බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කළ රාජගිරිය මැල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දිගන විතානගේ පියසේන නැමැත්තාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ඔහු මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ල අසත්‍ය එකක් බවට කරුණු තහවුරුවීමෙන් පසුවයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. එසේම පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවට පවසමින් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගගේ සොහොයුරෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් රණතුංගද පොලීසියට කළ පැමිණිල්ල පිළිබඳවද විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

0 comments:
Post a Comment