක තබන ලදි. සියල්ල මනස්කල්පිතවය. පරමාණුව පිපිරුවේ නම් ගයිගර් කවුන්ටරය විකිරණය ඇතිකර වස කුප්පිය බිඳී යන අතර බළලා මිය යනු ඇත. පරමාණුව නොපිපිරුවේ නම් බළලා සුරක්ෂිතය. මේ පැය තුළ මනස්කල්පිත බළළා ජීවිතය හා මරණය දෙක තුළම සිටී.
ශී‍්‍ර ලංකාවේ රාජපක්ෂ පාලනය තුළ කොටියා පණපිටින් මෙන්ම මියගොස්ද සිටී. රාජපක්ෂලාට අවශ්‍ය වූ විට කොටියා පණපිටින්ය. රාජපක්ෂලාට අවශ්‍ය නොවන විට කොටියා මියගොස්ය. දැනට තිබෙනවා මෙනි. ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට අනුව එල්ටීටීඊය දැනට නොපවතින සංවිධානයක් බැවින් එල්ටීටීඊය කරන ලද යුද අපරාධ ගැන සෙවීම තේරුමක් නැති වැඩකි. මාස තුනකට කලින් නම් කොටියා කරදරකාරී ලෙසින් සජීවීව සිටියේය. ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්තාවට තර්ජනයක් වන කොටියා පිළිබඳව ආරක්ෂක ලොක්කෙකු කරන අනතුරු ඇ`ගවීමකින් තොරව දවසක් වත් ගතවුණේ නැත. චෝදනා ගොනුකරනු ලැබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත කරළියට ගන්නා ලදි. දෙමළ ඩයස්පෝරාවේ කටයුතු විශාල කොටසක් තහනම් කරන ලද අතර මියගිය කීපදෙනකු ඇතුළත්ව පුද්ගලයෝ රැුසක් ත්රස්තවාදීන් ලෙස නම් කරන ලදහ. උතුරේ භීෂණ සමයක් ඇති කරන ලදි. ආයුධ සහ ත්රස්තවාදීහුද සොයා ගන්නා ලදහ. අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලදි. කොටින්යැ’යි සැකකරන ලද සමහරුන් පසුව නිදහස් කරන ලද මුත් 58 හැවිරිදි ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාතාව තවමත් අත්අඩංගුවේය. රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී සිටියේ ගෝපි රැුකියා විරහිත තරුණයන් බඳවාගෙන ඔවුන් ත්‍රස්තවාදී කටයුතුවල යෙදවීමටත් එල්ටීටීඊය පණ ගැන්වීමටත් කටයුතු කරන බවය. එහෙත් කොටියාට හදිසියේ පණ ආවා සේම හදිසියේම පණ ගියේය. ඉන් පසුව වේදිකාව මැදට ගෙනාවේ මුස්ලිම් මඩගොහොරුවය. එල්ටීටීඊය කියා දෙයක් තවදුරටත් නැත්නම් බාලේන්ද්‍රන් මහත්මිය වැනි අය රඳවාගන සිටින්නේ ඇයි?
මේ සතියේදී ජ්‍යෙෂ්ඨ කොටි නායකයන්යැ’යි සැකකරන හතර දෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා ලදහ. එල්ටීටීඊය තවදුරටත් පවතින සංවිධානයක් නොවන නිසා ඒ ගැන කරදර නොවන්නැයිි කොළඹින් ක්වාලාලම්පූර් වෙත නොකියන්නේ ඇයි?
රජය සිතන ලෙසට එල්ටීටීඊ අපරාධ පිළිබඳ වගකිව යුතු කිසිවකුත් බිම් මට්ටමේ නොමැතියැ’යි ඇමති රඹුක්වැල්ල පවසයි. ඇත්තටම කොටින්ගේ මුදල් රැුස්කිරීම් හා ආයුධ මිලදී ගැනීම් පිළිබඳ වගකිව යුත්තා වේළුපිල්ලේ පිරපාහරන් නම් කළ අනුප්‍රාප්තිකයා මිස වෙනත් කෙනෙක් නොවේ. ඒ ජාත්‍යන්තර පොලීසියට හා ඉන්දීය රජයට අවශ්‍ය පුද්ගලයකු වන කුමරන් පද්මනාදන්ය. ඔහු තවදුරටත් දෙමළ සූරිය දෙවියන් අදහන්නෙක් නොවේ. ඔහු දැන් අදහන්නේ සිංහල මහරජතුමන්ය. එබැවින් ඔහු හෝ රාජපක්ෂ ගෝලයන් බවට පත්ව සිටින කිසිදු ඉහළ පෙළේ කොටියකු එල්ටීටීඊ අපරාධ පිළිබඳ වගකිවයුත්තකු නොකළ හැකිය. මේ අතර සාමාන්‍ය දමිළයෝ බොහෝ ගණනක් කොටි අපරාධ චෝදනාවලට සිරකූඩුවල ලගිිමින් සිටිති.
එක්සත් ජනපදය නිකරගුවාවේදී කරන ලද භීෂණ කි‍්‍රයා සහ ඔවුන් ලෝකය පුරා ත්‍රස්තවාදී කි‍්‍රයා ලෙස හෙළාදකින කි‍්‍රයා අතර වෙනස විස්තර කරමින් මැනගුවා ඇමරිකන් තානාපති ඇන්තනි ක්වින්ටන් පැවසුවේ ‘ඔවුන් කළොත් ඒක ත්‍රස්තවාදය. අපි කළොත් ඒක නිදහස වෙනුවෙන් කරන ලද සටනක්’ යනුවෙනි. රාජපක්ෂලාද හතර වන ඊලාම් යුද්ධයේ සැබෑ තත්ත්වය සහ තමන්ගේ මානුෂික මෙහෙයුම ගැන පුරසාරම අතර වෙනස පිළිබඳ දක්වන්නේ මෙබඳුම තර්කනයකි. යුද්ධයෙන් පසුව ද කි‍්‍රයාත්මක වන්නේ එම තර්කනයමය. රාජපක්ෂලාට විරුද්ධ ඕනෑම දමිළයෙක් කොටියෙකි. රාජපක්ෂලාව පිළිගන්නා එල්ටීටීඊකරුවෝ කිසිසේත්ම කොටි නොවෙති. කොටියා තවදුරටත් දිගුකලක් මියගොස් නොසිටිනු ඇත. මුස්ලිම් මඩගොහොරුව උපරිම ලෙස යොදාගත් පසුව මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ නිම වූ පසුව කොටියාට නැවත පණ දී ගෙන්නා ගනු ඇත. ඉදිරි කාලයේ ඉස්ලාම් කි්රස්තියානි කතෝලික මඩගොහොරු ඇතිකර ගනු ඇත. එකම ප්රශ්නය වන්නේ ඌව මැතිවරණයට කොටියා පණපිටින් තබයිද නැත්නම් ඊළ`ග ජනාධිපතිවරණය වනතුරු ඌ ශීත පෙට්ටියේ තබයිද යන්නය. මේ අතර කාලය තුළ සිංහල බෞද්ධයන් හා මුස්ලිමුන් අතර සබඳතාවට කෙතරම් හානි සිදුකරාවිදැයි කිව නොහැක.
සදාකාලික සතුරා
ශී‍්‍ර ලංකාවට ඉතා වැදගත් තෙල් නළවල දිරාගිය ස්වභාවය පිළිබඳව විගණකාධිපති මෑතදී අනතුරු ඇ`ගවූයේය. මේ සතියේ තවත් නළයක් බිඳී ගියේය. උස්වැටකෙයියාව වෙරළේ මුහුදේ සිට පිරිපහදු බොර තෙල් එවීම සහ ගබඩා කිරීම නවතා දැමුණේ මුහුදේ බෝයාවේ සිට එන නළයක් පුපුරා ගිය බැවිනි. ජුනි 25 එම නළ මාර්ගයේම වූ පිපිරීමක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන ලදි. රජය වැරවෑයමෙන් අරමුදල් සොයන්නේ අලූත් නළ පද්ධතියක් තැනීමට නොව දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමටය. නායකයාට වැරදිය නොහැකියැ’යි පිළිගැනෙන විට විවේචන, ඇගැයීම්ථ කි‍්‍රයාමාර්ග නිවැරදි කිරීම් සිදුවන්නේ නැත. අපරාධ හා වැරදීම් ප්‍රතික්ෂේප කෙරෙන්නේ ඒවා සිදු නොවිය හැකි දේ බැවිනි. වරදක් වුවත් ඒ වෙනත් පුද්ගලයකුගේය. වැරදිය නොහැකි නායකයාට මුවාවීමට නිදහසට හේතු ලෙසට සාධාරණීකරණය කිරීම සඳහා සදාකලික සතුරන් අවශ්‍යය.
නළ මාර්ග පද්ධති කැඞී ඉන්ධන නොමැති වූ විට ඒ ගැන දෙමළ කොටින්ට සිංහල කොටින්ට හා ඉස්ලාම් ත්රස්තවාදීන්ට දොස් පැවරිය හැකිය. මෙලෙසගොහොරු තැනීම සදාකාලිකව සිදුවන්නකි. රාජපක්ෂලාට ඉස්ලාම් මඩගොහොරුව ඇමරිකාවේ ජාතිවාදී හා කි්රස්තියානි මූලධර්මවාදීන් කරන ලෙසට ගොඩන`ගා ගත හැක. රාජපක්ෂලා සහ ඔවුන්ගේ අනුගාමී සිංහල බෞද්ධ රූකඩ මුස්ලිම්වරුන් ජාතියට අහිතකර කොටසක් ලෙස පෙන්වනු ඇත. ෂරියා නීතිය දක්වමින් සිංහල දකුණේ මුස්ලිම් භීතිකාවක් ඇති කළ හැකිය.
අලූත්ගම කලබල විදේශීය අංශ විසින් ඉන්දියාවට දකුණින් ඇති රටවල් තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා යොදා ගනීද යන සැකයක් ඉන්දීය මාධ්‍ය තුළ මතුකර තිබිණ. ලබන සතියේ ඇමති ජීඑල් පීරිස් දිල්ලියට ගිය විට ඉස්ලාමීය මූලධර්මවාදයේ හා ත්රස්තවාදයේ පොදු තර්ජනය ගැන ඉන්දීය විදේශ ඇමතිනිය හා කතාකරනු ඇත. ඉන්දියානු මාධ්‍ය විසින් විදේශීය අංශ ලෙස සඳහන් කරන්නේ පකිස්ථානුවන්ය. ශී‍්‍ර ලංකාවේ සිටින පකිස්ථාන සරණාගතයන් පරීක්ෂා කිරීම අරඹා තිබේ. ශී‍්‍ර ලංකාවේ සිටින්නේ ඉස්ලාමීය අන්තවාදීන්ට බියේ පලා ආ අහමඩියානුවන් හෝ කි්රස්තියානින්ය. දකුණු ඉන්දියානු එල්ලයන්ට පහරදීමට ශී‍්‍ර ලංකා භූමිය යොදා ගැනීමේ ප්රශ්නය මෝඩි මතුකළ වහාම රාජපක්ෂලා වීසා ඉක්මවා රැුඳී සිටින පකිස්ථානුවන් අල්ලා ගැනීමට මෙහෙයුම් ඇරඹුවේය. මේ සම්බන්ධව පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාල නිලධාරියකු ශී‍්‍ර ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මේ තුළින් හින්දු ජාතිවාදී බීජේපීය උදාසීන කර ගැනීම රාජපක්ෂලාට හැකිවේද? නැත්නම් මේ තුළින් අපගේ දිගුකාලීන මිතුරකු වන පාකිස්ථානය අමනාප කරගෙන මෝඩිගේ ඉන්දියාව තරහ කර ගැනීමට සිදුවේද? පවුලේ බලය පවත්වා ගැනීමට සියලූ දේ කරන රාජපක්ෂලා සුළුජාතීන් කෝප කරගන අසල්වැසියන් අමනාප කරගෙන ශී‍්‍ර ලංකාව පෙර නොවූ විරූ ගිනිකන්දක් වෙත දක්කන්නේද?

0 comments:
Post a Comment