ලිහිසි තෙල් සහ දැවිතෙල් තත්ත්වයෙන් බාලකොට අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු කැලණියෙන් හෙළි වෙයි.මෙම වැටලීම සිදු කළේ, කැලණිය කොට්ඨාසයේ නොවිසිදුනු අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකි.
කැලණිය, නාරම්මිනිය, අභයාරාම පාරේ ස්ථානයටක බාල තෙල් අලෙවිය සිදුකෙරිණ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බලය පැවරූ අවසරපතක් ඔවුන් සතුව නොතිබුණි.මේ ස්ථානයේ තිබී මුද්‍රා තැබු ලිහිසි තෙල් බැරල් 33 ක්, දැවී තෙල් බැරල් 24 ක් හා හයිඩ්‍රොලික් තෙල් බැරල් 4 ක් සොයා ගෙන තිබේ.
ඊට අමතරව හිස් බැරල් 97 ක් හා කැබ් රථයක් ද පොලීසියට භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
එම ජාවාරම සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

0 comments:
Post a Comment