කොටියා ගසට නැග ගොදුර එහි කරුවක රඳවා මොහොතකින් එතැනට පැමිණියේ සිංහයන් රංචුවකි. ගොදුරු සොයා දඩයමේ යාම පසෙක තැබූ මේ සිංහයෝ ගොරවමින් දත් විලිස්සමින් කොටිය බියපත් කිරීමට නොයෙක් උත්සාහ ගත්හ. අනතුරුව එකිනෙකා පරයමින් සිංහයන් ගසට නගිද්දී කොටිය සිය ගොදුර අතහැර පලා යාම හැර කරන්නට දෙයක් නොවුණි. කොටියාගෙන් මුව කුණ පැහරගත් සිංහයෝ තම රාත්‍රී ආහාරය ඉතා පහසුවෙන් ලබාගත්හ.
ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ පවසන්නේ තමන්ගේ වසර 14ක් පුරා වනජීවී ඡායරූප ගැනීමේ නිරතව සිටින තමන් මෙවැනි සිදුවීමක් කිසි දිනක දැක නොතිබූ බවයි.
ගොදුරු අල්ලාගන්නා කොට ගස් මතට එය රඳවා ගොදුර ගිල දැමීම සාමාන්‍ය සිරිතකි. සිංහයන් අනුන් මැරූ සතුන් ආහාරයට නොගන්නා අභිමානවත් සතකු ලෙස ප්‍රසිද්ධය. සිංහයන් හා කොටි දඩයම් කරන සතුන්ගේ ඉතිරි මළකුණු කොටස් කා දැමීමට නරි පුරුදුව සිටිති.
වේරගොඩගේ සජිව විජේවීර
0 comments:
Post a Comment