facebook like

එහෙම කිවුවම හොම්බට අනින්නෙ නැතිව මොනවා කරන්නද..

දෙරණ වාද පිටියේදී තමන් ගැහුවා කියා නොකියන්නේ නඩු වැටෙන නිසා බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මෙසේ සඳහන් කලේ කුරුණෑගල මාවතගම දොඩම්ගස්ලන්ද සංගිලි පාලම විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමිණි.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

‘අපිට උගන්වලා නෑ අයිසේ තමුසේ කියන දේවල්. විශේෂයෙන්ම රූපවාහිනී සංවාද වලදී. එතකොට අපිටත් තරහා යනවා. කරත්තකාරයින් තමයි ඒ වගේ කතා කරන්නේ. මම කරත්තකාරයෙක් නෙමෙයි. අයිසේ කියන්නේ ඉංග‍්‍රීසි වලින් මම කියනවා කියන එක. ඒක සිංහල වලට පරිවර්ථනය වුණාම තේරුම එන්නේ තමුසේ කියන එක. සිංහල භාෂාව හැදෙන්නේ ඒ විදියට. අයිසේ තමුසේ කීවාට පස්සේ හොම්බට දෙකක් අනිනවා මිස වෙන මොනවා කරන්නද?

ඉවසීමේ සීමාවක් තියෙනවා. මම ගැහැව්වා කියලා කිව්වේ නෑ. එහෙම වුණොත් මට උසාවියෙන් නඩු දානවා. හරීන් ප‍්‍රනාන්දු මහත්තයා දවස් දෙකක් පාර්ලිමේන්තු ආවේ නෑ. මම නම් පහුවදා උදේ ඉදන් වැඩ පටන් ගත්තා. සාමාන්‍යයෙන් ගැහැව්වා කියන්නේ නෑ. ගුටිකාපු මිනිහා අවමානෙට කියනවා ගැහැව්වා කියලා. සුනිල් හදුන්නෙත්ති මහත්තයා පත්තරේට කියලා තිබුණා හරීන් ප‍්‍රනාන්දු මහත්තයාගේ මූණේ ලේ තිබුණා දැක්කා කියලා. මම එහෙම ලේ එන්ඩ ගහන මිනිහෙක් නෙමෙයි. ඇට්ටි හැලෙන්න ගහපු කෙනා කෙළින් කටින් ඉන්නවා. ගැහැව්වා කියලා දොඩවන එක්කෙනා පාර්ලිමේන්තු ආවත් නෑ. මම ගුටි කන්නෙත් නෑ. ගුටි කන වැඩ කරන්නෙත් නෑ.

මට ඊයේ පෙරේදත් පිරිසක් හමුවෙලා කිව්වා ඔබතුමා ඒ විදියට හැසිරුණ එකට අපිට කනගාටුයි. අපි ඔබතුමාට ආදරෙයි කියලා. ඒ හේතූන් නිසා මම ජනතාවගෙන් ඒ සිද්ධිය වෙනුවෙන් සමාව ගත්තා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive