විසි වසරක සිරදඬුවම් ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විදානපතිරණ නමැත්තාට ලබාදීම සඳහා සිම් කාඩ් පත් 05ක් හා මෙමරි කාඩ්පතක් සහිත සිද්ධාලේප බෝතලයක් රැගෙන ගිය ඔහුගේ බාල සහෝදරයකු බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශය මඟින් පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
සිරගතව සිටින විදානපතිරණ නමැත්තාගේ පරිහරණය සඳහා අවශ්‍ය වන සබන්, දත් බෙහෙත් ඇතුළු භාණ්ඩ කීපයක් සැකකාර සහෝදරයා විසින් (23දා) පස්වරු 2.00ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවත් බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශ නිලධාරීන් එම භාණ්ඩ පරීක්ෂා කිරීමේදී එහි තිබූ සිද්ධාලේප බෝතලයක තිබී එම සිම් කාඩ්පත් සොයාගෙන තිබේ. මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගෙන් විමසූ විට සිද්ධිය සත්‍ය බව කීය.

0 comments:
Post a Comment