පසුගිය දිනවල මෙන්ම මේ දිනවලත් වැඩි කතාබහට ලක්වන මාතෘකාවන් අතර එකක්වන්නේ ආහාර මිල ගණන්ය. මේ පිළිබඳව මාධ්‍ය මගින් කරන කතාබහේදී කාටුන් සඳහා ද ආහාර මිල ඉහළ යෑම් මාතෘකාව බවට පත්වී ඇත. අමු මිරිස් මිල ගැන වාර්තා කිරීමේදී මාධ්‍ය එම මිල ගණන් බොහෝ විට වාර්තා කරනු ලැබූයේ මිරිස් කරල් මෙතරම් ප‍්‍රමාණයක් මෙතරම් මිලයැ’යි සඳහන් කරමින්ය. එහිදී සිදුවී තිබුණේ කිලෝ හා ග‍්‍රෑම් යන නූතන මිනුම් ක‍්‍රම අහෝසි වී මිරිස් කරලට මිල නියම කිරීම දක්වා භාණ්ඩ මිල හෙවත් එළවළු මිල ඒ ආශ‍්‍රිත ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යෑමය.
දෛනික වැටුපට එදිනෙදා කුලියක් කර ජීවත් වෙන මිනිසුන්ට මෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථිර මාසික වැටුප් හිමි පුද්ගලයන්ටද මේ මිල ගණන් යටතේ ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම අසීරු බව අමුතුවෙන් කිවයුතු නැත.
ඒත් ඒ සඳහා වූ විසඳුම් සොයනු වෙනුවට ආණ්ඩුව හා ආණ්ඩුවේ පරිවාර පිරිස් විසින් රට හමුවේ ඔසවා තබනු ලැබූයේ සුළු ජාතිකයන්ට හා සුළු ආගමිකයන්ට එරෙහි වෛරය හා අන්තවාදය පමණය. අනෙක් පැත්තෙන් ඇති හැකි හා පරිභෝජනය කළ හැකි පිරිස්වලට එම කටයුතු වැඩි වැඩියෙන් පවත්වාගෙන යෑම සඳහා වාහන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ සඳහා නීත්‍යනුකූලව සහ නීත්‍යනුකූල නොවන අයුරින් බදු සහන ඇතුළු අනෙකුත් වරප‍්‍රසාද ලබාදීමය.
එසේ වුවද ජනාධිපතිවරයාද ආණ්ඩුවේ අනෙකුත් ඇත්තන්ද පම්පෝරි ගසන්නේ රට සහලෙන් මෙන්ම අනෙකුත් බවබෝගයෙන්ද ස්වයංපෝෂිත බවය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පලතුරු වගාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් හොරණ කනන්විල පලතුරු බෝග ගොවිපළේ පැවති උත්සවයකට ජූලි 14 වැනිදා සහභාගිවෙමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ පිටරටින් කෑම ගේන ප‍්‍රතිපත්තිය තමන් අත්හැරි බවය. එමෙන්ම පාන්පිටි ගෙනෙනකම් බලා සිටීම වෙනුවට බඩ ඉරිඟු සහල් හා උඳු පිටිවලින් සකසන ලද කෑම රටේ ඕනෑතරම් තිබෙන බවය. ඇපල් මිදි පවා අද රටේ වගා කරන බවද, මේ සියල්ල කෘෂිකාර්මික ජයග‍්‍රහණයන් බවද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබුණි.
පම්පෝරි එසේ වුවද ආහාරවලින් රට ස්වයංපෝෂිත නොවන බව අප දන්නා කටුක වුවත් සත්‍යයය. අඩුම තරමේ සහලින්වත් රට ස්වයංපෝෂිත නැත. බාස්මතී වැනි විශේෂ හාල් වර්ග පමණක් නොව නාඩු හා සම්බා වැනි සහල් වර්ගද රටට ආනයනය කෙරේ. අල, ළුෑනු, මිරිස් ආදියද, පරිප්පු ඇතුළු කඩල හා ඇට වර්ග ආනයනය කර පරිභෝජනය කරන්නට සිදුවී ඇත්තේ රට තුළ ඒවා ප‍්‍රමාණවත් තරම් නිෂ්පාදනය නොවන නිසාය. ටූනා වර්ගයේ ඇතුළු විවිධ මාලූ වර්ග අපනයනය කරමින් රට විදේශ විනිමය උපයනවායැ’යි පම්පෝරි ගැසුවද සාමාන්‍ය ජනයාගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය මාළු පවා පිටරවලින් ආනයනය කර වෙළෙඳපොළේ විකුණන්නට තිබීම රට වටේම මුහුදක් ඇති රටක් ලෙස ආඩම්බරයට කරුණක් ද යන්න සිතා බැලිය යුතුය.
රට තුළ නැති හෙයින් අනිවාර්යයෙන් ආනයනය කළයුතු ඉන්ධන, ඇඟලූම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික උපකරණ ආදිය හැරුණු විට ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ද විශාල මුදලක් අප වැය කරමින් සිටින බව ඒ සම්බන්ධයෙන් වූ දත්ත පිරික්සීමේදී පෙනීයයි.
මෙසේ ආනයනික ආහාර මත යැපීමට සිදුවී තිබීම රටේ කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ඇති මහා හිඩැසක් අපට පෙන්වයි. ඊට විසඳුම් සෙවීම වෙනුවට ප‍්‍රතිපත්ති සම්පාදකයන්යැ’යි කියාගන්නා පිරිසගේ ආර්ථික කළමනාකරණය අනුව සිදුකරන්නේ රට තුළ නැති හෝ පරිභෝජනයට අවශ්‍ය තරම් නැති ආහාර ද්‍රව්‍ය සඳහා ද අතිවිශාල බදු අයකරමින් දේශීය වගාව හෝ දේශීය ගොවියා ආරක්ෂා කිරීම යන සටන් පාඨ ගෙනහැර දැක්වීම පමණය. එසේ වුවද දේශීය ගොවියා සිය ණය ගෙවා ගන්නට බැරිව වස බොන බවද සමහරවිට සිය අස්වනු විකුණා ගැනීමට බැරිව ළතැවෙන බවද නිතර අපට අසන්නට ලැබෙන දේවල්ය.
එසේ වුවද අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ වෙළෙඳපොළේ ඇති විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍ය පොදු ජනයාට තමන්ගේ ආදායම අනුව මිලදී ගෙන එදිනෙදා ආහාර අවශ්‍යතාව පවා සපුරාගත නොහැකි තත්ත්වයකට පත්වීමය. මතුපිටින් නොපෙනුණද මේ සඳහා ආනයනික ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු ද බලපා ඇති අයුරු පෙනේ.
අල කිලෝවක් සඳහා රුපියල් 25ක බද්දක් ද, බී ළුෑනු කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක්ද, කරවල කිලෝවක් සඳහා රුපියල් 132ක බද්දක්ද, උම්බලකඩ කිලෝවක් සඳහා රුපියල් 332ක බද්දක්ද, වියළි මිරිස් කිලෝවක් සඳහා රුපියල් 150ක බද්දක්ද, මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 5ක බද්දක්ද, කොත්තමල්ලි සඳහා රුපියල් 202 බද්දක්ද, කහ සඳහා රුපියල් 510ක බද්දක්ද, ටින් මාළු කිලෝවක් සඳහා රුපියල් 102ක බද්දක්ද, සීනි කිලෝවක් සඳහා රුපියල් 25ක බද්දක්ද වශයෙන් විවිධ ආහාර ද්‍රව්‍ය සඳහා ආණ්ඩුව බදු අයකරනු ලැබේ.
මේ සෑම බදු අයකිරීමක් සඳහාම ප‍්‍රකාශිත අරමුණ කුමක් වුවත්, මේ සෑම බදු අයකිරීමකම ඇත්ත අරමුණ සාමාන්‍ය ජනයාගෙන් වඩ වඩා බදු අය කිරීම බව පැහැදිලිය. නොඑසේ නම් මුලින් සඳහන් කළාක් මෙන් ආණ්ඩුව රටේ ඇති හැකි පිරිසට වාහන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ තව තවත් පරිභෝජනය කිරීම සඳහා නීත්‍යනුකූලව හා නීත්‍යනුකුල නොවන අයුරින් සහන සලසමින් සිටීද යන ප‍්‍රශ්නය පැන නගී.

0 comments:
Post a Comment