facebook like

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැංවීමේ උත්සහයක් පිළිබඳ ‘Ceylon Today හෙළිදරව්ව

ජාත්‍යන්තරය තුළ සහ විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය ගොඩනැගීමේ කාර්යය,  රුපියල් මිලියන සියයක් වැය කරමින් රජය විසින් අමෙරිකාවේ ආයතන කිහිපයකට භාර දී ඇතැයි සිලෝන් ටුඩේ පුවත්පතේ ඉරිදා මුද්‍රණයේ වාර්තාවක දැක්වේ.

එම වාර්තාව පවසන්නේ, ආණ්ඩුව මේ වනවිට අමෙරිකාවේ ගිණුම් පවත්වාගෙන යන හෝ අමෙරිකා තුළ ක්‍රියාත්මක වන, සමාගම් 4කට ඒ වෙනුවෙන් දැනටමත් මුදල් ගෙවා ඇති බව ය.

සිලෝන් ටුඩේ පුවත්පත පවසන්නේ අදාළ සමාගම් 4න් දෙකක් වන මැඩිසන් ගෘෘප් සමාගම සහ බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් සමාගම, අමෙරිකාවේ විදේශ නියෝජිතායතන ලියාපදිංචි කිරීමේ පනත යටතේ අමෙරිකා තුළ ක්‍රියාත්මක වන බව ය.

එම සමාගම් දෙකට අමතරව තොම්සන් ඇඩ්වයිසරි ගෘෘප් සමාගම සමග ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කර ඇති බව ත්, එය 2014 මාර්තු 15 වන දායින් අවසන් වී ඇති අතර එම සමාගමට රුපියල් මිලියන 100ක් එසේත් නැතිනම් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් ගෙවා ඇති බවත් සිලෝන් ටුඩේ වාර්තාව පවසයි.

එහි දැක්වෙන්නේ, එකී සමාගම මාසයකට අමෙරිකානු ඩොලර් 66,600ක ගෙවීමක් යටතේ කටයුතු කර ඇති බව ය.

ඊට අමතරව, මැජෝරිටි ගෘෘප් සමාගමට 2013 වසරේදී ආණ්ඩුව අමෙරිකානු ඩොලර් 3,48,000ක් ගෙවා ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

සිලෝන් ටුඩේ පුවත්පතට අනුව, මැඩිසන් ගෘෘප් සමාගමට පැවරුණු වගකීම නම්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාතයාංශයට සහය වීමයි.

ඊට අදාළව එම සමාගමට මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් 15000 ක් බවත්, එකී කාර්යයයේදී පෙන්නුම් කළ කාර්ය සාධනය අනුව අනෙකුත් වියදම් හා ප්‍රසාද දීමනා ද ගෙවා ඇති බව ත්, සිලෝන් ටුඩේ පුවත්පත පවසයි.

මැඩිසන් ගෘෘප් සමාගමට සම්බන්ධ වී සේවය කරන්නෙකු උපුටා දක්වන සිලෝන් ටුඩේ වාර්තාව පවසන්නේ එම සමාගම සමග අත්සන් කළ ගිවිසුම 2015 ජුනි මාසය දක්වා ක්‍රියාත්මක අතර, අනතුරුව ගිවිසුම් කාලය අලුත් කිරීමට ද ඉඩකඩ ඇතැයි ඔහු සඳහන් කළ බව ය.

බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් සමාගම සමග අත්සන් කර ඇති ගිවිසුම අනුව,එම සමාගම ක්‍රියා කර ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාගේ කාර්යයන් අධීක්ෂණයට යැයි පෙනී යන බව ද සිලෝන් ටුඩේ පුවත්පත පවසයි.

මේ පිළිබඳව එම පුවත්පත කළ විමසීමකදී විදේශ කටයුතු අමාතයාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට අදාළව ආණ්ඩුව මුහුණ දී සිටින කරුණු ගැන  අමාත්‍යාංශය අඛණ්ඩව ජාත්‍යන්තර ප්‍රජාව සමග සන්නිවේදන කටයුතු පවත්වාගෙන යන අතර එය අපේ වගකීමක් බව ය.

අප අපේ රාජකාරිය හා වගකීම ඉටු කිරීමේ වැරැද්දක් තිබේදැයි විමසා ඇති මන්ත්‍රීවරයා, එල්.ටී.ටී.ඊ. යේ පෙරමුණු සංවිධාන, ඔවුන් වෙනුවෙන් ලෝකය පුරා ප්‍රචාරණ සිදුකිරීම සඳහා තනි ආයතනයකට පමණක් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වියදම් කරන්නේ යැයි සඳහන් කළ බව ද සිලෝන් ටුඩේ පුවත්පත පවසයි.

උපුටාගැනීම

ශ්‍රී ලංකාව හා සෙසු රටවල් සසදන විට අමෙරිකාවේ ක්‍රියා පටිපාටිය සපුරා වෙනස් බව අවබෝධ කරගත යුතුයි. විධායකය-සෙනෙට් මණ්ඩලය හා කොංග්‍රසය වෙන් වෙන්වයි තිබෙන්නේ.මේ මතවාද ගොඩනැගෙන්නේ සහ ප්‍රතිපත්ති හැදෙන්නේ විවිධ ලැදියා ඇති පාර්ශ්ව විවිධ කරුණු ගැන කරන පෙළඹවීම් මතයි. ඔවුන්ගේ ක්‍රමවේදය තුළ කොංග්‍රසය හා සෙනෙට් සභාව තීරණ ගන්නේ මේ කරුණු පදනම් කරගෙන.මම පිළිගන්න ඕන ශ්‍රී ලංකාව මේ කාර්යය ස්ථානගත කිරීමේදී දැඩි සාර්ථකත්වයක් අත්පත් කරගෙන නැති බව. අපිට හුරුපුරුදු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට උත්සහ කරන්න බැහැ. මේ කාර්යයේදී අපි අමෙරිකාවේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. මම ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. අපි අපේ පණිවුඩය ලෝකය පුරා ගෙන යා යුතුයි. අපි මේ ප්‍රයත්නය මූලිකවම දරලා තියෙන්නේ හැම සතියකටම වරක්ම අපේ ප්‍රතිවාදීන් අපි ගැන සාකච්ඡා කරන නිසයි. ඒ නිසා ජාත්‍යන්තරය තුළ උද්ගත වන තත්ත්වයට අපි ප්‍රතිවිරෝධය දැක්විය යුතු අතරම,ජාත්‍යන්තරයේ අප ගැන ඇති ප්‍රතිරූපයට වඩා වෙනස්, සැබෑ තත්ත්වය, එනම් නිත්‍යනුකුල කතාව, පෙන්වා දිය යුතුයි. ඒකෙ වරදක් තියනවාද ?
උපුටා ගැනීම අවසන්.

මෙවැනි ආයතනවල සහය ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත්, එකී ආයතනවලට ගෙවීම සඳහා රජය මෙතරම් මුදලක්  සොයාගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන සිලෝන් ටුඩේ පුවත්පත, රුපියල් මිලියන 100ක් වැය කර ආණ්ඩුව අත්පත් කරගෙන ඇත්තේ මොනවාදැයි විමසා තිබේ.

අමෙරිකානු රජය ද ඉතා අඩු ගෙවීම් කරමින් තම සේවාදායකයන් සමග සහ විවිධ ලැදියා ඇති පාර්ශ්ව සමග කටයුතු කරන අතර, පොළඹවන්නන් දුරස් කර තබන බවද සිලෝන් ටුඩේ වාර්තාවේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, තමා ඉමාඩ් සුබේරි නමැත්තා සමග සබඳතා පවත්වාගෙන ගියේ යැයි සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පිළිගත් බවයි.

ඉමාඩ් සුබේරි යනු අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බව මෙම වාර්තාවේ දැක්වෙන අතර,  සුබේරිට ඔබාමා පරිපාලනය වෙත යම් බලපෑමක් කළ හැකිදැයි තමා නොදන්නේ යැයි සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසු බවද එහි දැක්වේ.

සිලොන් ටුඩේ පුවත්පතේ දැක්වෙන පරිදි පකිස්ථාන සම්භවයක් සහිත ඉමාඩ් සුබේරි, අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ඔබාමා පරිපාලනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූවෙකි.

දෙරටේ ආණ්ඩු දෙක සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධ අමෙරිකානු ස්ථාවරයේ යම් වෙනසක් කිරීම, ශ්‍රී ලංකාව සුබේරි හරහා අනුගමනය කර ඇති  ප්‍රවේශය බව ද සිලෝන් ටුඩේ වාර්තාව පවසයි.

ඉමාඩ් සුබේරි, ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සේවා සැපයීමට ඉදිරිපත් වී ඇත්තේ, මුලින් සඳහන් කළ බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් සමාගමේ හවුල්කරුවෙකු ලෙස බව ද සිලෝන් ටුඩේ වාර්තාවේ වැඩි දුරට ත් සඳහන් ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive